සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අති පූජ්‍ය වාරියපොල ශ්‍රී සුමංගල හිමි 19 වන සියවසේ මුල් කාලයේ සිංහලේ (වර්තමානයේ ශ්‍රී ලංකාවට අයත් ප්‍රදේශයකි) විසූ බෞද්ධ භික්ෂුවකි. උන් වහන්සේ අස්ගිරිය සංඝ සභාව

වාරියපොල ශ්‍රී සුමංගල හිමි

  • මුල් පිටුව
  • වාරියපොල ශ්‍රී සුමංගල හිමි

අති පූජ්‍ය වාරියපොල ශ්‍රී සුමංගල හිමි 19 වන සියවසේ මුල් කාලයේ සිංහලේ (වර්තමානයේ ශ්‍රී ලංකාවට අයත් ප්‍රදේශයකි) විසූ බෞද්ධ භික්ෂුවකි. උන් වහන්සේ අස්ගිරිය සංඝ සභාවේ අනුනායක ධූරය දැරූ අතර වඩාත් ප්‍රසිද්ධ වූයේ 1815 දී උඩරට ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ සිංහලේ පාලනය නිල වශයෙන් බ්‍රිතාන්‍යයන්ට බාර දීමට ප්‍රථම ඉහළ නැංවූ බ්‍රිතාන්‍ය කොඩිය (Union Jack Flag) බිම දමා නැවත සිංහලේ සිංහ කොඩිය ඉහළ නැංවීමෙනි. පසුව 1818 නිදහස් අරගයේදී එතුමා දන්ත ධාතූන් වහන්සේ දළදා මාලිගාවෙන් ඉවත් කර, නිදහස් අරගලයේ නායකයන් වෙත බාර දුන්නේය. වාරියපොල ශ්‍රී සුමංගල හිමියන් එම වසරේදීම අත් අඩංගුවට පත් වූ අතර එතුමාට රාජද්‍රෝහී වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන ලදී.

පූජ්‍ය වාරියපොල ශ්‍රී සුමංගල හිමි
පූජ්‍ය වාරියපොල ශ්‍රී සුමංගල හිමියන්ගේ පිළිරුව
ආගමබුද්ධාගම
ගුරුකුලයථෙරවාද
පෙළපතසියම් නිකාය
පෞද්ගලික තොරතුරු
උපතවාරියපොල
ජ්‍යෙෂ්ඨ තනතුරු
පදවියන්අනුනායක (අස්ගිරිය සංඝ සභාව)

පටුන

පුද්ගලික ජීවිතය

සුමංගල හිමියන්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල ග්‍රාමයේ බමුණුකො‍ටුවේ රාළහාමිගේ කිරිහාමි ලෙස උපත ලද්දේය. එතුමාගේ පියා හේරත් මුදුයන්සේලාගේ බමුණුකො‍ටුවේ රාළ නම් විය. එතුමා සියම් නිකායේ අස්ගිරි සංඝ සභාවේ නාවින්නේ ධම්මදස්සි හිමියන් වෙතින් පැවිද්ද ලබා ගත් අතර වාරියපොල ශ්‍රී සුමංගල යන පැවිදි නාමය ලබා ගත්තේය. පසුව උපසම්පදාව ලබා ගත් එතුමා ඉතා ඉක්මණින් සිය නිකායේ තනතුරු අතින් ඉහළටම ගමන් කළේය. උන්වහන්සේ අස්ගිරිය සංඝ සභාවේ අනුනායක ධුරය හෙබවීය. එමෙන්ම එතුමා වාරියපොල රජමහා විහාරයේ ( කලක් ශෛලතලාරාමය විහාරය ලෙස හැඳින්වූ සහ දැන් ශ්‍රී සුමංගල පිරිවෙන් රාජ මහා විහාරය ලෙස හඳුන්වන) ප්‍රධානත්වයද ඉසිලීය.

1815 උඩරට ගිවිසුම

 
සිංහලේ රජු විසින් භාවිත කරන ලද සිංහ කොඩිය

1815 දී සිංහල නායකයෝ උඩරට ගිවිසුම අත්සන් කර රටේ පාලනය බ්‍රිතාන්‍යයන්ට භාර දුන්හ. මහනුවර දළදා මාලිගාවේදී එම ගිවිසුම අත්සන් කරන දිනයේදී (1815 මාර්තු 02), බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක් සිංහල කොඩිය බිම දමා බ්‍රිතාන්‍ය කොඩිය (Union Jack Flag) ඉහළ නැංවුවේය. මෙය දු‍ටු වාරියපොල ශ්‍රී සුමංගල හිමියෝ ගිවිසුම අත්සන් කර අවසාන වනතුරු මේ රට අයිති සිංහලයන්ට බව පවසමින් බ්‍රිතාන්‍ය කොඩිය පහත දමා නැවතත් සිංහල කොඩිය එසවූහ. මෙම සිංහල කොඩිය සිංහලේ නිලකොඩියවේ. මෙම සිදුවීම අස්ගිරිය සංඝසභාවේ ඉතිහාසය සටහන්ව ඇති පොත්ද විස්තර කර ඇත.

1818 නිදහස් අරගලය

1818 දී දිවයිනේ උඩරට ප්‍රදේශ වලින් බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව අරගලයක් පැන නැගිණි. අරගලයේ පැතිරීමත් සමඟ, වාරියපොල ශ්‍රී සුමංගල හිමියෝ දන්ත ධාතූන් වහන්සේ මහනුවර දළදා මාලිගාවෙන් ‍රැගෙන එය සැඟවීම පිණිස හඟුරන්කෙත පර්දේශයට වැඩියහ. එතුමා පසුව දන්ත ධාතූන් වහන්සේ අරගලය මෙහෙයවූ මොනරවිල කැප්පෙටිපොල දිසාවේට භාර දුන්නේය. සිංහලේ සාම්ප්‍රදායිකව දන්ත ධාතූන් වහන්සේගේ හිමිකාරීත්වය හිමි අයට රට පාලනය කිරීමේ අයිතිය හිමිවෙයි. එනිසා එම අත්කරගැනීම අරගලකරුවන්ගේ ධෛර්යය විශාල වශයෙන් ඉහළ නැංවීමට හේතු වූ අතර එනිසාම අරගලය තව තවත් පැතිර යන ලදී. නමුත් බ්‍රිතාන්‍යයන් විසින් 1818 නොවැම්බර් මස සුමංගල හිමියන් ජීවග්‍රහයෙන් අල්වාගෙන දන්ත ධාතූන් වහන්සේ නැවත අත්පත් කරගත් අතර එය උත්සවාකාරයෙන් නැවත මහනුවරට වැඩම කරන ලදී. වාරියපොල ශ්‍රී සුමංගල හිමියන්ට රාජද්‍රෝහීත්වය පිළිබඳ චෝදනා එල්ල කර යාපනයේ සිරගත කරන ලද අතර උන්වහන්සේ 1821 අප්‍රේල් 13 වැනිදා එවක ලංකා ආණ්ඩුකාරවරයාගේ නියෝගයක් මත නිදහස ලැබීය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    Warsaw Pact

  • අප්‍රේල් 05, 2026

    අරාබි භාෂාව

  • මාර්තු 29, 2026

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

  • අප්‍රේල් 04, 2026

    Korean language

  • මාර්තු 31, 2026

    සොරබොර වැව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට