සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වියට්නාම් යුද්ධය (වියට්නාම්: චියෙං චං වියට් නාම්), දෙවන ඉන්දුචින යුද්ධය, ඇමෙරිකාවට එරෙහි ප්‍රතිරෝධී යුද්ධය හෝ සරලව ඇමෙරිකානු යුද්ධය ලෙස හැඳින්වෙන්නේ සීතල යුද්ධය

වියට්නාම් යුද්ධය

  • මුල් පිටුව
  • වියට්නාම් යුද්ධය

වියට්නාම් යුද්ධය (වියට්නාම්: චියෙං චං වියට් නාම්), දෙවන ඉන්දුචින යුද්ධය, ඇමෙරිකාවට එරෙහි ප්‍රතිරෝධී යුද්ධය හෝ සරලව ඇමෙරිකානු යුද්ධය ලෙස හැඳින්වෙන්නේ සීතල යුද්ධය-යුගය තුල, 1955 නොවැම්බර් 1 වන දින සිට 1975 අප්‍රේල් 30 දිනදී සයිගොං යටත්වීම දක්වා වියට්නාමය, ලාඕසය, සහ කාම්බෝජය යන රටවල් තුල පැවති හමුදාමය ගැටුමකි. ඉන්දුචින යුද්ධ වලින් දෙවැන්න වූ එම සටන නිලවශයෙන් උතුරු වියට්නාමය සහ දකුණු වියට්නාම රජය අතර පැවතුණි. උතුරු වියට්නාම හමුදාවට සෝවියට් සංගමය, චීනය සහ අනෙකුත් කොමියුනිස්ට් රටවල සහාය ලැබුණු අතර දකුණු වියටනාම හමුදාවට එක්සත් ජනපද, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව, තායිලන්තය සහ වෙනත් කොමියුනිස්ට්-විරෝධී රටවල සහාය ලැබුණි. එනිසා එම යුද්ධය, සිතල යුධ සමයේ අතුරු යුද්ධය (proxy war) ක් ලෙස සළකනු ලැබේ. එම යුද්ධය එක්සත් ජනපදයට සිදු වූ අවමානයක් ලෙස සළකනු ලැබේ.

වියට්නාම් යුද්ධය
ඉංග්‍රීසි: Vietnam War
වියට්නාම: Chiến tranh Việt Nam
Clockwise from top left:
  • US Huey helicopters inserting South Vietnamese ARVN troops, 1970
  • North Vietnamese PAVN troops in action, ආ. 1966
  • US Marines using a flamethrower, 1967
  • South Vietnamese officer summarily executing a Viet Cong officer during the Tet Offensive, 1968
  • US Navy A-4 Skyhawk on a bombing run, 1966
  • Burial of civilians killed in the Massacre at Huế, 1968
දිනය1 November 1955 – 30 April 1975
(සැකිල්ල:Age in years, months, and days)
පිහිටුම
South Vietnam, North Vietnam, Cambodia, Laos, South China Sea, Gulf of Thailand
ප්‍රතිඵලය

North Vietnamese victory

  • Withdrawal of American-led forces from Indochina
  • Communist governments take power in South Vietnam, Cambodia and Laos
  • South Vietnam is annexed by North Vietnam
භුමිප්‍රදේශාත්මක
වෙනස්වීම්
Reunification of North and South Vietnam into the Socialist Republic of Vietnam.
යුද්ධාවතීරයන්

සැකිල්ල:රටේ දත්ත South Vietnam
United States
 South Korea
සැකිල්ල:රටේ දත්ත Thailand
 Australia
 Philippines
 New Zealand
සැකිල්ල:රටේ දත්ත Khmer Republic
 Kingdom of Laos

Military support:
 තායිවානය

Other support
  •  Malaysia
  • Spain
  •  Canada
  • Iran
  • සැකිල්ල:රටේ දත්ත West Germany
  •  Brazil
  •  Japan

සැකිල්ල:රටේ දත්ත North Vietnam
සැකිල්ල:Country data Republic of South Vietnam Viet Cong
Khmer Rouge
සැකිල්ල:Country data Laos Pathet Lao
 China
 North Korea

Military support:
 Soviet Union
 Cuba

Other support
  • චෙකොස්ලොවැකියාව Czechoslovakia
  • බල්ගේරියාව Bulgaria
  • සැකිල්ල:රටේ දත්ත East Germany
  • රුමේනියාව Romania
  • සැකිල්ල:රටේ දත්ත Polish People's Republic
  • හන්ගේරියාව Hungary
  •  Sweden
ආඥාපතියන් සහ නායකයන්
සැකිල්ල:Country data South Vietnam Ngô Đình Diệm †
සැකිල්ල:Country data South Vietnam Nguyễn Văn Thiệu
සැකිල්ල:Country data South Vietnam Nguyễn Cao Kỳ
සැකිල්ල:Country data South Vietnam Cao Văn Viên
සැකිල්ල:Country data South Vietnam Ngô Quang Trưởng
එක්සත් ජනපද John F. Kennedy
එක්සත් ජනපද Lyndon B. Johnson
එක්සත් ජනපද Richard Nixon
එක්සත් ජනපද Gerald Ford
එක්සත් ජනපද Robert McNamara
එක්සත් ජනපද William Westmoreland
එක්සත් ජනපද Creighton Abrams
එක්සත් ජනපද Frederick C. Weyand
දකුණු කොරියාව Park Chung-hee
තායිලන්තය Thanom Kittikachorn
ඕස්ට්‍රේලියාව Robert Menzies
ඕස්ට්‍රේලියාව Harold Holt
ඕස්ට්‍රේලියාව John McEwen
ඕස්ට්‍රේලියාව John Gorton
ඕස්ට්‍රේලියාව William McMahon
සැකිල්ල:Country data PHI Ferdinand Marcos
නවසීලන්තය Keith Holyoake
නවසීලන්තය Jack Marshall
නවසීලන්තය Norman Kirk
සැකිල්ල:Country data ROC Chiang Kai-Shek
…and others
සැකිල්ල:Country data North Vietnam Ho Chi Minh
සැකිල්ල:Country data North Vietnam Lê Duẩn
සැකිල්ල:Country data North Vietnam Võ Nguyên Giáp
සැකිල්ල:Country data North Vietnam Văn Tiến Dũng
සැකිල්ල:Country data North Vietnam Lê Trọng Tấn
සැකිල්ල:Country data North Vietnam Phạm Văn Đồng
සැකිල්ල:Country data Republic of South Vietnam Hoàng Văn Thái
සැකිල්ල:Country data Republic of South Vietnam Trần Văn Trà
සැකිල්ල:Country data Republic of South Vietnam Nguyễn Văn Linh
සැකිල්ල:Country data Republic of South Vietnam Nguyễn Hữu Thọ

…and others
හමුදාමය ප්‍රබලතාවය

≈1,420,000 (1968)
සැකිල්ල:Country data South Vietnam: 850,000 (1968)
1,500,000 (1974–75)

 United States: 543,000 (April 1969)
 South Korea: 50,003
 Thailand: 11,570
 Australia: 7,672
 Philippines: 2,061
 New Zealand: 552

≈860,000 (1967)

සැකිල්ල:Country data North Vietnam: 690,000 (January 1967, included NVA and Viet Cong)
සැකිල්ල:Country data Republic of South Vietnam Viet Cong: 200,000 (estimated, 1968)
 China: 170,000 (1967)
සැකිල්ල:Country data North Korea: 200
අපාතිකයන් සහ හානි

සැකිල්ල:Country data South Vietnam
195,000–430,000 civilian dead
254,256–313,000 military dead
1,170,000 wounded
 United States
58,220 dead; 303,644 wounded (including 150,341 not requiring hospital care)
 South Korea
5,099 dead; 10,962 wounded; 4 missing
 Australia
521 dead; 3,129 wounded

 Thailand
351 dead; 1,358 wounded
 New Zealand
37 dead; 187 wounded
 Taiwan
25 dead;
 Philippines
9 dead; 64 wounded

Total military dead: 318,568–377,311
Total wounded: ≈1,340,000+

සැකිල්ල:Country data North Vietnamසැකිල්ල:Country data Republic of South Vietnam North Vietnam & Viet Cong
65,000 civilian dead
849,018 military dead
600,000+ wounded
 China
≈1,100 dead and 4,200 wounded
සැකිල්ල:Country data North Korea
14 dead

Total military dead: 850,132+
Total wounded: ≈604,200

Vietnamese civilian dead: 627,000–2,000,000
Vietnamese total dead: 966,000–3,091,000
Cambodian Civil War dead: 240,000–300,000*
Laotian Civil War dead: 20,000–62,000*
Non-Indochinese military dead (sum): 65,425
Total dead (sum): 1,291,425–4,211,451
For more information see Vietnam War casualties and Aircraft losses of the Vietnam War

* indicates approximations

උතුරු වියට්නාමයේ සහාය ලද වියට්කොන්ග් නමැති දකුණු වියට්නාමිය කොමියුනිස්ට් පෙරමුණ එම කලාපයේ කොමියුනිස්ට් විරෝධී බලවේග වලට එරෙහිව ගරිල්ලා යුද්ධයක් ඇති කරන ලදී. එහිදී උතුරු වියට්නාම හමුදාව ලෙසටද හැඳින්වෙන වියට්නාම මහජන හමුදාව, විශාල හමුදා ඒකක සටනට යොදවමින් සම්ප්‍රධායික යුධමය තත්ත්වයක් ඇති කරන ලදී. යුද්ධය දිගටම ක්‍රියාත්මක වන්නට වූ විට වියට්කොන්ග් වරුන්ගේ යුධමය ක්‍රියා අඩු වූ අතර උතුරු වියට්නාම හමුදාවේ ක්‍රියාකාරිත්වය වර්ධනය විය. එක්සත් ජනපද සහ දකුණු වියට්නාම හමුදා ගුවන් ගුවන් බලය සහ ගිනි අවි බලය පිලිබඳ විශ්වාසය තබමින් පාබල හමුදා, ආටිලරි සහ ගුවන් ප්‍රහාර මගින් සෙවීමේ සහ විනාශ කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක අක්රන්නට විය. යුද්ධයේදී එක්සත් ජනපද මගින් උතුරු වියට්නාමයට එරෙහිව මහා පරිමාණ උපක්‍රමශීලී බෝම්බ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදී.

උතුරු වියට්නාම රජය සහ වියට්කොන්ග් සටන් වැදුණේ වියට්නාමය නැවත එක් කිරීම සඳහාය. ඔවුන් එම යුද්ධය සළකන ලද්දේ ප්‍රංශය සහ එක්සත් ජනපදය සමග පැවති පළමු ඉන්දුචින යුද්ධයේ දිගුවක් සහ යටත්විජිතවාදී යුද්ධයක් ලෙසටය. යුද්ධයට එක්සත් ජනපදයේ මැදිහත්වීම, එක්සත් ජනපද රජය විසින් සළකන ලද්දේ කොමියුනිස්ට්වාදීන් දකුණු වියට්නාමය අත්පත් කරගැනීම වැළක්වීමේ මාවතක් ලෙසිනි. මෙය, කොමියුනිස්ට්වාදය පැතිරයාම වැළක්වීම අරමුණු කරගත් පුළුල් වළකාලීමේ පිළිවෙතක එන ඩොමිනෝ සංකල්පයේ කොටසකි.

1950 ආරම්භයේ පටන් ඇමෙරිකානු යුධ උපදේශකයන් එවකට ප්‍රංශ ඉන්දුචිනයට පැමිණියහ. ප්‍රංශ යුධ ක්‍රියාන්විතය සඳහා ආධාර බොහෝමයක් එක්සත් ජනපදය විසින් සපයන ලදී. 1960 මුල් භාගයේදී එක්සත් ජනපද මැදිහත්වීම වර්ධනය වූ අතර 1961 දී සහ 1962 දී යුධ බල ඇණි ප්‍රමාණය තෙගුණ කරන ලදී. 1964 ටොන්කින් ගල්ෆ් සිදුවීමෙන් පසු එක්සත් ජනපද මැදිහත්වීම තවදුරටත් වැඩි විය. එහිදී ඇමෙරිකානු යාත්‍රාවක් උතුරු වියට්නාම වේග ප්‍රහාරක යානාවක් මගින් විනාශ වීම නිසා ටොන්කින් ගල්ෆ් යෝජනාව මගින් එක්සත් ජනපද හමුදා සහභාගිත්වය වැඩි කිරීමට එකසත් ජනපද ජනාධිපති අවසරය ලබා දෙන ලදී. 1965 පටන් සාමාන්‍ය එක්සත් ජනපද හමුදා ඛණ්ඩ මෙහෙයුම් වලට එකතු කරන ලදී. ජාත්‍යන්තර දේශසීමා ඉක්මවමින් ද මෙහෙයුම් ක්‍රියාත්මක වන්නට විය. ලාඕසයේ සහ කාම්බෝජයේ දේශසීමා ප්‍රදේශ උතුරු වියට්නාමය විසින් සැපයුම් ප්‍රදේශ ලෙසට භාවිත කරන ලදී. 1968 වනවිට යුද්ධයට ඇමෙරිකාවේ සහභාගිත්වය උපරිමයකට ලඟා වී තිබුණෙන් එම ප්‍රදේශ දැඩි ලෙස ඇමෙරිකානු බෝම්බ ප්‍රහාරයට ලක්වන්නට විය. 1968 දී කොමියුනිස්ට්වාදී පාර්ශ්වය විසින් Tet Offensive දියත් කරන ලදී. Tet Offensive හි අරමුණ වූයේ දකුණු වියට්නාම රජය බලයෙන් පහ කිරීමයි. එම අරමුණ ඉටු නොවූ නමුදු Tet Offensive යුද්ධයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්විය. වසර ගණනාවක් පුරා දකුණු වියට්නාමයට දැවැන්ත ලෙස යුධ ආධාර සපයමින් යුද්ධය දිනන බවට ඇමෙරිකානු රජය සිදුකල ප්‍රකාශ මායාවක් බව Tet Offensive මගින් විශාල ඇමෙරිකානු ප්‍රජාවකට ඒත්තු ගන්වන ලදී.

ක්‍රමිකව ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීම "වියට්නාමිකරණයේ" කොටසක් ලෙසට ඇරඹුණු අතර එමගින් ඇමෙරිකාව යුද්ධයෙන් ඉවත් වී කොමියුනිස්ට්වරු සමඟ යුද්ධ කිරීම දකුණු වියට්නාමයට පවරන ලදී. 1973 ජනවාරි මස සියළු පාර්ශව විසින් පැරිස් සාම සම්මුතිය අත්සන් තැබුවද එය නොතකා සටන් තවදුරටත් පැවතුණි. එක්සත් ජනපදයේ සහ බටහිර ලෝකය තුළ විශාල ප්‍රතිසංස්කෘතියක කොටසක් ලෙස දැවැන්ත වියට්නාම යුධ විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගුණි.

එක්සත් ජනපද හමුදා වල ඍජු මැදිහත්වීම් 1973 අගෝස්තු 15 අවසන් විය. උතුරු වියට්නාම හමුදාව 1975 අප්‍රේල් වලදී සයිගොන් අත්පත් කරගැනීම, යුද්ධයේ නිමාව සනිටුහන් කරන ලදී. ඊට පසු වසරේ දී උතුරු සහ දකුණු වියට්නාමය නැවත එක් කරන ලදී. යුද්ධය නිසා විශාල පිරිසකගේ ජිවිත අහිමි විය. ඇස්තමේන්තුගත වියට්නාම සොල්දාදුවන් සහ සිවිල් වැසියන්ගේ ජිවිත හානි වීම් ගණන 966 000 - මිලියන 3.1 තරම් පරාසයක පවතී. 240 000 සිට 300 000 දක්වා වූ කාම්බෝජ වැසියන් පිරිසකගේ ද 20 000 සිට 62 000 දක්වා වූ ලාඕස වැසියන් පිරිසකගේ ද ජිවිත යුද්ධය නිසා අහිමි විය. එක්සත් ජනපද හමුදා භටයින් 58 220 කගේ ජිවිත යුද්ධය නිසා අහිමි වූ අතර 1 626 දෙනෙකු ක්‍රියාන්විතයේදී අතුරුදන් වූවන්ගේ ලැයිස්තුවට ඇතුළත් වී ඇත.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 24, 2026

    මුඛ සංසර්ගය

  • මාර්තු 15, 2026

    කතරගම

  • අප්‍රේල් 12, 2026

    Marathi language

  • අප්‍රේල් 08, 2026

    පුත්තලම දිස්ත්‍රික්කය

  • මාර්තු 10, 2026

    අස්ගිරි විහාරය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට