විජිතපුර සටන දුටුගැමුණු රජු විසින් දකුණු ඉන්දියානු එළාර නම් සොලී ආක්‍රමනයට එරෙහිව දියත් කරන ලද තිරණාත්මක සටනක් විය.එළාර ආක්‍රමණිකයගෙන් නැවත රට මුදාගැනීමට සටන දියත් කිරීමෙන් පසු විජිතපුරයට පැමිණීමට පෙර දුටුගැමුණු රජු විසින් එළාරගේ ශක්තිමත් බලකොටු කිහිපයක් අත්පත් කරගන්නා ලදී. මාස හතරක නොනවතින සටනේ රජුගේ සේනාව සහ රාජකීය ඇතා මෙහිදී විශේෂ කාර්යක් ඉටු කරන ලදී. රජුගේ දස මහා යෝධයින් ගැන ඉපැරණි වංශකථාවන්හි පැහැදිලිව සදහන් කර ඇති අතර ඔවුන් යුද්ධයට සමබන්ද වීමට පෙර එකිනෙකා කරන ලද විවිධ අපහසු සහ රසවත් සිදුවීම්ද දක්වා ඇත.
| විජිතපුර සටන | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| දුටුගැමුණුගේ සේනාවගේ එළාරට එරෙහි සටන හි කොටසකි | |||||||||
| |||||||||
| යුද්ධාවතීරයන් | |||||||||
| දුටුගැමුණුගේ සේනාව | එළාරගේ සේනාව | ||||||||
| ආඥාපතියන් සහ නායකයන් | |||||||||
| දුටුගැමුණු | නොදනී | ||||||||
| හමුදාමය ප්‍රබලතාවය | |||||||||
| නොදනී | නොදනී | ||||||||
| අපාතිකයන් සහ හානි | |||||||||
| නොදනී | නොදනී | ||||||||
එළාරගේ මරණය සහ සේනාවන්හි පරාජයත් සමග දුටුගැමුණු රජුට ජයග්‍රහණය ලැබීමෙන් අනතුරුව සටන අවසන් වූ අතර එම සටන සිදුවූ ප්‍රදේශය නිශ්චිතව හදුනාගත නොහැකි වුවත් යම් යම් ප්‍රදේශ විජිතපුරය යැයි ඉතිහාසඥයන් විසින් අනුමාන කර ඇත. ශ්‍රී ලාංකික ඉතිහාසයේ වැදගත් සිදුවීමක් ලෙස මෙය සදහන් වී ඇති අතර මෑත කාලීනව ශ්‍රී ලංකාවේ පැවතිසිවිල් යුද්ධය සමයේ රටේ ජනතාවට නිතර සිහියට නැගුණු සිදුවීමක් ද විය.
වාර්තා
ශ්‍රී ලංකාවේ පැරණි වංශකථා වන මහාවංශය, දීපාවලිය,රාජාවලිය සහථුපවංශය යන ඉපැරණි වංශකථාවන්හි එළාරට එරෙහිව දුටුගැමුණු රජුගේ සටන තොරතුරු සහිතව සදහන් වී ඇත.එම සෑම සටහනකම මෙම සිදුවීම විස්තර කර ඇති අතර එයට ඉහල වටිනාකමක්ද එක් කර ඇත. රට තුල නැවත බුද්ධ ධර්මය පිහිටුවීමේ අරමුණින් මෙම සටන දියත් වු නිසා එය ධාර්මික සටනක් ලෙසද දැක්විය හැකි අතර එම නිසා දුටුගැමුණු රජු ශ්‍රී ලංකා ඉතිහාසය තුල වීරවරයෙක් ලෙස සලකයි.
පසුබිම
එකල එළාර අනුරාධපුරය පාලනය කල රජු විය.ඔහු දකුණු ඉන්දියාවෙන් පැමිණි චෝල අධිරාජ්‍ය ජාතික පාලකයෙක් වූ අතර අසේල නම් සිංහල රජු පරාජය කිරීමෙන් රටේ බලය අල්ලා ගන්නා ලදී. ආක්‍රමණයක් සිදුවුවත් එළාර බුද්ධ ධර්මයට අනුග්‍රහය දැක්වු පාලකයෙක් විය. රටේ බොහෝ ප්‍රදේශ මෙම එළාර රජුගේ පාලනයට යටත් වූ අතර නමුත් රුහුණු ප්‍රදේශය කාවන්තිස්ස නම් සිංහල රජු පාලනය කල අතර එම නිසා ඔහු එළාරගේ ප්‍රධාන සතුරා විය. දුටුගැමුණු යනු කාවන්තිස්ස රජුගේ වැඩිමහල් පුත්‍රයා විය.
කාවන්තිස්ස රජුගේ වියෝවත් සමග දුටුගැමුණු රුහුණේ පාලකයා බවට පත්විය.දුටුගැමුණු යලි රට තුල බුදු දහම පිහිටුවීමේ අදිටනින් එළාරට එරෙහි සටන දියත් කල අතර මාගම සිට මහවැලි ගඟ හරහා පැමිණ එළාර යටතේ පාලනය වූ බලකොටු සහ නගර අල්ලාගනිමින් ඔහුගේ සේනාවේ සිටි ඉහල නායකයන් ඝාතනය කරන ලදි.එහිදී එළාර යටතේ සිටි බොහෝ පිරිස දෙමළ ජාතිකයන් වූ අතර දිඝබය නම් දුටුගැමුණු රජුගේ ඥාති සහෝදරයෙක් එළාර සමග එක්වු බව ඉතිහාසයේ සදහන් වේ.
විජිතපුර
මෙම ජයග්‍රහණයන් සමග දුටුගැමුණුගේ සේනාව ඉතා වැදගත් බලකොටුවක් වන විජිතපුරය අල්ලාගැනිමට යොමු විය.සීගිරිය සහ මින්නේරිය අතර වූ මාවතකට දුටුගැමුණුගේ සේනාව ස්ථාන ගතවූ අතර එම මාවත ලංකාවේ තවත් පැරණි ශ්‍රේෂ්ට පාලකයෙක් වන පණ්ඩුකාභය රජු යුද කටයුතු සදහා යොදාගත් ප්‍රදේශයක් විය.
ආසන්න වශයෙන් අවුරුදු 300 කට පෙර පඩුවස්දේව රජුගේ මස්සිනා විසින් පිහිටුවන ලද විජිතපුරය මහාවංශයේ සදහන් වන්නේ විජිත නගර යන නමිනි. එළාර සමයේ විජිතපුරය ඔහුගේ ශක්තිමත් බලිකෘත බලකොටුවක් විය.ඉතිහාසයේ දක්වා ඇති පරිදි එම බලකොටුව ප්‍රාකාර තුනකින් වටවී තිබී ඇති අතර එම එක් ප්‍රාකර බිත්තියක උස රියන් 18 වූ බව කියවේ. බලකොටුවේ උතුරු, දකුණු, නැගෙනහිර සහ බස්නාහිර යන දිසා හතරෙහි යකඩ වලින් නිමවන ලද ශක්තිමත් ගේට්ටු හතරක් තිබී ඇත. රාජාවලියේ විස්තර ඇති පරිදි විජිතපුරය දෙවන වන්නේ අනුරාධපුරයට පමණි.
විජිතපුර බලය දෙපාර්ශවයටම තීරණාත්මක විය.බලකොටුවෙහි බලය අහිමිවීම එළාරගේ සේනාවන්ගේ දිරිය සුන් කිරීමක් විය. විජිතපුර නගරයේ බලය අල්ලා ගැනීම යනු දුටුගැමුණුගේ සේනාවේ අනුරාධපුරය අල්ලා ගැනීම වේගවත් කිරීමකි.
වටලෑම
යම් යම් ප්‍රදේශයන්හි ඇතිවූ දරුණු සටන් වලින් පරාජයවූ එළාරගේ සේනාව ජීවිත ආරක්ෂාව සහ නැවතත් ශක්තිමත් වීමේ අරමුණින් විජිතපුරය කරා පසු බැස ගියහ. නමුත් ජයග්‍රාහී දුටුගැමුණුගේ සේනාව එම බලකොටුව ආසන්නයටද පැමිණ කදවුරු බැදගන්නා ලදී. එම කදවුරුලාගත් ප්‍රදේශය පසුව බනදාවර පිත්ති හෝ කදවුරුපිටිය ලෙස හැදින්වුයේය. ඔවුන් ස්ථානගතවීමෙන් අනතුරුව බලකොටුව වෙත පහරදීම් සිදුකල අතර එළාරගේ සේනාවද සටන ඔවුන්ගේ පාර්ශවය දෙසට හරවා ගැනීමට සටන් කල අතර නමුත් දෙපාර්ශවයටම එය ඉටුකර ගැනීමට නොහැකි විය. මාස හතරක කාලයක් නගරය ආසන්නව කදවුරුලා සිටීමෙන් අනතුරුව නැවතත් බලකොටුව අල්ලාගැනීමට දුටුගැමුණුගේ සියළුම සේනාවෝ එක්ව සැලසුම් සහගත දැවැන්ත පහරදීමකට යොමු විය. එහිදී රජුගේ දසමහා යෝධයින් සහ සේනා සංවිධායකවරුන් ඉතා සුවිශේෂී කාර්යක් සටනේදී ඉටුකර ඇත.
රණශූර පරික්ෂාව
සටනට පෙර දුටුගැමුණු රජතුමා විසින් රණශූරයින්ගේ දක්ෂතාවයන් පරික්ෂාවට ලක්කර ගැනීමට කරනලද විවිධ පරීක්ෂණ ඉපැරණි වංශකතා ගෙනහැර දක්වයි. ඉන් පලමු පරීක්ෂණය ලෙස රා කල්දේරමක් පානය කලහැකි අයෙක් මේ අතර සිටින්නෙදැයි විමසු විට සියළු දෙනා එය ප්‍රතික්ෂේප කල අතර නමුත් සුරනිමල යෝධයා ඉදිරියට පැමිණ එම රා කල්දේරම කිසිදු අපහාසුතාවයකින් තොරව පානය කර ඇත.දෙවන පරීක්ෂණය සේනාවේ අණදෙන්නාවූ නන්දමිත්‍ර යෝධයා වෙත විය. දුටුගැමුණු රජතුමා ළග කණ්ඩුල නම් රාජකීය ඇතෙක් විය.කණ්ඩුල ඇතා කෝපාවිෂ්ට කර නන්දමිත්‍ර සමග සටනට යොමු කරනලද අතර නන්දමිත්‍ර කණ්ඩුල ඉදිරියේ සිටගත් අතර ඔහු ඇතාගේ දළ දෙකෙන් අල්ලා ඉහලට උස්සා දළ දෙකෙන්ම පොලවේ ගැසුවේය.මේ සියලුදේ අවසානයේ දුටුගැමුණු රජතුමා යුධබෙර නාදය හා ධජ ඉහලට එසවීමෙන් අනතුරුව විජිතපුරයට පහරදීම ආරම්භ කලේය.
අවසන් පහරදීම
දුටුගැමුණුගේ සේනාව එකවරම නගරයේ ගේට්ටු හතර අක්‍රමණය කලේය. ඔහු නන්දමිත්‍ර, සුරනිමල සහ කන්ඩුල ඇතා සමග ප්‍රධාන පහරදීම දකුණු ගේට්ටුව දෙසට දියත් කරන අතරතුර භරණ, කච්චදේව, ඵුස්සදේව සහ ලාභියවසභ පෙරටුකරගත් සේනාව උතුරු සහ බටහිර ගේට්ටු දෙසට ප්‍රහාර දියත් කලේය. මහසෝන, ගෝඨයිම්බර, ථේරපුත්තාභය සහ වේළුසුමන එක්ව නැගෙනහිර ගේට්ටු වෙත පහරදුනි. වේළුසුමනගේ අශ්වාරෝහක සටන දැක සහ සේනාව නැගෙනහිර ගේට්ටුව දෙසට දියත් කල මෙහෙයුමෙන් ගේට්ටුවේ ආරක්ෂකයන් බියවී ගේට්ටුව අත්හැර පලාගියේය.
එළාරගේ සේනාව පවුරේ උඩ සිට පවුරු බිත්තිය බිදීමට දරණ සෑම ප්‍රයත්නයකදීම ඉහල සිට උණු කරන ලද යකඩ පහල සිටින සේනාව දෙසට විසිකරන අතරතුර ඔහුගේ දුනු හේවායින් පවුරේ සිට ඊතල විදිමින් ඔවුන් දෙසට එන ආක්‍රමණය වැලැක්වීමට දැඩි ප්‍රයත්නයක් දැරුවේය. දකුණු ගේට්ටුව බිද දැමීමට කන්ඩුල ඇතා ප්‍රයත්න දරන අතරතුර එවන් ප්‍රහාරකට ඇතා ලක්වූයේය. තුවාලවලට ප්‍රතිකාර කිරීමෙන් හා ඝන සමකින් ඇතාගේ සම ආවරණය කරමින් පසු දුටුගැමුණු රජතුමා පවුර බිද දමන ලෙස ඇතාට විදානය කලේය. එය බිද දැමීමත් සමග නගරයට ඇතුලුවූ දුටුගැමුණුගේ හමුදාව විජිතපුරය බලකොටුව අල්ලා ගත්තේය. මෙහිදී දසමහා යෝධයින් කල කාර්ය සුවිශේෂිය. ඔවුන්ද පවුරු බිත්තිය තැන් කිහිපයකින් බිද දමා නගරයට අතුල්වී එළාරගේ හමුදාවට දැඩි ප්‍රහාරයක් දියත් කලේය. නගරය අත්හල එළාරගේ සේනාව අනුරාධපුරය දෙසට පලාගියේය.
ජයග්‍රහණය
විජිතපුර ජයග්‍රහණය අනුරාධපුරය අල්ලා ගැනීමේ සටන වේගවත් කලේය.ඉන් අනතුරුව තවත් ශක්තිමත් බලකොටු දෙකක් අල්ලාගනිමින් සටන අනුරාධපුරය දෙසට ලගාවූ අතර එහිදී දුටුගැමුණු එල්ලකරන ලද එක පහරකින් එළාර මියගිය අතර ඒ සමගම දුටුගැමුණු අනුරාධපුරයෙහි පමනක් නොව ලක් දිවයිනෙහිම පාලකයා බවට පත්විය.
වර්තමානය
විජිතපුර සටන ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා සුවිශේෂී සිදුවීමක් වන අතර රට තුල නැවත බුදු දහම පිහිටුවීමේ සටනේ ඉතා තීරනාත්මක සිද්ධියකි. විජිතපුර නගරයේ නියම පිහිටි ස්ථානය නිශ්චිත නැත. කලවැව යන ප්‍රදේශය ආසන්න වශයෙන් විජිතපුරය වියහැකි යැයි පුරාවිදාඥයන් ප්‍රකාශ කරයි. තවද හමුදාව කඩු ගෑ ගලක් පන්සල ආසන්නයේ අදටද දැකගත හැක.ඉපැරණි බලකොටුවකින් හමුවූ නටබුන් වලින් ඉතිහාසඥයන් හා පුරාවිදයාඥයන් මෙය පොලොන්නරුවට ආසන්න කදුරුවෙල නම් ප්‍රදේශයේ පිහිටා තිබෙන්නට ඇතයි විශ්වාස කරයි.