සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මද්දුම බණ්ඩාර අපේ ඉතිහාසයේ සඳහන් ව ඇති ළමා වීරයා යි. ඔහු උපන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ ඇහැළේපොළ නම් ගමේ ය. ඔහු ගේ පියා ඇහැළේපොළ අධිකාරම්තුමා ය. මව ඇහැළේපොළ කුමාරි

මද්දුම බණ්ඩාර

  • මුල් පිටුව
  • මද්දුම බණ්ඩාර

මද්දුම බණ්ඩාර අපේ ඉතිහාසයේ සඳහන් ව ඇති ළමා වීරයා යි. ඔහු උපන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ ඇහැළේපොළ නම් ගමේ ය. ඔහු ගේ පියා ඇහැළේපොළ අධිකාරම්තුමා ය. මව ඇහැළේපොළ කුමාරිහාමි ය. ඒ කාලයේ සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගේ මහාධිකාරම් තනතුර දැරූයේ මද්දුම බණ්ඩාර ගේ පියා වන ඇහැළේපොළ අධිකාරම් තුමාය. මේ පවුලේ දරුවන් තුන්දෙනෙක් සිටිය හ. ඔවු‍න්ගෙන් දෙ වැනියා මද්දුම බණ්ඩාර යි.

මද්දුම බණ්ඩාර
මහනුවර මද්දුම බණ්ඩාර පිළිමය
මරණය1814 මැයි 17
මහනුවර, මහනුවර රාජධානිය
මරණයට හේතුවහිසගසා දැමීමෙන් මරණ දණ්ඩනයට පත්කිරීම.
මව්පියන්(s)පියා, ඇහැලේපොල දිසාවේ
මව, ඇහැලේපොල කුමාරිහාමි

නිතර ම තම නිලමේවරුන් ගැනැ සැකයෙන් සිටි එ කල කන්ද උඩරට පාලනය කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට ඔවුන් තමා සිහසුනින් නෙරපා රජකම ලබා ගනීවි යැ යි බියක් තිබිණි. වෙසෙසින් ම මද්දුම බණ්ඩාර ගේ පියා ගැනැ වූයේ මහත් සැකයකි. ඒ තමාට විරුද්ධ ව ඇහැළේපොළ අධිකාරම් කැරැලි ගසනු ඇතැ යි කියා ය. ඒ නිසා රජු විසින් ඔහුට නොයෙකුත් විදියේ කරදර කැරිණි.

මෙ රජ දවසක් තදින් කිපී, ඇහැළේපොළ පවුලට හොඳ පාඩමක් උගැන්විය යුතු යැ යි අදිටන් කොටැ ඇහැළේපොළ පවුලේ සියල්ලනට ම මාළිගයට පැමිණැ තමා බැහැ දකින්නැ යි පණිවුඩයක් යැවී. මේ වන විටත් ඇහැළේපොළ අධිකාරම්තුමා නිවසේ නොසිටියත් නියමිත දිනයේ මද්දුම බණ්ඩාරත්, මවත්, අයියාත්, නංගීත් රජ වාසලට ගිය හ. මොවුන් දුටු රජ කොවින් වෙවුලන්නට ගති. කිසි මැ වරදක් නැති ඇහැළේපොළ පවුලේ පිරිමින්, හිස ගසා මැරීමටත් , ගැහැනුන් දියේ ගිල්වා මැරීමටත් ඇණැවී. රජ අණ අකුරට ම ක්‍රියාත්මක විණි.

මේ කණගාටුදායක ක්‍රියාව සඳහා තෝරාගැනුණේ මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට පිහිටි උයන යි. මද්දුම බණ්ඩා‍ර ගේ හා ඔහු ගේ දෙටු සොහොවුරා ගේ හිස ගසා දමන දිනය ළැඟිණි. සුවිසල් පිරිසක් මේ සිද්ධිය බලනුව ඉතා දුකින් රැස් වැ සිටි. රජවාසලේ වධකයා කඩුව අමෝරා‍ ගෙන සිටිද්දී මද්දුම බණ්ඩාරත් පවුලේ සෙස්සෝත් දුක්මුසු වැ බලා සිටිය හ. දංගෙඩියත් ඒ අසල ම සූදානම් ව තිබිණි. මුලින් මැ මරණයට මුහුණ දීමට තිබූ මද්දුම බණ්ඩාරගේ අයියා‍ බියෙන් මව ගේ ඇඟේ එල්ලී හැඬී. අවුරුදු නවයක් වියැති මද්දුම බණ්ඩාර ගේ සිත දිරිමත් වී වීරත්වයෙන් පිරී ගොස් මරණයට බිය නැති වැ මුහුණ දීමේ අමුතු ශක්තියක් ඔහු තුළ ඇති විණි.

“අයියන්ඩී බිය නොවන්න. මැරෙන හැටි මම පෙන්වන්නම් ‍…..” කියලා දංගෙඩිය ළඟට ගියා . අත්දෙක පිටුපසට බැඳ‍ගෙන කෙළින් සිට ගත්ත. බියක් මුහුණේ ගෑවිලාවත් තිබුණේ නෑ.‍

“වධකය, එක කඩු පහරින් මගේ හිස වෙන් කරන්න …….” කියලා දංගෙඩියට ගෙල පෑවා. බලා හිටිය අය පුදුමයට පත් වුණා.“අපොයි” කියලා ඔළුවේ අත් ගසා ගත්තා.

වධක කඩු පහරින් මද්දුම බණ්ඩාරයන්ග හිස කදින් වෙන් වුණා. වීර සිංහල දරුවකුගේ උණුසුම් ලේ දහරා දංගෙඩිය පහළට රූටා වැටුණා.

මරණය ඉදිරියේ නොසැලුණු,සිංහල ලේ වල බලය ලොවට කියා පෑ, මේ පුංචි වීරයා එදා පටන් වීර මද්දුම බණ්ඩාර කියා ප්‍රසිද්ධ වුණා.අදත් අප ඔහු ආඩම්බරයෙන් සිහිපත් කරනවා. සෑම අවුරුද්දකම මැයි 17 දා මද්දුම බණ්ඩාර අනුස්මරණය කරනවා.මේ ළමා වීරයා සැමරීම ජාතික වීරයෙකුට කරන ගෞරවයකි.

මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට ඇති උයන වීර මද්දුම බණ්ඩාර උයන කියා නම් කළේ ඔහුට  උපහාරයක් වශයෙනි. එහි දී ඒ වීරයාගේ පිළිරුව දැක ගත හැකියි.ඉස්තුති

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    හන්ගේරියානු සමුහාණ්ඩුව

  • මාර්තු 27, 2026

    ශිව

  • අප්‍රේල් 03, 2026

    වී බිස්ස

  • මාර්තු 29, 2026

    ගෞතම බුද්ධ පරිනිර්වාණය

  • මාර්තු 23, 2026

    නවකතාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට