සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වළි කුකුළා ගම් කුකුළන්ට වඩා මඳක් කුඩා පක්‍ෂියෙකි. දිවයිනේ සියලුම කලාපවල දක්නට ලැබේ.වනාන්තර හා ලඳුකැලෑවල වාසය කරන පක්‍ෂියෙකි. වර්තමානයේ ප්‍රධාන වශයෙන් හමුවන්නේ ර

වළි කුකුළා

  • මුල් පිටුව
  • වළි කුකුළා
වළි කුකුළා
(Sri Lanka Junglefowl)
Male in Yala National Park, Sri Lanka
සංරක්ෂණ තත්ත්වය

අඩු අවධානයක් යොමු වූ  (IUCN 3.1)
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
Phylum: Chordata
වර්ගය: Aves
ගෝත්‍රය: Galliformes
කුලය: Phasianidae
ගණය: 'Gallus'
විශේෂය: ''G. lafayetii''
ද්වීපද නාමය
Gallus lafayetii
Lesson, 1831
Range
වළි කුකුළා
Gallus lafayettii

වළි කුකුළා ගම් කුකුළන්ට වඩා මඳක් කුඩා පක්‍ෂියෙකි. දිවයිනේ සියලුම කලාපවල දක්නට ලැබේ.වනාන්තර හා ලඳුකැලෑවල වාසය කරන පක්‍ෂියෙකි. වර්තමානයේ ප්‍රධාන වශයෙන් හමුවන්නේ රක්‍ෂිතයන් තුළය. දිවාකාලයේ වැඩි කොටසක් බිම ආහාර සොයමින් ගත කරන වලිකුකුළා පරීක්‍ෂාකාරී කුළෑටි පක්‍ෂියෙකි. ධාන්‍ය, වල්පැළෑටි වල බීජ, කුඩා ඵල වර්ග, මංසල ශාක පත්‍ර සහ අංකුර සහ පතංගයින්, පත්තෑයින් සහ වේයන් බඳු විවිධ කුඩා සතුන් වළිකුකුළාට ආහාර වේ. කඳුකර වනාන්තර වල නෙලු ශාකවල පුෂ්ප හටගෙන බීජ නිපදවන කාලවලදී වළිකුකුළන් මෙන්ම හබන් කුකුළන්ද මේවා ආහාරයට ගැනීමට කඳුකර වනාන්තර වලට යති. වළිකුකුළා කුඩා කඳුකර උණ ශාක වල බීජ කෑමටද ඉතා ප්‍රිය කරයි. මේවාද බීජ නිපදවන්නේ නෙලු මෙන් වසර කිහිපයකට වතාවකි.

වළිකුකුළා ප්‍රධාන වශ‍යෙන් අභිජනනය කරන්නේ දෙසැම්බර් අප්‍රේල් සහ අගෝස්තු සැප්තැම්බර් කාලවලදීය. නමුත් වසරේ අනෙක් කාලවලදීද බිත්තර දැමීමට ඉඩ තිබේ. කැදැල්ල බොහෝ විට ගසක් මුල හෝ වැටුණු කඳක් අසල බිම සූරා සාදා ගන්නා ලද නොගැඔුරු අවපතනයකි. මෙය පැළෑටි අතර සැඟවී පිහිටයි. නමුත් බොහෝ කැදලි පොළෝ මට්ටමෙන් ඉහළ ස්ථානවලද සාදනු ලැබේ. මේ කැදලි මැරුණු ගසක කඳක් මත නොහොත් එකට වෙලුණු වැල් අතර රැඳුණු රොඩු මත දක්නට ලැබේ.මෙය තුල බිත්තර තුනක් හතරක් පමණ දමයි. සර්වභක්ෂක වේ.

අඩවියෙන් බැහැර පිටු

  • Lankadeepa:::Urumaya සංරක්ෂණය කළ පිටපත 2009-01-11 at the Wayback Machine
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    දේවානම්පියතිස්ස රජ

  • අප්‍රේල් 04, 2026

    රාජ්‍ය සංස්ථා

  • මාර්තු 11, 2026

    මහාවංශය

  • අප්‍රේල් 04, 2026

    මයික් පෙන්ස්

  • මාර්තු 14, 2026

    අනුරාධපුර පෞරාණික නගරය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට