සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මැක්සිමිලියන් රොබෙස්පියෙර් ප්‍රංශ නීතිඥවරයෙකි, දේශපාලනඥයෙකි. ප්‍රංශ විප්ලවයේ දී වඩාත් ම ප්‍රසිද්ධ වූ සහ බලගතු වූ පුද්ගලයෙකි. රොබෙස්පියර් උපදින්නේ දරුවන් හතර දෙන

මැක්සිමිලියන් රොබෙස්පියෙර්

  • මුල් පිටුව
  • මැක්සිමිලියන් රොබෙස්පියෙර්

මැක්සිමිලියන් රොබෙස්පියෙර් ප්‍රංශ නීතිඥවරයෙකි, දේශපාලනඥයෙකි. ප්‍රංශ විප්ලවයේ දී වඩාත් ම ප්‍රසිද්ධ වූ සහ බලගතු වූ පුද්ගලයෙකි. රොබෙස්පියර් උපදින්නේ දරුවන් හතර දෙනෙක් වූ පවුලක වැඩිමලා සහ අවජාතකයෙක් හැටියට ය. 1764 දී ඔහුගේ මව දරු ප්‍රසූතියක දී මරණයට පත්විය. සහෝදර සහෝදරියන් සමඟ ඔහු හැදෙනු වැඩෙනුයේ මවගේ පියා සහ නැන්දලා සමඟ ය. වයස අටේ දී පාසැල් යනවිට ඔහු කියවන්නට හා ලියන්නට දැන සිටියේය. අධ්‍යාපනයට දස්කම් පෑ රොබෙස්පියෙර් මනා හැදියාවකින් පාසැල් කාලය ගෙවූ නිසා විශේෂ තෑගි ද දිනාගති. ඔහුගේ අනුග්‍රාහකයන් ඔහුව අදූෂ්‍ය (The Incorruptible) යැයි හඳුන්වද්දී විරෝධීන් ඔහුව ලේ පිපාසිත ආඥාදායකයෙක් (bloodthirsty dictator) සේ හඳුන්වති.

මැක්සිමිලියන් ඩ රොබෙස්පියෙර්
Robespierre c. 1790, (anonymous), Musée Carnavalet, Paris
නියෙදියා සහ ජාතික ආරක්ෂක කමිටුවේ සාමාජික
තනතුර දරමින්
1793 ජූලි 27 – 1794 ජූලි 27
ඡන්ද කොට්ඨාසයපැරීසිය
ජාතික සම්මේලනයේ සභාපති
තනතුර දරමින්
1794 ජූනි 4 – 1794 ජූනි 17
තනතුර දරමින්
1793 අගොස්තු 22 – 1793 සැප්තැම්බර් 5
ජාතික සම්මේලනයේ සාමාජික
තනතුර දරමින්
1792 සැප්තැම්බර් 20 – 1794 ජූලි 27
ජාතික ව්‍යවස්ථා සභාවේ සමාජික
තනතුර දරමින්
1789 ජූලි 9 – 1791 සැප්තැම්බර් 30
ජාතික සභාවේ සමාජික
තනතුර දරමින්
1789 ජූනි 17 – 1789 ජූලි 9
ජනතා මහා සභාවේ තුන්වැනි තලයේ නියෙදියා
Artois ව්‍යවස්ථාදායකයේ නියෙදියා
තනතුර දරමින්
1789 මැයි 6 – 1789 ජූනි 17
පුද්ගලික තොරතුරු
උපත
මැක්සිමිලියන් ෆ්‍රැන්සුවා මාරී ඉසිදොරේ ඩ රොබෙස්පියර්

6 මැයි 1758(1758-05-06)
Arras, ප්‍රංශය
විපත28 ජූලි 1794(1794-07-28) (වයස 36)
පැරීසිය, ප්‍රංශය
ජාතිකත්වයප්‍රංශ
දේශපාලන පක්ෂයජැකෝබියන්
උගත් ශාස්ත්‍රාලයLycée Louis-le-Grand
වෘත්තියනීතිඥ සහ දේශපාලක
අත්සන

“බිත්තර නොකඩා ඔම්ලට් හදනු නොහැකියි” (ප්‍රංශ භාෂාවෙන් -On ne saurait faire une omelette sans casser des oeufs) යැයි ඔහු කීය. නිදහස, සමානාත්මතාවය හා සහෝදරත්වය යන සටන් පාඨයෙන් දියත් කරන ලදි. ජනතා මහා සභාවේ (Estates-General) හි ද, ජාතික ව්‍යවස්ථා සභාවේ ද සහ ජැකෝබියන් සමාජයේ සාමාජිකත්වය තිබි ඔහු මරණ දණ්ඩනයට විරුද්ධව අදහස් ගෙනහැර පෑවෙකි. හේ වහල් ක්‍රමය ආලෝපනය කරන්නටත් පෙනී සිටියේය. සමානාත්මතාවය සහ සියළු පුරවැසියන්ට චන්ද අයිතිය ලබා දීමට මෙන් ම ජනරජයක් පිහිටුවන්නට ද කැමැත්තෙන් සිටියෙකි. 18 වැනි සියවසේ බුද්ධි විචාර යුගයේ දී බිහි වූ ජෝන් ජාක් රූසෝ සහ මොන්ටෙස්කියූ වැනි දාර්ශනිකයන්ගේ දර්ශනයන් හේ ප්‍රිය කළේය. වාමාංශික බුර්ජුවාසියේ අදහස් හා විශ්වාස ඉදිරිපත් කරන්නට දක්ෂ වූ ඔහු මනා වාග් කෞශල්‍යයකින් යුතු වූ පුද්ගලයෙක් විය.

මහජන ආරක්ෂා කමිටුවේ සාමාජිකයෙක් ලෙසින් ප්‍රංශ විප්ලව කාලයේ දී ඇති වූ භීෂණ සමයේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ ද ඔහුව ය. 1794 ජූලි මාසයේ දී ඔහුව අත් අඩංගුවට ගෙන මරණයට පත් කිරීමෙන් පසු මාස කිහිපයක දී භීෂණ සමය අවසන් වෙයි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    වෙසක් මාසය

  • මාර්තු 31, 2026

    හෘදයාබාධය

  • අප්‍රේල් 05, 2026

    Soviet Union

  • මාර්තු 23, 2026

    ඇරිස්ටෝටල්

  • අප්‍රේල් 03, 2026

    අග්නිදිග ආසියාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට