සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඩඩ්ලි 1924 දෙසැම්බර් 16 වන දින ශ්‍රී ලංකාවේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් හි උපත ලැබීය. ඔහුගේ පියා, දොන් මාර්ටෝලිස් වානගුරු, හෝකන්දර පාරම්පරික වෛද්‍ය පවුලක උපන් කීර්තිමත්

ඩඩ්ලි වානගුරු

  • මුල් පිටුව
  • ඩඩ්ලි වානගුරු

දොන් සැමුවෙල් ඩඩ්ලි වානගුරු (1924 දෙසැම්බර් 16 - 2002 අප්‍රේල් 3), යනු ශ්‍රී ලංකා සිනමා නළුවෙකි.

ඩඩ්ලි වානගුරු
Dudley Wanaguru
උපත
දොන් සැමුවෙල් ඩඩ්ලි වානගුරු

16 දෙසැම්බර් 1924(1924-12-16)
කොළඹ, ශ්‍රී ලංකාව
මරණය3 අප්‍රේල් 2002(2002-04-03) (වයස 77)
ලන්ඩන්, එංගලන්තය
අධ්‍යාපනයශාන්ත ජෝශප් විද්‍යාලය, කොළඹ
ආනන්ද විද්‍යාලය
වෘත්තියsනළුවා, අධ්‍යක්ෂක
සක්‍රීය වසර1952–1982
ඥාතීන්එන්. එම්. පෙරේරා (ඥාති සහෝදරයා)
ආනන්ද වික්‍රමගේ (බෑනා)

පටුන

පෞද්ගලික ජීවිතය

ඩඩ්ලි 1924 දෙසැම්බර් 16 වන දින ශ්‍රී ලංකාවේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් හි උපත ලැබීය. ඔහුගේ පියා, දොන් මාර්ටෝලිස් වානගුරු, හෝකන්දර පාරම්පරික වෛද්‍ය පවුලක උපන් කීර්තිමත් සිංහල වෛද්‍යවරයෙකි. මාර්ටෝලිස් කොළඹ ආයුර්වේද විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව හැදෑරූ අතර කැඩුම් බිදුම් වෙදකම පිළිබඳ ප්‍රවීණයෙකි. ඩඩ්ලිගේ මව නානායක්කාර පතිරාජගේ රොසලින් පෙරේරා ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දියේ පදිංචිව සිටියාය. ඇය කීර්තිමත් දේශපාලනඥයෙකු, මුදල් අමාත්‍ය සහ ලංකා සමසමාජ පක්ෂයේ නායක නානායක්කාර පතිරාජගේ මාර්ටින් පෙරේරාගේ සමීපතම ඥාතිවරියක් වූ අතර Dr. එන්.එම් පෙරේරා. ඩඩ්ලිට ජයශාන්ත නමින් එක් සහෝදරයෙක්ද නන්දාවතී, චන්ද්‍රාවතී නමින් සහෝදරියන් දෙදෙනෙක් විය.

ඩඩ්ලි සිය ප්‍රාථමික අධ්‍යාපනය කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය වෙතින් ද ද්විතීයික අධ්‍යාපනය කොළඹ ආනන්ද විද්‍යාලය වෙතින් ද ලබා ගත්තේය. ඉන්පසු ලන්ඩන් ඉංග්‍රීසි මෙට්‍රික් විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ ඔහු මුලින්ම ඉංග්‍රීසි සහකාර ගුරුවරයකු ලෙස පත් විය. වසර කිහිපයකට පසු ඔහු ලංකා පොලිස් සේවයට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු බවට පත් විය. සිනමාවට ඇති ඇල්ම නිසාම ඔහු සිලෝන් තියටර්ස් හි සිනමා කළමනාකාරවරයා සහ සිනමා ශාලා භාර විධායකයකු බවට පත් විය.

ඔහු විවාහ වී සිටියේ මහර ප්‍රදේශයේ සිටි ඉන්දානි දිසානායක සමඟයි. මෙම යුවළට දරුවන් හත් දෙනෙක් සිටිති: උපේන්ද්‍ර, ලක්ෂ්මන්, මානෙල්, තිස්ස, නිහාල්, තමරා, සහ රොහාන්. ලක්ෂ්මන් ‘ලකී’ වානගුරු යනු වානරයෝ, කෝකිලයෝ, සැඟවුණු මැණික වැනි චිත්‍රපට කිහිපයකම රඟපෑ නළුවෙකි. මානෙල් වානගුරු දශක හයකට වැඩි කාලයක් පුරා දිවෙන වෘත්තීය ජීවිතයක් ඇති ශ්‍රී ලාංකේය සිනමාවේ, රූපවාහිනියේ සහ වේදිකාවේ ජනප්‍රිය නිළියකි. ඇය මුලින්ම ළමා නළුවෙකු ලෙස පෙනී සිටියේ 1958 දී බී. ඒ ඩබ්ලිව් ජයමාන්න අධ්‍යක්ෂණය කළ "වනලිය" චිත්‍රපටයේය. මානෙල් 1984 සිට ප්‍රවීන නළු ආනන්ද වික්‍රමගේ සමඟ විවාහ වී සිටී. මෙම යුවළට පුතුන් දෙදෙනෙක් සිටී: ජනිත් අභිෂේක් සහ සංකේත් අභිලාෂ් වන ඔවුන් දෙදෙනාම ජනප්‍රිය නළුවන් වේ.

ඔහු වයස අවුරුදු 77 දී 2002 අප්‍රේල් 3 වන දින එංගලන්තයේදී මිය ගියේය.

වෘත්තීය ජීවිතය

1952 දී පමණ ඔහු මරදාන ටවර් රඟහලේ කළමනාකරු ලෙස කටයුතු කළ අතර එහිදී ශාන්ති කුමාර් සෙනෙවිරත්න හමුවිය. එම සිදුවීමෙන් පසුව 1953 වසරේ සෙනෙවිරත්නගේ “එදා රෑ” චිත්‍රපටයේ චන්ද්‍රාගේ ප්‍රධාන චරිතය රඟපෑ සීතා ජයවර්ධනගේ සහෝදරයා ලෙස රඟපාන්න ඩඩ්ලිට අවස්ථාව ලැබුණි. එතැන් පටන් ඩඩ්ලි චිත්‍රපට කිහිපයකම රඟපාමින් වැඩ සමබර කර ගනිමින් රංගනයෙන් දායක විය. ඔහුගේ ජනප්‍රිය චිත්‍රපට අතරට, දෛව විපාකය (1956), දස්කම (1959), ගැහැනු ගැට, හදිසි විවාහය (1959), "නලගන (1960), ජීවිත පූජාව (1961) සහ පටාචාරා (1964) හැදින්විය හැක.

1967 දී ඔහු සිය මංගල අධ්‍යක්ෂණය කළ "සැගවුනු මැණිකා" එහි තිර රචනය ද කළේය. මෙම චිත්‍රපටයේ ඔහුගේ දියණිය මානෙල් ප්‍රධාන ධාරාවේ සිනමාවට පිවිසියේ වෛද්‍යවරියකගේ චරිතයෙනි. ඉන්පසු ඔහු සමනල කුමාරියෝ සමංග අපි කවදත් සූරයෝ (1971), දාහකින් එකෙක් (1973), හාරත හතර (1976), මගේ නංගි ශ්‍යාමා (1975), උන්නත් දාහයි මලත් දාහයි (1976), හිතුවොත් හිතුවාමයි (1977), චණ්ඩි ශ්‍යාමා (1982) සහ හෙලෝ ශ්‍යාමා (1982) යන චිත්‍රපටවල බොහෝ සහායක චරිත සඳහා පෙනී සිටියේය. ඉන්පසුව, ඩඩ්ලි 1980 දී එංගලන්තයට සංක්‍රමණය වූ අතර පසුව ලන්ඩනයේ හීත්‍රෝ ගුවන්තොටුපළේ සේවය කළේය. රූපවාහිනියේ ඩඩ්ලි රඟපා ඇත්තේ බී.ඒ.ඩබ්ලිව්.ජයමාන්න අධ්‍යක්ෂණය කළ සසර දුක රූපවාහිනී කතාමාලාවක පමණි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 07, 2026

    නිකිණි මාසය

  • මාර්තු 31, 2026

    වන විනාශය

  • අප්‍රේල් 05, 2026

    පුර පෑලවිය

  • මාර්තු 22, 2026

    ජල චක්‍රය

  • අප්‍රේල් 08, 2026

    Greek language

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට