සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ලියෝන්හාඩ් ඔයිලර්, ලියොනාඩ් ඉයුලර් එසේත් නැත්නම් ලියෝන්හාඩ් පෝල් ඔයේලර් (1707 අප්‍රේල් 15 – 1783 සැප්තැම්බර් 18) යනු ස්විස් ජාතික ගණිතඥයකු හා භෞතික විද්‍යාඥයකු

Leonhard Euler

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
ලියෝන්හාඩ් ඔයිලර්
ලියෝන්හාඩ් ඔයිලර් (ජොහෑන් ජෝර්ජ් වෘකර්ගේ සිතුවමකි) (1756 ?)
උපත15 අප්‍රේල් 1707(1707-04-15)
බසෙ(zල්, ස්විස්ටර්ලන්තය
මරණය18 සැප්තැම්බර් 1783(1783-09-18) (වයස 76)
[OS: සැප්තැම්බර් 18 ,1783]
ශාන්ත පීටර්ස්බර්ග්, රුසියාව
උගත් ශාස්ත්‍රාලයබ‍සෙල් විශ්ව විද්‍යාලය
සංගණ්‍ය වන්නේඔයිලර්ගේ අංක සඳහා
Scientific career
ක්ෂේත්‍රයගණිතඥයෙකු හා ‍භෞතික විද්‍යාඥයෙකි
ආයතනවිද්‍යාව පිළිබඳ රාජකීය රුසියානු විද්‍යාලය
බර්ලින් විද්‍යාලය
ආචාර්ය උපදේශක‍ජොහාන් බර්නූලි
ආචාර්ය සිසුන්Nicolas Fuss
ජෝහාන් හෙනාට්
ජෝසෆ් ලැග්‍රේන්ස්
Stepan Rumovsky
අත්සන
සටහන්
He is the father of the mathematician Johann Euler
He is listed by academic genealogy authorities as the equivalent to the doctoral advisor of Joseph Louis Lagrange.

ලියෝන්හාඩ් ඔයිලර්, ලියොනාඩ් ඉයුලර් එසේත් නැත්නම් ලියෝන්හාඩ් පෝල් ඔයේලර් (1707 අප්‍රේල් 15 – 1783 සැප්තැම්බර් 18) යනු ස්විස් ජාතික ගණිතඥයකු හා භෞතික විද්‍යාඥයකු වන අතර ඔහු ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළේ රුසියාවේ හා ජර්මනියේය. කලනය හා ප්‍රස්තාර ප්‍රමේයයන් වැනි විශාල විවිධත්වයකින් යුත් ක්ෂේත්‍රවල වැදගත් සොයා ගැනීම් රැසක් ඉයුලර් විසින් සිදු කොට තිබේ. තවද ඔහු නූතන ගණිතමය පාරිභාෂිතයේ හා අංකනයේ විශාල ප්‍රමාණයක් හඳුන්වා දුන්නේ මොහු විසිනි. එයින් ගණිතමය විශලේෂණය සඳහා කළ දෑ විශේෂ වේ. ගණිතමය විශ්ලේෂණයේ ගණිතමය ශ්‍රිත පිළිබඳ මතය වැනි දේ හඳුන්වා දෙන ලද්දේ මොහුය.එලෙසම ඔහු යාන්ත්‍රික විද්‍යාව, ප්‍රකාශ විද්‍යාව හා තාරකා විද්‍යාව යන ක්ෂේත්‍රවල ඔහුගේ කාර්යයන් සඳහා ද ප්‍රසිද්ධියක් ලබා ඇත. 18 වැනි ශත වර්ෂයේ සිටි ශ්‍රේෂ්ඨතම ගණිතඥයකු ලෙස ඉයුලර් සැලකිය හැකිය ඔහු සැමදාටම වූ විශිෂ්ටතමයන්ගෙන් කෙනෙකි. එලෙසම ඔහු අතිශය ඵලදායී පුද්ගලයන්ගෙන් කෙනෙකු වන අතර ඔහුගේ කාර්යයන් එක් තැන් කළ ක්වෝර්ටෝ වෙළුම් 60-80 පිරවිය හැක. පියරි, සයිමන් ලාප්ලාස් අයත් වදනක් මෙලෙස ගණිතයට ඉයුලර්ගේ බලපෑම ප්‍රකාශ කරයි. “ඉයුලර් ගැන කියවන්න, ඉයුලර් ගැන කියවන්න, ඔහු අප සැමගේම ශාස්තෲවරයාය.” ස්විස්ටර්ලන්තයේ ෆ්‍රෑන්ක් 10 බැංකු නෝට්ටුවේ හය වන ශ්‍රේණියේ සහ ස්විස්ටර්ලන්ත, ජර්මානු හා රුසියානු තැපැල් මුද්දර විශාල සංඛ්‍යාවක ඉයුලර් ගේ රුව ඇත. 2002 ඉයුලර් උල්කාපාතනය ඔහුට ගරු කිරීමක් ලෙස නම් කරන ලද්දකි. එලෙසම ලුතෙරන් පල්ලිය විසින් ඔවුන්ගේ ශාන්තු වරයාගේ දින දර්ශනයේ මැයි 24 වන දා ඔහුව අනුස්මරණය කරනු ලබයි.

  1. "ඝන වස්තු - ඔයිලර් සම්බන්ධතාව" (PDF). සම්ප්‍රවේශය 2023-06-08.
  • ලියෝන්හාඩ් ඔයිලර් at the Mathematics Genealogy Project
  • The Euler Archive: Composition of Euler works with translations into English
  • Opera-Bernoulli-Euler (compiled works of Euler, Bernoulli family, and contemporary peers)
  • Euler Tercentenary 2007
  • The Euler Society
  • Euleriana at the Berlin-Brandenburg Academy of Sciences and Humanities
  • Euler Family Tree
  • Euler's Correspondence with Frederick the Great, King of Prussia
  • Works by ලියෝන්හාඩ් ඔයිලර් at LibriVox (public domain audiobooks)
  • O'Connor, John J.; Robertson, Edmund F., "ලියෝන්හාඩ් ඔයිලර්", MacTutor History of Mathematics archive, University of St Andrews, http://www-history.mcs.st-andrews.ac.uk/Biographies/Euler.html .
ඉහළට