සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඓතිහාසික වාග් විද්‍යාවේ රුක් ආකෘතිය තුළ, මූල-භාෂාවක් ලෙස හඳුනාගන්නේ පරිණාමය ඔස්සේ පැවත එන බවට විශ්වාස කෙරෙන, සාක්ෂ්‍යකෘත භාෂා (සහතික කළ භාෂා) ගණනාවක් ඇතුළත් භාෂ

මූල භාෂාව

  • මුල් පිටුව
  • මූල භාෂාව

ඓතිහාසික වාග් විද්‍යාවේ රුක් ආකෘතිය තුළ, මූල-භාෂාවක් ලෙස හඳුනාගන්නේ පරිණාමය ඔස්සේ පැවත එන බවට විශ්වාස කෙරෙන, සාක්ෂ්‍යකෘත භාෂා (සහතික කළ භාෂා) ගණනාවක් ඇතුළත් භාෂා පවුලක් නිර්මාණය කිරීමට සමත් වුණ උපකල්පිත පූර්වජ භාෂාවකි. මූල-භාෂා සාමාන්‍යයෙන් නිර්වද්‍ය සාක්ෂි ඔස්සේ සහතික කර නොමැති අතර ඇතැම් ඒවා අර්ධ වශයෙන් සහතික කර ඇත. මෙම භාෂා සංසන්දනාත්මක ක්‍රම මගින් ප්‍රතිනිර්මාණය කරනු ලැබේ.

පවුල් ගස නැමැති රූපකය තුළ මූල භාෂාවක් මාතෲ භාෂාවක් ලෙස හඳුනා ගත හැකි ය. ඇතැම්විට, ජර්මානු වදනක් වන Ursprache (pronounced [ˈuːɐ̯ʃpʁaːxə] ; ur- 'ආදිකල්පික', 'ප්‍රකෘතිමත්' + Sprache 'භාෂාව' යන දෙපදයෙන්) යන්න ද මේ සඳහා භාවිතා වේ. එමෙන් ම මෙම සංකල්පය සලකා බලන භාෂාවන්වලට "පොදු භාෂාවක්" ලෙස මෙන් ම "ප්‍රාථමික භාෂාවක්" ලෙස ද අර්ථකථනය කරනු නිරීක්ෂණය කළ හැකි ය.

නිශ්චිත අර්ථයෙන් ගත් කල, මූල-භාෂාවක් යනු භාෂා පවුලක, එම පවුලේ සාක්ෂ්‍යකෘත දුහිතෲ භාෂාවන්ට ප්‍රභේදනය වීමට පෙර පැවතී මෑත කාලීන පොදු මුතුන් මිත්තා වේ. එබැවින් එය භාෂා පවුලේ "පූර්වජකයා" හා "දෙමාපිය භාෂාව" ලෙස හඳුනා ගත හැකි ය.

එමෙන් ම, භාෂා සන්තතියක සාමාජික භාෂා ව්‍යවහාරයන් වැනි ස්වාධීන භාෂා ලෙස නොසලකන ව්‍යවහාරයන් ද එක ම මූල භාෂාවකින් පැවත එන බවටත් පිළිගනු පෙනේ.

අර්ථ දැක්වීම හා සත්‍යාපනය

සාමන්‍යයෙන් මූල භාෂාවක් ඍජුව හඳුනා ගත් නොහැකි ය. මූල භාෂාවක් එහි අර්ථ දැක්වීම ප්‍රකාරව ඥාති භාෂා අධ්‍යයනය කර ඒවාට සංසන්ධනාත්මක ක්‍රමෝපාය භාවිතා කර නිර්මාණය කරන ලද වාග් ප්‍රතිනිර්මාණයකි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 11, 2026

    රත්න ඇල්ල

  • අප්‍රේල් 10, 2026

    අති විශාල කළු කුහරය

  • අප්‍රේල් 08, 2026

    සිංහල කඩුව

  • ජූලි 04, 2026

    ජයන්ත සෙනෙවිරත්න

  • මාර්තු 10, 2026

    සිංහල භාෂාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට