සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වර්ෂ 1940 දී ආනන්ද සමරකෝන් මහතා විසින් රචිත මෙම ගීය 1951 නොවැම්බර් මස 22 දින සිට ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස නම් කරනු ලැබිය.මේ ගීතය විශේෂ අවස්ථාවලදී ගායනා කරයි

ශ්‍රී ලංකා ජාතික ගීය

  • මුල් පිටුව
  • ශ්‍රී ලංකා ජාතික ගීය

වර්ෂ 1940 දී ආනන්ද සමරකෝන් මහතා විසින් රචිත මෙම ගීය 1951 නොවැම්බර් මස 22 දින සිට ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස නම් කරනු ලැබිය.මේ ගීතය විශේෂ අවස්ථාවලදී ගායනා කරයි

ශ්‍රී ලංකා මාතා
ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය
මේ රටෙහි ජාතික ගීය ශ්‍රී ලංකාව
පද රචනයආනන්ද සමරකෝන්, 1940
සංගීතයආනන්ද සමරකෝන්, 1940
උපයෙදුම1951
ශ්‍රී ලංකා මාතා (වාද්‍ය)

මෙම ගොනුවට සවන්දීමේ ගැටලුවක්ද? මාධ්‍ය උදව් වෙතට යොමු වන්න.

ඉතිහාසය

‍ලොව මුල් කාලයේ ජාතිකත්ව හැඟීමක් මතුවී නොආවද මධ්‍යකාලීන යුගයට පිවිසීමත් සමඟ ප්‍රථමයෙන්ම යුරෝපීය රටවල ජාතිකත්ව හැඟීම් ඉස්මතු විය. ඒ අනුව සෑම ජන වර්‍ගයකටම ආවේණික වූ ජන ගායනා බිහිවූ අතර නොයෙක් වෘත්තීන්හි යෙදෙන විවිධ ජන කොටස් වලින් සමන්විත ජාතියක, සංස්කෘතිය පිළිබිඹු කරන ගීතයක් තම ජාතික ගීය ලෙස පිළිගනු ලැබුණි. මේ අනුව ලොව පැරණිතම ජාතික ගීය ලෙස නෙදර්ලන්ත ජාතික ගීය ක්‍රි.ව.1626 දී භාවිතාවට පත්විය. බ්‍රිතාන්‍ය ජාතික ගීය ක්‍රි.ව.1745 දී ආරම්භ වුවද එහි නෙදර්ලන්ත ජාතික ගීයට වඩා වැඩි ‍ඵෙතිහාසික අගයක් පිළිඹිබු වන බව පිළිගනී. ඒ අනුව ජාතික ගීය සෑම රටකම රටේ ජනතාවගේ ප්‍රෞඪත්වය හා අනන්‍යතාවය තහවුරු කරන සංකේතයක් බවට නිතැතින්ම පත්වී ඇත.

ශ්‍රී ලංකාවට ජාතික ගීයක අවශ්‍යතාවය මතුවූයේ 1815 දී සමස්ත ලංකාවම බ්‍රිතාන්‍ය පාලනයට නතු වීමෙන් පසුවය. බ්‍රිතාන්‍යයන්ගේ ආභාෂයට අනුව එකල ශ්‍රී ලංකාවේ ජාතික ගීය වූයේ බ්‍රිතාන්‍ය ජාතික ගීයයි. නමුත් අධිරාජ්‍යවාදී ග්‍රහණයෙන් මිදුණු පසු ශ්‍රී ලංකාවේ අනන්‍යතාව සුරකින ශ්‍රී ලංකාවටම ආවේණික වූ ජාතික ගීයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය දැඩිව පැන නැඟුණි. මෙය මතුවූයේ විසිවන සියවසේ හතරවන දශකයේ දී ය. මේනිසා 1948 ජනවාරි 31 වැනි දින ජාතික ගීයක් තෝරා ගැනීමේ තරඟයක් පවත්වන ලදී. ඒ සඳහා එකල අධ්‍යාපන ඇමතිව සිටි ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා, ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමි, ඇම්. ජේ. පෙරේරා යන මහත්වරුද ගීත ඉදිරිපත් කළහ. ආනන්ද සමරකෝන් මහතා වෙනුවෙන් එම මහතාගේ මැතිණිය කැරලයින් ද සිල්වා මහත්මිය ද, " නමෝ නමෝ මාතා " ගීතය ඉදිරිපත් කළාය. සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා ඉදිරිපත් කර තිබුණේ " සිරිලක මාතා නමදිමු සැමදා " ගීතයයි. අවසානයේදී එම විනිසුරු මඬුල්ලේම සිටි පී. බී. ඉංගසින්හ නොතාරිස් රාළහාමි රචනා කළ එහිම විනිසුරුවරයෙකුව ක්‍රියා කළ ලයනල් එදිරිසිංහ මහතා සංගීතවත් කළ " ශ්‍රී ලංකා මාතා පාලා යස මහිමා ජය ජය " ගීතය තරඟයෙන් ප්‍රමුඛස්ථානය ගත්තේ විවේචන රැසකට භාජනය වෙමිනි.

1948 පෙබරවාරි 4 වැනි දින පැවති පළමු නිදහස් උත්සවයේ දී ගායනා කරනු ලැබුයේ මෙම ගීතයයි.නමුත් දෙවන නිදහස් දිනයේදී ගායනා කරනු ලැබුයේ " නමෝ නමෝ මාතා" යන ආනන්ද සමරකෝන් ශූරීන්ගේ ගීතයයි. 1950 අප්‍රේල් මස මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා විසින් ඇමති මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කිරීමෙන් 1951 නොවැම්බර් 22 වැනි දින නිළ ජාතික ගීය ලෙස " නමෝ නමෝ මාතා " ගීය ප්‍රකාශයට පත් කෙරුණි.

මෙහිදී ආනන්ද සමරකෝන් මහතා පිළිබඳ තරමක් දත යුතු මනාය. 1911 ජනවාරි 13 වැනි දින උපත ලද මොහු මුල් කාලයේ හැඳින්වූයේ ජෝර්ජ් සමරකෝන් ලෙසය. සංගීතයට උපන් හපනෙක් විය. අධ්‍යාපනය නිමවා කෝට්ටේ ක්‍රිස්තියානි විදුහලේ චිත්‍ර කලා ගුරුවරයා ලෙස 23 විය තෙක් සේවය කොට 1936 දී ඉන්දියාව බලා ගියේ චිත්‍ර කර්‍මය හා සංගීතය ඉගැනීමටය. වසර 05 ක දැනුම මාස 06 කින් නිමවා එන විට ඔහු ආනන්ද සමරකෝන් ලෙස නම වෙනස් කළේය. 1939 දී ගීත ගායනයට යොමු වූ මෙම ශූරීන් වැඩිමනක් ගැයූ ගීතවල පදමාලාව , තනුව, ස්වතන්ත්‍ර නිර්මාණ විය. එකල උපදේශාත්මක ගීත, ආගමික ගීත ආකෘතීන්ගෙන් මිදී ප්‍රේම ගීත ගායන‍ය‍ට මොහු පුරෝගාමීත්වය සැපයීය. ඒ අනුව මෙම 1948 දී පැවති තරඟයේදී ඉදිරිපත් කළ " නමෝ‍ නමෝ මාතා " ගීය ප්‍රථමයෙන් ගායනා කොට ඇත්තේ එච්. එම්. වී. තැටියකටය.

" නමෝ නමෝ මාතා" ගීය ජාතික ගීය ලෙස පිළිගැනීම එතරම් සුමට කාර්යයක් නොවිණි. ඊට එරෙහිව වාද විවාද චෝදනා පමණක් නොව ඒවාට රුකුල් සපයන චෝදනා සනාථ කරන සාක්ෂීන්ද මැවෙන්න‍ට විය.

* එහි "න" අක්ෂරය අපාය අක්ෂරයක් වීම.
* ආරම්භක ගණය අනිටු ගණයක් වීම.
* භක්ති රසය ජනනය වීම.

ශ්‍රී ලංකාවේ ජාතික ගීය

ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්‍තී පූජා
නමෝ නමෝ මාතා
අප ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
ඔබ වේ අප විද්‍යා
ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්‍ති
අප හද තුළ භක්‍තී
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්‍තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්‍ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම භේද දුරැර දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    සාකච්ඡාව:මාර්ටින් වික්‍රමසිංහ

  • අප්‍රේල් 04, 2026

    Supportive treatment

  • මාර්තු 31, 2026

    ඔලිම්පික්

  • අප්‍රේල් 04, 2026

    එක්සත් ජනපද

  • මාර්තු 30, 2026

    ඌව වෙල්ලස්ස කැරැල්ල

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට