![]() ඉසුරුමුණි විහාරය | |
![]() Sri Lanka තුළ පිහිටීම | |
| පිහිටීම | අනුරාධපුරය, ශ්‍රී ලංකාව |
|---|---|
| ඛණ්ඩාංක | 8°20′05″N 80°23′25″E / 8.3346°N 80.3904°E |
පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක | |
ඉසුරුමුණිය යනු ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ තිසා වැව (තිසා වැව) අසල පිහිටි බෞද්ධ විහාරයකි. මෙම විහාරයේ විශේෂ අවධානයට ලක් වූ කැටයම් හතරක් ඇත. ඒ ඉසුරුමුණිය පෙම්වතුන්, අලි පොකුණ සහ රාජකීය පවුලයි.
ඉතිහාසය

පැරණි ශ්‍රී ලංකාවේ අනුරාධපුර නම් අග නගරයේ රජ කළ දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉසුරුමුණි විහාරය ගොඩ නංවන ලදී. උසස් කුලදරුවන් 500ක් මහණ කොට ඔවුනට වැඩ වවාසය කිරීම පිණිස එය තනවන ලදී. කාශ්‍යප රජු විසින් (473 - 491) මෙම විහාරය පිළිසකර කොට "බෝඋපුල්වන් කසුබ්ගිරි රද්මහවෙහෙර" නමින් නම් කළේ ය.
පුරා විද්‍යාත්මක නටබුන්
ඉසුරුමුණි පෙම්යුවළ
6 වැනි සියවසෙහි ගුප්ත කලාවට අයිති කැටයමකි. කාන්තාවක් පුරුෂයාගේ උකුලෙහි වාඩි වී සිටී. ඇය ඇඟිල්ලක් ඔසවා සිටින්නීය. ඒ ඇගේ කෝල බව ප්‍රකාශ කරන්නට විය හැක. එහෙත් පුරුෂයා අනවධානයෙන් සිටී. මෙම කැටයමෙහි නිරූපණය වන්නේ දුටු ගැමුණු රජුගේ පුත් සාලිය කුමරු සහ ඔහුගේ පෙම්වතිය වූ අශෝකමාලා නම් සැඩොල් තරුණිය යන දෙදෙනා යයි සිතිය හැකිය. ඇය නිසා තමනට උරුම වන්නට තිබූ රජකම සාලිය විසින් අත්හරින ලදැයි කියැවේ.
මිනිසා හා අශ්ව හිස
මිනිසෙක් හා අශ්ව හිසක කැටයමක් වන මෙය අග්නි (අශ්වහිස) හා පාර්ජන්‍ය (මිනිස් රූපය)යනුවෙන් හදුන්වති. එම නිසා ඓතිහාසික ස්ථාන අතරින් ඉසුරුමුණිය නැරඹිය යුතු ම ස්ථානයකි.
ආශ්‍රිත
- ඉසුරුමුණි කැටයම්
- රන්මසු උයන
- වෙස්සගිරිය
- ශ්‍රී ලංකාවේ ඓතිහාසික ගොඩනගිලි
- රජරට රාජධානිය
- අනුරාධපුර
- අනුරාධපුර දිස්ත්‍රික්කයේ බෞද්ධ සිද්ධස්ථාන
- අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක

