යශෝධා විමලධර්ම යනු ශ්‍රී ලංකාවේ සම්මානනීය, සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පිණියකි.
යශෝධා විමලධර්ම | |
|---|---|
| උපත | 28 ඔක්තෝබර් 1970 ලංකාව |
| වෘත්තියs | සිනමා/ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍ය නිළියක, නිරූපිකාවක සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක |
| වෙබ් අඩවිය | http://www.yashodaw.com/index.html |
මුල් අවධිය
1970 ඔක්තෝම්බර් 28 වැනි දින මෙරටදී උපත ලත් යශෝධා, ආර්. එල්. විමලධර්ම හා මල්ලිකා විමලධර්ම දෙමාපියන්ගේ දියණිය වූවාය. යශෝධා සිය අධ්‍යාපන කටයුතු, මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයෙන් හදෑරූ බව සඳහන් වෙයි.නාලක විතානගේගේ ඥාති සොහොයුරිය ද වෙයි.
වෘත්තීය දිවිය
1990 වසරේදී තිරගත වූ විජය ධර්මසිරි මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ගුරුගෙදර චිත්‍රපටිය හරහා ශ්‍රී ලංකා සිනමාවට ප්‍රවිශ්ට වූ යශෝධා, එම චිත්‍රපටියේ සිදුකල රංගනය උදෙසා, 1993 සරසවිය චිත්‍රපට සම්මාන උළෙලදී කුසලතා සම්මානයකටද පාත්‍ර වූවාය.
ටෙලිනාට්‍යය
- තව දුරයි ජීවිතේ
රිදී තිරය
| වසර | චිත්‍රපටිය | අධ්‍යක්ෂණය |
|---|---|---|
| 1993 | ගුරු ගෙදර | විජය ධර්ම ශ්‍රී |
| 1995 | මාරුතය | වසන්ත ඔබේසේකර |
| 1996 | සිහින දේශයෙන් | බූඩි කීර්තිසේන |
| 1997 | දුවට මවක මිස | සුමිත්‍රා පීරිස් |
| 1999 | තීර්ථ යාත්‍රා | වසන්ත ඔබේසේකර |
| 2001 | අනන්ත රාත්‍රිය | ප්‍රසන්න විතානගේ |
| 2002 | අග්නි දාහය | ජයන්ත චන්ද්‍රසිරි |
| 2002 | කලු සුදු මල් | මොහාන් නියාස් |
| 2010 | ක්ෂේම භූමි | විජය ධර්ම ශ්‍රී |
| 2013 | සමනල සංධ්වනිය | ජයන්ත චන්ද්‍රසිරි |
ආශ්‍රිත
- "යශෝධා ඇන්ඩ් සංගීතා:ඩිෆරන්ට් ස්ට්‍රෝක්". සන්ඩේ ඹබ්සවර්(ශ්‍රී ලංකා). 3 අප්‍රියෙල් 2005. 2016-03-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-05-01.
- "ඇට් අ ග්ලාන්ස්". පුද්ගලික වෙබ්අඩවිය. 22 පෙබරවාරි 2008.
- "කැරියර් ඇන්ඩ් ඇචීවුමන්ට්ස්". පුද්ගලික වෙබ් අඩවිය. 22 පෙබරවාරි 2008.