සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කොළඹ යනු ශ්‍රී ලංකාවේ විශාලතම නගරය මෙන්ම වාණීජ අගනගරයයි. පරිපාලන අගනගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කොළඹට තදාසන්නව පිහිටා ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ පරිපාලන කේන්ද්‍

කොළඹ

  • මුල් පිටුව
  • කොළඹ

කොළඹ යනු ශ්‍රී ලංකාවේ විශාලතම නගරය මෙන්ම වාණීජ අගනගරයයි. පරිපාලන අගනගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කොළඹට තදාසන්නව පිහිටා ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ පරිපාලන කේන්ද්‍රස්ථානය කොළඹ වේ. කොළඹ නගර සීමාව තුළ 752,993 ජනගහනයක් වාසය කරයි. කොළඹ නගරයේ වරාය ශ්‍රීලංකාවේ ප්‍රධාන ආනයන හා අපනයනය අතින් ආර්ථික ප්‍රගමනයට ද හේතු වේ.

කොළඹ
Colombo

கொழும்பு
වාණිජ අගනගරය
පුරවරය
Official seal of කොළඹ Colombo
Seal
කොළඹ Colombo is located in ශ්‍රී ලංකාව
කොළඹ Colombo
කොළඹ
Colombo
ඛණ්ඩාංක: 6°56′04″N 79°50′34″E / 6.93444°N 79.84278°E / 6.93444; 79.84278
රටශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ දිස්ත්‍රික්කය
ආණ්ඩුව / පරිපාලනය
 • පරිපාලනයකොළඹ මහනගර සභාව
 • ප්‍රධාන කාර්යාලයනගර ශාලාව
 • නගරාධිපතිරෝසි සේනානායක (එජාප)
සරිය
 • වාණිජ අගනගරය37.31 කිමී2 (14.41 සතරැස් සැත)
උන්නතාංශය1 මී (3 අඩි)
ජනගහණය(2011)
 • වාණිජ අගනගරය752,993
 • ඝණත්වය20,182/කිමී2 (52,270/වර්ග සැත)
 • නාගරික2,323,826
 • පුරවර5,648,000
වේලා කලාපSLST (UTC+05:30)
තැපැල් කේත0xxxx
දුරකථන කේතය(න්)011
වෙබ් අඩවියcolombo.mc.gov.lk

පටුන

නිරුක්තිය

ලන්දේසි යුගයේ කොළඹ නිළ ලාංඡනය. මෙහි ඇත්තේ ගෙඩි රහිත අඹ ගසකි.

කොළඹට එම නම ලැබීමට කලකට ඉහත නගරයේ තිබූ අඹ ගස් හේතු වූවා යැයි මතයක් ද පවතී. කොළ + අඹ යන්න කොළඹ ලෙස විකාශය වූවා විය හැක.

පෘතුග්‍රීසීන් විසින් 1505 වසරේදී "කොළඹ", යන නාමය මුලින්ම ඉදිරිපත් කල බවටද මතයක් වේ. සාම්ප්‍රදායික සිංහල වදනක් වූ, කැළණි ගඟේ තොටුපල" යන්න අරුත් දක්වන කොලොන් තොට යන වදනින්, කොළඹ යන වචනය බිඳී ආ බව විශ්වාස කෙරේ.

13 වන සියවසට අයත් පැරණි සිංහල ව්‍යාකරණ ග්‍රන්ථයක් වූ, සිදත් සඟරාවෙහි කතුවරයා විසින්, මුල්කාලීන සිංහලයන්ට අයත් සුවිශේෂී වදන්හී ගණයන් සම්බන්ධව රචනා කොට තිබෙන අතර, එහි නාරඹ සහ කොළඹ යන වදන් ස්වදේශීය මූලාශ්‍රයකට අයත් යැයි දක්වා තිබෙයි. මින් කොළඹ යන වදන අගනගරය සඳහා යෙදෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ඉතිහාසය

වසර 2000 කට පෙර කොළඹ ස්වාභාවික වරායක් තිබී ඇති හෙයින් එය ඉන්දියානු, ග්‍රීක, පර්සියානු, රෝම, අරාබි සහ චීන වෙළඳුන් දැන සිටියේය. 14 වන සියවසේදී දිවයිනට පැමිණි සංචාරක ඉබ්නු බතුතා එය කලන්පු ලෙස හැඳින්වීය. වෙළඳාම මූලික කරගත් අරාබි ජාතිකයින් ක්‍රි.ව. 8 වන සියවසේදී පමණ කොළඹ පදිංචි වීමට පටන් ගත්තේ වැඩි වශයෙන් සිංහල රාජධානි සහ බාහිර ලෝකය අතර පැවති වෙළෙඳාම පාලනය කිරීමේ ක්‍රමය මඟින් වරාය තම ව්‍යාපාරවලට උදව් කළ බැවිනි. ඔවුන්ගේ පරම්පරාව ශ්‍රී ලංකාවේ මුවර් ප්‍රජාව  ලෙස හදුන්වයි. ඔවුන් දැන් දේශීය අයගෙන් සමන්විත වේ.

කාලගුණය

කොළඹ සඳහා කාලගුණ දත්ත
මාසය ජන පෙබ මාර් අප්‍රි මැයි ජුනි ජූලි අගෝ සැප් ඔක් නොවැ දෙසැ වසර
වාර්තාගත ඉහළම °C (°F) 35.2
(95.4)
35.6
(96.1)
36.1
(97.0)
35.2
(95.4)
33.2
(91.8)
33.5
(92.3)
32.2
(90.0)
32.2
(90.0)
32.5
(90.5)
33.6
(92.5)
34.0
(93.2)
35.0
(95.0)
36.1
(97.0)
මධ්‍යන්‍ය දෛනික උපරිමය °C (°F) 31.0
(87.8)
31.2
(88.2)
31.7
(89.1)
31.8
(89.2)
31.1
(88.0)
30.4
(86.7)
30.0
(86.0)
30.0
(86.0)
30.2
(86.4)
30.0
(86.0)
30.2
(86.4)
30.4
(86.7)
30.7
(87.3)
දෛනික සාමාන්‍යය °C (°F) 26.6
(79.9)
26.9
(80.4)
27.7
(81.9)
28.2
(82.8)
28.3
(82.9)
27.9
(82.2)
27.6
(81.7)
27.6
(81.7)
27.5
(81.5)
27.0
(80.6)
26.7
(80.1)
26.6
(79.9)
27.4
(81.3)
මධ්‍යන්‍ය දෛනික අවමය °C (°F) 22.3
(72.1)
22.7
(72.9)
23.7
(74.7)
24.6
(76.3)
25.5
(77.9)
25.5
(77.9)
25.1
(77.2)
25.1
(77.2)
24.8
(76.6)
24.0
(75.2)
23.2
(73.8)
22.8
(73.0)
24.1
(75.4)
වාර්තාගත අවම °C (°F) 16.4
(61.5)
18.8
(65.8)
17.7
(63.9)
21.2
(70.2)
20.5
(68.9)
21.4
(70.5)
21.4
(70.5)
21.6
(70.9)
21.2
(70.2)
21.0
(69.8)
18.6
(65.5)
18.1
(64.6)
16.4
(61.5)
සාමාන්‍ය වර්ෂාපතනය mm (inches) 58.2
(2.29)
72.7
(2.86)
128.0
(5.04)
245.6
(9.67)
392.4
(15.45)
184.9
(7.28)
121.9
(4.80)
119.5
(4.70)
245.4
(9.66)
365.4
(14.39)
414.4
(16.31)
175.3
(6.90)
2,523.7
(99.35)
සාමාන්‍ය වර්ෂාපතන දින 5 5 9 14 16 16 12 11 15 17 15 10 145
සාමාන්‍ය සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) (at Daytime) 69 69 71 75 78 79 78 77 78 78 76 73 75
මාසික සාමාන්‍ය හිරු එළිය පැය 248.0 246.4 275.9 234.0 201.5 195.0 201.5 201.5 189.0 201.5 210.0 217.0 2,621.3
Source 1: ලෝක කාලගුණ විද්‍යාත්මක සංවිධානය
Source 2: නෙදර්ලන්ත කාලගුණ සේවය

සංචාරක ආකර්ෂණ

ගාලු මුවදොර පිටිය
ආකේඩ් නිදහස් චතුරස්‍රය
  • ගාලු මුවදොර පිටිය – කොළඹ නගරයේ හදවත බඳු ප්‍රදේශය සේ සැළකෙන මූදු වෙරළ සමග බැදුනු බිම් තීරයක් වූ ගාලු මුවදොර පිටිය සහ එම ආශ්‍රිත කලාපය, නගරයට පැමිණන සංචාරකයින් හා නගරවැසියන්ගේ ප්‍රධාන සහ ජනප්‍රිය ආකර්ෂණීය ස්ථානයක් වෙයි.
  • ගාලු මුවදොර හෝටලය – ගාලු මුවදොර පිටියෙහි දකුණු කෙළවර ආසන්නයේ පිහිටි ගාලු මුවදොර හෝටලය කොළඹ සුවිශේෂී නගර සළකුණක් ලෙස සැළකේ.
  • ගංගාරාම විහාරය – ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පයට අමතරව, ඉන්දියානු, තායිලන්ත හා චීන යන රටවල වාස්තු ලක්ෂණද දක්නට ලැබෙන කොළඹ පිහිටි ගංගාරාම විහාරය නගරයේ වූ වැදගත් බෞද්ධ පුදබිමක් වේ.
  • කොළඹ ජාතික කෞතුකාගාරය – පැරණි නාමය අනුව යමින් තවමත් කට වහරේ කොළඹ කෞතුකාගාරය ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරය, ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානතම සහ විශාලතම කෞතුකාගාරය වෙයි.
  • විහාරමහාදේවී උද්‍යානය – කොළඹ ඉදිකල පැරණිම සහ විශාලතම උද්‍යානය වන විහාරමහාදේවී උද්‍යානය (පැරණි නාමය, වික්ටෝරියා පාක්) නගරයේ වූ තවත් එක් ජනප්‍රිය ආකර්ෂණීය ස්ථානයකි.
  • ජමි උල්-අල්ෆාර් පල්ලිය – යුනෙස්කෝ ලෝක උරුමයක් වන මෙය රතු පල්ලිය ලෙසද හැදින්වේ.
  • ආකේඩ් නිදහස් චතුරස්‍රය – ආකේඩ් නිදහස් චතුරස්‍රය, කොළඹ නගර සංවර්ධන වැඩපිළිවෙල යටතේ සංවර්ධනය ලද සුපිරි සාප්පු සංකීර්ණයකි.
  • පිටකොටුව පාවෙන වෙළඳපොළ – කොළඹ නගර ප්‍රතිසංවර්ධන වැඩසටහනේ අංගයන් යටතේ, සංවර්ධනය කෙරූ ආකර්ශනීය ස්ථානයකි.
  • පැරණි කොළඹ ලන්දේසි රෝහල – කොළඹ කොටු‍වේ ඉදිකොට තිබෙන පැරණි කොළඹ ලන්දේසි රෝහල (ලන්දේසි රෝහල), මෙරට ලන්දේසි සමය දක්වා දිවෙන ඉතිහාසයක් සහිත පැරණි ගොඩනැගිලි කිහිපයක් අතුරින් එකකි. වර්තමානයේ එය නවීන සාප්පු සංකීර්ණයක් ලෙස සංවර්ධනය කොට තිබේ.
  • නව නෙළුම් කුළුණ – කොළඹ නගර මධ්‍යයේ ඉදිකෙරුණු නෙළුම් මලක් වන් කුළුණකි.

ජන විවිධත්වය

බේරෙ වැව රාත්‍රියේදී
ගංගාරාම විහාරයේ සීමා මාලකය

කොළඹ යනු බහු වාර්ගික, බහු සංස්කෘතික නගරයක් වේ. නගරයේ ජනගහනය විවිධ වූ ජන වර්ගයන්ගෙන් සමන්විත වන අතර, ප්‍රධානතම ජන කොට්ඨාශයසිංහල වේ. මුස්ලිම්, සහ දමිල ජාතීන්ද නගරයෙහි ප්‍රමුඛව වාසය කරයි. මීට අමතරව කුඩා ජන කණ්ඩායම් ලෙස චීන, පෘතුග්‍රීසි, ඕලන්ද, මැලේ, සහ ඉන්දියානු ප්‍රභවයක් සහිත පිරිස්ද, යුරෝපියානු ප්‍රවාසිකයෝද නගරයේ වාසය කරති.

1909දී ඉදිකෙරුණු මෙම මස්ජිදය ලංකාවේ ඉදිවූ පැරණි පල්ලි වලින් එකකි.

ශ්‍රී ලංකාවේ ජනාකීර්ණතම නගරය කොළඹ වන අතර, එහි ජනගහනය 642,163 පමණ වේ. 1866 වර්ෂය වන විට නගරයේ ජනගහනය 80,000 පමණ විය. 2012 සංගණනයට අනුව නාගරික කොළඹ ආගමික සහ ජන විවිධත්වය මෙසේය.

නාගරික කොළඹ ආගමික සහ ජන විවිධත්වය
2012 ප්‍රතිශතය
ඉස්ලාම් 174,492 31.4%
බෞද්ධ 173,372 31.2%
හින්දු 125,569 22.6%
රෝමානු කතෝලික 60,014 10.8%
ක්‍රිස්තියානි 20,784 3.7%
වෙනත් 800 0.1%
මුළු එකතුව 555,031 100.0%
සිංහල 204,520 36.9%
ශ්‍රී ලාංකික දෙමළ 164,043 29.6%
ශ්‍රී ලාංකික මරක්කල 160,713 29.0%
ඉන්දියානු දෙමළ 12,155 2.2%
මැලේ 4,709 0.9%
බර්ගර් 3,120 0.6%
වෙනත් 4,569 0.8%
ශ්‍රී ලාංකික හෙට්ටි 750 0.1%
භාරත 452 0.1%
මුළු එකතුව 555,031 100.0%
කොළඹ මහනගර සභාව

නගර සීමා

බම්බලපිටිය ප්‍රදේශ‍ය
කොළඹ නගර සීමා සිතියම
තැපැල් අංකය අදාළ ප්‍රදේශ‍
කොළඹ 1 කොටු‍ව
කොළඹ 2 කොම්පඤ්ඤ වීදිය, යූනියන් පෙදෙස
කොළඹ 3 කොල්ලුපිටිය
කොළඹ 4 බම්බලපිටිය
කොළඹ 5 තිඹිරිගස්යාය, කිරුළපන, නාරාහේන්පිට
කොළඹ 6 වැල්ලවත්ත, පාමංකඩ,
කොළඹ 7 කුරුඳු වත්ත
කොළඹ 8 බොරැල්ල
කොළඹ 9 දෙමටගොඩ
කොළඹ 10 මරදාන, පංචිකාවත්ත,මාලිගාවත්ත
කොළඹ 11 පිටකොටුව
කොළඹ 12 අලුත්කඩේ
කොළඹ 13 කොටහේන, බ්ලූමැන්ඩල්
කොළඹ 14 තොටළඟ
කොළඹ 15 මෝදර, මට්ටක්කුලිය, මාදම්පිටිය

අගනගර ප්‍රදේශ‍යේ උප නගර

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශ‍ය

  • පිටකෝට්ටේ
  • ඇතුල්කෝට්ටේ
  • නාවල
  • නුගේගොඩ
  • රාජගිරිය

බාහිර උප නගර

  • අතුරුගිරිය
  • බත්තරමුල්ල
  • බටුවත්ත
  • බොරලැස්ගමුව
  • දළුගම
  • දෙහිවල-ගල්කිස්ස
  • ඒකල
  • කඩවත
  • කැලණිය
  • කඩුවෙල
  • කළුබෝවිල
  • කඳාන
  • කිරිබත්ගොඩ
  • කොළොන්නාව
  • කොස්වත්ත
  • කොටිකාවත්ත
  • කොට්ටාව
  • ගොඩගම
  • හෝමාගම
  • හෝකන්දර
  • ජා-ඇළ
  • මහරගම
  • මාලබේ
  • මොරටුව
  • පන්නිපිටිය
  • පෑලියගොඩ
  • පිළියන්දල
  • රාගම
  • රත්මලාන
  • තලවතුගොඩ
  • වත්තල
  • වික්‍රමසිංහපුර

නීතියේ ආධිපත්‍යය සහ අපරාධ

ප්‍රධාන ලිපියන්: ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය, ශ්‍රී ලංකා පොලිස් සේවය, සහ වැලිකඩ බන්ධනාගාරය
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය

යටිතල පහසුකම්

නාවික කටයුතු

ප්‍රධාන ලිපියන්: කොළඹ වරාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව

ගමනාගමනය

කොළඹ නගරයේ වීදි රාත්‍රියේදී
ප්‍රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ ගමනාගමනය

බස් මාර්ග

ප්‍රධාන ලිපිය: කොළඹ බස් මාර්ග

දුම්රිය මාර්ග

ධාවනය වන මගී දුම්රියක්
ප්‍රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය
  • ප්‍රධාන දුම්රිය මාර්ගය – කොළඹ කොටුව සිට වේයන්ගොඩ; එතැන් සිට මහනුවර, බදුල්ල, මාතලේ, කුරුණෑගල, අනුරාධපුරය, කන්කසන්තුරේ, ත්‍රිකුණාමලය සහ මඩකලපුව (2013 සිට මඩු පාර දක්වා).
  • මුහුදුබඩ දුම්රිය මාර්ගය – කොළඹ කොටුව සිට පානදුර; එතැන් සිට ගාල්ල සහ මාතර දක්වා.
  • පුත්තලම දුම්රිය මාර්ගය – කොළඹ කොටුව සිට ජා-ඇළ; එතැන් සිට මීගමුව සහ පුත්තලම දක්වා.
  • කැළණි වැලි දුම්රිය මාර්ගය – කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා.

මහා මාර්ග සහ අධිවේගී මාර්ග

රටෙහි යුධ තත්වය නිමාවෙන් අනතුරුව කොළඹ ප්‍රදේශය තුල අධිවේගී මාර්ග නිර්මාණය කිරීම ඇරඹුණි. ඒ අනූව පළමු අධිවේගී මාර්ගය වූ දක්ෂිණ ලංකා අධිවේගි මාර්ගය, කොට්ටාව සිට දිවයිනේ දකුණුදිග ප්‍රධාන නගරයක් වූ මාතර, ගොඩගම තෙක් ඉදිකෙරුණි. මීට අමතරව කොළඹ සිට කටුනායක දක්වා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයද, කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගයද පසුකාලීනව ඉදිකෙරුණි.

  • A1 මහා මාර්ගය කොළඹ සිට මහනුවර දක්වා.
  • A2 මහා මාර්ගය කොළඹ සිට ගාල්ල සහ මාතර දක්වා.
  • A3 මහා මාර්ගය කොළඹ සිට මීගමුව සහ පුත්තලම දක්වා.
  • A4 මහා මාර්ගය කොළඹ සිට රත්නපුරය සහ මඩකලපුව දක්වා.

පාරු සේවා

ගුවන් සේවා

රත්මලාන ගුවන්තොටුපළ

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපළ නගරයට අයත් සේ සැළකෙන ගුවන් තොටුපළවල් වේ. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රධාන වශයෙන් අන්තර්ජාතික ගුවන් සේවාවන් වෙනුවෙන් පහසුකම් සපයන අතර, රත්මලාන ගුවන් තොටුපළ මූලික වශයෙන් දේශීය ගුවන් සේවාවන් සඳහා පහසුකම් සපයයි.

අධ්‍යාපනය

බාලක පාසල්

රාජකීය විද්‍යාලය කොළඹ 07 
ආනන්ද විද්‍යාලය කොළඹ 10 
නාලන්දා විද්‍යාලය කොළඹ 10 
තර්ස්ටන් විද්‍යාලය කොළඹ 07 

බාලිකා පාසල්

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 27, 2026

    ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය

  • මාර්තු 31, 2026

    වන විනාශය

  • අප්‍රේල් 03, 2026

    ISBN (identifier)

  • මාර්තු 15, 2026

    අභයගිරි විහාරය

  • අප්‍රේල් 05, 2026

    තිසා වැව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට