සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ජිමී වේල්ස් සිය සගයින් සමග එක්ව 2001 ජනවාරියේදී විකිපීඩියා විශ්වකෝෂය ඇරඹියේය. ඉන් නවමසක් ගත වන විට විශ්වකෝෂයට ලේඛන දසදහසක් එක්වුණි. 2003දී ලක්ෂයකි. 2004දී දසලක්

Jimmy Wales

  • මුල් පිටුව
  • Jimmy Wales


ජිමී වේල්ස් සිය සගයින් සමග එක්ව 2001 ජනවාරියේදී විකිපීඩියා විශ්වකෝෂය ඇරඹියේය. ඉන් නවමසක් ගත වන විට විශ්වකෝෂයට ලේඛන දසදහසක් එක්වුණි. 2003දී ලක්ෂයකි. 2004දී දසලක්ෂයකි. මේ සියල්ල ලියන්නේ ලෝකයේ නන් දෙස සිටින නොයෙක් තරාතිරමේ අයයි. ඕනෑම කෙනෙකුට විකිපීඩියාවේ ඇති දේ සංස්කරනය කරන්නට පුළුවන අලුතින් දේ එක් කරන්නට පුළුවන. එය කිසිවෙක් පාලනය කරන්නේ නැත. මෙසේ විකිපීඩියාව දෙස බලාගෙන එයට ලියමින් සිටින පනස් දහසක් සෙනෙග නන් දෙස සිටිති. ඉන් පහලොස් දහසක් දෙනා ස්වෙච්ඡාවෙන් විකිපීඩියාවට එක්වී නිතරම එහි සංයුතිය ගැන සොයති. මින් තුන්දහසක් දෙනා මාස්පතා මෙහි ඇති ලේඛන නිවැරදි කරති. මේ නිවැරදි කිරීමේ වෑයමත් සමතුලනය වී තිබීම පමනක් ප්‍රමානවත් නැත. එය නිවැරදි පැත්තට හොදටම බරවී තිබිය යුත්තකි. විකිපීඩියා වෙබ් අඩවිය කිසිදු ලෙසකින් වාණිජ පරමාර්ථයකින් ක්‍රියාත්මකවන වෙබ් අඩිවියක් නොවන අතර එය හුදෙක් ස්වෙච්ඡා අරමුණකින් මෙහෙයවනු ලබන වෙබ් අඩවියකි.

ජිමී වේල්ස්
(ජනවාරි 2011)
උපත
ජිමී ඩොන්ල් වේල්ස්

අගෝස්තු 7, 1966 (1966-08-07) (වයස 59)
හන්ට්ස්විල, ඇලබාමා, එජ
අනෙකුත් නම්ජිම්බෝ
උගත් ශාස්ත්‍රාලයඕබන් විශ්වවිද්‍යාලය
ඇලබාමා විශ්වවිද්‍යාලය
ඉන්ඩියානා විශ්වවිද්‍යාලය බ්ලූමිංටන්
වෘත්තියsඅන්තර්ජාල ව්‍යවසායක, පෙරදී මූල්‍ය වෙළෙඳ මහතෙක්
Titleවිකියා, ඉන්කෝපරේටඩ් හි සභාපති (2004–වර්තමානය)
විකිමාධ්‍ය පදනමෙහි සභාපති (ජූනි 2003 – ඔක්තොම්බර් 2006)
ගෞරව සහිතව විශ්‍රාමික සභාපති, විකිමීඩියා පදනම (ඔක්තොම්බර් 2006–වර්තමානය)
Successorෆ්ලොරන්ස් ඩිවෝර්ඩ්
Board member ofවිකිමාධ්‍ය පදනම
ක්‍රියේටිව් කොමන්ස්
සෝෂල්ටෙක්ස්ට්
සන්ලයිට් පදනම (උපදේශක සභාව)
සාමුහික බුද්ධිය සඳහා වන එම්අයිටී කේන්ද්‍රය (උපදේශක සභාව)
සිවිලිනේෂන්
Awardsපහත බලන්න
වෙබ් අඩවියjimmywales.com/


එබැවින් එයට උපකාරයක් ලෙසින් සහ එහි පැවැත්ම උදෙසා මුදල් පරිත්‍යාග බලාපොරොත්තුවන බවට ජිමී වේල්ස් ඉල්ලීමක් කර තිබේ. ඔහු එම ඉල්ලීම කර ඇත්තේ http://wikimediafoundation.org වෙබ් අඩවිය ඔස්සේය.

ජිමී වේල්ස් ප්‍රකාශ කරනුයේ විකිපීඩියා වෙබ් අඩිවිය ආරම්භ කර වසර 10ක් මේවන විට ගතව ඇති බවය. එය මිලියන 400කට අධික පිරිසක් එක් මසකදී තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් පරිශීලනය කරනු ලැබේ.

අන්තර්ජාලය හා සම්බන්ධ වුණු පිරිසගෙන් හතරෙන් තුනක ප්‍රමාණයක්ම මෙම වෙබ් අඩවිය පරිශීලනය කරනු ඇත.

එමෙන්ම විකිපීඩියා ලොව ජනප්‍රියතම වෙබ් අඩවි අතර පස්වැනි ස්ථානයෙහි පසුවේ.

පටුන

මුල් දිවිය සහ අධ්‍යාපනය

1966, අගෝස්තු 7 දිනදී, වේල්ස් උපන්නේ හන්ට්ස්විල්, ඇලබාමාහිදීය. ඔහුගේ පියා ජිමී, සිල්ලර බඩු කඩ කළමනාකරුවෙකු ලෙසින් සේවය කළ අතර, ඔහුගේ මව ඩොරිස් සහ ඔහුගේ ආච්චි අර්මා, හවුස් ඔෆ් ලර්නිං, නම්වූ තනි කාමර පාසැල් නිවසක සම්ප්‍රදායට අයත් කුඩා පෞද්ගලික පාසලක් පවත්වාගෙන ගිය අතර, වේල්ස් සහ ඔහුගේ සහෝදර සහෝදරීයන් තිදෙන ඔයුන්ගේ මුල් අධ්‍යාපනය ලැබුවේ එහිදීය.

වෘත්තිය

 
වේල්ස්ගේ අන්තර්ජාල සමාගමවූ බොමිස් හී කාර්ය මණ්ඩලය, 2000 ගිම්හානයෙහි ඡායාරූපයකට මුහුණ දෙමින්. පිටුපස පේළියෙහි වමේ සිට තෙවැන්නා වේල්ස් වන අතර, ඔහු එකල ඔහුගේ බිරිය ක්‍රිස්ටීන් සමග වෙයි

චිකාගෝ ඔප්ෂන්ස් ඇසෝසියේට්ස් සහ බොමිස්

චිකාගෝ, ඉලිනෝයිහී ඉදිරි ගණුදෙනු සහ විකල්ප වෙළෙඳ ව්‍යාපාරික ආයතනයක් වූ චිකාගෝ ඔප්ෂන්ස් ඇසෝසියේට්ස්හි රැකියාවක් ලැබුමට 1994දී වේල්ස් සමත් විය.

න්‍යුපීඩියා සහ විකිපීඩියාවේ සම්භවය

ප්‍රධාන ලිපිය: න්‍යුපීඩියා

මුදල් උපැයීමේ මාර්ගයක් ලෙසින් සාර්ථකත්වයට පිවිසීමට බොමිස් අසමත් වුවද, ඔහුගේ ඉමහත්වූ ආශාවවූ මාර්ගගත විශ්වකෝෂයකට අවශ්‍ය මූලධනය සැපයීමට එය සමත් විය.

විකිපීඩියා

ප්‍රධාන ලිපිය: විකිපීඩියාවේ ඉතිහාසය

සැංගර් විසින් විකිපීඩියාව දුටුවේ, ප්‍රාථමික වශයෙන් න්‍යුපීඩියාව ප්‍රවර්ධනයට සහය කර ගත හැකි මෙවලමක් ලෙසින් වන අතර, වේල්ස්ට හැඟී ගියේ, ඔහු සිහින මවමින් සිටි සත්‍ය වශයෙන්ම සහයෝගී, දැණුම ඒකරාශී කිරීමේ නිදහස් උත්සාහය බවට පත් වීමේ හැකියාව විකිපීඩියාව සතු බවයි.

මතභේදය

 
පත්‍රකලාවේදිනී ඉරීනා ස්ලූට්ස්කී හා සමග වේල්ස් SXSW 2006 හිදී, ග්‍රීක් එන්ටර්ටේන්මන්ට් ටීවී නම් ඇයගේ වැඩසටහනෙන් උපුටා ගත්තකි 
තවද තොරතුරු: විකිපීඩියාවේ ඉතිහාසය#වේල්ස් සහ සැංගර්ගේ මුල් භූමිකා

ඔහු විකිපීඩියාවේ එකම ආරම්භකයා වන බව, වේල්ස් තරයේ ප්‍රකාශ කර සිටි අතර, සමාරම්භක ලෙස සැංගර්ගේ නම්කිරීම ගැන ඔහු විසින් ප්‍රසිද්ධයේ විරුද්ධත්වය පළ කළේය. 2001 සැප්තැම්බර් තරම් අතීතයෙහිදී ද නිව්යෝර්ක් ටයිම්ස් විසින් සැංගර් සහ වේල්ස් සමාරම්භකයන් විසින් නියම කොට දැක්වුනු අතර, 2002 ජනවාරි මසදී නිකුත් කෙරුණු විකිපීඩියාවේ පළමු පුවත් පත් නිවේදනයෙහිදී වේල්ස් සහ සැංගර් ආරම්භකයන් ලෙසින් නම් කෙරිණි. එම වසරේ අගෝස්තු මාසයේදී, වේල්ස් විසින් තමාන් හඳුන්වාදුන්නේ විකිපීඩියාවේ "සමාරම්භක" ලෙසිනි. තමන්ගේ පුද්ගලික වෙබ් පිටුවෙහි සැංගර් විසින් එක්රැස් කෙරුණු සබැඳි ගොන්නකින් සනාථ කෙරුණේ සැංගර් සහ වේල්ස් සමාරම්භකවරුන් යන තත්ත්වයයි.

ප්‍රකාශිත කෘතීන්

  • බෲක්ස්, රොබර්ට් (1994). "ද ප්‍රයිසිං ඔෆ් ඉන්ඩෙක්ස් ඔප්ෂන්ස් වෙන් දි අන්ඩර්ලයිං ඇසට්ස් ඕල් ෆොලෝ අ ලොග්නෝර්මල් ඩිෆියුෂන්". ඇඩ්වාන්සර්ස් ඉන් ෆියුචර්ස් ඇන්ඩ් ඔප්ෂන්ස් රිසර්ච්. 7. {{cite journal}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  • වේලස්, ජිමී (දෙසැම්බර් 31, 2008). "පෙරවදන". In ෆ්‍රේසර්, මැතිව්; දත්තා, සුමිත්‍රා (eds.). ත්‍රොයිං ෂීප් ඉන් ද බෙඩ් රූම්: හව් ඔන්ලයින් ෂෝෂල් නෙට්වර්කිං විල් ට්‍රාන්ස්ෆෝම් යුවර් ලයිෆ්, වර්ක් ඇන්ඩ් වර්ල්ඩ් (පළමුවන ed.). විලී. ISBN 0-470-74014-0. OCLC 233939846. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help); Unknown parameter |separator= ignored (help)
  • වේල්ස්, ජිමී; ඇන්ඩ්‍රියා වෙකල (ජනවාරි 8, 2009). "කමෙන්ට්‍රි: ක්‍රියේට් ටෙක් -ෆ්‍රෙන්ඩ්ලි යූ.එස්. ගවර්න්මන්ට්". සීඑන්එන්. http://edition.cnn.com/2009/TECH/01/07/wales.obama.cto/. 
  • වේල්ස්, ජිමී (පෙබරවාරි 10, 2009). "පෙරවදන". In පවෙල්, ජුලියට් (ed.). 33 මිලියන් පීප්ල් ඉන් ද රූම්: හවු ටු ක්‍රියේට්, ඉන්ෆ්ලුවන්ස්, ඇන්ඩ් රන් අ සක්සස්ෆුල් බිස්නස් විත් සෝෂල් නෙට්වර්කිං (පළමුවන ed.). ෆයිනැන්ෂියල් ටයිම්ස් ප්‍රෙස්. ISBN 0-13-715435-6. OCLC 244066502. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help); Unknown parameter |separator= ignored (help)
  • වේල්ස්, ජිමී (මාර්තු 3, 2009). "පෙරවදන". In වෙබර්, ලැරී (ed.). මාර්කටිං ටු ද සෝෂල් වෙබ්: හවු ඩිජිටල් කස්ටමර් කමියුනිටීස් බ්ල්ඩ් යුවර් බිස්නස් (දෙවන ed.). විලී. ISBN 0-470-41097-3. OCLC 244060887. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help); Unknown parameter |separator= ignored (help)
  • වේල්ස්, ජිමී (මාර්තු 17, 2009). "පෙරවදන". In ලිහ්, ඇන්ඩෲ (ed.). [[ද විකිපීඩියා රෙවලූෂන්: හවු අ බන්ච් ඔෆ් නෝබොඩීස් ක්‍රිෙය්ටඩ් ද වර්ල්ඩ්ස් ග්‍රේටස්ට් එන්සයික්ලොෆීඩියා]] (1st ed.). හයිපීරියන්. ISBN 1-4013-0371-4. OCLC 232977686. {{cite book}}: Unknown parameter |separator= ignored (help)
  • වේල්ස්, ජිමී (මාර්තු 30, 2009). "මෝස්ට් ඩිෆයින් යූසර්-ජෙනරේටඩ් කන්ටෙන්ට් ටූ නැරෝලි". ඇඩ්වර්ටයිසිං ඒජ්. 80. {{cite journal}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  • වේල්ස්, ජිමී; ඇන්ඩ්‍රියා වෙකල (දෙසැම්බර් 28, 2009). "කීප් අ සිවිල් සයිබර්ටන්ග්". ද වෝල් ස්ට්‍රීට් ජර්නල් (ඩවු ජෝන්ස් සහ සමාගම). http://online.wsj.com/article/SB10001424052748704107104574572101333074122.html. 

ආශ්‍රිත

සටහන්

  1. "බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්". සිවිලිනේෂන් වෙබ් අඩවිය. සම්ප්‍රවේශය පෙබරවාරි 19, 2011.[භින්න වූ සබැඳිය]
  2. හෆ්, ස්ටීවන් (11 මාර්තු 2012). "ජිමී වේල්ස්: විකිපීඩියා චීෆ් ටු ඇඩ්වයිස් වයිටෝල් ඔන් පොලිසි". ද ඩේලි ටෙලිග්‍රාෆ්. http://www.telegraph.co.uk/technology/wikipedia/9137339/Jimmy-Wales-Wikipedia-chief-to-advise-Whitehall-on-policy.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 30 මැයි 2012. 
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික ටැගය; kazek නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික ටැගය; bookstopshere නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. ඉරීනා ස්ලූට්ස්කී, එඩී කොඩෙල් (මාර්තු 24, 2006). "SXSW2006: ජිමී වේල්ස්, ඌබර් විකිපීඩියන්". ග්‍රීක් එන්ටර්ටේන්මන්ට් ටීවී. සම්ප්‍රවේශය 13 අගෝස්තු 2012.
  6. උපුටාදැක්වීම් දෝෂය: අනීතික ටැගය; Parmy Olson නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. උපුටාදැක්වීම් දෝෂය: අනීතික ටැගය; sanger-NYTimes නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  8. උපුටාදැක්වීම් දෝෂය: අනීතික ටැගය; Wikipedia Press Release of 2002 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  9. උපුටාදැක්වීම් දෝෂය: අනීතික ටැගය; Yahoo! නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා

  • මාර්තු 22, 2026

    ජල චක්‍රය

  • මාර්තු 12, 2026

    නා

  • මාර්තු 27, 2026

    නීතිය

  • මාර්තු 16, 2026

    සීගිරි ගී

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට