සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

එම්ප්‍රස් කි (කොරියානු: 기황후; හන්ජා: 奇皇后; ප්‍රරෝ: ගි හ්වංහු) යනු කොරියානු ව්‍යාජ-ඓතිහාසික රූපවාහිනී මාලානාට්‍යයකි. මෙහි ප්‍රධාන නිළිය වන හා ජි-වොන් විසින් ගි අධි

සූරිය දියණි

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
එම්ප්‍රස් කි
“එම්ප්‍රස් කි” සදහා ප්‍රවර්ධන පෝස්ටරයක්. වමේ සිට දකුණට: තා හ්වන්, කි සං-න්‍යං සහ වං යූ
ප්‍රභේදයඓතිහාසික කාලාන්තර නාට්‍ය
ප්‍රේමවෘත්තාන්ත
රචනය කලේජං යොං-චුල්
ජුං ක්යුං-සූන්
අධ්‍යක්ෂණය කලේහන් හී
ලී සුං-ජූන්
රඟපෑමහා ජි-වොන්
ජූ නිම්-මෝ)
ජි චං-වූක්
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන51
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)ජූ සුං-වූ
ස්ථානය(න්)කොරියාව
ධාවන කාලයමිනිත්තු 60
සදුදා සහ අගහරුවාදා 21:55ට (KST)
නිෂ්පාදන සමාගමලී කිම් නිෂ්පාදකයෝ
ප්‍රචාරණය
මුල් නාලිකාවමුන්හ්වා විකාශන සංස්ථාව (MBC)
මුල් ධාවනයඔක්තෝබර් 28, 2013 (2013-10-28) – අප්‍රේල් 29, 2014 (2014-04-29)
කාලානුක්‍රමය
පූර්වගමනය වනුයේGoddess of Fire
අනුගමනය වනුයේTriangle
බාහිර සබැඳි
වෙබ් අඩවිය

එම්ප්‍රස් කි (කොරියානු: 기황후; හන්ජා: 奇皇后; ප්‍රරෝ: ගි හ්වංහු) යනු කොරියානු ව්‍යාජ-ඓතිහාසික රූපවාහිනී මාලානාට්‍යයකි. මෙහි ප්‍රධාන නිළිය වන හා ජි-වොන් විසින් ගි අධිරාජිනියගේ චරිතය නිරූපණය කරනු ලබයි. මෙය 2013 ඔක්තෝබර් 28 දින සිට 2014 අප්‍රේල් 29වන දින දක්වා දකුණු කොරියාවේ MBC නාළිකාව මගින් සදුදා සහ අගහරුවාදා දිනවල එරට වේලාවෙන් 21:55ට කථාංග 51කින් යුක්තව විකාශය කරන ලදී.

මුලින් මෙම නාට්‍යය සදහා යොදා තිබුණේ හ්වාතු (කොරියානු: 화투; සාහිත්‍යමය. "පුෂ්පයන්ගේ සටන")යන නාමයයි. නමුත් එය පසුව “එම්ප්‍රස් කි ” '(කි අධිරාජිනිය) ලෙස වෙනස් කරන ලද්දේ එයට සමාන නමක් තිබූ ප්ලේයිං කාඩ්ස් නාට්‍යය සමග වරදවා වටහා ගැනීම වැළැක්වීමටයි.

කථාපුවත

මෙම කථාව ගෙතී ඇත්තේ ගි, චෙංන්‍යං නම් ගෝර්යෝ දේශයේ උපන් කාන්තාවක් වටායි. ඇය සමාජ සම්මත කුලවාදය බිදහෙළමින් බලයට පත්වන අතර අවසානයේ ඇය තොඝෝන් තෙමූර් (මොංගෝලියාවේ අධිරාජයා) සමග විවාහ වී යුවාන් රාජවංශයේ අධිරාජිනිය බවට පත් වේ. එහිදී ඇයට තමන් මුලින් සෙනෙහස දැක්වූ වං යූ පවා අමතක කරලීමට සිදු වේ.

චරිත නිරූපණය

ප්‍රධාන චරිත

  • ජූ ජින්-මෝ - වං යූ ලෙස
    • ආන් දෝ-ග්යු) - වං යූගේ ළමාවිය
  • ජි චං-වූක් - තා හ්වන් හෙවත් හූෂොං අධිරාජයා ලෙස
  • ජින් යි-හන් - තල් තල්/ තොක්තෝ’ආ ලෙස
  • බෙක් ජින්-හී - ධනශිලි අධිරාජිනිය ලෙස

සහාය රංගනය

  • කිම් සෝ-හ්යුං - හ්වං මව් අධිරාජිනිය/ බුදශිලි ලෙස
  • ජොන් ගූක්-හ්වන් – යොන්-චුල්/ එල් තෙමූර් ලෙස
  • ලී ජේ-යොං - වං ගෝ ලෙස
  • කිම් ම්යුං-ගූක් - ජං සූන්-යොං ලෙස
  • ලී වොන්-ජොං - දොක්-මන් ලෙස
  • ලී මූන්-සික් - බං ෂින්-වූ ලෙස
  • කිම් යොං-හෝ - බෙක්-අන්/ බයාන් ලෙස
  • යූන් යොං-හ්යුන් - ජොම්-බක් ලෙස
  • ජුං වූං-ඉන් - යොම් බ්යුං-සූ ලෙස
  • චෝයි මූ-සුං - පාක් බුල්-හ්වා ලෙස
  • ක්වොන් ඕ-ජූං - චෝයි මූ-සොං ලෙස
  • කිම් හ්යුං-බුම් - ජෝ-චම් ලෙස
  • සොං ක්යුං-චුල් - ජොක්-හෝ / මක්-සැං ලෙස
  • කිම් ජුං-හ්යුන් - දං කි-සේ/ තං කි-ෂි ලෙස
  • ජෝ ජේ-යූන් - ගෝල්තා ලෙස
  • චා දෝ-ජින් - තප් ජා-හේ / තා ලා-හයි ලෙස
  • යූන් ඒ-ජුං - යොන්-හ්වා ලෙස
  • ජොන් සේ හ්යුන් - ඕ ජේ-ඉන් (තා හ්වන්ගේ උපබිසවකි) ලෙස
  • ලී ජි-හ්යුන් - හොං-දන් ලෙස
  • යූ ඉන්-යොං - යොන් බි-සූ ලෙස
  • සියෝ යි-සූක් - සියෝ පාලිකාව ලෙස
  • කිම් මු-යොං - නා-මූ ලෙස
  • චා ක්වං-සූ - ඕ ග්වං ලෙස
  • කිම් ජින්-වූ - කිරුලහිමි ආයුෂිරිදර කුමරු ලෙස

ආරාධිත සහ පසුබිම් රංගනය

  • ක්වොන් තේ-වොන් – චුංසුක් රජු ලෙස
  • ර්යු හ්යුන්-ක්යුං - ක්යුංහ්වා කුමරිය ලෙස
  • ෂින් සියුං-හ්වන් - ක්වේබෝ ලෙස
  • කිම් ම්යුං-සූ - කි ජා-ඕ ලෙස
  • හන් හ්යේ-රින් - පාක් මැතිණිය ලෙස
  • ලී ඉයුං-ක්යුං - පාලිකා නෝ ලෙස
  • ඕ ක්වං-රොක් - හ්‍යුක්-සූ ලෙස
  • ෂිම් යි-යොං - අනාවැකි කියන්නා (28වන කථාංගය) ලෙස
  • පාක් හේ-මි - යකැදුරුවරයකු (34-35 කථාංග) ලෙස
  • ලිම් ජු-ඉයුන් - බයාන් ඛුටුඝ් ලෙස

ඇගයීම්

පහත වගුවේ නිල් පැහැ සංඛ්‍යා මගින් පහළම අගයයන්ද, රතු පැහැ සංඛ්‍යා මගින් ඉහළම අගයයයන් ද දැක් වේ.

කථාංගය # මුල් විකාශන දිනය සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතය
TNmS ඇගයීම් AGB නීල්සන්
දීපව්‍යාප්ත සෝල් ජාතික අගනුවර පෙදෙස දීපව්‍යාප්ත සෝල් ජාතික අගනුවර පෙදෙස
1 2013 ඔක්තෝබර් 28 10.1% (13වන) 12.3% (8වන) 11.1% (9වන) 13.3% (4වන)
2 2013 ඔක්තෝබර් 29 12.0% (6වන) 14.6% (4වන) 13.6% (4වන) 15.8% (4වන)
3 2013 නොවැම්බර් 4 11.7% (11වන) 14.9% (4වන) 12.8% (6වන) 14.5% (5වන)
4 2013 නොවැම්බර් 5 12.7% (6වන) 15.4% (4වන) 14.5% (4වන) 16.6% (3වන)
5 2013 නොවැම්බර් 11 14.0% (5වන) 17.3% (4වන) 14.5% (5වන) 16.1% (4වන)
6 2013 නොවැම්බර් 12 14.6% (4වන) 18.6% (4වන) 16.3% (4වන) 18.7% (3වන)
7 2013 නොවැම්බර් 18 15.2% (4වන) 18.4% (4වන) 15.5% (5වන) 17.6% (3වන)
8 2013 නොවැම්බර් 19 16.5% (4වන) 20.1% (3වන) 16.9% (4වන) 18.6% (3වන)
9 2013 නොවැම්බර් 25 15.4% (4වන) 19.1% (4වන) 17.2% (4වන) 19.5% (3වන)
10 2013 නොවැම්බර් 26 16.2% (4වන) 19.5% (3වන) 18.1% (3වන) 19.6% (3වන)
11 2013 දෙසැම්බර් 2 17.7% (4වන) 20.8% (3වන) 17.8% (5වන) 20.5% (2වන)
12 2013 දෙසැම්බර් 3 18.4% (4වන) 21.7% (3වන) 19.0% (4වන) 21.0% (3වන)
13 2013 දෙසැම්බර් 9 19.1% (4වන) 23.6% (2වන) 20.2% (3වන) 23.5% (2වන)
14 2013 දෙසැම්බර් 10 18.4% (4වන) 23.3% (1වන) 19.5% (3වන) 21.9% (2වන)
15 2013 දෙසැම්බර් 16 17.7% (4වන) 21.7% (4වන) 18.8% (4වන) 21.5% (3වන)
16 2013 දෙසැම්බර් 17 18.1% (4වන) 21.9% (2වන) 18.8% (3වන) 21.4% (3වන)
17 2013 දෙසැම්බර් 23 17.3% (4වන) 20.5% (2වන) 17.3% (4වන) 20.1% (2වන)
18 2013 දෙසැම්බර් 24 17.3% (3වන) 20.5% (2වන) 17.5% (3වන) 19.9% (2වන)
19 2014 ජනවාරි 6 17.0% (3වන) 21.8% (2වන) 17.9% (3වන) 20.4% (3වන)
20 2014 ජනවාරි 7 18.5% (3වන) 23.8% (2වන) 19.1% (3වන) 21.3% (2වන)
21 2014 ජනවාරි 13 18.2% (3වන) 23.7% (2වන) 19.6% (3වන) 22.9% (2වන)
22 2014 ජනවාරි 14 19.0% (3වන) 23.9% (2වන) 20.3% (3වන) 22.1% (2වන)
23 2014 ජනවාරි 20 19.5% (3වන) 23.6% (2වන) 20.8% (3වන) 23.6% (2වන)
24 2014 ජනවාරි 21 20.7% (3වන) 24.7% (2වන) 22.6% (2වන) 26.2% (2වන)
25 2014 ජනවාරි 27 21.4% (3වන) 27.0% (2වන) 22.8% (2වන) 26.8% (1වන)
26 2014 ජනවාරි 28 22.0% (2වන) 26.3% (2වන) 24.9% (2වන) 28.6% (1වන)
27 2014 පෙබරවාරි 3 24.2% (2වන) 29.8% (1වන) 23.9% (2වන) 27.7% (1වන)
28 2014 පෙබරවාරි 4 24.0% (2වන) 29.3% (1වන) 25.3% (2වන) 29.1% (1වන)
29 2014 පෙබරවාරි 10 20.8% (2වන) 25.3% (1වන) 22.7% (2වන) 25.3% (1වන)
30 2014 පෙබරවාරි 17 25.3% (2වන) 30.9% (1වන) 26.5% (2වන) 29.9% (1වන)
31 2014 පෙබරවාරි 18 25.6% (2වන) 30.9% (1වන) 26.6% (1වන) 29.4% (1වන)
32 2014 පෙබරවාරි 24 24.4% (2වන) 31.0% (1වන) 25.3% (2වන) 28.8% (1වන)
33 2014 පෙබරවාරි 25 27.9% (2වන) 33.6% (1වන) 28.6% (1වන) 31.3% (1වන)
34 2014 මාර්තු 3 26.1% (2වන) 32.4% (1වන) 26.2% (2වන) 29.7% (1වන)
35 2014 මාර්තු 4 26.5% (2වන) 32.3% (1වන) 28.3% (1වන) 31.4% (1වන)
36 2014 මාර්තු 10 26.0% (2වන) 31.4% (1වන) 29.2% (2වන) 30.8% (1වන)
37 2014 මාර්තු 11 27.1% (2වන) 32.4% (1වන) 29.2% (1වන) 32.4% (1වන)
38 2014 මාර්තු 17 25.6% (2වන) 30.7% (1වන) 27.7% (2වන) 31.3% (1වන)
39 2014 මාර්තු 18 25.0% (2වන) 29.3% (1වන) 26.5% (2වන) 29.7% (1වන)
40 2014 මාර්තු 24 22.4% (2වන) 27.5% (2වන) 24.4% (2වන) 27.9% (2වන)
41 2014 මාර්තු 25 24.0% (2වන) 29.8% ( 26.0% (2වන) 28.8% (1වන)
42 2014 මාර්තු 31 23.5% (2වන) 27.2% (2වන) 25.0% (2වන) 28.8% (1වන)
43 2014 අප්‍රේල් 1 24.1% (2වන) 27.4% (2වන) 25.0% (2වන) 27.9% (1වන)
44 2014 අප්‍රේල් 7 23.9% (3වන) 27.8% (2වන) 24.3% (2වන) 27.2% (1වන)
45 2014 අප්‍රේල් 8 23.5% (2වන) 28.7% (2වන) 25.5% (2වන) 28.7% (1වන)
46 2014 අප්‍රේල් 14 23.9% (2වන) 28.0% (2වන) 25.3% (2වන) 28.3% (1වන)
47 2014 අප්‍රේල් 15 23.8% (2වන) 28.9% (1වන) 26.1% (2වන) 28.8% (1වන)
48 2014 අප්‍රේල් 21 22.7% (2වන) 25.6% (2වන) 22.9% (2වන) 24.9% (1වන)
49 2014 අප්‍රේල් 22 23.9% (2වන) 27.2% (2වන) 26.6% (2වන) 29.4% (1වන)
50 2014 අප්‍රේල් 28 25.7% (2වන) 30.6% (1වන) 26.2% (2වන) 28.7% (1වන)
51 2014 අප්‍රේල් 29 28.3% (2වන) 33.9% (1වන) 28.7% (2වන) 31.7% (1වන)
සාමාන්‍යය 20.72% 25.12% 21.90% 24.70%

සම්මාන සහ නිර්දේශ

වර්ෂයසම්මානයකාණ්ඩයපුද්ගලයාප්‍රතිඵලය
2013
2013 MBC නාට්‍ය සම්මාන
ප්‍රධාන ත්‍යාගය (දේසං )හා ජි-වොන්දිනාගති
වසරේ නාට්‍යයඑම්ප්‍රස් කිනිර්දේශිත
විශිෂ්ටතම සම්මානය, විශේෂ ව්‍යාපෘති නාට්‍යයක නළුවාජූ ජින්-මෝදිනාගති
විශිෂ්ටතම සම්මානය, විශේෂ ව්‍යාපෘති නාට්‍යයක නිළියහා ජි-වොන්නිර්දේශිත
විශිෂ්ටතම සම්මානය, විශේෂ ව්‍යාපෘති නාට්‍යයක නළුවාජි චං-වූක්දිනාගති
ජනප්‍රියම නිළියහා ජි-වොන්දිනාගති
PD සම්මානය (MBC, KBS, SBS නිෂ්පාදකයන් සහ අධ්‍යක්ෂකයන් විසින් තෝරන ලද නළුවා/නිළිය)හා ජි-වොන්දිනාගති
වසරේ රචක(යන්)ජං යොං-චුල්, ජුං ක්යුං-සූන්දිනාගති
හොදම නවක නිළියබෙක් ජින්-හීදිනාගති
2014
50වනබෙක්සං කලා සම්මාන
හොදම නවක නිළිය (TV)බෙක් ජින්-හීදිනාගති
ජනප්‍රියම නළුවා (TV)ජි චං-වූක්නිර්දේශිත
ජනප්‍රියම නිළිය (TV)හා ජි-වොන්නිර්දේශිත
9වනසෝල් අන්තර්ජාතික නාට්‍ය සම්මාන උළෙල
හොදම මාලානාට්‍යය (ස්වර්ණ පක්ෂි ත්‍යාගය)එම්ප්‍රස් කිදිනාගති
කැපීපෙනෙන කොරියානු නාට්‍යයනිර්දේශිත
කැපීපෙනෙන කොරියානු නළුවාජි චං-වූක්නිර්දේශිත
කැපීපෙනෙන කොරියානු නිළියහා ජි-වොන්නිර්දේශිත
කැපීපෙනෙන කොරියානු නාට්‍ය OSTThorn Love - 4Menනිර්දේශිත
Just Once – සෝයුනිර්දේශිත
7වන කොරියානු නාට්‍ය සම්මාන උළෙල
ප්‍රධාන ත්‍යාගය (දේසං)හා ජි-වොන්නිර්දේශිත
හොදම නාට්‍යයඑම්ප්‍රස් කිනිර්දේශිත
හොදම නිෂ්පාදක අධ්‍යක්ෂකහන් හී, ලී සුං-ජූන්නිර්දේශිත
විශිෂ්ටතම නළුවාජි චං-වූක්නිර්දේශිත
විශිෂ්ට නිළියබෙක් ජින්-හීනිර්දේශිත
3වන APAN ස්ටාර් සම්මාන උළෙල
විශිෂ්ටතම සම්මානය, මාලානාට්‍යයක නළුවාජූ ජින්-මෝනිර්දේශිත
විශිෂ්ටතම සම්මානය, මාලානාට්‍යයක නිළියහා ජි-වොන්නිර්දේශිත
විශිෂ්ට සම්මානය, මාලානාට්‍යයක නළුවාජි චං-වූක්නිර්දේශිත
හොදම සහාය නිළියබෙක් ජින්-හීනිර්දේශිත
යූන් ඒ-ජුංනිර්දේශිත
2014 MBC නාට්‍ය සම්මාන උළෙල
රන් රංගන සම්මානය, නළුවාජොන් ගුක්-හ්වන්නිර්දේශිත
2015
කොරියානු සන්නිවේදන කොමිසමේ විකාශන සම්මාන
විශිෂ්ට Hallyu සම්මානයඑම්ප්‍රස් කිදිනාගති
48වන වාර්ෂික වර්ල්ඩ්ෆෙස්ට්-හූස්ටන් අන්තර්ජාතික සිනමා උළෙල
ජූරියේ විශේෂ ත්‍යාගයඑම්ප්‍රස් කිදිනාගති

අන්තර්ජාතික විකාශය

රට මාධය ජාල(ය) විකාශය ආරම්භ වූ දිනය විකාශය අවසන් වූ දිනය
 පිලිපීනයGMA Network2014 ඔක්තෝබර් 202015 අප්‍රේල් 14
 ඉන්දුනීසියාවTrans72015 නොවැම්බර් 23තවමත් විකාශය වේ
 පෝලන්තය TVP2 2015 නොවැම්බර් 9 2016 පෙබරවාරි 25
 සිංගප්පූරුව Channel U 2015 ඔක්තෝබර් 31 තවමත් විකාශය වේ
 ශ්‍රී ලංකාවජාතික රූපවාහිනිය2016 පෙබරවාරි 162016 ජූලි 4

සිංහල හඬකැවුම

2016 පෙබරවාරි 16වන දින සිට ජාතික රූපවාහිනී නාළිකාව මගින් මෙම නාට්‍යය සිංහල හඩ කවා “සූරිය දියණි” යන තේමාව යටතේ විකාශය කරන ලදී.

බාහිර සබැදුම්

ඉහළට