සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වෙබ් බ්‍රවුසරයක් යනු විශ්ව විසිරි වියමනේ ඇති වෙබ් පිටු වැනි සම්පත් ලබාගැනීමට, දර්ශනය කිරීමට සහ සොයා යෑමට සමත් මෘදුකාංගයකි. මෙම සම්පත් කරා ළඟා වීමට ඒකීය සම්පත් අ

වෙබ් බ්‍රව්සර

  • මුල් පිටුව
  • වෙබ් බ්‍රව්සර

වෙබ් බ්‍රවුසරයක් යනු විශ්ව විසිරි වියමනේ ඇති වෙබ් පිටු වැනි සම්පත් ලබාගැනීමට, දර්ශනය කිරීමට සහ සොයා යෑමට සමත් මෘදුකාංගයකි. මෙම සම්පත් කරා ළඟා වීමට ඒකීය සම්පත් අනන්‍යකාරකය (URL) නමැති ලිපිනයන් භාවිතා වෙයි. මේවායේ ඇති සබැඳි අදාළ සම්පත් වෙත ගමන් කිරීම පහසු කරයි.

StatCounter වෙබ් අඩවියට අනුව වෙබ් බ්‍රවුසර භාවිතය

ලොව ප්‍රධානතම වෙබ් බ්‍රවුසර අතර ගූගල් ක්‍රෝම්, යැන්ඩේක්ස්, මොසිල්ලා ෆයර්ෆොක්ස්, ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්, ඔපෙරා සහ සෆාරි මුල් තැන ගනියි.

ඉතිහාසය

ටිම් බර්නර්ස් ලී විසින් 1990 දී මුල්ම වෙබ් බ්‍රවුසරය නිර්මාණය කරන ලදී. මෙය WorldWideWeb නම් වුණු අතර පසුව Nexus ලෙසට වෙනස් කෙරිණ.

වෙබ් බ්‍රවුසර ඉතිහාසයේ මීළඟ ප්‍රධාන සංධිස්ථානය වන්නේ 1993 දී මාක් ඇන්ඩර්සන් විසින් මොසේක් වෙබ් බ්‍රවුසරය නිර්මාණය කිරීමයි. පසුව නෙට්ස්කේප් ලෙස නම් කෙරුණු මෙය "ලොව ප්‍රථම ජනප්‍රිය වෙබ් බ්‍රවුසරය" ලෙසින් හැඳින්වෙයි.

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් 1995 දී මොසේක් ආභාෂය සහිත ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වෙබ් බ්‍රවුසරය හඳුන්වා දෙන ලදී. ඉක්මනින්ම එය ලොව වඩාත්ම භාවිතාවෙන වෙබ් බ්‍රවුසරය බවට පත් වූයේ 2002 දී 95%ක උපරිම පරිශීලකයන් ප්‍රමාණයක් වාර්තා කරමිණි.

ඔපෙරා වෙබ් බ්‍රවුසරය 1996 දී නිකුත් වුණු නමුත් එහි භාවිතය තවමත් අඩු මට්ටමක පවතියි. ජංගම දුරකථන සඳහා එය නිකුත් කළ ඔපෙරා මිනි බ්‍රවුසරය ඉතා ඉහළ පරිශීලනයක් සහිත ජංගම බ්‍රවුසරයකි.

1998 දී නෙට්ස්කේප් සමාගම මොසිල්ලා පදනම ආරම්භ කළේ තරගකාරී විවෘත කේත වෙබ් බ්‍රවුසරයක් නිර්මාණය කිරීමේ අරමුණෙනි. එය විසින් ලොව ඉතා ජනප්‍රිය බ්‍රවුසරයක් වන මොසිල්ලා ෆයර්ෆොක්ස් 2004 දී නිපදවන ලදී.

ඇපල් සමාගම සිය සෆාරි වෙබ් බ්‍රවුසරයේ පළමු බීටා වෙළුම 2003 ජනවාරියේ දී නිකුත් කළේය. ඇපල් මෙහෙයුම් පද්ධති මත දුවන උපකරණ වැඩි ප්‍රමාණයක සෆාරි භාවිතා වෙයි.

මෑත දී බ්‍රවුසර වෙළෙඳපොළට පැමිණි ප්‍රධාන තරගකරු වන ගූගල් ක්‍රෝම් 2008 දී ගූගල් සමාගම විසින් නිකුත් කෙරිණි. වර්තමානය වන විට ලොව වැඩියෙන්ම භාවිතාවන වෙබ් බ්‍රවුසරය ලෙස සැළකුනත් සියලුම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් සංස්කරන එකට ගත් කල තවමත් ක්‍රෝම් දෙවැනි තැන ගනියි.

මෙයද බලන්න

  • වෙබ් බ්‍රව්සර ලයිස්තුව
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 07, 2026

    Pi:पालि Pāli

  • අප්‍රේල් 03, 2026

    අභය රජ

  • අප්‍රේල් 20, 2026

    මහා අශෝක

  • මැයි 19, 2026

    කිඹුල් උභතෝකෝටිකය

  • අප්‍රේල් 05, 2026

    ආක්ෂක ආනතිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට