සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සෞන්දර්ය ලහරී ( සංස්කෘත: सौन्दर्यलहरी )යනු ආදි ශංකර විසින් සංස්කෘත භාෂාවෙන් රචිත ප්‍රසිද්ධ සාහිත්‍ය කෘතියකි. එහි අර්ථය වන්නේ “සුන්දරත්වයේ රැළි” යන්නයි. ඇතැමුන්

සෞන්දර්යය ලහරී

  • මුල් පිටුව
  • සෞන්දර්යය ලහරී

සෞන්දර්ය ලහරී ( සංස්කෘත: सौन्दर्यलहरी )යනු ආදි ශංකර විසින් සංස්කෘත භාෂාවෙන් රචිත ප්‍රසිද්ධ සාහිත්‍ය කෘතියකි. එහි අර්ථය වන්නේ “සුන්දරත්වයේ රැළි” යන්නයි. ඇතැමුන් විශ්වාස කරන්නේ "ආනන්ද ලහරි" නම් මෙහි පළමු කොටස මේරූ කන්ද මත ගනේෂා විසින්ම රචනා කොට ඇති බවයි. මෙහි ත්‍රිපුර සුන්දරී දේවියගේ අලංකාරය, කරුණාව සහ විශිෂ්ටත්වය වර්ණනා කරයි.

ආදි ශංකර තම ගෝලයන් සමඟ

පටුන

ඉතිහාසය

සෞන්දර්ය ලහරි රචනා කළේ කාශ්මීරයේ ය.

කොටස් දෙක

වරෙක ශිව හා පාර්වතී දේවිය වන්දනාමාන කිරීම සඳහා ආදි ශංකර කෛලාශය වෙත ගිය බව කියනු ලැබේ. එහිදී, ශිව දෙවියන් ඔහුට ත්‍යාගයක් ලෙස දේවියගේ විවිධ පැතිකඩයන් විස්තර කරන ස්ලෝක 100 ක් අඩංගු අත්පිටපතක් ලබා දුන්නේය. කයිලාෂ් නැරඹීමෙන් පසු ශංකාර ආපසු යමින් සිටියදී නන්දි ඔහුව මඟදී නතර කළේය. ඔහු අත් පිටපත උදුරාගෙන එය දෙකට ඉරා, එක් කොටසක් ගෙන අනෙක් කොටස ශංකරට දුන්නේය. ශංකරාචාර්‍ය ශිව වෙත දිව ගොස් සිද්ධිය ඔහුට විස්තර කළේය. සිනහා පහළ කෙරූ ශිව දෙවියන් ශ්ලෝක 100න් 41ක් ඔහුට නැවත ලබාදී ඉතිරි ශ්ලෝකකිර්න් තමාගේ වචනයෙන් දේවිය ප්‍රශංසා කරන ලෙස පැවසීය. ඒ අනුව ශ්ලෝක 1-41 දක්වා තිබෙන්නේ ශිව දෙවියන්ගේ නිර්මාණය වන අතර එහි ශිව හා ශක්ති අතර සම්බන්ධයා හා ඒ ආශ්‍රිත සංසිද්ධිවල අද්භූත අත්දැකීම් විස්තර කරනු ලැබේ. ඇත්ත වශයෙන්ම, පළමුවන ශ්ලෝකය වන්නේද ශිව ශක්තිය සමඟ එක්සත් වූ විට පමණක් ඔහුට නිර්මාණය කිරීමේ බලය ලැබෙන බව ප්‍රකාශ කිරීමෙනි.

ඉතිරි ශ්ලෝක 42-100 ආදි ශංකර විසින් රචනා කර ඇති අතර එහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ දේවියගේ ස්වරුපය කෙරෙහි ය. සියලුම ශ්ලෝක 100 සාමූහිකව 'සෞන්දර්ය ලහරී' ලෙස හැඳින්වේ. මෙය කාව්‍ය ග්‍රන්ථයක් නොව තන්ත්‍රයකි. සෑම ශ්ලෝකයකින්ම එයට ආදාල පූජා සිදු කිරීම සහ යන්ත්‍රය බැගින් සඳහන් කොට ඇත. බොහෝ අර්ථකථන හා විවරණ ඇතත්, ඒවායින් හොඳම ඒවා වන්නේ යන්ත්‍රය සමඟ වචනයෙන් වචනයට පරිවර්තන කරමින් භක්තිය වඩවා ගන්නා අකාරය සඳහන් ඒවාය.

කුණ්ඩලිනී සංකල්පය

 
ශ්‍රී යන්ත්‍රය

පළමු ශ්ලෝක 41 මගින් දේවියගේ අභ්‍යන්තර නමස්කාරය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ආවරණය කරයි. එය කුණ්ඩලිනිය, ශ්‍රී චක්‍රය ආදිය ක්‍රමානුකූලව නිරූපණය කිරීමෙන් සමන්විත වේ. මෙය උත්තරීතර යථාර්ථය වන ද්විත්ව නොවන නමුත් ශිව සහ ශක්ති අතර වෙනස, බලය දරන්නා සහ බලය, සර්වබලධාරියා සහ එතුමාගේ සහ ශක්තිය අතර තිබෙන සූක්ෂම වෙනස් කම පැහැදිලි කරයි. සර්ව ශක්තිය වන්නේ මහා ත්‍රිපුර සුන්දරී දේවිය වන අතර උපස්ථරයක් ලෙස ශක්තිය දරා සිටින්නා ශිවයි.

විවරණ

සංස්කෘත භාෂාවෙන්ම සෞන්දර්ය ලහරී පිළිබඳ විවරණ 36 කට වඩා ඇත. ඒවායින් ලක්ෂ්මීධර ගේ විවරණය විශේෂ වේ.

පරිවර්තන

මෙය 12වන සතවර්ශයේදි විරයි කවිරාජ පන්ඩිතර් විසින් දමිළ භාෂාවට පරිවර්තනය කොට එයට අභිරාමි පාදායි ලෙස නම් කළේය.

එමෙන්ම විවිධ කතුවරුන් විසින් කරන ලද සෞන්දර්ය ලහරී පිළිබඳ විවරණ සහිත ඉංග්‍රීසි පරිවර්තන රාශියක් ඇත. සිංහල පරිවතනයක් දැනට නිකුත් වී නැත.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 10, 2026

    ද්වී පක්ෂ ක්‍රමය

  • අප්‍රේල් 04, 2026

    මුටසීව රජ

  • අප්‍රේල් 14, 2026

    මංගලම් කීම

  • අප්‍රේල් 07, 2026

    දස පණත්

  • අප්‍රේල් 10, 2026

    ජේසුස් වහන්සේගේ උප්පත්තිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට