සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පුත්තලම දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි ප‍්‍රමාණය වර්ග කිලෝමීටර් 3,072 කි. ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පිහිටා ඇත. සිතුවමක් වැනි මනරම් කලපුව නිසා පුත්තලම බොහෝ සේ ජනප්‍රි

Puttalam District

  • මුල් පිටුව
  • Puttalam District

පුත්තලම දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි ප‍්‍රමාණය වර්ග කිලෝමීටර් 3,072 කි. ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පිහිටා ඇත. සිතුවමක් වැනි මනරම් කලපුව නිසා පුත්තලම බොහෝ සේ ජනප්‍රියව පවතී. නොගැඹුරු මුහුදු තීරය ද මසුන් මරන්නන් හට පාරාදීසයක් ව පවතී. 'ලුණු ලේවාය' පුත්තලමේ ප්‍රසිද්ධියට හේතුවකි.

පුත්තලම දිස්ත්‍රික්කය
Puttalam District
புத்தளம் மாவட்டம்
පරිපාලන දිස්ත්‍රික්කය
පුත්තලම දිස්ත්‍රික්කය ඉස්මතු කරමින් ශ්‍රී ලංකාවේ සිතියම
පුත්තලම දිස්ත්‍රික්කය ඉස්මතු කරමින් ශ්‍රී ලංකාවේ සිතියම
රට ශ්‍රී ලංකාව
පළාතවයඹ පළාත
විශාලතම නගරයපුත්තලම
සරිය
 • මුළු3,072 කිමී2 (1,186 සතරැස් සැත)
 • භූමිය2,882 කිමී2 (1,113 සතරැස් සැත)
 • ජලය190 කිමී2 (70 සතරැස් සැත)
ජනගහණය(2012)
 • මුළු760,778
 • ඝණත්වයBad rounding here250/කිමී2 (Bad rounding here640/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතයLK-62
වෙබ් අඩවියwww.puttalam.dist.gov.lk

පටුන

සාපේක්‍ෂ පිහිටීම

පුත්තලම දිස්ත්‍රික්කය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයට වන්නටය. පුත්තලම දිස්ත්‍රික්කයේ සීමා මායිම් වන්නේ,
උතුරින් : කලාඔය සහ මෝදරගම් ආරු
නැගෙනහිරින් : අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත‍්‍රික්ක
දකුණින් : මා ඔය
බටහිරින් : ඉන්දියන් සාගරය

ඉතිහාසය

මෙම වියළි කලාපික දිස්ත්‍රික්කයේ ඉතිහාසය, වසර 2500 ට පෙර උතුරු ඉන්දියානු විජය කුමරු ඇතුළු පිරිස පුත්තලම නගරයට එපිටින් පිහිටි තම්මැන්නා පුරයට සම්ප්‍රාප්තවීම දක්වා දිවයයි. මෙය සිදුවූයේ ඔහුගේ නෞකාව තම්මැන්නා වෙරළට ගසාගෙන ඒම නිසාය. දිස්ත්‍රික්කයේ ඈතට වන්නට කුවේණියගේ ගම වන තෝනිගල පිහිටා ඇත. බුතාරම් යන නම පසු කලෙක පුත්තලම ලෙස ව්‍යවහාර වන්නට ඇතැයි සැලකේ. බුතාරම් යනු බෞද්ධ සිද්ධස්ථාන සඳහා රජතුමා විසින්පූජාකළ ගම්මාන සංකීර්ණය යන්න හැදින්වීම සඳහා භාවිතකරන ලද නාමයක් ලෙස විශ්වාස කරයි. මෙහි පිහිටා ඇති ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන ලෙස, කල්පිටියේ ඉපැරණි ලන්දේසි කොටුව, තලවිල ශා.අන්තෝනි පල්ලිය, හලාවත මුන්නේශ්වරම් කෝවිල යනාදී ස්ථාන හදුන්වාදිය හැකිය.

බෝග වගාව

පොල් ත්‍රිකෝණයේ ඉහළින්ම පිහිටා තිබෙන පුත්තලම දිස්ත්‍රික්කය, ශ්‍රී ලංකාවේ දෙවෙනියට වැඩිම පොල් නිපදවන ප්‍රදේශය ලෙස සැලකේ. අක්කරයකට වැඩිම වී නිෂ්පාදනය කරන ප්‍රදේශය ලෙස තබ්බෝව කෘෂිකාර්මික වාර්තාවලට එකතුවී ඇත.

ආශ්‍රිත ලිපි

  • ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක
  • ශ්‍රී ලංකාවේ පළාත්

ආශ්‍රිත

  1. "ඒරියාස් ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්" (PDF). ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව. 2010. සම්ප්‍රවේශය 2013-02-07.
  2. "පොපියුලේෂන් ඔෆ් ශ්‍රී ලංකා බයි ඩිස්ට්‍රික්ට්" (PDF). ජනගහණ හා නිවාස සංගණනය 2011. ජන හා හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව. 2012-04-20. සම්ප්‍රවේශය 2013-02-07.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 18, 2026

    අශ්වඝෝෂ හිමි

  • අප්‍රේල් 30, 2026

    Velupillai Prabakaran

  • මාර්තු 10, 2026

    සිංහල ව්‍යාකරණ

  • අප්‍රේල් 10, 2026

    මානව සංවර්ධන දර්ශකය

  • අප්‍රේල් 19, 2026

    කාල විස්තාරණය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට