සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ඇබයිඩොස් රාජාවලිය, හෙවත් ඇබයිඩොස් වගුව හෝ ඇබයිඩොස් ඵලකය යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ රජවරුන් 76 දෙනකුගේ නම් ඇතුළත් ලැයිස්තුවකි. මෙය ඊජිප්තුවේ ඇබයිඩොස්

ඇබයිඩොස් රාජාවලිය

විකිපීඩියා වෙතින්
‍රාජාවලියෙහි ආරම්භයෙහි, තමන්ට පෙර සිටි රජවරුන් 75 දෙනෙකු උදෙසා සෙටි I සහ පුත්‍ර ‍රැම්සීස් II විසින් ටා-සෙකෙර්-ඔසිරිස් දෙවිවරුන් වෙත පුදපූජා සිදුකරන්නට සැරසෙන අයුරු: රාජාවලියෙහි අන්තර්ගතය. සෙටි ඛෙප්‍රෙෂ් කිරුළ පැළඳ සිටියි. මෙහි රැම්සීස් කුමාර ස්වරූපයෙන් නිරූපණය කර ඇති අතර, තාරුණ්‍යයේ පැති කෙහෙරැල්ල සහිතව දුම් උපකරණ අතදරා සිටියි.

ඇබයිඩොස් රාජාවලිය, හෙවත් ඇබයිඩොස් වගුව හෝ ඇබයිඩොස් ඵලකය යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ රජවරුන් 76 දෙනකුගේ නම් ඇතුළත් ලැයිස්තුවකි. මෙය ඊජිප්තුවේ ඇබයිඩොස් හි පළමුවන සෙටිගේ දෙවොලෙහි බිත්තියක කැටයම් කොට ඇත. මෙහි කාර්ටුෂ (රජුගේ නම වටා ඇති බෝඩරය) 38 බැගින් තීර තුනක් ඇතුළත් කොට ඇත. මෙහි පළමු තීරු දෙකෙහි රජවරුන්ගේ නම් ඇතුළත් අතර, තෙවන තීරයෙහි පළමුවන සෙටි රජුගේ සිංහාසන නාමය සහ දෙවන නාමය නැවත සටහන් කොට තිබේ.

ඉහළට