සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සුදෝ සුදු යනු සාගර පළන්සූරිය නොහොත් කේයස් විසින් රචිත රම්‍ය වූත්, සරළ වූත් කාව්‍යය සංග්‍රහයකි.

සුදෝ සුදු

  • මුල් පිටුව
  • සුදෝ සුදු

සුදෝ සුදු යනු සාගර පළන්සූරිය නොහොත් කේයස් විසින් රචිත රම්‍ය වූත්, සරළ වූත් කාව්‍යය සංග්‍රහයකි.

අන්ධ ළමයා

Sagara Palansuriya | කේයස් - සාගර පලන්සූරිය

මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා

පෙනෙනවා දකිනවා කියනා ඒවා

මොනවද අම්මෙ මම අහගන්නට ආවා

තෝරා දෙන්න මම දන්නේ නෑ මේවා

මල්වල හොඳ සුවඳ මිස පාටක් කොහෙද

ඒවා මොළොක් බව තේරෙනවා මට

එළියක් කියා මොකවත් හෙම තියෙනවද

මට තේරුම් ගන්ට අම්මේ බැරි මොකද

උණුසුම දැනේ දහවල මට රැයට වඩා

වෙනසක් හෙම තියෙනවද මෙහි මෙයට වඩා

මට නොදැනෙන්නෙ මා කණ කොලුවෙකිලු කුඩා

ලොකු වෙන කොට දැනේවිද මම අසමි හඬා

ඇඟිලි තුඩට මල් පෙති වල ඇති මෙළෙක

මට දැනෙනවා එය අල්ලන හැම විටෙක

පාට කියා ඇත්නම් ගතියක් මලෙක

අම්මේ අත නොගෑවෙන එක තමයි දුක

ලස්සන කියන දේ නැහැයට වත් කනට

මගේ දිවට හරි මගෙ අත පය වලට

නොදැනෙන්නේ මොකද තෝරා දෙන කලට

ඉවසා ගෙන ඉන්න අම්මේ බැරිය මට

ඇයි අම්මේ අඬන්නේ මේ කඳුලු සලා

මට දැනෙනවා යයි මගෙ අත් දිගට ගලා

නාඬන් අම්මෙ නාඬන් මම විහිළු කළා

එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 14, 2026

    ජාතක කථා

  • මැයි 19, 2026

    ලෝඛිත බිසව

  • අප්‍රේල් 05, 2026

    සීතල යුද්ධය

  • අප්‍රේල් 19, 2026

    ලෝකානන්ද ස්තූපය

  • මැයි 21, 2026

    චාඕ වෙයි

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට