සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වසන්ති චතුරානි යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සහ සම්මානනීය, සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියකි. ඇය රංගනයට පිවිසෙන්නේ 1978 දී සුමිත්‍රා පීරිස් මහත්මියගේ ගැහැනු ලමය

වසන්ති චතුරානි

  • මුල් පිටුව
  • වසන්ති චතුරානි

වසන්ති චතුරානි යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සහ සම්මානනීය, සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියකි. ඇය රංගනයට පිවිසෙන්නේ 1978 දී සුමිත්‍රා පීරිස් මහත්මියගේ ගැහැනු ලමයි හී රඟපෑමත් සමගයි. රිදී තිරයේ ඇයගේ හොඳම රංගනය ලෙස 1980 දී විජය කුමාරතුංග සමග රඟපෑ ගඟ අද්දර චිත්‍රපටයේ 'නිර්මලා' යන චරිතය හැඳින්විය හැකිය. එහි රංගනය වෙනුවෙන් එම වසරේදී ඇය සරසවිය හොඳම නිලිය සම්මානය දිනාගත්තාය.

වසන්ති චතුරානි
උපත
වසන්තා ඩොරීන් පීටර්සන්

18 ඔක්තෝම්බර් 1962 හෝ 1963
ශ්‍රී ලංකාව
වෘත්තියරංගන ශිල්පිනී
සක්‍රීය වසර1978 සිට වර්තමානය
Awardsසරසවිය හොඳම නිළිය සම්මානය (1980),
සුමති ජනප්‍රියම ටෙලි නිලිය සම්මානය (1997)
සුමති හොඳම ටෙලි නිලිය සම්මානය (1998)

මීට අමතරව ඇය 'ඉටි පහන්' , 'ගිරය' , 'කඩුල්ල' සහ 'ගජමන් පුවත' වැනි ටෙලි නාට්‍ය වලටද සිය රංගනය එකතු කලාය. එනිසා 1997 දී සුමති ජනප්‍රියම ටෙලි නිලිය සම්මානය සහ 1998, 2002 වසර වලදී සුමති හොඳම ටෙලි නිලිය යන සම්මානද දිනා ගැනීමට ඇයට හැකියාව ලැබුණි.

ශ්‍රී ලංකා රිදී තිරයේ හා පුංචි තිරයේ, අතිශය සාර්ථක වූ රංගන ශිල්පිණියක ලෙස වසන්ති චතුරානි පිලිගැනේ.

පටුන

මුල් අවධිය

වසන්ති චතුරානි ගේ, මුල් නාමය වූවේ වසන්තා ඩොරීන් පීටර්සන් යන්නයි. ඇගේ පාසල වූවේ, ගම්පහ සිරිකුරුස විද්‍යාලයයි.

වෘත්තීය දිවිය

1978 දී සුමිත්‍රා පීරිස් මහත්මියගේ ගැහැනු ළමයි හී ප්‍රධාන භූමිකාව නිරූපනය කරමින් රංගනයට පිවිසි වසන්ති ඉන්පසු, සම්මානයට පාත්‍ර වූ ගඟ අද්දර චිත්‍රපටය ඇතුළු චිත්‍රපට කිහිපයකම රඟපෑවාය.

1979 දී විවාහයත් සමග ඇය රංගන ජීවිතයෙන් කෙටි කලකට නිහඬ වූවත් පසුව 'ආදර හසුන' චිත්‍රපටය හරහා නැවතත් ක්ෂේත්‍රයට පිවිසුනාය. 'ගැහැනු ළමයි', 'දුවට මවක මිස' සහ 'සුදු සෙවනැලි' යන ඒවා ඇය දායක වූ චිත්‍රපට අතුරින් කිහිපයකි.

2003 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ වෑකන්ද වලව්ව චිත්‍රපටයේදී වසන්ති මාලිනී ෆොන්සේකා සනත් ගුණතිලක හා රවින්ද්‍ර රන්දෙණිය සමග විශිෂ්ට රංගනයක යෙදුනාය. ඇගේ අවසන් චිත්‍රපටය ලෙස, 'යහළුවෝ' චිත්‍රපටය හැඳින්වෙයි.

මීට අමතරව, 'අග පිපි මල්', 'සෙදෝනා' සහ 'රඟ සොබා' වැනි ටෙලිනාට්‍ය නිෂ්පාදනය කලේද වසන්ති චතුරානි විසිනි.

චිත්‍රපට

වසර චිත්‍රපට චරිතය
1978 ගැහැනු ළමයි කුසුම් ලියනගේ
1978 අහසින් පොළොවට පුෂ්පා
1979 චූඩා මාණික්‍යය
1979 අමල් බිසෝ
1980 ගඟ අද්දර නිර්මලා
1980 සිරිබෝ අයියා
1980 පාර දිගේ
1980 හංස විලක්
1982 බිත්ති හතර
1986 ආදර හසුන
1987 මංගල තෑග්ග
1988 සටන
1990 සහරාවේ සිහිනය
1993 සාජන්ට් නල්ලතම්බි
1994 ධවල පුෂ්පය
1994 අඹු සැමියෝ
1995 අවරගිර
1996 තුන්වෙනි ඇහැ
1996 රත්තරං මල්ලී
1997 පුනරුප්පත්තිය
1997 දුවට මවක මිස
1997 වීසී දැල
1998 ජූලියට්ගේ භූමිකාව
2001 පොරොන්දුව
2001 කිනිහිරියා මල්
2002 සංසාර ප්‍රාර්ථනා
2002 සුදු සෙවනැලි
2003 වෑකන්ද වලව්ව
2004 සුමේධා
2011 චැලෙන්ජර්ස්

සම්මාන

ජනාධිපති සම්මාන

  • 1980 - හොඳම නිළිය - ගඟ අද්දර
  • 1996 - හොඳම සහය නිළිය - තුන්වෙනි ඇහැ
  • 1998 - හොඳම සහය නිළිය - ජුලියට්ගේ භූමිකාව

සරසවිය සම්මාන

  • 2004 - සරසවිය හොඳම සහය නිළිය සම්මානය - වෑකන්ද වලව්ව
  • 1980 - සරසවිය හොඳම නිළිය සම්මානය - ගඟ අද්දර

වෙනත්

1997 - සුමති ජනප්‍රියම ටෙලි නිලිය සම්මානය
1998 - සුමති හොඳම ටෙලි නිලිය සම්මානය 'දුර්ගාන්තය' වෙනුවෙන්.
2002 - සුමති හොඳම ටෙලි නිලිය සම්මානය 'කුලවමිය' වෙනුවෙන්.
2005 - රයිගම් හොඳම ටෙලි නිලිය සම්මානය 'සෙදෝනා' වෙනුවෙන්.
2006 - සුමති හොඳම ටෙලි නිලිය සම්මානය 'අග පිපි මල්' වෙනුවෙන්.
2006 - රයිගම් හොඳම ටෙලි නිලිය සම්මානය 'අග පිපි මල්' වෙනුවෙන්.

ආශ්‍රිත

  1. Vasanthi - Reaching Even Greater Heights, http://www.sundayobserver.lk/2005/12/04/fea21.html, ප්‍රතිෂ්ඨාපනය 2014-01-15 
  2. What's in a name?

බාහිර සබැදි

  • Vasanthi Chathurani's Biography in Sinhala Cinema Database[permanent dead link]
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 16, 2026

    නාගරීකරණය

  • අප්‍රේල් 06, 2026

    සනත් ගුණතිලක

  • මාර්තු 12, 2026

    මාර්ටින් වික්‍රමසිංහ

  • අප්‍රේල් 06, 2026

    Chinese calendar

  • මාර්තු 31, 2026

    දුන්හිඳ ඇල්ල

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට