සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ලොව වටා විශ්වවිද්‍යාලවල හා පාසල්වල සතුන් ගැන හා පශු සම්පත් පාලනය ගැන ඉගැන්වේ. පශු වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නා සිසුන් හට උපාධියත් ඉන්පසු ආචාර්ය උපාධිය දක්වාත් අධ්

සත්ත්ව පාලනය

විකිපීඩියා වෙතින්

ලොව වටා විශ්වවිද්‍යාලවල හා පාසල්වල සතුන් ගැන හා පශු සම්පත් පාලනය ගැන ඉගැන්වේ. පශු වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නා සිසුන් හට උපාධියත් ඉන්පසු ආචාර්ය උපාධිය දක්වාත් අධ්‍යාපනය හැදෑරිය හැකිය.

විවිධ මාදිලියේ සත්ත්ව පාලනය

“ඌරන් බලන්නා” යන පුද්ගලයා ඌරන් බැලීමේ නියුතු පුද්ගලයායි. එඩේරා යනු බැටළුවන් බලන පුද්ගලයා වේ. අජපාල එළුවන් බලන්නා වේ. ගොපල්ලා හරකුන් බලන්නා වේ. අතීතයේ සතුන් සමූහයක්(පට්ටියක්) ලෙස රැකබලා ගැනීම සාමාන්‍ය දෙයක් විය. මෙම රංචුවල බැටළුවන් , එළුවන් මෙන්ම ඔටුවන්ද විය. මෙම පට්ටිය බලා ගන්නා පුද්ගලයා එඬේරා ලෙස හැඳින්විණි. ටිබෙටයේ යැක් ගවයා රංචු ලෙස සිටී. ලතින් ඇමෙරිකාවේ ලාමා හා ඇල්පකා යන සතුන් ද රංචු ලෙස සිටී.

මෙලෙස විවිධ කායික ලක්ෂණයන්ගෙන් යුතු සත්ත්ව කාණ්ඩ අප විවිධ ප්‍රයෝජන සලකා ඇති කිරීම සත්ත්ව පාලනය තුලින් සිදුවෙයි.

කිරි ලබාගැනීම ,ලොම් ලබාගැනීම ,බිත්තර ලබාගැනීම මාංශ ලබාගැනීම ආදී කාර්‍ය්යන් මෙලෙස ප්‍රයෝජන ලෙස පොදුවේ දැක්විය හැකිය.

ඉහළට