සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සේනක බිබිලේ (13 පෙබරවාරි 1920 – 29 සැප්තැම්බර 1977) යනු ශ්‍රී ලාංකික ඖෂධවේදියෙකි. හේ, වෙනත් රටවලද තාර්කික ඖෂධ භාවිතය හා බැඳි ප්‍රතිපත්ති ප්‍රවර්ධනයෙහි ලා ආකෘතිය

සේනක බිබිලේ

  • මුල් පිටුව
  • සේනක බිබිලේ

සේනක බිබිලේ (13 පෙබරවාරි 1920 – 29 සැප්තැම්බර 1977) යනු ශ්‍රී ලාංකික ඖෂධවේදියෙකි. හේ, වෙනත් රටවලද තාර්කික ඖෂධ භාවිතය හා බැඳි ප්‍රතිපත්ති ප්‍රවර්ධනයෙහි ලා ආකෘතියක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය, වෙළෙඳාම සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ නො-බැඳි ජාතීන්ගේ සංවිධානය විසින් භාවිත කලාවූ ශ්‍රී ලංකාවෙහි ඖෂධ ප්‍රතිපත්තියෙහි නිර්මාතෘ වෙයි. ඔහුගේ යෝජනා සහ ප්‍රතිපත්තීන්ගේ දුර දක්නා ආචරණයන් නිසාවෙන්, 'ශ්‍රී ලංකාව විසින් මෙතෙක් නිපදවූ, මනුෂ්‍යත්වයට වෛද්‍යමය අතින් දායකවූ විශිෂ්ටතමයා' ලෙසින් හඳුන්වා ඇත.

සේනක බිබිලේ
සේනක බිබිලේ සිය පවුලේ සාමාජිකයන් සමඟ සිටින ඡායාරූපයක්.
උපත
සේනක බිබිලේ

13 පෙබරවාරි 1920(1920-02-13)
කතළුව වලව්ව, කතළුව, ගාල්ල
මරණය29 සැප්තැම්බර් 1977(1977-09-29) (වයස 57)
ගයනා
මරණයට හේතුවඅභිරහසකි
අනෙකුත් නම්මහාචාර්ය සේනක බිබිලේ
උගත් ශාස්ත්‍රාලය
  • ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
  • වෛද්‍ය විද්‍යාලය
  • එඩින්බරෝ විශ්ව විද්‍යාලය
සංගණ්‍ය වන්නේAdvocacy of the government-controlled pharmaceutical purchasing plans often referred to as "rationalisation" of pharmaceuticals and the development of a national pharmaceuticals policy
මව්පියන්(s)සිල්වියා ජයවර්ධන (මව)
චාල්ස් විලියම් බිබිලේ (පියා)

සේනක බිබිලේ උපත ලැබුවේ මොණරාගල බිබිලේ, බිබිලේ-වලව්වේදීය. ඔහුගේ පියා චාර්ල්ස් විලියම් බිබිලේ වු අතර මව සිල්වියා ජයවර්ධන විය. බිබිලේ පවුල 16 වන සියවසේ සිට ආදි වාසි පරපුරකින් පැවතගෙන එන බව කියැවේ.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ප්‍රාථමික සහ ද්විතියික අධ්‍යාපනය ලැබු සේනක බිබිලේ පසුව කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් ව පළමු පන්ති සාමාර්ථයක් සහිතව තම උපාධිය අවසන් කළේය. ඔහු තම ආචාර්ය උපාධිය ලබාගත්තේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙනි.

1958 දී ශ්‍රි ලංකාවේ ප්‍රථම ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය පදවියෙන් පිදුම් ලැබු ඔහු කලක් කොළඹ වෛද්‍ය පීඨයේ ප‍්‍රථම පිඨාධිපතිවරයා ලෙස පත් වුයේය.

සේනක බිබිලේ ශ්‍රි ලංකාවේ වැඩි දෙනකු අතර කතාබහට ලක්වුයේ ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ඇති කිරීම සම්බන්ධයෙනි. අඩු ආදායම් ලාභී රෝගීන් හට සහන මිලට ඖෂධ ලබාදීමත් වෛද්‍යවරු අතින් අවම ප්‍රමාණයෙන් අවශ්‍ය ඖෂධ ද්‍රව්‍ය නිර්දේශ කරවීමත් ඔහුගේ අරමුණ විය.

තවද ඖෂධ වල ඖෂධීය නාම වෙනුවට වෙළෙඳ නාම භාවිත කිරීම සම්බන්ධයෙන්ද දැඩි විරෝධයක් ඔහු වෙතින් එල්ල විය. ඔහු විසින් හඳුන්වා දෙන ලද ඖෂධ ප්‍රතිපත්තිය ලෝක සෞඛ්‍ය සංවිධානයේද අවධානයට යොමු වු අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමටද ඔහු පාත්‍ර වුයේය.

නමුත් 1977 දී බිබිලේ අභිරහස් ලෙස අතුරුදහන්වු අතර ඔහු විසින් ගෙන ගිය ඖෂධමය ප්‍රතිපත්ති හරහා පහර වැදුණු වෙළඳපල ක්‍රියාකාරින් ඒ හා සම්බන්ධ යැයි අදටත් පවතින මතයකි.

සේනක බිබිලේ ශ්‍රි ලංකීය දේශපාලනයේද වැදගත් චරිතයකි. ඔහු ලංකා සම සමාජ පක්‍ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වුයේය. මාක්ස්වාදය පිළිබඳ දේශනද පැවත්වු ඔහු පසු කලෙක කොළඹ නගර සභා මැතිවරණයටද ඉදිරිපත්වීමට එකඟ වුයේය.

සේනක බිබිලේ යනු වර්තමානයේ ඔසු සල නිර්මාතෘවරයාය ඔහුගේ සංකල්පය වුයේ ලංකාවට අවශ්‍ය බෙහෙත් ලංකාව තුලම නිෂ්පාදනය කරවීමය.එමගින් ලංකාවට විශාල මුදලක් ඉතිරි කරවීම මෙන්ම ඉතා අඩු මුදලකට මහා ජනතාවට බෙහෙත් ලබාදීම ඔහුගේ අරමුණ විය. ඔහුගේ මෙමෙ අදහස ක්‍රියාත්මක වුයේ නම් ඉතාමත් අවම මුදලකට අද අපට ඖෂද ලබා ගැනීමට හැකි වනු ඇත.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 31, 2026

    හෘදය

  • අප්‍රේල් 03, 2026

    සාකච්ඡාව:සිංහල අකුරු

  • අප්‍රේල් 03, 2026

    නිව්යෝර්ක් නගරය

  • මාර්තු 22, 2026

    දෙමළ භාෂාව

  • මාර්තු 15, 2026

    සමාධි බුදු පිළිමය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට