සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මුලදී පාර්ලිමේන්තු මන්දිරය ලෙසින් හැඳින්වුනු මෙය, 1912-1913 කාලසීමාවෙහිදී සැලසුම් කරන ලද්දේ, එඩිවින් ලටියන්ස් සහ හර්බට් බේකර් යන බ්‍රිතාන්‍ය වාස්තු විද්‍යාඥයින්

සංසද් භවන්

  • මුල් පිටුව
  • සංසද් භවන්

සංසද් භවන් යනු, නව දිල්ලියෙහි පිහිටා ඇති, ඉන්දියානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලයි.

සංසද් භවන්
संसद भवन
රාජ්පාත් සිට, සංසද් භවන් දිස්වන අයුරු
සංසද් භවන් is located in දිල්ලිය
සංසද් භවන්
සාමාන්‍ය තොරතුරු
නගරයනව දිල්ලිය
රටඉන්දියාව
ඉදිකිරීම් ආරම්භ වූයේ2021
විවෘතවූයේ2023
හිමිකරුඉන්දියානු රජය

ඉතිහාසය

මුලදී පාර්ලිමේන්තු මන්දිරය ලෙසින් හැඳින්වුනු මෙය, 1912-1913 කාලසීමාවෙහිදී සැලසුම් කරන ලද්දේ, එඩිවින් ලටියන්ස් සහ හර්බට් බේකර් යන බ්‍රිතාන්‍ය වාස්තු විද්‍යාඥයින් විසින් වන අතර ගොඩනැගීම් කටයුතු ඇරඹුනේ 1921 වසරෙහිදීය.

එකල මධ්‍යම ව්‍යවස්ථාදායක මන්ත්‍රණ මණ්ඩලය ලෙසින් හැඳින්වුනු පාර්ලිමේන්තු මන්දිරයෙහි ආරම්භක උත්සවය, 1927 ජනවාරි 18 දිනදී, එකල ඉන්දියාවේ ප්‍රතිරාජ අර්වින් සාමිවරයා විසින් සිදුකෙරිණි. මධ්‍යම ව්‍යවස්ථාදායක මන්ත්‍රණ මණ්ඩලයෙහි කුන්වන සැසිය මෙම මන්දිරයෙහිදී 1927 ජනවාරි 19 දිනදී පැවැත්විණි.

2006 වසරෙහිදී විවෘත කෙරුණු පාර්ලිමේන්තු කෞතුකාගාරය, පාර්ලිමේන්තු මන්දිරයට පසෙකින් පිහිටා තිබේ.

ගොඩනැගිල්ල

 
රියර් අද්මිරාල් මවුන්ට්බැට්න් සාමිවරයා විසින් 1947 වසරෙහිදී, ප්‍රතිරාජවරයා ලෙසින්, කුමාරවරුන්ගේ මණ්ඩලය අමතන අයුරු

අශෝක චක්‍ර පදනම් කරගත් වක්‍රාකාර හැඩයක්, මෙම ගොඩනැගිල්ල සතු වෙයි. කුමාරවරුන්ගේ මණ්ඩලයෙහි, රාජ්‍ය මන්ත්‍රණ සභාවෙහි සහ, මධ්‍යම ව්‍යවස්ථාදායක මන්ත්‍රණ මණ්ඩලයෙහි සැසි පැවැත්වීම සඳහා වෙනස් ශාලා තනවන ලදි.

මෙම ගොඩනැගිල්ල, විශාල උද්‍යාන වෙතින් වට කෙරී ඇති අතර, සාංචියේ මහා ස්තූපයෙහි මාදිළිය ගත්, වැලි-ගල් අත්වැට (ජාල්) යොදමින් සැදුණු වැටකින් සමන්විත වෙයි.

ආශ්‍රිත

  1. "හිස්ට්‍රි ඔෆ් ද පාර්ලිමන්ට් ඔෆ් ඩෙල්හි". delhiassembly.nic.in. සම්ප්‍රවේශය 13 දෙසැම්බර් 2013.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 30, 2026

    දූවිලි ඇල්ල

  • අප්‍රේල් 16, 2026

    ‍හෙරිටන්ස් කණ්ඩලම

  • අප්‍රේල් 05, 2026

    විශ්‍රාවාස මුණි

  • අප්‍රේල් 08, 2026

    ක්‍ෂය රෝගය

  • අප්‍රේල් 04, 2026

    තුලත්ථන රජ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට