මහාරාෂ්ට්‍රී හෙවත් මහාරාෂ්ට්‍රී ප්‍රාකෘත (Mahārāṣṭrī Prākṛta) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන සහ මධ්‍යකාලීන භාරතයේ පැවති භාෂාවකි. මෙය මරාඨී සහ කෝන්කණී යන භාෂාවන් හි පූර්වජ භාෂාවයි.
| මහාරාෂ්ට්‍රී | |
|---|---|
| Mahārāṣṭri | |
| බ්‍රාහ්මී: 𑀫𑀳𑀸𑀭𑀸𑀱𑁆𑀝𑁆𑀭𑀻 | |
| කලාපය | මහාරාෂ්ට්‍ර, ඉන්දියාව. |
| යුගය | ක්‍රි.පූ. 500 පමණ – ක්‍රි.ව. 500; මරාඨී, කෝන්කණී භාෂාවන් බවට වර්ධනය විය |
ඉන්දු-යුරෝපීය
| |
| භාෂා කේත | |
| ISO 639-3 | pmh |
ලින්ග්විස්ට් ලිස්ට් | pmh |
| ග්ලොටෝලොග් | maha1305 |
මහාරාෂ්ට්‍රී ප්‍රාකෘත භාෂාව ක්‍රි.ව.875 පමණ තෙක් සුලබව භාවිතයේ පැවති අතර, එය සාතවාහන රාජවංශයේ නිල භාෂාව විය.කර්පූරමඤ්ජරී සහ ගාහා සත්තසයී (ක්‍රි.පූ. 150 පමණ) වැනි කෘති එම භාෂාවෙන් ලියැවී ඇත. ජෛන ආචාර්ය හේමචන්ද්‍ර මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතයේ ව්‍යාකරණවේදියා ලෙස සැළැකේ. මහාරාෂ්ට්‍රී භාෂාව, බටහිර සහ දක්ෂිණ භාරතයේ වඩාත්ම පුළුල්ව භාවිතා වූ ප්‍රාකෘත භාෂාවයි.
මේවාත් බලන්න
- මාල්වානී කෝන්කණී