සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සම්මා සම්බුදුවරු නමින් හැඳින්වෙන්නේ තමා විසින්ම ලෝකෝත්තර සත්‍ය සොයා ගොස් නිවන අවබෝධ කරගත් සහ ලොවට එම දැනුම මැනවින් බෙදා දුන් ශ්‍රේෂ්ඨ උතුමන්ය. වත්මන් කාලයට පෙරත

සම්මා සම්බුදුවරු

  • මුල් පිටුව
  • සම්මා සම්බුදුවරු

සම්මා සම්බුදුවරු නමින් හැඳින්වෙන්නේ තමා විසින්ම ලෝකෝත්තර සත්‍ය සොයා ගොස් නිවන අවබෝධ කරගත් සහ ලොවට එම දැනුම මැනවින් බෙදා දුන් ශ්‍රේෂ්ඨ උතුමන්ය. වත්මන් කාලයට පෙරත් බොහෝ බුදුවරුන් පහළ වූ අතර අනාගතයේත් බුදු උතුමන් ලොව පහල වෙති.

පටුන

වෙනත් නම්

අප තිලෝකාග්‍ර, සුගත තථාගත, මහා කාරුණික, සම්මා සම්බුදුරජාණෝ, බෞද්ධයන්ගේ එකම අධ්‍යාත්මික පැතුම හැකි ඉක්මනින් සසර දුකින් මිදී නිවන් දැකීමය. සම්මා සම්බුදු වරුන් ලොව පහල වන්නේ ඉතාම දීර්ඝ කාලයකින් බවත් එය අතිශය දුර්ලභ භාග්‍යයක් බවත් ථෙරවාද බෞද්ධ ඉගැන්වීමයි. ගෞතම බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන ථෙරවාද බෞද්ධයන් උන්වහන්සේගේ සම්බුදු සසුනෙහි උත්සාහවත් වීමෙන් බුදු සසුන ලොවින් අතුරුදන් වීමට පෙර ධර්මය අවබෝධ කර නිවන් මගට යොමු වීම ථෙරවාද සම්ප්‍රදාය වඩාත් ප්‍රධානතම අරමුණ ලෙස සලකයි. යම් හෙයකින් මෙම බුදු සසුනෙහි පිහිට ලබා නිවන් අවබෝධ කිරීමට නොහැකි වුවහොත් සසරෙහි නැවතත් දුකට පත්වීමටත් සතර අපායෙහි වැටීමට සිදු වීමටත් සිදුවන බැවින් ප්‍රමාද නොවී ධර්මයට යොමු විය යුතු බවත් පින් රැස් කල යුතු බවත් ථෙරවාද බුදු සමය ශ්‍රාවකයන්ට කියා දෙයි. කෙසේ වෙතත් ගෞතම බුදු සසුන පිරිහීමෙන් පසුව ධර්මය අතුරුදන් වීමත් ඉන් පසුව ලෝකය දුශ්චරිතයෙන් සහ පවින් පිරුණු මිනිසුන් ආයුෂයෙන් පිරිහෙන කාලයකට ගමන කරන බවත් මනුෂ්‍ය ආයුෂ අවුරුදු දහයකට අඩුවන බවත් අනතුරුව මිනිසුන් ද්වේශයෙන් එකිනෙක හිංසාවට පත්කර මරා ගනිමින් මහත් විනාශයක් සිදු කරගන්නා බවත් ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කර ඇති ථෙරවාද ධර්මයෙහි සඳහන් වෙයි. එයින් අනතුරුව මිනිසුන් නැවත සුචරිතයෙහි හැසිරීමෙන් නැවත ආයුෂ වැඩි දියුණු වී මිනිස් ආයුෂ අවුරුදු අසුදහසක් දක්වා වැඩි වූ පසුව නැවතත් "මෛත්‍රී" බුදුපියාණන් වහන්සේ ලොව පහළවන බවත් ථෙරවාද ධර්මයෙහි දැක්වෙයි. තවද මෙම බුදු සසුනෙහි ධර්මය අවබෝධ නොකළහොත් මතු බුදු වන මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීමද සමහර බෞද්ධයන්ගේ ප්‍රාර්ථනාවක් වෙයි. ථෙරවාද බුදු දහම අනුව විමසා බැලීමේදී පෙනී යන්නේ එසේ නැවත පහල වන බුදු සසුනකින් හෝ පිහිටක් ලබා ගැනීමට වුවද පවින් දුරු වී මෙම ගෞතම බුදු සසුනෙහි උත්සාහවත් වී සතර අපායෙන් මිදී ථෙරවාද ධර්මයෙහි ඉගැන්වෙන ගුණ ධර්ම තමන් තුල දියුණු කර ගත යුතු බවයි.

 
A Tang Dynasty sculpture of Amitabha Buddha, found in the Hidden Stream Temple Cave, Longmen Grottoes, චීනය indicates.
 
ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර බුදු පිළිමයක්..

බුද්ධත්වය ලැබීම

 
චීනයේ ටැංග් රාජ්‍ය කාලයට අයිති හෙබෙයි පළාතේ තිබෙන බුදුන් වහන්සේගේ හිඳි පිළිමයක්.

බුදු දහමේ ඉගැන්වීම් වලට අනුව බුද්ධත්වය යනු සර්වඥතාඥාණය හෙවත් අවබෝධතා ඥාණය ලබා ගැනීමයි. (සංස්කෘත භාෂාවෙන් බුද්ධත්ව - පාලී බුද්ධත්ත නැතහොත් භාෂා දෙකෙන්ම බුද්ධභාව යනුයි.) අවබෝධතා ඥානය යනු සංස්කෘත භාෂාවෙන් සම්‍යක්සම්බෝධි, පාලී සම්මා සම්බෝධි යනුයි.ධර්මය කුමක්දැයි පහදා දීමට ගුරුවරයෙකුද නොමැතිව, චතුරාර්ය සත්‍ය සහ ආර්යාෂ්ඨාංගික මාර්ගයද ලෝකයේ නොපවතින අවස්ථාවක ස්වොත්සාහයෙන් බුද්ධත්වය ලබා ගෙන ඒ දහම කියා දීම පිණිස පහල වන තැනැත්තා හඳුන්වාදීම සඳහා පාලී ග්‍රන්ථ වල සහ ථෙරවාදී සම්ප්‍රදායයෙහි 'බුද්ධ' යන යෙදුම සාමාන්‍යයෙන් භාවිතා වේ. ඉතා පුළුල් වශයෙන් 'නිර්වාණ'ය ලබා ගත් සියලු තැනැත්තන් සඳහාද එය යොදනු ලැ‍බේ. බුදු වරයෙකුගේ ඉගැන්වීම් අනුව අවබෝධතා ඥාණය ලබා ගත් අය 'අර්හත්' ලෙස හැඳින්වෙන අතර බුදුන් සඳහාද එය යෙදේ. නිර්වාණය යන්නෙහි මූලික පරමාර්ථය අනුව අර්හත් සහ බුද්ධ සමාන වුවද (රහතුන් වහන්සේලා සහ බුදුවරු) ඒ තත්වයන් දෙකෙහි වෙනස්කම් පෙන්නුම් කරන්නේ පාරමිතා පිරීම පැත්තෙනි. පාලි ග්‍රන්ථ වල ඊට පෙර සිටි බුදුවරුන් බොහෝ ගණනක් ගැන සඳහන් කර ඇත. (බුදුන් 28 නමකගේ ලේඛණය බලන්න.)

ථේරවාදය

අටවිසි බුදුවරු

සාමාන්‍යයෙන් බෞද්ධයෝ සිද්ධාර්ත ගෞතම බුදුන් වහන්සේ — ජීවිත කාලය . ක්‍රි.පූ 623 සිට ක්‍රි.පූ. 543 වූ අතර බෝධි මය ඵලය ක්‍රි.පූ. 588 දී සක්ෂාත් කර ගෙන ඇත. පළමු හෝ අවසාන බුදුන් වහන්සේ වන බවක් පිළි නොගනිති. පාරම්පරික බෞද්ධයා යන සංකල්පයේ සිට බලන කළ බුදුන් වහන්සේ කෙනෙකු යනු ධර්මය නැවත සොයා ගත් සහ නිර්වාණය සක්ෂාත් කර ගත් සහ, එවැනි ඵලයක් ලබා ගැනීමට තරම් යහපත් කර්ම ප්‍රමාණයක් රැස් කර ගත් උත්තමෙයකි. අනන්ත අප්‍රමාණ වූ විශ්වීය කාලය තුළ එවැනි පුද්ගලයෝ සෑහෙන ප්‍රමාණයක් සිට ඇත. එබැවින්, අප දකිනා මේ ලොව බොදුනුවන් අදහන "ගෞතම බුදුරජාණන් වහන්සේ " (බෞද්ධ හැඳින්වීමට අනුව "ශාක්‍යමුණි") යනු එම උත්තරීතර බුදු පරපුරෙහි තවත් එක් ශ්‍රේෂ්ඨ ජනිත වීමකි. ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ පහලවීමට පෙර "කස්සප බුදුරජාණන් වහන්සේ " මෙලොවට පහල වූ අතර අනාගතයේ දී පහලවන බුදුන් "මෛත්‍රී බුදුරජාණන් වහන්සේ" ය. අටවිසි බුදුන් වහන්සේලාගේ නම් පහත දැක්වේ.

  1. තණ්හංකර බුදුරජාණන් වහන්සේ
  2. මේධංකර බුදුරජාණන් වහන්සේ
  3. සරණංකර බුදුරජාණන් වහන්සේ
  4. දීපංකර බුදුරජාණන් වහන්සේ
  5. කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ
  6. මංගල බුදුරජාණන් වහන්සේ
  7. සුමන බුදුරජාණන් වහන්සේ
  8. රේවත බුදුරජාණන් වහන්සේ
  9. සෝභිත බුදුරජාණන් වහන්සේ
  10. අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ
  11. පදුම බුදුරජාණන් වහන්සේ
  12. නාරද බුදුරජාණන් වහන්සේ
  13. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ
  14. සුමේධ බුදුරජාණන් වහන්සේ
  15. සුජත බුදුරජාණන් වහන්සේ
  16. පියදස්සි බුදුරජාණන් වහන්සේ
  17. අත්ථදස්සි බුදුරජාණන් වහන්සේ
  18. ධම්මදස්සි බුදුරජාණන් වහන්සේ
  19. සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේ
  20. තිස්ස බුදුරජාණන් වහන්සේ
  21. ඵුස්ස බුදුරජාණන් වහන්සේ
  22. විපස්සි බුදුරජාණන් වහන්සේ
  23. සිඛි බුදුරජාණන් වහන්සේ
  24. වෙස්සභු බුදුරජාණන් වහන්සේ
  25. කකුසන්ධ බුදුරජාණන් වහන්සේ
  26. කොනගමන බුදුරජාණන් වහන්සේ
  27. කස්සප බුදුරජාණන් වහන්සේ
  28. ගෞතම බුදුරජාණන් වහන්සේ

මහායානය

මහායාන සම්ප්‍රදායට අනුව අවබෝධතා ඥාණය ලබා ගත් සියලු තැනැත්තන් හැඳින්වීම තෙක් 'බුද්ධ' යන වචනයෙහි අර්ථය පුළුල් වෙයි. 'ථෙරවාද අරහත්' යනුද එක්තරා බුදු කෙනෙකු ලෙස මෙම මහායාන සම්ප්‍රදායයෙහි ඉගැන්වෙන අතරම මෙම භාවිතාව ථෙරවාදි අටුවා වලද සමහර විට හමුවේ. සිද්ධාර්ථ ගෞතමයන් එකම බුදුන් ලෙස බෞද්ධයෝ නොසළකති. මහායාන බුද්ධාගම තුළ මුල් බුදු දහමෙහි හෝ ථේරවාදය තුළ හමු නොවන බුදුවරු වෙති. (අමිතාභ බුදුන් නැතහොත් වෛරෝචන බුදුන් ආදී උදාහරණ බලන්න.) බුද්ධාගමේ සියලු පාර්ශව වල පොදු පිළිගැනීමක් වන්නේ ඊළඟ බුදුන් වහන්සේ මෛත්‍රීය නම් බුදුවරයෙකු බවයි. උන්වහන්සේටලා සාමාන්‍යයෙන් නැගෙනහිර ආසියානු බුදු දහමේ බුද්ධ-ක්ෂේත්‍ර ලෙස හඳුන්වන වෙනත් ක්ෂේත්‍රවල ජීවත් වන අය ලෙස සැලකේ. සමහර මහායාන සූත්‍රවල විවිධ ආකාරවලින් භාවිතා වන බුදුවරුන්ගේ දිගු ලැයිස්තු ද ඇත.

ඇතැම් ප්‍රධාන මහායාන බුදුවරුන් නම්:

  • අමිතාභ බුදුරජාණන් වහන්සේ
  • අක්ෂෝභ්‍ය බුදුරජාණන් වහන්සේ
  • අමොඝසිද්ධි බුදුරජාණන් වහන්සේ
  • භෛශජ්‍යගුරු බුදුරජාණන් වහන්සේ
  • රත්නසම්භව බුදුරජාණන් වහන්සේ
  • වෛරෝචන බුදුරජාණන් වහන්සේ
  • ප්‍රභූතරත්න බුදුරජාණන් වහන්සේ
  • ලෝකේශ්වර රාජ බුදුරජාණන් වහන්සේ

ආශ්‍රිත ලිපි

  • පසේ බුදුවරු
  • ගෞතම බුදුන් වහන්සේ
  • Buddha Statues of Bamiyan
  • List of Buddha claimants
  • Buddha-nature
  • Tathagatagarbha

බාහිර සබැඳින්

 
Buddha හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
Gautama Buddha
  • Collection of most famous Buddha pictures and Buddhism texts.[permanent dead link]
  • Hundreds of free buddhist talks and huge forum.
  • The Buddha and His Dhamma
  • About Buddha - the Founder of Buddhism සංරක්ෂණය කළ පිටපත 2007-08-22 at the Wayback Machine
  • Buddhist Studies සංරක්ෂණය කළ පිටපත 2006-01-01 at the Wayback Machine
  • E-Sangha Buddhism Portal සංරක්ෂණය කළ පිටපත 2017-10-15 at the Wayback Machine
  • Songs and Meditations of the Tibetan Dhyani Buddhas
  • http://www.nirvanasutra.org.uk
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 01, 2026

    පරිගණක මෙහෙයුම් පද්ධති

  • අප්‍රේල් 01, 2026

    පාරමිතා

  • අප්‍රේල් 03, 2026

    සමානුපාතික නියෝජනය

  • අප්‍රේල් 04, 2026

    ධර්ම නාමය

  • අප්‍රේල් 04, 2026

    ඉන්දීය සයුර

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට