සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

හොරස් නාමය (ඉංග්‍රීසි:  Horus name) යනු පාරාවෝගේ නාමයේ පැරණිතම ස්වරූපය වේ. මෙය සම්භවය වූයේ පූර්වරාජවංශික යුගයේ ය. බොහෝ හඳුනාගත් පැරණිතම පාරාවෝවරුන් සඳහන්ව ඇත්තේ

හොරස් නාමය

  • මුල් පිටුව
  • හොරස් නාමය

හොරස් නාමය (ඉංග්‍රීසි:  Horus name) යනු පාරාවෝගේ නාමයේ පැරණිතම ස්වරූපය වේ. මෙය සම්භවය වූයේ පූර්වරාජවංශික යුගයේ ය. බොහෝ හඳුනාගත් පැරණිතම පාරාවෝවරුන් සඳහන්ව ඇත්තේ මෙම නාමයෙන් පමණි.

Horus name (Serekh name) රූපාක්ෂර වලින්
O33

srḫ
serekh
facade (of the palace)
Serekh of king Djet with the Horus falcon above
Serekh of king Peribsen with the image of Set, the god of the desert, and a sun disc above
ඩ්ජෙට්ගේ නාමය සහ වැඩ්ජෙට් සමග සම්බන්ධ කොට දක්වා ඇති සෙරෙඛ් රුවක්; ලූවර්හි තබා ඇත.

හොරස් නාමය සාමාන්‍යයෙන් ලියනු ලබන්නේ සෙරෙඛයක් තුළ ය. මෙය මාලිග ප්‍රසාද මුඛයක නිරූපණයකි. පාරාවෝවරයාගේ නම මෙම මාලිග නිරූපිත සංකේතය තුළ රූපාක්ෂරවලින් ලියනු ලැබේ. බොහෝවිට කුරුලුගොයි දේවතාවකු වන හොරස්ගේ රුව මෙහි මුදුනේ හෝ පසෙකින් නිරූපණය කොට තබයි.

අවම වශයෙන් එක් පාරාවෝවරයකුවත්, විශේෂයෙන්ම දෙවන රාජවංශයේ සෙත්-පෙරිබ්සෙන් පාරාවෝවරයා විසින් හොරස් දෙවියන්ගේ රුව වෙනුවට සෙත් දෙවියන්ගේ රුවක් භාවිතා කොට ඇත. එමගින් ඇතැම්විට රාජ්‍යයේ අභ්‍යන්තර ආගමික බෙදීමක් නිරූපණය වන්නට ඇත. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ඛාසෙඛෙම්වි විසින් සිය නාමයට ඉහළින් සෙත් මෙන්ම හොරස් දෙවිවරුන්ගේ රූප යොදා තිබේ. ඉන් අනතුරුවට, පාරාවෝවරයාගේ නම සමග හොරස්ගේ රුව සෑමවිටම සඳහන් විය.

නව රාජධානි යුගය වන විට, බොහෝ අවස්ථාවල හොරස් නාමය ලිවීමේ දී වටකළ සෙරෙඛ් සංකේතයක් භාවිතා නොවිණි.

අමතර අවධානයට

  • Nebty name
  • Serekh
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 22, 2026

    අයිටීඑන් නාලිකාව

  • අප්‍රේල් 14, 2026

    Norfolk Island

  • අප්‍රේල් 04, 2026

    කක්ෂීය කාලාවර්තය

  • අප්‍රේල් 09, 2026

    පුර සතවක

  • අප්‍රේල් 08, 2026

    Tamil language

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට