සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වතිකානුව(Vatican City) i/ˈvætɪkən ˈsɪti/, හෝ වතිකානු රාජ්‍ය Vatican City State, (නිල ඉතාලි භාෂාවෙන් Stato della Città del Vaticano යනු භූමියෙන් වටවූ ස්වෛරී නගර-

Vatican City

  • මුල් පිටුව
  • Vatican City

වතිකානුව(Vatican City) අසන්නi/ˈvætɪkən ˈsɪti/, හෝ වතිකානු රාජ්‍ය Vatican City State, (නිල ඉතාලි භාෂාවෙන් Stato della Città del Vaticano යනු භූමියෙන් වටවූ ස්වෛරී නගර-රාජ්‍යකි. එය ඉතාලියේ රෝම නගරය ඇතුලත පිහිටා ඇත. එය ආසන්න වශයෙන් හෙක්ටයාර 44 ක් වන අතර එහි ජනගහනය 800 ට මදක් ඉහලය. මේ අනුව වතිකානුව භූමිය මෙන්ම ජනගහනය අතින්ද ලොව කුඩාම ස්වෛරී රාජ්‍ය වේ.

වතිකානු පුර රාජ්‍යය
Stato della Città del Vaticano
Flag of Vatican City
Flag
Coat of arms of Vatican City
Coat of arms
ජාතික ගීය: "Inno e Marcia Pontificale"  (ඉතාලි භාෂාවෙනි)
"Pontifical Anthem and March"

 වතිකානු පුරය  (green) හි පිහිටීම in Europe  (dark grey)  –  [Legend] තුල
 වතිකානු පුරය  (green) හි පිහිටීම

in Europe  (dark grey)  –  [Legend] තුල

අගනුවරවතිකානු නගරය
නිල භාෂා(ව)ඉතාලි භාෂාව
ජනවාර්ගික කණ්ඩායම්
ඉතාලි ජාතිකයින්, ස්විට්සර්ලන්ත ජාතිකයින් (ස්විට්සර්ලන්ත ආරක්ෂක බලකාය), වෙනත්
රජයපූජක,
රාජකීය පූජකයින් පිළිබඳ,
ඒකාධීපති, සහ ඡන්දයෙන් පත්වන ඒකාධිපති
හෝ පූජක තන්ත්‍රය
• පාප් තුමා
1 ප්‍රැන්සිස්
• වතිකානු රාජ්‍යයේ පාප්තුමා පිළිබඳ කොමිසමේ සභාපති
ජුසෙප්පේ බෙර්තෙල්ලෝ
ව්‍යවස්ථාදායකයපාප්තුමා පිළිබඳ කොමිසම
ස්වෛරී 
ඉතාලි රාජධානිය වෙතින්
• ලැටරන් ගිවිසුම
11 පෙබරවාරි 1929
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
0.44 km2 (0.17 sq mi) (250th)
• ජලය (%)
0
ජනගහණය
• July 2011 ඇස්තමේන්තුව
832 (236th)
• ජන ඝණත්වය
1,877/km2 (4,861.4/sq mi) (6th)
ව්‍යවහාර මුදලයූරෝ (€) (EUR)
වේලා කලාපයUTC+1 (CET)
• ගිම්හාන (DST)
UTC+2 (CEST)
රිය ධාවන මං තීරුවදකුණ
ඇමතුම් කේතය+379
ISO 3166 codeVA
අන්තර්ජාල TLD.va

වතිකානු රාජ්‍යය 1929 දී IX පියුස් පාප්තුමා වෙනුවෙන් රාජ්‍ය ලේකම් කාදිනල් පියෙත්‍රෝ ගැස්පාරී විසින් හා III වන වික්ටර් එම්මානුවෙල් රජ වෙනුවෙන් ඉතාලි අගමැති හා රජයේ ප්‍රධානියා වූ බෙනීටෝ මුසොලීනී විසින් අත්සන් තැබූ ලැටරන් ගිවිසුම මඟින් පිහිටවනු ලැබීය. වතිකානු රාජ්‍ය මුල් ක්‍රිස්තියානු කාලයේ සිට පැවත එන ශුද්ධාසනයෙන් වෙනස් වන අතරලොව වටා සිටින බිලියන 1.2 පමණ වන [[ලතින් වතාවත්|ලතින්] හා නැගෙනහිර කතෝලික බැතිමතුන්ගේ මූලස්ථානය වේ. වතිකානුවේ ආඥාවන් ඉතාලි භාෂාවෙන් ප්‍රකාශයට පත්කරන අතර ශුද්ධාසනයේ ලේඛණ ප්‍රධාන වශයෙන් ලතින් භාෂාවෙන් නිකුත් වේ. රටක් නොවන ශුද්ධාසනය රාජ්‍යතාන්ත්‍රික හා සේවා ගුවන්ගමන් බලපත්‍ර හා වතිකානුව සාමාන්‍ය ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කරනු ලබයි. මෙම අවස්ථා දෙකේදීම නිකුත් කරනු ලැබ ඇත්තේ සුළු ගුවන්ගමන් බලපත්‍ර සංඛ්‍යාවක් පමණි.

1929 දී වතිකානුව පිහිටවනු ලැබූ ලැටරන් ගිවිසුම හි සඳහන් වන්නේ නව නිර්මාණයක් ලෙස (පූර්විකාවේ හා තෙවන ඡේදයේ) මිස කලින් මධ්‍යම ඉතාලිය පුරා විහිදී පැවති විශාල පාප්වහන්සේගේ රාජ්‍යයේ (756-1870) ලකුණක් නොවන බවය. පාප්වහන්සේගේ රාජ්‍යයේ විශාල කොටසක් 1860 දී ඉතාලි රාජධානියට ඈදා ගත් අතර අවසාන කොටස 1870 දී රෝම නගරය ඇතුළු Lazio ප්‍රාන්තය ඈදාගන්නා ලදී.

වතිකානුව රෝමයේ අගරදගුරු වූ පාප්තුමා විසින් පාලනය කරනු ලබන පැවිදිසි හෝ කතෝලික පූජක-ඒකාධිපති රාජ්‍යක් වේ. ඉහල නිලධාරීන් සියලු දෙනාම විවිධ ජාතීන්ට අයත් කතෝලික පූජකයින් වේ. එය ශුද්ධාසනයේ (Sancta Sedes) ස්වෛරී භූමියක් සහ අපෝස්තලික නිවහන ලෙස හඳුන්වන පාප්තුමා ගේ නිල නිවස පිහිටි ස්ථානය වේ.

1377 Avignon හී සිට ආපසු ආ කාලයේ පටන් පාප්තුමා වාසය කරන ලද්දේ 1929 දී වතිකානුව බවට පත්වූ ප්‍රදේශයේම විය. එහෙත් සමහර කාලවල රෝමයේ Quirinal මන්දීරයේ හා තවත් තැන් වල වාසය කොට ඇත. ඊට පෙර ඔවුන් වතිකානයට වඩා රෝමයේ ඈතට වන්නට පිහිටි Caelian කඳුගැටයේ ලැටරන් මන්දීරයේදී වාසය කොට ඇත. කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යා මෙම භූමිය මිල්තියාදෙස් පාප්තුමා හට ක්‍රි.ව. 313 දී ලබා දී ඇත. 1929 දි මෙම ගිවිසුම අත්සන් කරන ලද්දේ ලැටරන් ගොඩනැඟිල්ලේ නිසා ගිවිසුමට ලැටරන් පැක්ට්ස් (Lateran Pacts) යන නාමය ලැබෙන ලදී.

පටුන

පිහිටීම

මූලික ලිපිය: වතිකානුවේ පිහිටීම
 
ශා. පීතර බැසිලිකාවේ සිට පෙනෙන භූමි දර්ශණයක්.

වතිකානුවේ දේශගුණය රෝමයේ දේශගුණයට සමානය. සැප්තැම්බර් සිට මැයි මැද දක්වා පවතින මෘදු, වැසිබර ශීත සෘතුවකින් හා මැයි සිට අගෝස්තු දක්වා වියලි සෘතුවකින් සමන්විත මධ්‍යධරණීය දේශගුණයක් පවතී. වතිකානුවට පමණක් අදාල විශේෂ ලක්ෂණයන් නම් ප්‍රමානත්වයෙන් විශාල ශා.පීතර බැසිලිකාව නිසා ඇතිවන මීදුම හා තුෂාරය, උන්නතාංශය, වතුරමල් හා ගල් ඇතිරූ විශාල චතුරශ්‍රය වේ.

වතිකානුව හෙක්ටයාර 44 සමන්විත ලොව කුඩාම රාජ්‍ය වේ.

2007 ජූලි මාසයේදී වතිකානුව ප්‍රථම කාබන් හරිත රාජ්‍ය වීමට එකඟවිය. මෙය කිරීම සඳහා ඔවුන් කාබන් ඩයොක්සයිඩ් නිකුත්කිරීමට හිලව්වක් ලෙස හන්ගේරියාවේ වතිකානු දේශගුණ වනය නිර්මාණය කිරීමෙන් බලාපොරොත්තු වේ.

භූමි ප්‍රදේශය

 
ලැටරන් ගිවිසුමට අනුව වතිකානුවේ පිහිටීම

ක්‍රිස්තියානි යන අදහස ගැබ් ව තිබෙන වතිකානුව යන නාමය සෑදී ඇත්තේ වතිකානු කඳුගැටය යන අරුතින් යුතු ලතින් වචනයක් වන Mons Vaticanus වචනයෙනි. වතිකානු භූමිය Mons Vaticanus හී කොටසක් වන අතර පැරණි වතිකානු ගොවි භූමියට යාබදව පිහිටා ඇත. ශා. පීතර බැසිලිකාව, අපෝස්තලික මන්දීරය, සිස්ටීන් දෙව්මැදුර, කෞතුකාගාර හා තවත් විවිධ ගොඩනැඟිලි මෙම භූමියේම පිහිටා ඇත.

මෙම භූමිය 1929 තෙක් රෝම බෝර්ගෝ රියෝනයේ කොටසක්ව රෝම නගරයෙන් වෙන්ව ටයිබර් නදියේ බටහිර කොටසේ පවතින ලදී. මුල් කාලයේ IV වන ලියෝ පාප්තුමා] (847-55) විසින් ඉදිකරන ලද බිත්ති වලින් සහ පසුව III වන පාවුලු පාප්තුමා (1534–49), IV වන පියුස් පාප්තුමා (1559–65) හා VIII වන උර්බානු පාප්තුමා (1623–44) විසින් ඉදිකරන ලද වර්තමාන ආරක්ෂිත කොටුපවුරු දක්වා පුළුල් වී ඇත.

ලැටරන් ගිවිසුම මඟින් 1929 දී මෙයට රාජ්‍යක තත්වය පවරන විට එහි යෝජිත සීමාවන් සඳහා මම කොටුපවුරු වල අභාෂය ගෙන ඇත. සමහර සීමාවන් සඳහා පවුරක් නොමැතිව නිශ්චිත ගොඩනැඟිලි හා කුඩා පෙදෙසක් සඳහා පසුව ඉදිකල බිත්තිද උපකාරී කොටගෙන ඇත.

භූමියට අයත්වන ශා. පීතර චතුරශ්‍රය ඉතාලි දේශ සීමාවෙන් වෙන්වන්නේ, සුදු රේඛාවකින් හා චතුරශ්‍රයේ සීමාව, Pio XII චතුරශ්‍රයේ සීමාව හා ගැටෙන ස්ථානයෙනි. ටයිබර් නදිය ආසන්නයේ සිට චතුරශ්‍රය දක්වා දිවෙන Via della Conciliazione මාර්ගය මඟින් චතුරශ්‍රයට පිවිසිය හැක. මෙම මාර්ගය ලැටරන් ගිවිසුමේ නිගමනයක් අනුව බෙනීටෝ මුසොලීනි විසින් තනවන ලදී.

ලැටරන් ගිවිසුමට අනුව ඉතාලි භූමියේ තිබෙන සමහර ශුද්ධාසනයේ දේපල, විශේෂයෙන්ම කස්තෙල් ගන්දොල්ෆෝ හා ප්‍රධාන බැසිලිකා, හට තානාපති කාර්යයාල]] වලට සමාන විදේශ හි පිහිටි දේශභූමි තත්වයන් ලැබීතිබේ. රෝමය හා ඉතාලිය පුරා විසිර ඇති මෙම දේපල ශුද්ධාසනයේ ධර්මදූතික සේවා මෙන්ම ස්වරූපයට අවශ්‍ය කාර්යයාල හා ආයතන වේ. කස්තෙල් ගන්දොල්ෆෝ හා සඳහන් කල බැසිලිකා හී ආරක්ෂක කටයුතු සිදුකරනු ලබන්නේ වතිකානු රාජ්‍ය පොලිස් පරීක්ෂකයින් මිස ඉතාලි පොලිසිය නොවන අතර ශා.පීතර චතුරශ්‍රය සාමාන්‍යයෙන් දෙපිරිසේම සහභාගීත්වයෙන් සිදු වේ.

 
ශා. පීතර චතුරශ්‍රය, බැසිලිකාව හා ඔබිලිස්කය, Pio XII චතුරශ්‍රයේ සිට

උද්‍යාන

 
වතිකානු උද්‍යාන වල කොටසක්
මූලික ලිපිය: වතිකානු උද්‍යාන

වතිකානුවේ මුළු භූමිභාගයෙන් භාගයකට වඩා ඇත්තේ වතිකානු උද්‍යාන වේ. (ඉතාලි: Giardini Vaticani), උද්‍යාන Renaissance හා Baroque යුගයේ පිහිටුවා ඇති අතර මූර්ති හා වතුර මල් වලින් සරසා ඇත.

වතිකානු කඳුගැටයේ විශාල ප්‍රදේශයක් පුරා විහිදුනු උද්‍යාන ආසන්න වශයෙන් හෙක්ටයාර 23 ක පමණ භූමිභාගයක් ආවරණය කරනු ලබයි. උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 60 පමණ වේ. උතුරු, දකුණු හා බටහිර ප්‍රදේශ ගල් බිත්තිවලින් ආවරණය වී පවතී.

මධ්‍යතන යුගයේදී අපෝස්තලික නිවහනේ සිට උතුරු දෙසට විහිදුනු මිදි වතු හා පලතුරු වතු උද්‍යානය ගැන ඇති මුල් සටහන් වේ. 1279 දී III වන නිකලස් පාප්තුමා (Giovanni Gaetano Orsini, 1277–1280) විසින් තම වාසස්ථානය ලැටරන් මන්දීරයේ සිට වතිකානුව වෙත ගෙන යන විට මෙම ප්‍රදේශය බිත්ති වලින් වටකරන ලදී. ඔහු පලතුරු වත්තක් (pomerium), තණකොල සහිත පිට්ටනියක් (pratellum) හා උද්‍යානයක් (viridarium) පිහිටුවන ලදී.

ඉතිහාසය

වතිකානුව
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
 
නිර්ණායකයසංස්කෘතික: i, ii, iv, vi
මූලාශ්‍ර286
අභිලේඛනය1984 (8th සැසිය)

මුල් පිහිටීම

මූලික ලිපියන්: පාප්වහන්සේගේ රාජ්‍යය සහ පාප් පදවියේ ඉතිහාසය

මුල්කාලයේ ජනශූන්‍ය ව (the ager vaticanus) ටයිබර් නදියෙන් රෝමයට ප්‍රතිවිරුද්ධ ඉවුරේ පිහිටි මෙම භූමිය, ක්‍රි.ව. පළමු ශතවර්ශයේ මුල් භාගයේදී Agrippina the Elder(ක්‍රි.පූ 14 – ක්‍රි.ව. 33 ඔක්තෝබර් 18) විසින් කඳු හා තදාසන්න පෙදෙස් අඩු කොට ඇයගේ උද්‍යාන ලෙස සකසා ගන්නා ලදී. Caligula අධිරාජ්‍යා (ක්‍රි.ව. 12 අගෝස්තු 31 - ක්‍රි.ව. 41 ජනවාරි 24; පා. 37–41) විසින් මෙහි සංදර්ශණ පිටියක් සෑදීමට පටන් ගත් අතර (ක්‍රි.ව. 40) පසුව නීරෝ විසින් එය සදා නිම කරන ලදි. Circus Gaii et Neronis, යන නමින් හැඳින්වූ සාමාන්‍ය ලෙස නීරෝ ගේ සංදර්ශණ පිටිය යන නාමයෙන් හැඳින්වේ. ක්‍රි.ව. 69 දී අධිරාජ්‍යවරු සතර දෙනාගේ වසරේදී, Aulus Vitellius ව බලයට ගෙන ආ උතුරු හමුදාව රෝමයට ආ විට "ඉන් බොහෝ පිරිසක් සෞඛ්‍ය සම්පන්න නොවූ මෙම ප්‍රදේශයේ වාඩි ලෑ අතර එමනිසා සාමාන්‍ය හේවායින් බොහෝ දෙනෙක් මිය යන ලදී. ටයිබර් නදියට ආසන්න වීම හේතුකොට ගෙන උෂ්ණත්වය දරා ගැනීමට අපහසු වු ගෝල් වරු හා ජර්මානු ජාතිකයින් මෙම වතුර බීමට ගත් නිසා ඔවුන්ගේ ශරීර දුර්වල වී ලෙඩ රෝග සඳහා පහසු ගොදුරක් වන ලදී.

වතිකානුවේ ඇති ඔබෙලිස්කය Caligula විසින් ඊජීප්තුවේ හෙලියෝපොලිස්] හී සිට තම සංදර්ශණ භූමියේ spina එක සැරසීම සඳහා ගෙන එන ලද අතර එහි එකම අවශේෂය වශයෙන් පවතී. මෙම ප්‍රදේශය ක්‍රි.ව. 64 දී ඇතිවූ රෝමයේ මහා ගින්න ට පසු බොහෝ ක්‍රිස්තියානි භක්තිකයින්ගේ ප්‍රාණ පරිත්‍යාගී වූ භූමියක් බවට පත්වන ලදී. පැරණි ජනප්‍රවාද වලට අනුව මෙම සංදර්ශණ භූමියේදි ශා. පීතර තුමා උඩු යටිකුරු කරන ලද කුරුසියක ඇණ ගැසූ බවද සැලකේ.

සංදර්ශණ භූමියට විරුද්ධ පසින් කොර්නේලියා පාරෙන් වෙන්වූ සුසාන භූමියක්ද පැවතී ඇත. ස්මාරක, සොහොන් කොත් හා කුඩා සොහොන් ගෙවල් මෙන්ම බහුදේව වාදීන්ගේ සියළු ආකාර මිත්‍යාදෘෂ්ටික දෙවිවරු සඳහා සෑදූ අල්තාර හතර වන ශතවර්ශයේ ශා. පීතර කොන්ස්තන්තීනු බැසිලිකාව සාදන තෙක්ම මෙහි පැවතී ඇත. ශතවර්ෂ ගණනාවක් පුරා විවිධ පාප්තුමන්ලා විසින් සිදුකල අලුත්වැඩියාවන් හිදී මෙම පෞරාණික විශාල සුසාන භූමියේ කොටස් එලිකරගන්නා ලද අතර [පුනරුද සමය|පුනරුද සමයේදී] එම වාරගණන වැඩිවී 1939 සිට 1941 දක්වා සිටි XII වන පියුස් පාප්තුමා විසින් නියමාකාර කැණිම් කිරීමට අණ දෙන ලදී.

ක්‍රි.ව. 326 දී පළමු දේවස්ථානය වූ කොන්ස්තන්තීනු බැසිලිකාව ඉදිකරන ලද්දේ මුල් කාලීන ක්‍රිස්තු භක්තිකයින් (පළමු ශතවර්ශයේ සිට) ගේ සුසාන භූමියක් මත බව හා ඉතාලි පුරාවිද්‍යාඥයන්ට අනුව ශා. පීතර තුමාවද භූමදාන කලේ අසල තිබූ සුසාන භූමියක බැවින් එතුමාගේ සොහොනද මත බැසිලිකාව ඉදිකල බවයි. එතැන් සිට අදාල ප්‍රදේශය ජනාකීර්ණ විය. එහෙත් බොහෝවිට එහි වාසය කරන්නට ඇත්තේ ශා.පීතර තුමාගේ මඟ ගත් පවුල් පමණකි. 5 ශතවර්ශයේ පමණ ඈත කාලයේ Symmachus පාප්තුමා (පදවි කාලය 498–514) ඉදිකල මන්දීරයක්ද බැසිලිකාව ආසන්නයේ ඇත.

පාප්තුමන් ක්‍රම ක්‍රමයෙන් අසල්වැසි ප්‍රදේශයන් තම පාලනයට ගනිමින් 19 වැනි ශතවර්ෂයේ මැදභාගය වනතෙක් අවුරුදු දහසකට වැඩි කාලයක් ඉතාලි අර්ධද්වීපයේ විශාල කොටසක්වූ පාප්වහන්සේගේ රාජ්‍යය පාලනය කරන ලදී. ඉතාලිය එක්සත් වීමේදී අලුතින් පිහිටුවා ගත් ඉතාලි රාජධානිය මඟින් පාප්වහන්සේගේ රාජ්‍යය තම පාලනයට නතුකර ගන්නා ලදී. මෙම කාලයෙන් වැඩිහරියක් වතිකානු ප්‍රදේශය පාප් තුමන්ගේ නිත්‍ය වාසස්ථානය නොවීය. ලැටරන් මන්දීරය, මෑත ශතවර්ෂ වල Quirinal මන්දීරය හා 1309-1377 දක්වා ප්‍රංශයේ Avignon] හී පාප් තුමන්ලා වාසය කරන ලදී.

ඉතාලිය එක්සත් වීම

මූලික ලිපිය: රෝම ගැටළුව

1870 දී පාප් ආරක්ෂක බලකායේ ඉතා සුළු ප්‍රතිරෝධයෙන් පසු පියෙද්මොන්ට් ගේ හමුදා විසින් එක්සත් කල ඉතාලිය වෙත රෝමය ඈදා ගත් විට පාප්තුමා සතු දේ අවිනිශ්චිත තත්වයකට පත්විය. 1861 සිට 1929 දක්වා කාලයේ පාප්තුමන්ගේ තත්වය රෝම ගැටළුව ලෙස හැඳින්වේ. අනුප්‍රාප්තික පාප්වරුන් හට ඔවුන් ගේ මන්දීර වල නිදහසේ විසීමට ඉඩ දුන් අතරම සහතික වීමේ නීතිය යටතේ තානාපතිවරු පත්කිරීමේ හා පිළිගැනීමේ බලය වැනි බලයන් ලබාදෙන ලදී. නමුත් පාප්වරුන් විසින් ඉතාලියේ රජුට රෝමය පාලනය කිරීමේ බලය පිළිනොගත් අතර මතභේදය 1929 දී විසඳෙන තුරුම වතිකානුවෙන් බැහැර වීම ප්‍රතික්ෂේප කරන ලදී. අනිකුත් රාජ්‍ය විසින් ශුද්ධාසනය ස්වාධීන අස්තිත්වයක් ලෙස දිගටම පිළිගන්නා ලදී.

ප්‍රායෝගිකව වතිකානු බිත්ති තුල ශුද්ධාසනය වෙත කිසිම බලපෑමක් නොකරන ලදී. කෙසේවුවද අනෙකුත් බොහෝ තැන්වල පල්ලියේ දේපල රාජසන්තක කරන ලදී. ඒ අතරින් පාප්තුමාගේ නිල නිවස්නය වූ Quirinal මන්දීරය කැපී පෙනේ. පාප්වහන්සේගේ රාජ්‍යයේ අවසාන පාලක වූ IX පියුස් පාප්තුමා රෝමය ඈදා ගැනීමෙන් පසු ඔහු, තමා වතිකානුවේ සිරකරුවෙක් වූ බව නිවේදනය කරන ලදී.

ලැටරන් ගිවිසුම

මූලික ලිපිය: ලැටරන් ගිවිසුම
 
අපෝස්තලික නිවහන.

මෙම තත්වය විසඳුනේ 1929 පෙබරවාරි 11 වැනිදා ශුද්ධාසනය හා ඉතාලි රාජධානිය අතර ලැටරන් ගිවිසුම අත්සන් කිරීමත් සමඟය. IX පියුස් පාප්තුමා වෙනුවෙන් රාජ්‍ය ලේකම් කාදිනල් පියෙත්‍රෝ ගැස්පාරී විසින් හා III වන වික්ටර් එම්මානුවෙල් රජ වෙනුවෙන් ඉතාලි අගමැති හා රජයේ ප්‍රධානියා වූ බෙනීටෝ මුසොලීනී විසින් එය අත්සන් කරන ලදී. ගිවිසුම බලපැවැත්වෙන දිනය වූ 1929 ජුනි 07 දා සිට ස්වෛරී වතිකානු රාජ්‍ය ස්ථාපිත වූ අතර ඉතාලියේ රෝමානු කතෝලිකත්වයේ විශේෂ තත්වයක් උදා විය.

II ලෝක යුද්ධ සමය

මූලික ලිපිය: දෙවන ලෝක යුද්ධ සමයේ වතිකානුව

XII පියුස් පාප්තුමා යටතේ වතිකානුව II ලෝක යුද්ධය සමයේ මැදිහත් පිළිවෙතක් අනුගමනය කරනු ලැබීය. රෝම නගරය 1943 දී ජර්මනිය විසින් හා 1944 දී මිත්‍ර හමුදා විසින් අත්කරගනු ලැබූවද වතිකානුව නිදහස්ව පැවතිනි. XII වැනි පියුස් පාප්තුමාගේ ප්‍රධාන රාජ්‍යතාන්ත්‍රික ප්‍රමුඛතාවය වූයේ රෝමය බෝම්බ වැටීමෙන් වලක්වා ගැනීමය. ඔහු ඒ සඳහා කොයිතරම් සංවේදී වූවාද කිවහොත් බ්‍රිතාන්‍ය රෝමයට ඉහලින් පත්‍රිකා බෙදීමේදී සමහරක් වතිකානුවට වැටීම වතිකානුවේ මැදහත් කම උල්ලංඝනය කිරීමක් බවට පවසා විරෝධය පාන ලදී. ඇමරිකාව යුද්ධයට එලඹීමට කලින් එවැනි බෝම්බ හෙලීමේ යුද්ධෝපායේ වාසිය ගැන බ්‍රිතාන්‍ය දැක්වූ අඩු තක්සේරුව නිසා එසේ වීමට තිබුනේ අඩු ඉඩකඩකි.

ඇමරිකාව යුද්ධය එලඹීමෙන් පසු ඇමරිකාව තම කතෝලික සොල්දාදුවන් අමනාප කරගැනීමට අකමැති නිසා එවැනි බෝම්බ හෙලීමකට අකමැති වූවත් එවිට බ්‍රිතාන්‍ය එයට කැමැත්ත දැක්වීය. එසේම XII වැනි පියුස් පාප්තුමා රෝමය විවෘත නගරයක් ලෙස ප්‍රකාශ කරන ලෙස 1943 අගෝස්තු 14 උපදෙස් දුන්නත් ඒ වන විට රෝමයට දෙවරක්ම බෝම්බ හෙලා තිබිණි. ඉතාලිය වතිකානුවේ ප්‍රකාශය සැලකූ නමුත් එම වෙනස් වීම වතිකානුවට බලපෑවේ අල්ප ලෙසිනි.

මෑත ඉතිහාසය

1984 දී ශුද්ධාසනය හා ඉතාලිය අතර නව එකඟතාවයකින් පැරණි ගිවිසුමේ සමහර කොටස් වෙනස් කරන ලදී. කතෝලික දහම රාජ්‍ය ආගමෙන් ඉවත් කිරීමද ඒ අනුව සිදුවිය.

පාලනය

මූලික ලිපිය: වතිකානුවේ දේශපාලනය

වතිකානුවේ දේශපාලනය ඡන්දයෙන් තේරීපත්වන අධිකාරීත්ව ආකාරයකින් එනම් රෝමානු කතෝලික පල්ලියේ නායකයා බලය ලබා ගන්නා ආකාරයෙන් ක්‍රියාත්මක වේ. පාප්තුමා විසින් ප්‍රධාන ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ බලයන් වතිකානුව තුල (ශුද්ධාසනයෙන් පරිභාහිර අස්තිත්වයකි) ක්‍රියාත්මක කරවයි. එය පරම්පරාගත අධිකාරීත්වයක් නොවන දුර්ලභ තත්වයකි.

වතිකානුව එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය නොදරන එකම පිළිගත් ස්වෛරී රාජ්‍ය වේ. වතිකානුවෙන් වෙනස් වන ශුද්ධාසනය හට එකසත් ජාතීන්ගේ ස්ථීර නිරීක්ෂක තත්වය හා එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ ඡන්දය ප්‍රකාශ කිරීම හැරුණුකොට සම්පූර්ණ සාමාජික වරප්‍රසාද ලබා සිටී.

දේශපාලන ව්‍යූහය

වතිකානු රජය හට එයටම ආවේනික සැකිල්ලක් පවතී. පාප් තුමා රාජ්‍ය නායකයා වේ. ව්‍යවස්ථාදායක බලධාරීන් වතිකානු රාජ්‍යයේ පාප්තුමා පිළිබඳ කොමිසම ට අයිති වන කාදිනල් වරු වන අතර පස් අවුරුදු කාලයකට ඔවුන්ව පාප්තුමා විසින් පත්කරනු ලබයි. එම කොමිසමේ සභාපති හට විධායක බලතල හිමිවන අතර සාමාන්‍ය ලේකම් හා උප සාමාන්‍ය ලේකම් ඔහුට සහාය වේ. රාජ්‍යයේ විදේශ සබඳතා ශුද්ධාසනයේ රාජ්‍ය ලේකම් හට හා එහි තනාපති සේවා හට පවරා ඇත. කෙසේවුවද පාප්තුමා හට වතිකානුව කෙරෙහි සම්පූර්ණ විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලය ඇත. ඔහු දැනට යුරෝපයේ සිටින එකම ඒකාධිපති බලයක් හිමි පාලකයා වේ.

සෞඛ්‍ය, ආරක්ෂාව, තොරතුරු සන්නිවේදනය වැනි දෙපාර්තමේන්තුද පවතී.

පාප් තනතුර පුරප්පාඩු වී තිබෙන කාලය ඇතුලත ශුද්ධාසනයේ ලෞකික අයිතින් ආරක්ෂිත කිරීම හා දේපල පාලනය කිරීම සහතික කිරීම පැවරෙන්නේ අපෝස්තලික මණ්ඩලයේ මුලසුන දරන කාදිනල් කමෙර්ලෙන්ගෝ තනතුර දරන්නාට හිමිවේ. (මෙම කාලය තුල වතිකානුව පවතින්නේ වතිකානු රාජ්‍යයේ පාප්තුමා පිළිබඳ කොමිසම යටතේය.) එම තනතුර දරන්නා තවත් කාදිනල් වරු තිදෙනෙක් සමඟ (ඔවුන් තිදෙනා සෑම දින 3කටම වරක් සංචිතයක් තුලින් තෝරාගැනෙන අතර cardinal bishop, cardinal priest, සහ cardinal deacon යන නම්වලින් හැඳින්වේ) රාජ්‍ය නායක අර්ථයෙන් එම තනතුර දරනු ලබයි. මෙම සතර දෙනා ගනු ලබන තීරණ College of Cardinals සම්පූර්ණයෙන් අනුමත විය යුතුය.

පාප් රාජ්‍ය සමයේ ශුද්ධාසනය ලඟින් ඇසුරු කල රදළවරු එම භූමිය නැතිවූ පසුවද හුදෙක් නාම මාත්‍රික කටයුතු වලට සීමා වෙමින් ඇසුරු කිරීම කරගෙන් යන ලදී. (වැඩිදුර: Papal Master of the Horse, Prefecture of the Pontifical Household, Hereditary officers of the Roman Curia, Black Nobility). එසේම ඔවුන් උත්සවානුකූල රදළ ආරක්ෂකයින් ලෙසද ක්‍රියාකරන ලදී. වතිකානු රාජ්‍යයේ පළමු දශක තුල විධායක කාර්යයන්ද ඔවුන් සමහරකට පවරා තිබිනි. වර්තමානයේ වතිකානුව පිළිබඳ කොමිසමේ සභාපති දරනු ලබන වතිකානු රාජ්‍ය නියෝජිත තනතුරද අයත් විය. නමුත් 1968 මාර්තු 28 දින VI වැනි පාවුලු පාප්තුමා විසින් නිකුත් කරන ලද motu proprio Pontificalis Domus ලියවිල්ල මඟින් එතෙක් පැවති Quartermaster general හා Master of the Horse වැනි ගෞරවාන්විත තනතුරු අහෝසි කරනු ලැබීය

1929 දී ලැටරන් ගිවිසුම මඟින් නිර්මාණය කරනු ලැබූ වතිකානු රාජ්‍ය හේතුවෙන් ශුද්ධාසනය හට කුඩා භූමියක ස්වෛරීභාවය හා අධිකරණ බලයක් පවරා දෙනු ලැබීය. එය ශුද්ධාසනයෙන් වෙන්ව පවතී. මෙසේ මෙම රාජ්‍ය ශුද්ධාසනය හට වැදගත් මෙවලමක් මිස අත්‍යාවශ්‍ය මෙවලමක් නොවන බව සැලකේ. ශුද්ධාසනය අධිකරණ අස්තිත්වයක් ලෙස රෝම අධිරාජ්‍ය සමයේ සිට පැවති අතර ජාත්‍යන්තරව ස්වෛරී හා බලවත් අස්තිත්වයක් ලෙස පුරාතන සමයේ සිට වර්තමානය දක්වා තම භූමිය අහිමි වූ (1870 - 1929) විට පවා නොකැඩී පැවතීමට සමත් වී ඇත. ශුද්ධාසනය සතුව ලොව පැරණිම ක්‍රියාකාරී තානාපති සේවය පවතී. එය අඩුම වශයෙන් ක්‍රි.ව. 325 තරම් අතීතයේ නිකෙයා හී පලමු කවුන්සිලයට දූත පිරිසක් යැවීම දක්වා දිවයයි. තානාපතිවරු සම්බන්ධයෙන් ශුද්ධාසනයට මිස වතිකානු රාජ්‍යට බලයක් නොමැත.

රාජ්‍ය ප්‍රධානියා

මූලික ලිපිය: පාප්තුමා
 
වතිකානුව

වතිකානුවේ රාජ්‍ය නායකයා (ex officio) පාප් තුමාය. එම උත්සවය ගනු ලබන්නේ රෝම රදගුරු පදවියේ රදගුරුවරයා ලෙස අභිෂේක ලැබීමය. ශුද්ධාසනය යන්නෙන් වතිකානුව අදහස් නොවේ. එයින් අදහස් වන්නේ පාප්තුමාගේ අධ්‍යාත්මික හා එඬේරාත්මක පාලනය වන අතර එය මෙහෙයවන්නෙ රෝම කියුරියාව හරහා වේ. ඔහු ගේ වතිකානුවට අදාල නිල තනතුරු නාමය වන්නේ "වතිකානු රාජ්‍යයේ රාජේ‍යශ බලධාරීයා" (Sovereign of the State of the Vatican City) වේ.

වතිකානු රාජ්‍යයේ ඔහුගේ ප්‍රධාන උප රාජ්‍ය නිලධාරියා වන්නේ වතිකානු රාජ්‍යයේ පාප්තුමා පිළිබඳ කොමිසමේ සභාපති වේ. 1952 ට කලින් එම වගකීම බාරව තිබුනේ වතිකානු රාජ්‍යයේ ආණ්ඩුකාරවරයා හටය. 2001 සිට වතිකානු රාජ්‍යයේ පාප්තුමා පිළිබඳ කොමිසමේ සභාපති ට වතිකානු රාජ්‍යයේ Governorate හී සභාපති කමද ලැබේ.

පාප්තුමා වාසය කරන්නේ ශා. පීතර චතුරශ්‍රයට පසුපසින් පෙනෙන අපෝස්තලික නිවහනේ තිබෙන පාප්තුමාගේ කාමර වල වේ. මෙහි සිට ඔහුගේ කටයුතු හා විදේශ නියෝජිතයින්ව මුණගැසීම සිදුවේ.

වර්තමාන පාප්තුමා වන්නේ ජර්මනියේ බවාරියා හී Joseph Alois Ratzinger නමින් උපත ලැබූ XVI වන බෙනඩික් පාප්තුමා වේ. ඉතාලි ජාතික කාදිනල් Giovanni Lajolo වරයා වතිකානු රාජ්‍යයේ පාප්තුමා පිළිබඳ කොමිසමේ සභාපතිවරයා සේවය කරනු ලබයි. ඔහුව පත්කරනු ලැබුවේ XVI වෙනි බෙනඩික් පාප්තුමන් විසින් 2006 සැප්තැම්බර් 11 වෙනිදා වේ.

පරිපාලනය

ව්‍යවස්ථාදායක ක්‍රියාවලි අභිනියෝජනය කරනු ලබන්නේ සභාපතිවරයෙක් ප්‍රධානීත්වය දරන තනි මණ්ඩලයකින් යුත් වතිකානු රාජ්‍යයේ පාප්තුමා පිළිබඳ කොමිසම මඟිනි. එහි සාමාජිකයින් සත් දෙනා පාප්තුමා විසින් පස් අවුරුදු කාලයකට පත්කරනු ලබන කාදිනල්වරු වේ. කොමිසමේ ක්‍රියා ශුද්ධාසනයේ රාජ්‍ය ලේකම් හරහා පාප්තුමා අනුමත කල යුතු අතර බලාත්මක වීමට පෙර Acta Apostolicae Sedis හි විශේෂ උපග්‍රන්ථයක් ලෙස ප්‍රකාශ කල යුතු වේ. මෙම උපග්‍රන්ථයේ අඩංගු වන බොහෝ අන්තර්ගතය, නව මුද්දර නිකුතුවක් වැනි චර්යානුගත පාලක තීන්දු වේ.

විධායක අධිකාරීත්වය අහිනියෝජනය කරනු ලබන්නේ වතිකානුවේ Governorate වේ. Governorate සමන්විත වන්නේ පාප්තුමා විසින් පස් අවුරුදු කාලයකට පත් කරනු ලබන පාප්තුමා පිළිබඳ කොමිසමේ සභාපති,(නිල නාමය ""President of the Governorate of Vatican City"), මහ ලේකම් හා උප ලේකම් Governorate හී වැදගත් කාර්යයන් පාප්තුමා පිළිබඳ කොමිසම හා රාජ්‍ය ලේකම් හරහා පාප්තුමා විසින් අනුමත කල යුතු වේ.

දෙපාර්තමේන්තු හා කාර්යාල හරහා Governorate විසින් මධ්‍යම රජයක ක්‍රියාවලීන් පාලනය කරයි. මෙම කාර්යාලවල අධ්‍යක්ෂක වරුන් හා සේවකයින් පාප්තුමා විසින් පස් අවුරුදු කාලසීමාවකට පත් කරනු ලබයි. මෙම කොටස් විසින් රාජ්‍යයේ භූමිය, දේශීය ආරක්ෂාව, වාර්තා, ප්‍රවාහනය හා මුදල් වැනි භෞතික ප්‍රශ්න කෙරෙහි අවධානය යොමුකරනු ලබයි. Governorate විසින් නවීන ආරක්ෂක කටයුතු හා පොලිස් සේවා වන Corpo della Gendarmeria dello Stato della Città del Vaticano පාලනය කරනු ලබයි.

අධිකරණ ක්‍රියාවලි ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, වතිකානු අධිකරණ පර්ෂදය අභිනියෝජනය වේ. රාජ්‍ය තුල මේ සියළු ක්‍රියාවන් වලදී ඉහල නීතී සම්පාදනය, ක්‍රියාවේ යෙදවීමට පාප්තුමා හට ඕනෑම වේලාවකදි පුළුවන.

රාජ්‍යයේ තැපැල් සංකේතාක්ෂරය SCV වන අතර තැපැල් සංකේතාංකය 00120 වේ. එක්ව සැලකීමේදී SCV-00120 වේ.

ආරක්ෂක හමුදාව හා පොලීසිය

මූලික ලිපියන්: වතිකානුවේ ආරක්ෂක අංශ සහ වතිකානුව තුල අපරාධ

විවිධ යූරෝපීය බලයන් ලෙසම කලින් සිටි පාප්වරු ස්විස් ජාතික කුලී හේවායින් තම හමුදාව ලෙස යොදාගනු ලැබුවත් 1506 දී II වන ජූලියස් පාප්තුමා තම පෞද්ගලික ආරක්ෂකයින් ලෙස කටයුතු කිරීමට ස්විට්සර්ලන්ත ජාතික සුදොතුම්පිය ආරක්ෂක කණ්ඩායම පිහිටුවනු ලැබූ අතර අද දක්වාම එමඟින් එම කාර්යය ඉටුකරනු ලබයි. එය "වතිකානුව" යටතේ නොව "ශුද්ධාසනය" යටතේ Annuario Pontificio හි ලයිස්තුගත වී ඇත. 2005 අගභාගය වන විට එය ආරක්ෂකයින් 134 දෙනෙකුගෙන් සමන්විත විය. නව බඳවාගැනීම් ශුද්ධාසනය හා ස්විස්ටර්ලන්තය අතර විශේෂ එකඟතාවක් මත සිදුවේ. සියළු බඳවාගනු ලබන්නන් අවුරුදු 19 ත් 30 ත් අතර උස සෙ.මි. 175 (අඩි 5 අඟල් 9) කට නොඅඩු ස්විස් ජාතික, කතෝලික, අවිවාහක පුරුෂයින් වන අතර ස්විස් හමුදාව යටතේ තම මූලික පුහුණුව යහපත් කල්ක්‍රියාවෙන් යුතුව සම්පූර්ණ කල අයවලුන් වේ. සාමාජිකයින් සැහැල්ලු අවි හා සාම්ප්‍රදායික Halberd (Swiss voulge ලෙසද හැඳින්වේ) අවි දරමින් සිටින අතර ශරීරාරක්ෂක උපාක්‍රම පුහුණු කරනු ලබයි.

 
සුදොතුම්පිය ආරක්ෂක බලකාය ඔවුන්ගේ සාම්ප්‍රදායික නිල ඇඳුම
 
වතිකානු රාජ්‍යයේ Governorate මන්දීරය

VI වැනි පාවුලු පාප්තුමා විසින් 1970 දී පාප් රාජ්‍ය සමයේ සිට පැවතුනු වතිකානු ආරක්ෂක කණ්ඩායම් වූ පලතීනු ආරක්ෂකයින් හා වතිකානු ප්‍රභූ ආරක්ෂකයින් විසුරවා හරිනු ලැබූහ. වතිකානුව තුල ඒවායේ කාර්යයභාරය උත්සවවලට පමණක් සීමාවී තිබුණි.

පොලිස් සේවා සිදුකරනු ලබන්නේ වතිකානු ජෙන්දාමෙරියා සේනාංකයයි. එය සමහර විටෙක Vigilanza ලෙස එහි පැරණි කෙටි නාමයෙන් හැඳින්වනු ලැබූවද එහි සම්පූර්ණ නාමය Corpo della Gendarmeria dello Stato della Città del Vaticano වේ. වතිකානුව තුල සාමය රැකීම, නීතිය ක්‍රියාත්මක කිරීම, ජනතාව හා රථවාහන පාලනය හා අපරාධ පරීක්ෂණය ජෙන්දාමරියා සේනාංකය හට පැවරී තිබේ.

වතිකානුව ඉතාලි ජනරජයෙන් වටවී තිබීම මත යුධ හමුදා ආරක්ෂාව ඉතාලිය හා එහි ආරක්ෂක අංශ සපයනු ලබයි. වතිකානුව හට හමුදා අංශ නොමැති අතර සුදොතුම්පිය ආරක්ෂක බලකායට බාරව තිබෙන්නේ පාප්තුමාගේ ආරක්ෂාව වේ.

විදේශ සබඳතා

වතිකානු රාජ්‍යය අන්තර්ජාතික නීතිය අනුව දේශීය තත්වයේ ලා පිළිගැනෙනු ලැබූවද, ශුද්ධාසනය විසින් තම රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලට අමතර වතිකානුව වෙනුවෙන් රාජ්‍යතාන්ත්‍රික සබඳතා හා අන්තර්ජාතික ගිවිසුම් වලට එලඹීම ඉටු කරනු ලබයි. වතිකානු රාජ්‍යට තමන්ට ම අයිති තානාපති සේවාවක් නොමැත. ඉඩකඩ සීමා මත ලෝකයේ තානාපති කාර්යයාල පිහිටා නොමැති රටවල් ස්වල්පයට වතිකානුවද අයිති වේ.

ශුද්ධාසනයේ විදේශ තානාපති කාර්යයාල රෝම නගරයේ පිහිටා ඇත. දෙවන ලෝක යුධ සමයේදී ශුද්ධාසනය විසින් වතිකානුවේ පටු සීමා තුල තම තානාපති කාර්යයාල සේවකයින්ට හැකි පමණ ආරක්ෂාව සපයන ලදී. උදාහරණ ලෙස ජර්මනිය විසින් රෝමය යටත් කරගත් විට බ්‍රිත්‍යානය තානාපති කාර්යාලයට හා මිත්‍රපාක්ෂිකයින් රෝමය පාලනය කරන විට ජර්මනියේ තානාපති කාර්යයාල සේවකයින්වද දැක්විය හැක.

මෙලෙස රාජ්‍යකට වඩා පැහැදිලි අස්තිත්වයක් වන ශුද්ධාසනය විසින් ඉටු කරනු ලබන ලෝකව්‍යාප්ත පුළුල් පැතිරීමට වතිකානු රාජ්‍යයේ ප්‍රමාණය බලනොපානු ලබයි.

කෙසේවුවද ශුද්ධාසනය වැනි හෞමික නොවන පුද්ගලතාවකට අදාල නොවන භූගෝලමය ලෙස රාජ්‍යයකට අදාලව ක්‍රියාත්මක වන සමහර ජාත්‍යන්තර සංවිධාන වලට වතිකානු රාජ්‍ය සහභාගි වනු ලබයි.

සාමාජිකයෙක් ලෙස හෝ නිරීක්ෂකයෙක් ලෙස ශුද්ධාසනය සහභාගී වන සංවිධාන වලට වඩා මෙම සංවිධාන සංඛ්‍යාව අඩු වේ.

පහල දැක්වෙන සංවිධාන සතේ වතිකානු රාජ්‍යය සාමාජිකත්වය දරනු ලබයි.:

  • යුරෝපීය තැපැල් හා විදුලි සංදේශ සම්මන්ත්‍රන මණ්ඩලය (European Conference of Postal and Telecommunications Administrations)(CEPT)
  • යුරෝපීය චන්ද්‍රිකා විදුලිසංදේශ සංවිධානය (European Telecommunications Satellite Organization) (Eutelsat IGO)
  • ජාත්‍යන්තර ධාන්‍ය කවුන්සිලය (International Grains Council) (IGC)
  • ජාත්‍යන්තර පාලක විද්‍යා ආයතනය (International Institute of Administrative Sciences) (IIAS)
  • ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (International Telecommunication Union) (ITU)
  • ජාත්‍යන්තර චන්ද්‍රිකා විදුලිසංදේශ සංවිධානය (International Telecommunications Satellite Organization) (ITSO)
  • ලෝක තැපැල් සංගමය (Universal Postal Union) (UPU)

එලෙසම මෙම සංවිධාන වලට සහභාගී වනු ලබයි:

  • ලෝක වෛද්‍ය සංගමය (World Medical Association)
  • ලෝක බුද්ධිමය දේපල සංවිධානය (World Intellectual Property Organization) (WIPO)

ආර්ථිකය

මූලික ලිපිය: වතිකානුවේ ආර්ථිකය

වතිකානු රාජ්‍යයේ අයවැයට අයත් වන්නේ වතිකානු කෞතුකාගාර හා තැපැල් කාර්යයාල වන අතර එයට අරමුදල් ලැබෙන මාර්ග අතරට මුද්දර අලවිය, [[වතිකානු යූරෝ කාසි|කාසි] අලවිය, පදක්කම් හා සිහිවටන අලවිය මඟින් හා කෞතුකාගාර ඇතුලුවීමේ ගාස්තු හා ප්‍රකාශන අලවි මුදල් අයත් වේ. ගෘහස්ථ සේවකයකුගේ අදායම් හා ජීවන තත්වය රෝම නගරයේ ඒ හා සමාන සේවකයෙකුට සමාන වේ. වෙනත් කර්මාන්ත අතරට මුද්‍රණය, මොසායික් නිර්මාණය හා කාර්යයමණ්ඩල නිල ඇඳුම් නිපදවීම ගත හැක.

IOR යන (Istituto per le Opere di Religione) සංකේතනාමය දරණ ආගමේ කාර්යය පිළිබඳ ආයතනය(Institute for Works of Religion) හෙවත් වතිකානු බැංකුව යනු ලොවපුරා වානිජ්‍ය කටයුතුවල නිරතවෙන වතිකානුවේ පිහිටා ඇති බැංකුවකි. එය සතුව ලතින් භාෂාවෙන් උපදෙස් නිකුත් කරන ස්වංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් ඇත. සමහරවිට ලෝකයට ඇති එකම ලතින් භාෂාවෙන් ක්‍රියාත්මක වන ටෙලර් යන්ත්‍රය එය වීමට පුළුවන.

වතිකානුව කාසි නිකුත් කරනු ලබයි. 1999 ජනවාරි 1 සිට යුරෝපියානු සංගමය හා සමඟ ඇතිකර ගත් විශේෂ එකඟතාවක් (council decision 1999/98/CE) මත යූරෝ භාවිතය අරඹන ලදී. යූරෝ කාසි හා නෝට්ටු හඳුන්වා දෙන ලද්දේ 2002 ජනවාරි පළමුවැනිදා වන අතර වතිකානුව යූරෝ නෝට්ටු නිකුත් නොකරයි. ගිවිසුම මඟින් යූරෝ කාසි නිකුත් කිරීමට අවසර දී ඇත්තේ බොහෝ අඩුප්‍රමාණයක් වන අතර පාප් පදවියේ වෙනසක් සිදුවන විට සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් නිකුත් කිරීමට අවසර ඇත. එම කාසි වල දුර්ලභත්වය නිසා වතිකානු යූරෝ කාසි වලට මුදල් එකතුකරන්නන් ගෙන් අධික ඉල්ලුමක් පවතී. යූරෝ භාවිතයට ගැනීමට පෙරාතුව වතිකානු කාසි හා මුද්දර සඳහා භාවිතා කරනු ලැබුවේ ඉතාලි ලීරා වලට සමාන වතිකානු ලීරා වේ.

මිනිසුන් 2,000 ක් පමණ සේවය කරන වතිකානු රාජ්‍යයේ 2007 දී මිලියන 6.7 ක අතිරික්තයක් තිබූ නමුත් 2008 දී මිලියන 15 ක හිඟයක් ඇතිවුණි.

2012 දී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන මූලෝපාය වාර්තාවේ කළු සල්ලි ජාවාරම් කිරීමට හැකියාව ඇති ජාතීන් අතරට ප්‍රථම වරට වතිකානුව එක් කරන ලද අතර එහි අයර්ලන්තය වැනි රටවල් සමඟ මධ්‍යම පරිමාණ කාණ්ඩයට අයත් විය. එම වාර්තාවේ බොහෝ අවධානම ඇති රටවල් ලෙස ගැනෙන්නේ ඇමරිකාව, ජර්මනිය, ඉතාලිය හා රුසියාව වේ.

ජන විකාශනය

ජනගහනය හා භාෂාවන්

 
වතිකානු කෞතුකාගාර
මූලික ලිපිය: වතිකානුවේ භාෂාවන්

වතිකානු රාජ්‍යයේ පුරවැසියන් 826 දෙනාම පාහේ වතිකානු ඇතුලත ජීවත් වන හෝ ශුද්ධාසනයේ ලෝකය පුරා තම තානාපති කාර්යාල (ඉංග්‍රීසියෙන්:Apostolic Nunciature) වල තානාපති සේවයේ යෙදන අපෝස්තලික තානාපතිවරු වේ. (පාප්තුමාගේ දූතයින් ඉංග්‍රීසියෙන්:Nuncio)

වතිකානු පුරවැසියන් ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට අයත් වේ: පූජකයින්, වැඩිකොටස ශුද්ධාසනයේ සේවයේ යෙදෙන අතර ඉතා ස්වල්පයක් රාජ්‍ය නිලධාරීන් ලෙස සේවය කරයි. අනික් කොටසනම් ස්ව්ට්සර්ලන්ත ජාතික ආරක්ෂකයින් වේ. වතිකානු ශ්‍රම බලකායේ වැඩි කොටසක් වන (2,400 පමණ වන) ගෘහස්ථ සේවකයින්ගෙන් වැඩි කොටස වතිකානුවෙන් පිටත ඉතාලි පුරවැසියන් වන අතර ස්වල්පයක් වෙනත් ජාතීන්ට අයත් වේ. එම නිසා වතිකානුවේ සැබෑ ජනගහනය කතෝලිකයන් වේ.


වතිකානුව නිල වශයෙන් භාෂාවක් යොදා නොමැත. නමුත් බොහෝවිට ලතින් භාෂාව තම නිල ප්‍රකාශන සඳහා යොදා ගන්නා ශුද්ධාසනය මෙන් නොව වතිකානුව තම ව්‍යවස්ථා සම්පාදනය හා නිල සන්නිවේදනය සඳහා ඉතාලි භාෂාව යොදාගනී.වතිකානු රාජ්‍ය තුල රැකියාව කරන බොහෝ දෙනා භාවිතා කරන්නේ ඉතාලි භාෂාව වේ. ස්විට්සර්ලන්ත ආරක්ෂකයින් අණ දීම සඳහා ජර්මානු භාෂාව භාවිතා කරන අතර එකිනෙකා තම පක්ෂපාතීත්වයේ දිවුරුම දීම සඳහා තම තමුන්ගේ භාෂා වන ජර්මන්, ප්‍රංශ, රොමාන්ෂ් හෝ ඉතාලි භාවිතා කරනු ලබයි. වතිකානුවේ නිල වෙබ් අඩවිය ඉතාලි, ඉංග්‍රීසි, ප්‍රංශ. ජර්මන් හා ස්පාඤ්ඤ භාෂා යොදා ගන්නා අතර ශුද්ධාසනය තම වෙබ් අඩවිය සඳහා මෙම භාෂාවලට අමතරව පෘතුග්‍රීසි, 2008 මැයි 9 සිට ලතින් හා 2009 මාර්තු 18 සිට චීන භාවිතා කරනු ලබයි.

පුරවැසිභාවය

2011 මාර්තු මාසයට පෙර

වෙනත් රාජ්‍යවල පුරවැසිභාවය ලබා දීමට පාදක වන jus sanguinis (රටවැසියෙකුගෙන් උපත ලබන, අදාල රටෙන් පිට වුවද) හෝ jus soli (රට තුල උපත ලබන), නිර්නායක මෙන් නොව වතිකානුව තුල පාදක වන්නේ jus officii මත පාදකවය. එනම් ශුද්ධාසනය තුල නිශ්චිත ප්‍රමාණයක සේවයක් කිරීම පිණිස පත්කිරීම තුලය. සාමාන්‍යයෙන් පත්වීමේ කාලය අවසාන වීමේදී පුරවැසිභාවය අහෝසි වේ. පුරවැසිභාවය බිරිඳට, දෙමාපියන්ට හා එම පුරවැසිභාවය ලැබූ තැනැත්තා හා ජීවත් වන එම පෙලපතෙන් පැවතෙන්නන්ටද හිමිවේ.

වතිකානු පුරවැසිභාවය අහිමි වන කවෙරකුට හෝ වෙනත් පුරවැසිභාවයක්ද නොමැතිනම් ඉතාලි නීතිය අනුව ස්වයංක්‍රීයව ඉතාලි පුරවැසිභාවය ලැබේ.

2005 දෙසැම්බර් 31 වන විට පුරවැසිභාවය ඇති පාප්තුමා හැරනුකොට මිනිසුන් 557 දෙනෙක් වතිකානු පුරවැසිභාවය දරනු ලැබූ අතර පුරවැසිභාවය නොමැති පුද්ගලයින් 246 ක් ද එහි වාසය කරනු ලැබ සිටිති.

එම පුරවැසියන් 557 දෙනාගෙන් 74% පූජකවරුන් විය. ඔවුන් අතරින්:

  • 58 දෙනෙක් බොහෝ දෙනා වතිකානුවෙන් පිට රෝමයේ වසන කාදිනල්වරු විය.
  • 293 දෙනෙක් වෙනත් රටවල ශුද්ධාසනයේ තනාපති කාර්යයාල සාමාජික පූජකවරු වූ අතර පුරවැසියන්ගෙන් භාගයකට වඩා ඉහල අගයකින් සමන්විත විය.
  • 62 වෙනත් පූජකවරු, වැඩකරන නමුත් වතිකානුවේ ජීවත් වීම අවශ්‍යම නොවේ.

සාමාජිකයින් 101 ක් වූ සුදොතුම්පිය ආරක්ෂක බලකාය මුළු සංඛ්‍යාවෙන් 18% ක් වූ අතර වතිකානු පුරවැසිබව ලැබූ ගෘහස්ථ සේවකයින් සිටියේ 43 ක් පමණි.

2011 පෙබරවාරි මාසයට පසු

2011 පෙබරවාරි 22 වැනිදා XVI බෙනඩික්ට් පාප්තුමා විසින් වතිකානුවේ "පුරවැසිභාවය, පදිංචිය හා ඇතුළුවීම පිළිබඳ නව නීතියක්" ගෙන එන ලද අතර එය මාර්ති 01 වැනිදා සිට බලපැවැත්වේ. එය 1929 දී ඇතිකරගත් "පුරවැසිභාවය හා පදිංචිය පිළිබඳ නීතිය" වෙනුවට බලපැවෙන්වෙන ලදී. පැරණි නීතියේ ඡේද 33 තිබූ අතර නව නීතියේ ඇත්තේ ඡේද 16 ක් පමණි. නව නීතිය අනුව වතිකානු පුරවැසිභාවය කාණ්ඩ සතරකට බෙදා පවතී. (1) පාප්තුමා, (2) වතිකානුවේ වාසය කරන කදිනල් වරු, (3) [[ශුද්ධාසනය|ශුද්ධාසනයේ තානාපති අංශයේ සජීවි සමාජිකයින් හා (4) වතිකානු කාර්යයාල හා සේවා වල වෙනත් අධ්‍යක්ෂක වරුන් වේ. එසේම නව නීතිය විසින් නිල වතිකානු "පදිංචිකරුවන්" ලෙස නව කාණ්ඩයක් නිර්මාණය කරන ලදී. එනම් පුරවැසියන් නොවන වතිකානුවේ වාසය කරන පුදගලයින් වේ. 2011 මාර්තු 01 වනදා වන විට වතිකානු පුරවැසියන් 572 ක් සිටි අතර ඉන් වතිකානුව තුල ජීවත් වන්නේ 220 ක් පමණි. ඉතිරි පුරවැසියන් 352 දෙනා අපෝස්තලික තානාපතිවරු හා තානාපති කාර්යමණ්ඩලය වේ. ඒ අනුව වතිකානුව තුල වාසය කරන පුද්ගලයින් 800 වඩා වැඩි සංඛ්‍යාව අතරින් පුරවැසියන් සිටින්නේ 220 ක් පමණි.

 
ශා.පීතර බැසිලිකාවේ ශිඛරයේ සිට අංශක 360 දර්ශණය. ශා. පීතර චතුරශ්‍රය (මැද), වතිකානුවේ බොහෝ ප්‍රදේශයක් සමඟ රෝම නගරය . දර්ශණය වේ.

සංස්කෘතිය

 
මයිකල් ආන්ජලෝගේ පියෙටා (Pietà) මූර්තිය වතිකානු චිත්‍රකලාවේ එක් ප්‍රසිද්ධ අංගයකි.
මූලික ලිපිය: වතිකානුවේ සංස්කෘතිය

වතිකානුව ලොව ප්‍රසිද්ධම චිත්‍ර සඳහා නිවහනක් වී ඇත. පුනරුද සමයේ ගෘහනිර්මාණ ශිල්පයේ කීර්තිමත් නාමයක් දරණ ශා. පීතර බැසිලිකාව නිර්මාණය කිරීමට දායක වී ඇති වාස්තු විද්‍යාඥයින් අතරට බ්‍රාමන්තේ, මයිකල් ආන්ජලෝ, ජාකොමෝ දෙල්ලා පෝර්තා, කාර්ලො මදේර්නෝ හා බෙර්නීනි සඳහන් කල හැක. සිස්ටීන් ආසන දෙව්මැදුර එහි frescos නිසා ප්‍රසිද්ධ වී ඇත. ඒ සඳහා පෙරුජීනෝ, දොමේනිකෝ ගිර්ලන්දායියෝ හා සාන්ද්‍රෝ බොත්තිචෙල්ලි යන නිර්මාණ ශිල්පීන් මෙන්ම සිස්ටීන් ආසන දෙව්මැදුරු සීලීම හා අවසන් විනිශ්චය නිර්මාණය කර ඇත්තේ මයිකල් ආන්ජලෝ විසිනි. වතිකානු අභ්‍යන්තරය සැරසූ නිර්මාණ ශිල්පීන් අතරට රෆායෙල් හා ෆ්‍රා ඇන්ජලිකෝ දැක්විය හැකිය.

වතිකානු පුස්තකාලය හා වතිකානු කෞතුකාගාර එකතුව විශාල ඓතිහාසික, විද්‍යාත්මක හා සංස්කෘතික වැදගත්කමක් ගනු ලබයි. 1984 දී යුනෙස්කෝව විසින් වතිකානුව ලෝක සංස්කෘතික උරුමයක් ලෙස නම්කරනු ලැබූ අතර එය සම්පූර්ණ රාජ්‍යයක් එසේ නම්කරනු ලැබූ එකම අවස්ථාව වේ. තවද 1954 දී සම්මත කර ගැණුනු යුධ අවස්ථාවකදී සංස්කෘතික දේපල ආරක්ෂාව පිළිබඳ හේග් සම්මුතියට අනුව "විශේෂ ආරක්ෂාව යටතේ තිබෙන සංස්කෘතික දේපල පිළිබඳ ජාත්‍යන්තර ලේඛනයේ," "ස්මාරක අඩංගු මධ්‍යස්ථානයක්" ලෙස යුනෙස්කෝව ලේඛනගත කොට ඇති එකම ස්ථානය වන්නේද වතිකානුවයි.

යටිතල පහසුකම් පද්ධතිය

 
වතිකානු දුම්රිය ස්ථානය
 
වතිකානු තැපැල් සේවයේ මුද්දර විකුණුම් යන්ත්‍රය.

ප්‍රවාහනය

මූලික ලිපිය: වතිකානුව තුල ප්‍රවාහනය

වතිකානුවේ භූමි ප්‍රමාණය අනුව ගත්විට සෑහෙන දියුණු ප්‍රවාහන පද්ධතියක් පවතී.(ඇවිදීමේ මාර්ග හා ගොඩනැඟිලි බොහෝ අඩංගු වේ.) දිග කි.මී. 1.05 හා පළල කි.මී. 0.85 ලෙස පවතින රටක් ලෙස සැලකීමේදී එය සතුව ගුවන්තොටපලවල් හෝ අධිවේගී මාර්ග නොමැති කුඩා ප්‍රවාහන පද්ධතියක් පවතී. එය සතුව හෙලිකොප්ටර් නැවතුම් තොටුපලක් හා රෝම ශා. පීතර දුම්රිය ස්ථානය හරහා ඉතාලි දුම්රිය පද්ධතිය හා සම්බන්ධවන මීටර් 852 ක් දිග සම්මත ප්‍රමාණයේ දුම්රිය මඟක් පවතී. ඉන් වතිකානු රාජ්‍ය තුල වැටී ඇති දුම්රිය මගේ සම්පුර්ණ දිග මීටර් 300ක් වේ.

XXIII වැනි ජුවාම් පාප්තුමා මෙම දුම්රිය මඟ මුලින්ම භාවිතා කල පාප්තුමා වන අතර II ජුවාම් පාවුලු පාප්තුමා ද මෙය භාවිතාකරන ලදී. එසේවුවද භාවිතය ඉතා කලාතුරකින් විය. දුම්රිය මගේ ප්‍රධාන භාවිතය භාණ්ඩ ප්‍රවාහනය වේ. වතිකානුව තුල ගුවන්තොටුපලක් නොමැති හේතුවෙන් (කලින් සඳහන් කල හෙලිකොප්ටර් නැවතුම් තොටුපල හැරුනුකොට වතිකානුව ලොව පවතින ස්වල්පයක් වූ ගුවන්තොටුපලක් නොමැති රටවල් වලින් එකක් වේ.) එය රෝමයේ තිබෙන ගුවන්තොටුපල වල සේවය ලබාගනී. නම්වශයෙන් ගත්කල ලියනාඩෝ ඩාවින්චි-ෆියුමිචීනෝ ගුවන්තොටුපොල හා මද වශයෙන් රෝම චිම්පියානෝ ගුවන්තොටුපල පාප්තුමාගේ අන්තර්ජාතික බැහැදැකීම් සඳහා පිටත් වීමේ පර්යන්ත ලෙස ක්‍රියා කරනු ලබයි.

සන්නිවේදනය

වතිකානුව තුල ස්වාධීන නවීන දුරකථන පද්ධතියක්,වතිකානු ෆාමසියක් හා තැපැල් ස්ථානයකින් සමන්විත වේ. තැපැල් පද්ධතිය පිහිටුවන ලද්දේ 1929 පෙබරවාරි 11 වැනිදා වන අතර දින දෙකකින් පසු ක්‍රියාකාරී විය. අගෝස්තු පලමු වැනිදා වතිකානු මුද්දර හා කාසි කාර්යාලය යටතේ තමුන්ගේම මුද්දර නිකුත් කිරීම ඇරඹිනි. එහි තැපැල් සේවය විටෙක "ලොව හොඳම" සේවය ලෙස ඇගයීමට පාත්‍රව ඇති අතර රෝමයේ තැපැල් සේවයට වඩා ඉක්මනින් ලැබිය යුත්තාට ලැබෙන බව සඳහන්ව ඇත.

වතිකානුව තම අන්තර්ජාල ඩොමේනයක් (TLD)ද භාවිතා කරනු ලබන අතර එය .va වේ. වතිකානුව තුල පුළුල්පරාස අන්තර්ජාල සේවා ද ලබා දී ඇත. වතිකානුව හට ගුවන්විදුලි ITU prefix, HV ලබා දී ඇති අතර මෙය බොහෝ විට ආධුනික ගුවන්විදුලි ක්‍රියාකරුවන් විසින් භාවිතා කරනු ලබයි.

ගුග්ලියෙල්මෝ මාකෝනි විසින්ම සංවිධානය කල වතිකානු ගුවන්විදුලිය තුලින් කෙටි තරංග, මධ්‍යම තරංග, FM තරංග විකාශනයන් මෙන්ම අන්තර්ජාලය තුලින්ද විකාශ කටයුතු සිදුකරනු ලබයි. එහි ප්‍රධාන සම්ප්‍රේෂණ ඇන්ටෙනාව ඉතාලි භූමිය තුල පිහිටා ඇත. රූපවාහිනී සේවා වෙනත් අස්තිත්වයක් වන වතිකානු රූපවාහිනී මධ්‍යස්ථානය මඟින් සපයනු ලබයි.

L'Osservatore Romano යනු ශුද්ධාසනයේ බහු භාෂා අර්ධ-නිල පුවත්පත වේ. එය නිල තොරතුරු මත රෝමානු කතෝලික ගිහි අධ්‍යක්ෂකයෙක් යටතේ පෞද්ගලික සංස්ථාවකින් ප්‍රකාශනය කරනු ලබන්නකි. කෙසේ වුවද නිල ලේඛන ශුද්ධාසනයේ නිල ගැසට් පත්‍රය වන Acta Apostolicae Sedis හී පලවන අතර වතිකානු රාජ්‍ය ලේඛන සඳහා උපග්‍රන්ථයක් එහි අඩංගුවේ.

වතිකානු ගුවන් විදුලිය, වතිකානු රූපවාහිනී මධ්‍යස්ථානය සහ L'Osservatore Romano යනු ශුද්ධාසනයේ අංගයන් මිස වතිකානු අංගයින් නොවේ. Annuario Pontificio හී ඒවා ශුද්ධාසනයේ විදෙස් තානාපති සේවා හා තානාපති කණ්ඩායම වලට ඉහලින් ශුද්ධාසනයට බැඳී ඇති ආයතන" යටතේ දක්වා ඇත. මෙම කොටස් වලට පසු වතිකානු රාජ්‍යයේ කොටස් දක්වා ඇත.

අපරාධ

මූලික ලිපිය: වතිකානුව තුල අපරාධ

ශුද්ධාසනය හා ඉතාලිය අතර 1929 දි අත්සන් කල ලැටරන් ගිවිසුමේ 22 දරණ ඡේදයට අනුව ශුද්ධාසනයේ ඉල්ලීම මත වතිකානුවේ වියදමට යටත්ව ඉතාලි රජය විසින් අපරාධ සැකකරුවන්ව සිරභාරයේ තැබීම හා නඩු පවත්වාගෙන යෑම ඉටුකරනු ලබයි. ඉතාලි නීතිය අනුව 1929 දී මරණ දඬුවම පැමිණවීමට නීති සම්පාදනය කෙරෙනු ලැබුවත් එය වතිකානුව එම දඬුවම කිසිදාක පණවා නොමැති අතර 1969 දී එය අහෝසි කර ඇත.

වැඩිදුර තොරතුරු

  • වතිකානුවේ සීමා මායිම්
  • වතිකානුව සම්බන්ධ ලිපි ලැයිස්තුව
  • ශුද්ධාසනයේ තානාපති කාර්යයාල ලයිස්තුව
  • සුදොතුම්පිය නාමාවලිය]
  • වතිකානු සංගීතය
  • Passetto di Borgo
  • The Vatican Today News Portal
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 12, 2026

    බුදු දහම

  • අප්‍රේල් 05, 2026

    උපත් පාලනය

  • මාර්තු 23, 2026

    හෙන්රි ජයසේන

  • අප්‍රේල් 04, 2026

    ජනවාර්ගික පවිත්‍රණය

  • මාර්තු 15, 2026

    ධාතුසේන රජ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට