පර බ්‍රහ්මන් ( සංස්කෘත: परब्रह्म ) යනු හින්දු දර්ශනයේ සියලු විස්තර කිරීම් සහ සංකල්පනයන්ගෙන් ඔබ්බට ගිය දෙයයි. එය විශ්වයේ සෑම තැනකම සහ ඉන් ඔබ්බට ඇති සියල්ලක් තුළම සදාකාලිකව පැතිරී ඇති අරූපික ( මායාවගෙන් තොර බව යන අර්ථයෙන්) තත්වයක් ආකරයෙන් විස්තර කෙරේ.
පර බ්‍රහ්මන් විවිධාකාරයෙන් සංකල්පගත වේ. අද්වෛත වේදාන්ත සම්ප්‍රදාය තුළ, පර බ්‍රහ්ම යනු නිර්ගුණ බ්‍රහ්මන්ගේ සමාන පදයකි, එනම්, ගුණයෙන් තොර නිරපේක්ෂ යථාර්ථය යි. අනෙක් අතට, ද්වෛත වේදාන්ත සහ විශිෂ්ඨාද්වෛත වේදාන්ත සම්ප්‍රදායන් තුළ, පර බ්‍රහ්මන් සගුණ බ්‍රහ්මන් ලෙස අර්ථ දක්වා ඇත, එනම්, ගුණාංග සහිත නිරපේක්ෂ යථාර්ථය යි. වෛෂ්ණව, ශෛව සහ ශක්ත ආගම්වල පිළිවෙලින් විෂ්ණු, ශිව සහ මහාදේවි පර බ්‍රහ්ම ලෙසින් සැළකේ. ගණාපත්‍ය නිකාය තුළ මහාගණපති පර බ්‍රහ්මන් ලෙස සැළකෙන කාර්තිකේය නිකාය තුළ කාර්තිකේය සැළකේ.