වෑකන්ද වලව්ව 2002 වසරේ ශ්‍රී ලංකාවේ තිරගත වූ, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද, ශ්‍රී ලංකාවේ ධනවත් පාන්තිකයන්ගේ ජීවිත ගැන කියැවෙන සම්මානනීය සිංහල චිත්‍රපටයකි. එහි අධ්‍යක්ෂවරයාට අනූව, සිනමා කෘතිය නිර්මාණයට පාදක කොට ගෙන තිබෙන්නේ, ඇන්ටන් චෙකොෆ්ගේ චෙරි උයන (The Cherry Orchard) නාට්‍යය කථාංගය වේ.
| වෑකන්ද වලව්ව Wekande Walauwa | |
|---|---|
| ගොනුව:WekandeWalauwa2.jpg | |
| අධ්‍යක්ෂණය | ලෙස්ටර් ජේම්ස් පීරිස් |
| රගපෑම | මාලිනී ෆොන්සේකා රවින්ද්‍ර රන්දෙණිය වසන්ති චතුරානි |
නිකුත් කල දිනය | 2003 |
| රට | |
| භාෂාව | සිංහල |
වෑකන්ද වලව්ව චිත්‍රපටය, 2003 කෑන්ස් සිනමා උළෙලටද ඉදිරිපත් කෙරුණි.
රංගන ශිල්පීන්
| රංගන ශිල්පියා | චරිතය |
|---|---|
| මාලිනී ෆොන්සේක | සුජාතා රාජසූරිය |
| රවින්ද්‍ර රන්දෙණිය | ලූකස් |
| වසන්ති චතුරානි | සීතා |
| සනත් ගුණතිලක | ගුණපාල |
| පබෝදා සන්දීපනී | අරුණි |
| අයිරාංගනි සේරසිංහ | කැතරින් ආන්ටි |
| ලකී ඩයස් | නීතිඥයා |
ඇකඩමි සම්මානයට ඉදිරිපත් වීම
ශ්‍රී ලංකා සිනමා ඉතිහාසය තුල, හොඳම විදෙස් භාෂා චිත්‍රපට කාණ්ඩය යටතේ 2003 ඇකඩමි සම්මානය සඳහා ඉදිරිපත් කල, පළමු ශ්‍රී ලංකික අධක්ෂණය සහිත චිත්‍රපටය වූවේද වෑකන්ද වලව්ව චිත්‍රපටයයි.
මේවාද බලන්න
- ලෙස්ටර් ජේම්ස් පීරිස්
ආශ්‍රිත
- "ෆෙස්ටිවල් දි කෑන්ස්: වෑකන්ද වලව්ව". festival-cannes.com. සම්ප්‍රවේශය 2009-11-09.
වෙනත්
- ෆිල්ම් රිවීව් ඉන් ස්පිරිචුවලිටි ඇන්ඩ් හෙල්ත් බයි ෆෙඩ්‍රික් ඇන්ඩ් මේරි ඈන් බෘසෙට්
- ෆිල්ම් රිවීව් ඉන් ස්ලැන්ට් මැගසින්
- Film de Culte සංරක්ෂණය කළ පිටපත 2007-10-16 at the Wayback Machine
- පේජ් ඉන් රොට්න් ටොමාටෝස්[permanent dead link]
- Asiatica Film Mediale 2003 සංරක්ෂණය කළ පිටපත 2007-08-25 at the Wayback Machine
- Le Domaine
- ඒෂියා-පැසිපික් ආර්ට්ස් සංරක්ෂණය කළ පිටපත 2007-02-24 at the Wayback Machine