සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කලා සූරී පැටිකිරිගේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ (1941 පෙබරවාරි 11 – 2025 දෙසැම්බර් 23) ශ්‍රී ලාංකික චිත්‍රපට, වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍ය නළුවෙකි. ශ්‍රී ලංකා ටෙලිනා

සතිස්චන්ද්‍ර එදිරිසිංහ

  • මුල් පිටුව
  • සතිස්චන්ද්‍ර එදිරිසිංහ

කලා සූරී පැටිකිරිගේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ (1941 පෙබරවාරි 11 – 2025 දෙසැම්බර් 23) ශ්‍රී ලාංකික චිත්‍රපට, වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍ය නළුවෙකි. ශ්‍රී ලංකා ටෙලිනාට්‍ය ඉතිහාසයේ මුල්ම කුළුණු වලින් එකක් වන එදිරිසිංහට සිනමාව, රංග කලාව සහ රූපවාහිනිය යන ක්ෂේත්‍රවල දශක හයකට වැඩි කාලයක් පුරා දිවෙන වෘත්තීය ජීවිතයක් තිබිණි.

සතිස්චන්ද්‍ර එදිරිසිංහ
උපත
පැටිකිරිගේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ

11 පෙබරවාරි 1941(1941-02-11)
කැලණිය, බ්‍රිතාන්‍ය ලංකාව
මරණය23 දෙසැම්බර් 2025(2025-12-23) (වයස 84)
කොළඹ, ශ්‍රී ලංකාව
අධ්‍යාපනයශ්‍රී ධර්මාලෝක විද්‍යාලය
ශාන්ත මරියා විද්‍යාලය
උගත් ශාස්ත්‍රාලයවිද්‍යෝදය පිරිවෙන, මාලිගාකන්ද
වෘත්තියs
  • නළුවා
  • නිෂ්පාදකයා
  • අධ්‍යක්ෂ
  • ලේඛකයා
  • කර්තෘ
සක්‍රීය වසර1961–2025
Spouseශ්‍රියා කාරියප්පෙරුම (වි. 1965-2025)
ඥාතීන්සුනිල් එදිරිසිංහ (සහෝදරයා)
Awardsහොඳම සහාය නළුවා
වෙබ් අඩවියyoutube.com/sathischandra

පටුන

රංග කලාව

ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ එදිරිසිංහගේ පළමු ගුරුවරයා වූයේ සාහිත්‍යය හා සංගීතය කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ රවිලාල් විමලධර්ම යි. 5 ශ්‍රේණියේ දී, ඔහු තම සාහිත්‍ය පොතේ නාට්‍යයක් වන මද්දුම බණ්ඩාර ලෙස නිවසේ දී රඟපාන්නට උත්සාහ කළේය. විමලධර්ම ඔහුගේ හැකියාවන් දැක පාසලේ දී සුදෝ සුදු වේදිකා නාට්‍යය භාරව එදිරිසිංහ පත් කළේය. 1953 දී, ඔහු රේඩියෝ සිලෝන්හි ළමා පිටිය වැඩසටහනට සම්බන්ධ විය. අන්තර් පාසල් නාට්‍ය තරඟයේ දී ඇන්ටන් චෙකොව්ගේ ප්‍රොපෝසල් හි ඔහුගේ භූමිකාව වෙනුවෙන්, එදිරිසිංහ දකුණු පළාතේ හොඳම නළුවා ලෙස තේරී පත් විය.

1961 දී එදිරිසිංහ සිය වේදිකා නාට්‍ය දිවිය ඇරැඹූයේ ඔහුගේ වැඩිමහල් සොහොයුරා වූ ධර්මසිරි එදිරිසිංහ විසින් කලා ගුරු ජේ.ඩී.ඒ පෙරේරාට හඳුන්වා දීමත් සමඟ යි. 1999 දී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ මහවැලි අධිකාරියේ සේවයෙන් පසු ඔහු පූර්ණ කාලීන කලාකරුවකු බවට පත්විය. නාට්‍ය නළුවකු ලෙස ඔහුගේ උච්චතම ස්ථානය වූයේ ජෝන් ද සිල්වා ගේ වෙස්සන්තර වේදිකා නාට්‍යයේ ඔහු ගේ චරිතය හරහාය. පුළුල් පිළිගැනීමක් ඇතිව, ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා, ආර්.ආර්. සමරකෝන්, සුනන්ද මහේන්ද්‍ර, රංජිත් ධර්මකීර්ති, එස්. කරුණාරත්න, ලූෂන් බුලත්සිංහල, ධම්ම ජාගොඩ, වැනි රටේ ප්‍රමුඛ පෙළ ලේඛකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඔහුට හැකි විය. නොවන නාට්‍ය රංගනය 1965 දී හෙන්රි ජයසේනගේ මනරංජන වේදවර්ජන හරහා පැමිණියේ ය.

කැපී පෙනෙන කෘති

  • බක තපස්
  • වෙස්සන්තර
  • ශ්‍රී වික්‍රම
  • ඉබි කට්ට
  • මනරංජන වැඩ වර්ජන
  • ලියතඹරා
  • මහ හේනේ රීරි යකා
  • මහ ගෙදර
  • චෙරි උයන (චෙරි වතුයාය)
  • ඔන්න බබෝ ඇතින්නියා
  • හබුන් කටයි බත් දෙකටයි
  • එළඳ
  • එරබදු මල් පොට්ටු පිපිලා
  • ගැහැනියක්
  • සයුරෙන් ආ ළඳ
  • අනේ මස්සිනේ
  • රුධිරය සහ ගංගාව

රූපවාහිනී රංගනය

එදිරිසිංහගේ පළමු රූපවාහිනී චරිතය වූයේ 1982 දී ලූෂන් බුලත්සිංහලගේ එක මවකගේ දරුවෝ ය. නාට්‍යයේ ඔහු ප්‍රධාන චරිතයක් වන පාසල් විදුහල්පතිවරයකු ලෙස රඟපෑවේය. ඔහු ශ්‍රී ලාංකික රූපවාහිනියේ මුල් අවධියේ දී මිහිකතගේ දරුවෝ, තාරාදේවි සහ පළිඟු මැණිකේ වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක රඟපෑවේය.

වේදිකා සහ චිත්‍රපට අධ්‍යක්ෂණය

1963 දී, එදිරිසිංහ ඔහුගේ පළමු වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය ඇරැඹූයේ බක තපස් නාට්‍යයෙනි. ඔහු රඟපෑ වේදිකා නාට්‍ය 20 න් හයක් ඔහුගේ නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය විය. 1964 දී ඔහු තමාගේම පිටපතක් සහිත දෙවන වේදිකා නාට්‍යයක් වන අත්තික්කා මල් පිපිලා නිෂ්පාදනය කළේය. ඔහු තවත් වේදිකා නාට්‍ය හතරක් නිෂ්පාදනය කළේය - ජෝර්ජ් ඕවල්ගේ සත්ව ගොවිපල පාදක කරගත් හොටබරි යුද්දේ, තහංචි, සොක්කානෝ රජානෝ සහ අපායේ අවුරුදු.

එදිරිසිංහ 1973 දී චිත්‍රපට අධ්‍යක්ෂණය ඇරැඹී. ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණය 1973 දී මාතර ආච්චි චිත්‍රපටය හරහා සිදු විය. මෙම චිත්‍රපටයේ ඔහුගේ සහෝදරයා වන සුනිල් එදිරිසිංහ ගායකයකු ලෙසත්, වොලී නානායක්කාර ගීත රචකයකු ලෙසත්, වික්ටර් රත්නායක සංගීත අධ්‍යක්ෂක ලෙසත් රංගනයෙන් දායක විය.

එදිරිසිංහ රූපවාහිනී කතා මාලා එකොළහක් නිෂ්පාදනය කර ඇති අතර ඉන් හතක් ඔහු අධ්‍යක්ෂණය කළේය. 2019 දී, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඔහුට ජනාභිමානි ගෞරව සම්මානය පිරිනැමිණි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 23, 2026

    හෙන්රි ජයසේන

  • අප්‍රේල් 06, 2026

    බාස්ක් භාෂාව

  • අප්‍රේල් 05, 2026

    කදුරුගොඩ විහාරය

  • මාර්තු 25, 2026

    විශ්වය

  • අප්‍රේල් 06, 2026

    මවු බස

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට