සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ශ්‍රී ලංකාවේ මිශ්‍ර ආර්ථිකය 2019 දී නාමික දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) ඩොලර් බිලියන 84 ක් සහ මිලදී ගැනීමේ බල සමානාත්මතාවයෙන් (PPP) ඩොලර් බිලියන 296.959 ක් විය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය


ශ්‍රී ලංකාවේ මිශ්‍ර ආර්ථිකය 2019 දී නාමික දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) ඩොලර් බිලියන 84 ක් සහ මිලදී ගැනීමේ බල සමානාත්මතාවයෙන් (PPP) ඩොලර් බිලියන 296.959 ක් විය. 2003 සිට 2012 දක්වා කාලය තුළ රට සිය කලාපීය සම වයසේ මිතුරන්ට වඩා සියයට 6.4 ක වාර්ෂික වර්ධනයක් අත්විඳ ඇත. මෙම වර්ධනයට හේතු වූයේ වෙළඳාම කළ නොහැකි අංශවල වර්ධනය වන අතර, ලෝක බැංකුව තිරසාර නොවන සහ අසමාන ලෙස අනතුරු ඇඟවීය. එතැන් සිට වර්ධනය මන්දගාමී විය. In 2019 with an income per capita of 13,620 PPP Dollars or 3,852 (2019) nominal US dollars, Sri Lanka was re-classified as a lower middle income nation with the population around 22 million (2021) by the World Bank from a previous upper middle income status. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික අංශ වන්නේ සංචාරක කර්මාන්තය, තේ අපනයනය, ඇගලුම් කර්මන්තය, වී නිශ්පාදනය, සහ අනෙකුත් කෘෂි නිශ්පාදනයි. ඉහත සඳහන් අංශ වලට අමතරව විදේශ රැකිය නියුක්තිකයන් මගින් විදේශ විනිමය සදහා ඉහල දායකත්වයක් ලැබෙයි. එහිදී ප්‍රධාන වශයෙන් මැද පෙරදිග රටවල රැකියා නියුක්තිකයන් සදහන් කල හැක.
1948 පෙබරවරි 04 වන දිනබ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් අනතුරුව උදාවූ කාලවකවානු වල ඇතිවූ සුනාමි ව්‍යසනය වැනි ස්වාභාවික ආපදා, විටින් විට රට අභ්‍යන්තරයෙ අතිවූ කැරළි කෝළාහල සහ 1989 සිට 2009 වනතුරු පැවති යුධමය තත්වය හේතුවෙන් ශ්‍රි ලංකාවේ ආර්ථිකයට විශල බලපැමක් සිදුවුනි. නිවැරදි ආර්ථික සැලස්මක් හෝ ජාතික ප්‍රතිපත්තියක් අනුගමයන කිරීමට 1948 පසු බලයට පත් වූ දේශපලන පක්ෂ අසමත් විය.
1970-77 දක්වා පැවති රජය සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති හා ක්‍රියාකාරකම් අනුගමනය කළේය. 1977 - 1994 දක්වා කාලය තුල එක්සත් ජාතික පක්ෂය බලයට පත් වූ අතර 1994 - 2004 දක්වා රාජ්‍ය පාලනය කරනු ලැබුවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයයි. මෙම පක්ෂ දෙකම අනුගමනය කලේ ධනවාදී ආර්ථික ප්‍රතිපත්තියකි. 2001 වසරේදී ශ්‍රි ලංකා ආර්ථිකයේ ඉතා පසු බෑමක් දක්නට ලබෙනුයේ දළ දේශීය නිෂ්පාදනයෙන් 101% පමණ ණය ප්‍රතිශතයක් පෙන්නුම් කල නිසාවෙනි. මෙහිදී එල්. ටී. ටී. ඊ. සංවිධානය සමඟ සිදු කරන ලද කඩිනම් තාවකාලික සටන් විරාම සාකච්ඡා හා ප්‍රමාණවත් විදේශ ණය ලබා ගැනීම හේතුවෙන් සිදු වීමට ගිය මුල්‍ය අර්බුදයෙන් මිදීමට හැකි විය. මහා පරිමාණයෙන් වී, ධාන්‍ය වර්ග හා අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන ගෘහස්ථ පරිබෝජනය සඳහා නිපදවීම පිළිබඳව 2004 න් පසු බලයට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි අවදානයක් යොමු කලේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය
Colombo, the financial centre of Sri Lanka
CurrencySri Lankan rupee (LKR) (Rs// =) (රු) (ரூ)
Fiscal year
Calendar year
Trade organisations
WTO, WCO, SAFTA, IOR-ARC, SCO, BIMSTEC, AIIB and others
Country group
  • Developing/Emerging
  • Lower-middle income economy
Statistics
PopulationNeutral decrease 22,037,000 (2023 est)
GDP
  • Increase $84.36 billion (nominal, 2023)
  • Increase $318.55 billion (PPP, 2023)
GDP rank
  • 79th (nominal, 2022)
  • 60th (PPP, 2022)
GDP growth
  • Increase -2.3% (FY2023)
  • Increase 4.4% (FY2024f)
GDP per capita
  • Increase $3,828 (nominal, 2023)
  • Increase $14,455 (PPP, 2023)
GDP per capita rank
  • 133rd (nominal, 2022)
  • 101st (PPP, 2022)
GDP by sector
  • agriculture: 7.9%
  • industry: 25.3%
  • services: 60.6%
  • (2023)
Inflation (CPI)
-0.50% (deflation) (September 2024)
Population below poverty line
  • Positive decrease 4.3% on less than $2.15/day (International poverty rate 2024e)
  • Positive decrease 23.4% on less than $3.65/day (Lower middle-income poverty rate 2024e)
  • Positive decrease 64.3% on less than $6.85/day (Upper middle-income poverty rate 2024e)
37.7 medium (2019, World Bank)
Human Development Index
  • Increase 0.780 high (2022) (78th)
  • Increase 0.630 medium IHDI (75th) (2022)
Labour force
  • සැකිල්ල:DecreaseNegative 8,408,000 (2023)
  • 48.6% participation rate (2023)
Labour force by occupation
  • agriculture: 25.7%
  • industry: 26.3%
  • services: 48.1%
  • (2023-3Q)
Unemployment
  • Positive decrease 5.1% (2021)
  • Positive decrease 4.7% (2022)
  • Steady 4.7% (2023)
Main industries
textiles & clothing, tourism, telecommunications, information technology services, banking, shipping, petroleum refining, construction and processing of tea, rubber, coconuts, tobacco and other agricultural commodities
External
Exports
  • සැකිල්ල:DecreaseNegative $14.94 billion(2023)
  • merchandise exports US$ 11.85 billion(2023)
  • service exports (est) US$ 3.08 billion (2023)
Export goods
textiles and apparel, tea and spices, electronics, IT services, rubber manufactures, fish, precious stones
Main export partners
  •  USA 25.29%
  •  UK 9.18%
  •  India 6.09%
  •  Germany 5.75%
  •  Italy 5.35%
  • (2020)
Imports $16.8 billion (2023)
Import goods
Mineral fuels including petroleum product (12.3%)
Machinery including computers (9%)
Electrical machinery, equipment
Vehicles (7.1%)
Textile fabric (5%)
Plastics (3.7%)
Cotton (3.3%)
Heavy metals (3%)
Ships and boats (2.8%)
Iron, steel, aluminium (2.8%)
Main import partners
  •  China 22.96%
  •  India 19.30%
  •  UAE 5.57%
  •  Malaysia 4.08%
  •  Singapore 3.96%
  • (2020)
FDI stock
  • US$13.05 Billion (2019)
  • Steady Abroad: NA
සැකිල්ල:IncreasePositive $1.6 billion (2023)
Gross
Positive decrease $37,040 million (2024) (43% of GDP)
Public finances
−8.3% (of GDP) (2023)
RevenuesRs 2,110,487 million(2023)
ExpensesRs 3,732,331 million(2023)
Standard & Poor's:
CC (Fx) Outlook: Negative
Moody's:
Caa2 Outlook: Stable
Fitch:
C Outlook: None at this level
  • Increase $6.0 billion (September 2024)
All values, unless otherwise stated, are in US dollars.

ආර්ථික ඉතිහාසය

ශ්‍රි ලංකාව පැවති සමාජවාදී තත්වය 1977 සිට ධනවාදී නැඹුරුවක් පෙන්නුම් කළේය. එතැන් සිට රජය පෞද්ගලීකරණය, විවෘත ආර්ථිකය හඳුන්වාදීම ආදිය සිදු කළේය. උතුරේ පැවති අවුරුදු 25ක සිවිල් යුද්ධය (ත්‍රස්තවාදය ) හා දකුණේ විටින් විට ඇති වූ කැරලි කෝලාහල (ජා.වි.පෙ. ක්‍රියාකාරකම්) ශ්‍රි ලංකවේ ආර්ථික සංවර්ධනයට දැඩි ලෙස බලපෑම් එල්ල කලේය. 1993 වසරේදී දළ දේශීය නිෂ්පාදනයෙහි 7%ක් දක්වා වර්ධනයක් ඇති කිරීමට මුලිකවම ජ.වි.පෙ. ක්‍රියාකාරකම් අවසන් වීමත් සමඟ ඇතිවූ පෞද්ගලීකරණය හා අපනයනයේ සිදුවූ වැඩි වීමත් බලපාන ලදි. 1993 වසරේදී දළ දේශීය නිෂ්පාදනයෙහි 7%ක් දක්වා වර්ධනයක් ඇති කිරීමට මුලිකවම . ක්‍රියාකාරකම් අවසන් වීමත් සමඟ ඇතිවූ පෞද්ගලීකරණය හා අපනයනයේ සිදුවූ වැඩි වීමත් බලපාන ලදි. රටේ සමස්ත ආර්ථික වර්ධනය අසමතුලිත වීමට ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර හා දේශීය ආර්ථිකයේ සහ දේශපාලන වෙනස්වීම් ඍජුවම බලපෑවේය. 1991 සිට 2000 දක්වා වූ කාලයේදී වාර්ශික සාමාන්‍ය දළ දේශීය වර්ධනය 5.2% අගයකින් යුක්ත විය. නමුත් එම අගය 2001 වසරේදී 1.4% ඍණ අගයක් දක්වා පහත වැටුනි. එය ශ්‍රි ලංකාව නිදහස ලැබීමෙන් පසු සිදුවූ විශාලතම ආර්ථික පසු බෑමකි. එසේම දේශීය හා ජාත්‍යන්තරව අතිවූ ගැටලු, විශේෂයෙන් ශ්‍රි ලංකාවට හා අමෙරිකා එක්සත් ජනපදයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර ආර්ථිකය කෙරෙහි විශාල ලෙස බලපාන ලදි. මූලික ආර්ථික ප්‍රතිපත්තියවල වූ අසාර්ථකත්වය, ආර්ථික සැලැස්මේ වූ අඩුපාඩු කම් සහ නව ආර්ථික ප්‍රතිපත්තියක අවශ්‍යතවය මෙවන් වූ ව්‍යසනයන්ගෙන් ඉස්මතු විය.

ශ්‍රමය

ලංකාවේ සමස්ත ශ්‍රම බලකාය මිලියන 6.1 වන අතර (මෙයට උතුර හ නැගෙනහිර අයත් නොවේ ), ඉන් 20%කට වැඩි ප්‍රමණයක් වෘත්තීය සංගම් වල සාමාජිකත්වය ලබා ඇත. ලියපදිංචි වූ වෘත්තීය සංගම් 1650ක් ඇති අතර ඉන් බොහෝමයක සිටින්නේ සාමාජිකයන් 50කටත් අඩු සංඛ්‍යාවකි. වෘත්තීය සංගම් වල සාමාජිකයන් අඩු වීමක් පෙන්නුම් කෙරේ. ඊට අමතරව විවිඩ සංධානයන්ද ඇත. බොහෝමයක් වෘත්තීය සංගම් වලට දේශපාලන සම්බන්ධතාවන් ඇත.ලංකා කම්කරු කොංග්‍රසය සහ ලංකා ජාතික වතු කම්කරු සංගමය ප්‍රධාන හා විශාලම වෘත්තීය සංගම් වේ.ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපතිවරයා පශු සම්පත් හා යටිතල පහසුකම් අමාත්‍යවරායද වේ.මෑත කාලයේදී විරැකියාව 10% දක්වා පහළ බැස ඇත. කෙසේ නමුත් උපාධිදාරී හා උසස් අධ්‍යාපනය ලැබූවන් අතර විරැකියාව සාමන්‍ය අධ‍යාපන මට්ටමක් ලබූවන් අතර විරැකියාවට වඩා ඉහළ අගයක පවතී.මෙම තත්වය අවම කිරිම සඳහා රජය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා යොමු වී තිබේ. එහිදී උපාධිදාරීන් හා අනෙකුත් උසස් අධ්‍යාපනය ලත් විද්‍යාර්තීන් හට රැකියා අවස්ථා ලබා ගත හැකි වන අයුරින් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට අවදානය යොමුව ඇත. තවද තරුණයන් සවි බල ගැන්වීම තුලින් විරැකියාව අවම කිරීම සඳහාත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ.

සාර්ව ආර්ථික උපනතිය

පහත වගුවෙන් දැක්වෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කරන ලද ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ උපනතිය වෙළඳ මිල අනුව ශ්‍රි ලංකා රුපියල් මිලියන වලිනි.

අවුරුද්ද දළ දේශීය නිෂ්පාදනය ඇ. ඩො. විනිමය
1980 66,167 16.53
1985 162,375 27.20
1990 321,784 40.06
1995 667,772 51.25
2000 1,257,637 77.00
2005 2,363,669 100.52
2016 6,718,000 145.00
2020 14,601,600 189.00

1977 දී කොළඹ විසින් වෙළඳපල ඉලක්ක කර ගත් ප්‍රතිපත්ති හා අපනයන ඉලක්ක කර ගත් වෙළඳාම් සඳහා වූ ආර්ථික ප්‍රතිපත්ති හා ආනයන ආදේශන වෙළඳ ප්‍රතිපත්ති අත්හල ලදි. වර්තමානයේ ශ්‍රි ලංකාවේ වඩාත් වේගවත් කර්මාන්ත වන්නේ ආහාර නිෂ්පාදන කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය, ආහාරපාන කර්මාන්තය, ජනසංන්නිවේදනය, රක්ෂණය සහ බැංකු කර්මාන්තයයි. 1996 වසරේදී වැවිලි බෝග අපනයනය 20%ක් පෙන්නුම් කිරිමේදී ඇඟලුම් කර්මාන්තය 63%ක අපනයනයක් විය. 90 දශකය පුරවට දළ දේශීය නිෂ්පාදිතයේ වාර්ශික සාමාන්‍ය වර්ධන අනුපාතය 5.5% ක අගයක් ගන්න ලදි. නමුත් 1996 වසර ඇතුලත ඇති වූ නියඟය හා සිවිල් ආරක්ෂාව පිරිහීම නිසවෙන් ආර්ථික වර්ධන අනුපාතය 3.8% වූ අඩු අගයකට පහත වැටුනි. 1997 හා 1998 වසර වලදී 6.4%ක හා 4.7%ක වර්ධනයක් ඇති වීමෙන් ආර්ථිකයේ නව පිබිදීමක් පෙන්නුම් කලත් 1999 වසරේදී නැවතත් 3.4% වර්ධනයක් ඇති වීමෙන්ට් ආර්ථිකය පසුබෑමකට ලක් වුනි.

මුල්‍ය ආයතන

 
ශ්‍රී ලංකා මුදල්

1950 දී පිහිටවනු ලැබූ ශ්‍රී ලංකා මහ බැංකුව, රටේ මුල්‍ය පරිපාලන අධිකාරිය ලෙස කටයුතු කරයි. එහි ප්‍රධාන වගකීම වන්නේ රටේ උන්නතිය සඳහා වූ මුල්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම හා මුල්‍ය පද්ධතිය පාලනය සඳහා වූ බලය ක්‍රියාවට නැංවීමයි.
ශ්‍රි ලංකාවේ ප්‍රධානතම කොටස් වෙළඳපල වන්නේ කොළඹ කොටස් වෙළඳපලයි. එය දකුණු ආසියාවේ නවීනතම තාක්ෂනයෙන් යුත් කොටස් හුවමාරු පද්ධතියකින් සමන්විත කොටස් වෙළඳපල ලෙස හඳුන්වයි. කොළඹ කොටස් වෙළඳපලේ ප්‍රධාන ශාඛාව, 1995 වසරේ සිට කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටා ඇති අතර මහනුවර, මාතර, කුරුණෑගල හා මීගමුව යන ප්‍රදේශයන්හි අනෙකුත් ශාඛා පිහිටුවා ඇත.

ආර්ථික යටිතල පහසුකම් සහ සම්පත්

ප්‍රවාහනය සහ මහමාර්ග

ගොනුව:Colombo Fort Sri Lanka, 1.jpg
කොළඹ කොටුව දුම් රිය ස්ථානය

ලංකාවේ බොහෝමයක් නගර රාජ්‍ය දුම් රිය සේවය වනශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම් රිය මර්ග වලින් යාවි ඇත. සියළුම් පොදු බස් ප්‍රවාහන කටයුතු වල වගකීම ජාතික ගමනා ගමන මණ්ඩලයට පැවරී ඇත.
ශ්‍රි ලංකාවේ මහාමාර්ග වල මුළු දිග ප්‍රමාණය කිලෝ මීටර් 11000 පමණ වේ. රටේ ආර්තිකය හා ප්‍රවාහන පද්ධතියේ වර්ධනයට උපකාරී වන අධිවේගී මාර්ග තැනීමේ ව්‍යපෘති කිහිපයක් වර්තමාන රජය විසින් ප්‍රකාශයට පත් කර අත. එහිදී කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය, කොළඹ - මහනුවර (කඩුගන්නව )අධිවේගී මාර්ගය, කොළඹ - පාදෙණිය අධිවේගී මාර්ගය, සහ පිටත වෘත්තීය අධිවේගී මාර්ගය, යනදී ව්‍යාපෘති මගින් කොළඹ මාර්ග තදබදය අඩු කිරීමට කටයුතු කරමින් සිටී.

බල ශක්තිය

 
නොරොච්චෝලේ තාප බලාගාරය

බලශක්ති නිෂ්පාදනයේ පාලිත ආයතනය වන්නේ බලශක්ති අමාත්‍යාංශයයි. විදුලිය නිෂ්පාදනය හා බෙදාහැරීම සිදුකරනු ලංකා විදුලිබල මණ්ඩලය මගිනි. රටට අවශ්‍ය බොහොමයක් බලශක්තිය නිෂ්පාදනය කරනුයේ මධ්‍යම පළාතේ ඇති විදුලි බලාගාර වලිනි.

ප්‍රධාන ආර්ථික අංශ

සංචාරක ක්ෂේත්‍රය

 
උණවටුන වෙරළ, සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගත් දකුණු මුහුදු තීරයේ පිහිටි සුන්දර වෙරළකි.

ශ්‍රි ලංකවේ ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍රයක් ලෙස සංචාරක කර්මාන්තය පිළිගැනේ. ශ්‍රි ලංකාවට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට ප්‍රධාන ලෙස ශ්‍රි ලංකාව වටා ඇති විශේෂයෙන් දකුණු හා නැගෙනහිර මුහුදු තීරයන් ඓතිහාසික වටිනාකම් වලින් පිරිපුන් ලෝක උරුම නගර හා සුන්දර කඳුකරයේ පිහිටා අති ස්වාභාවික සෞන්දර්‍යෙන් අනූන වූ හරිත වර්ණ තානායම් ඉවහල් වේ.
රත්නපුර ප්‍රදේශයේ නිරන්තරයෙන් හමුවන පද්මරාග හා නිල් මැණික් වැනි වටිනා මැණික් ගල් කර්මාන්තය සහ ඒ අවට පරිසරයන් ද මෙරට සංචාරකයන්ගේ අවදානය යොමු වන තවත් ස්ථාන වේ. මෙලෙසින් වටිනා මැණික් ගල් නරඹන්නට පැමිණෙන සංචාරකයින් හට ශ්‍රි පාදය කන්ද, සිංහරාජය වැසි වනාන්තරය, උඩවළව ජාතික වනෝද්‍යානය හාකිතුල්ගල ( The Bridge on the River Kwai චිත්‍රපටය රූපගත කල ස්ථානය ) වැනි සුවිශේෂි ස්ථාන ද නැරඹීමට අවස්ථාව ලැබේ.
2004 වසරේදී ඇතිවූ සුනාමි ව්‍යසනය හා දශක 3ක් පුරා පැවති යුධමය වාතාවරණය මෙරට සංචාරකයින්ගේ පැමිණීමට දැඩි බාධාවක් විය. එහෙත් ජ්‍යාත්යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ 2007 වර්ශය හා සන්සන්දනය කිරීමේදී 2008 වසරේ ජනවාරි මස 0.6% ලෙස පැවති සංචාරකයින්ගේ පැමිණීම 2008 මාර්තු මාසය වන විට 8.6% කින් ඉහළ ගිය බවයි.

තේ කර්මාන්තය

 
කඳුකරයේ පිහිටා ඇති තේ වතුයායක්

ශ්‍රි ලංකාවට විදේශ විනිමය දෙනු ලබන ප්‍රධානතම වැවිලි කර්මාන්තය වනතේ කර්මාන්තය , 1995 වසරේ ලෝකයේ තේ අපනයන වෙළඳපලෙන් 23%ක දායකත්වයක් ලබා දුනි. ඒ කෙන්යාව 22% වෙළඳපලක් හිමි කර ගන්න්න විටදීය. ඉහළ තත්වයෙන් යුත් තේ නිශ්පාදනය කිරීමටශ්‍රි ලංකාවට හැකි වී ඇත්තේ, තේ කර්මාන්තයට හිතකර භූගෝලීය සාධක වලින් අනූන වූ රට අභ්‍යන්තර ඇති සිසිල් බවෙන් යුත් කඳුකරය , අවුරුද්ද පුරා පවතින අඩු උෂ්නත්වයෙන් යුත් කාළගුණය, වාර්ශික වර්ශාපතනය හා ආර්ද්‍රතාවයයි.
තේ කර්මාන්තය ශ්‍රි ලංකාවට හදුන්වා දෙනු ලැබුවේ 1852 වසරේදී මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික වැවිලි කරුවකු වනජේම්ස් ටේලර් විසින් 1867 වසරේදීය. වර්තමානයේදී බ්‍රිතාන්‍ය හා අනෙකුත් යුරෝපා සහ බටහිර රටවලට තේ අපනයනය කරන්නන් අතර ශ්‍රී ලංකාවද ඉහළ ස්ථානයක සිටී. තේ කර්මාන්තයේ වර්ධනය තුළින් රට තුල ඇති දරිද්‍රතාවය පිටු දැකීමට හැකිවෙනු ඇත.

ඇඟලුම් කර්මාන්තය

ඉහළ තත්වයෙන් යුත් නිමි ඇඳුම් නිෂ්පාදනයේ නියුතු ශ්‍රි ලංකාවේ ඇඟලුම් කර්මාන්තය තවත් එක් ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍රයකි. ශ්‍රි ලංකාවේ ප්‍රධාන අපනයනකරුවන් වන්නේඇමෙරිකා එක්සත් ජනපදය හා යුරෝපා රටවල්ය. ප්‍රධාන පෙළේ විලසිතා නිපයුම් ව්‍යාපාර වන Victoria's Secret, Liz Claiborne සහ Tommy Hilfiger සඳහා වන ඉහල තත්වයෙන් යුත් නිමි ඇඳුම් නිපදවන ඇඟලුම් කර්මාන්තශාලා 900 ක් පමණ රට පුරා විසිරී ඇත.

කෘෂිකර්මාන්තය

 
වී වගා කිරීමේ නියුතු ගොවියෙක්

කෘෂිකර්මාන්තය ශ්‍රි ලංකවේ පැරණිතම ආර්ථික ක්ෂේත්‍රයයි. එය වසර 2500ක් පමණ පැවති කර්මාන්තයකි. ගෘහස්ත පරිභෝජනය් සඳහා වී, පොල් හාධාන්‍ය වර්ග නිෂ්පාදනය ශ්‍රි ලංකාවේ සංස්කෘතිය හා බැඳි පවතින්නා වූ අංගයක් වේ. 1967 වසරේ සිට පැවති තේ කර්මාන්තය කෘෂිකර්මාන්තය යටතට නොගන්නේ, එය හුදෙක්ම අපනයනය සඳහා යොදා ගන්නා බැවිනි.
ශ්‍රි ලංකාවට ආවේනික වූ වෛද්‍ය ක්‍රමය වන ආයුර්වේදය සඳහා බොහෝ විට ගංජා සහකංසා වැවීම ද සිදුවේ.

ලෝක ආර්ථික සබඳතා

ශ්‍රී ලංකාවේ මුළු අපනයන වලින් 38% ක් වූ අපනයනය සිදු කරනු ලබන්නේ, රටට ඉතාමත් වැදගත් , 2002 වසරේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.8ක වටිනාකමකින් යුක්ත වූ ඇමෙරිකා එක්සත් ජනපද වෙළඳපලයි. බොහෝ කාලයක් සිට ශ්‍රි ලංකවේ ඇඟලුම් සඳහා වන විශාලතම වෙළඳපල පැවතියේ ඇමෙරිකා එක්සත් ජනපදයේය. එය රටේ මුළු ඇඟලුම් අපනයනයෙන් 63%කටත් වඩා වැඩි ප්‍රමාණයක් පෙන්නුම් කරයි.
2002 වසරේදී ශ්‍රි ලංකාවේ විශාලතම සැපයුම්කරුවා වූයේ ඉන්දියාවයි. එය ඇ. ඩො. මිලියන 835ක අපනයනයන්ගෙන් යුක්ත විය. සම්ප්‍රදානුකූලව ශ්‍රි ලංකාවේ හතරවෙනි විශාලතම සැපයුම්කරුවා වන්නේ, 2002 වසරේදී ඇ. ඩො. මිලියන 355ක අපනයනයක් සිදු කරනු ලැබූ ජපානයයි. අනෙකුත් ප්‍රධාන පළේ සැපයුම්කරුවන් වන්නේ හොංකොං, සිංගප්පූරුව, තායිවානය හා දකුණු කොරියාවයි. ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රි ලංකාවේ 10 වැනි විශාලතම සැපයුම්කරුවාය. ශ්‍රි ලංකා මහ බැංකුවේ වෙළඳ දත්ත අනුව ඇමෙරිකා එක්සත් ජනපදය මෙරටට සිදු කරනු ලැබූ අපනයනය 2002 වසරේදී ඇ. ඩො. මිලියන 218ක් විය. ඇමෙරිකා එක්සත් ජනපද රේගු වාර්තා අනුව ශ්‍රි ලංකාවට සිදු කල අමෙරිකානු අපනයනය ඇ. ඩො. මිලියන 166කි. ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රි ලංකාවට සිදු කල අපනයනයෙන් 14%ක්ම තිරිඟු පිටි සඳහා විය.

සබැඳි පිටු

ශ්‍රී ලංකා මහ බැංකුව
කොළඹ කොටස් වෙළඳපල

අඩවියෙන් බැහැර පිටු

  • Global Economic Prospects: Growth Prospects for South Asia සංරක්ෂණය කළ පිටපත 2012-12-05 at archive.today The World Bank, Dec. 13, 2006
  • CSE ALL-SHARE
  • CIA Factbook සංරක්ෂණය කළ පිටපත 2018-12-24 at the Wayback Machine
  • ශ්‍රී ලංකාවේ ආර්ථිකය at the Open Directory Project
  • Information and News
ඉහළට