සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පහත රට කෝලම් සම්ප්‍රදායේ   හමුවන පොලිස්  කෝලම ඉතාමත්  හාස්‍ය රසය උපදවන කෝලම් අංගයකි . පොලිස්  කෝලම  මිට අවුරදු 150කට පමණ පෙර එනම් ඉංග්‍රීසි  ජාතිකයන්   විසින් 

පොලිස් කෝළම

  • මුල් පිටුව
  • පොලිස් කෝළම

පහත රට කෝලම් සම්ප්‍රදායේ   හමුවන පොලිස්  කෝලම ඉතාමත්  හාස්‍ය රසය උපදවන කෝලම් අංගයකි . පොලිස්  කෝලම  මිට අවුරදු 150කට පමණ පෙර එනම් ඉංග්‍රීසි  ජාතිකයන්   විසින්  අප රට පාලනය කල  යුගයේදී එකතු  වූ  කෝලම් නැටුම්  අංගයකි . යටත් විජිතවාදී යුගයේ අප පාලනය කළ ඉංග්‍රීසි ආණ්ඩුවේ  උසස්‌ සහ පහත් පොලිස් නිලධාරීන් නිර්දය ලෙස  විවේචනයට ලක් කිරිමක් පොලිස්  කෝලමෙන්  සිදුවේ .

අම්බලන්ගොඩ ටුක්කාවඩු  පරපුරේ කෝලම් නැටුම්අංගයකි

ගැමියාට  සැබෑ ජීවිතයේදී  විදීමට සිදුවන  අත්දැකීම් කෝලම් කරලියේදී දිග හැරේ. පොලිස් සේවය සදහා  එම  වකවානුවේ   යොදවාගෙන තිබුනේ වෙනත් ජාතින් වීම නිසා සන්නිවේදන ගැටලු බොහෝ සේ පැනනගින්නක් විය  .  කැඩුණු ඉංගිරිසි සහ නුහුරු සිංහල උච්චාරණය ගැමියන්ට විකාරයක් සේ පෙනුනේය .

සිංහල භාෂාව හරි හැටි කතා කරීමට නොහැකි වෙනත් ජාතිකයන් විසින් සිංහල ගැමි ජනතාව සමග ගනු දෙනු කිරීමේදී පැන  නැගී ගැටලු , අක්‍රමිකතාවයන්  , අසාධාරණ  , තාඩන පීඩන හා දුක්ගැහැට ගැන කතිකාවක් ගොඩනැගීමේ ප්‍රතිඵලයක් ලෙස පොලිස්  කෝලම නමින් නව කෝලමක් නිර්මාණය වීම සිදුව ඇත . පොලිස්  නිලධාරීන්ගේ ගේ උද්දච්ච නොහික්මුණු භාවය සහ අණුවනකම් මෙහිදී ගෙන හැර  දැක් වේ .

පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් ,  පොලිස් සැරයන්වරයෙක් හා  පොලිස් පරීක්‍ෂකවරයෙක් පැමිණ පොලිස් ස්ථානයක්  දැමීමට අවශ්‍ය බව පවසා  ඒ සදහා ස්ථානයක්  ලබා දෙන ලෙස තානායම් ආරච්චිචිට කියා සිටි.

සිංහල වචන හරි හැටි උච්චාරණය කිරීමට නොහැකියාව  නිසා අදහස් හුවමාරු කරගැනීමේ අපහසුතාවයක් පැන  නැගේ .එය නරඹන්නට හාස්‍ය උත්පාදනයක් වේ.

පොලිස් සැරයන්වරයා සහ තානායම්ආරච්චි  අතර වන සංවාද වල කොටස් කිහිපයක්

''ආරචිචියා  අපේ ලොකු මාතියට ගොඩක් මහන්සි අපිට දෙන්න බැරිද හැබිලි

'' හැබිලි  හැබිලි  කියන්නේ මොනවද  රාළහාමි  

'' හැබිලි  දන්නේ නැද්ද මුනිය  හැබිලි  හැබිලි  බොන හැබිලි  (කේන්තියෙන් අතින් හැඩය පෙන්නා)

'' අහ් මේ  කියන්නේ තැබිලි නේ තැබිලි දන්නවා රාළහාමි

''  යේක තාම මුනිය මුනියට තේරෙන්නේ නැහැ දෙන්න පුලුවන්ද හැබිලි

''  රාළහාමි තැබිලි  දෙන්න පුලුවන්

අවශ්‍ය ස්ථානය ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් යාමට සැරසේ .තානායම්  ආරච්චිචිගේ  ඉල්ලීමට අනුව ඔවුන්  රංගනයක් ඉදිරිපත් කරන අතර තුර  පොලිස්  නිලධාරියෙක් බිම ඇද වැටේ.  ඉන් අනතුරුව ඉංග්‍රීසි වෛද්‍යවරයකුගෙ කැදවීමක් වේ. වෛද්‍යවරයා සහ පොලිස්  නිලධාරින්  අතර ඉංග්‍රීසි භාෂවෙන් සංවාදයන්  සිදු කෙරේ.

ඉංග්‍රීසි වෛද්‍යවරයා  සහ  ඔහුගේ සහයකයාගේ  කතා විලාසය සහ ඇදුම් පැළදුම් සිංහල ගැමි සමාජයට ආගන්තුකය.

වෛද්‍යවරයා  තම නලාව බිම අද වැටුන  පොලිස්  නිලධාධාරියාගේ කන් දෙකේ ගසා තමන්ම පරීක්ෂා  කර ගනි.

ඉංග්‍රීසි වෛද්‍ය විද්‍යාව උපහාසයට   ලක් කිරීමක් ඉන් සිදුවේ. ඉංග්‍රීසි වෛද්‍ය විද්‍යාව  ගැන සිංහල ගැමියාගේ තිබු දැඩි අකමැත්ත විරෝධය සහ අවිශ්වාසය  මෙමගින් පිළිබිඹු කෙරේ.

පරීක්ෂා  කිරීමෙන් අනතුරුව වෛද්‍යවරයා  ''නො හාර්ට්, නො හාර්ට්''  කියා කැගසා . ''ගනු කරට ,ගෝ ටු කරාපිටිය හොස්පිටෙල් ''යි  කියා සභාවෙන් නික්මේ. සෙසු පොලිස්  නිලධාරින් වැටුන

පොලිස්  නිලධාරියා ඔසවාගෙන  වෛද්‍යවරයා පසු පස බෙරපද තාලයට  පාද තබමින් සභාවෙන් නික්මෙයි .

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    වුඩ්රෝ විල්සන්

  • මාර්තු 29, 2026

    ඕ‍සෝන් වියන

  • මාර්තු 26, 2026

    ප්‍රංශ විප්ලවය

  • මාර්තු 28, 2026

    1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනත

  • අප්‍රේල් 04, 2026

    මිෂනාරි ව්‍යාපාරය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට