සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සමුද්‍රදේවී කුමරිය කොට්ටේ රජකළ හත්වන බුවනෙකබාහු රජගේ දියණියයි.ඉතා රූමත් රජ කුමරියක වූ ඇයට විවාහවන වයසට පත්වන විට රජකුමාරවරුන් ගෙන් නිතර විවාහ යොජනා ගලා ආහ.කෙසේ

සමුද්‍රදේවි කුමරිය

  • මුල් පිටුව
  • සමුද්‍රදේවි කුමරිය

සමුද්‍රදේවී කුමරිය කොට්ටේ රජකළ හත්වන බුවනෙකබාහු රජගේ දියණියයි.ඉතා රූමත් රජ කුමරියක වූ ඇයට විවාහවන වයසට පත්වන විට රජකුමාරවරුන් ගෙන් නිතර විවාහ යොජනා ගලා ආහ.කෙසේ වෙතත් පිය රජුගේ අභිප්‍රාය වූයේ කුමරිය ජයෝබණ්ඩාර කුමරුට විවාහ කර දීමටයි.එහෙත් දේවි කුමරියගේ සිත දිනාගෙන තිබුනේ ඇගේ ඇවැස්ස මස්සිනා කෙනකු වූ වීදිය බණ්ඩාර කුමරුටය.මෙම හේතුව නිසා ජයෝබණ්ඩාර කුමරු හා වීදිය බණ්ඩාර කුමරු අතර සටනක්ද ඇතිවිය.එයින් වීදිය බණ්ඩාර කුමරු ජයගත් අතර පසුව වීදිය බණ්ඩාර කුමරු පියරජුගේ සිත දිනාගෙන සමූද්‍රදේවි කුමරිය ආවාහ කරගැනීමට හැකිවිය.මොවුන් දෙදෙනාට.මොවුන් දෙදෙනාට ධර්මපාල නමින් පුතෙකු ද ලැබිනි.පසු කලෙක ලංකාවේ ප්‍රතම කතොලික රජු ලෙස රජ්‍යත්වයට පත්වන්නේ මෙම කුමරුය.ඒ දොන් ජුවන් ධර්මපාල රජ යන නමිනි.

වීදිය බණ්ඩාර කුමරු භුවනෙකභාහු රජුගේ මහසෙනෙවි ලෙස කටයුතු කළේය.වරක් කැරැල්ලක් මැඩපැවැත් වීමට දුර බැහැර ගිය වීදිය බණ්ඩාරට සමූද්‍රෙද්වි කුමරිය හා පෘතුගීසි හේවායකු වූ දියෝගෝද අරවුජෝ සමග අනියම් සම්බන්ධයක් ඇතිවූ බව කටකතා ඇසුරින් දැනගන්නට ලැබිණ.මෙම නිසා වීදිය බණ්ඩාර කුමරු තුල සමූද්‍රෙද්වී කුමරිය පිළිබද සැකයක් ඇතිවිය.මෙම සැකය පැතිරී ගිය කටකතා නිසා තවන් වර්ධනය විය.දිනක් තම දේවිය දියවන්නා ඔය අසළට රැගෙන විත් ඇයව දියවන්නා ඔයට තල්ලු කර මරා දැමූබව සදහන් වේ.මෙම සදුවීම වීදිය බණ්ඩාර කුමරු තුල ඇතිවූ අහේතුක සැකයක් නිසා සිදුවූබව කියැවේ.

සමුද්‍රදේවි කුමරිය
කෝට්ටේ කුමරිය
භූමදානයකෝට්ටේ
වල්ලභයාවීදිය බණ්ඩාර
දරුවන්දොන් ජුවන් ධර්මපාල රජු
විජයපාල බණ්ඩාර
පියාහත්වන භුවෙනෙකබාහු රජු
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    United Kingdom

  • මාර්තු 27, 2026

    මූලික අයිතිවාසිකම්

  • ජූනි 02, 2026

    මානව හිමිකම්

  • මාර්තු 18, 2026

    මහ පොළොව

  • අප්‍රේල් 05, 2026

    පෘථිවිය උණුසුම්වීම

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට