සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රට යකුම හෙවත් රිද්දියාගය සිංහල ශාන්තිකර්ම සම්ප්‍රදායේ පහතරට ප්‍රදේශයට ආවේණික ප්‍රධාන ශාන්තිකර්මයකි. මාතර හා බෙන්තර ප්‍රදේශ මුල් කරගෙන පැවැත්වෙයි. විවාහක දරුවන්

රට යකුම

  • මුල් පිටුව
  • රට යකුම

රට යකුම හෙවත් රිද්දියාගය සිංහල ශාන්තිකර්ම සම්ප්‍රදායේ පහතරට ප්‍රදේශයට ආවේණික ප්‍රධාන ශාන්තිකර්මයකි. මාතර හා බෙන්තර ප්‍රදේශ මුල් කරගෙන පැවැත්වෙයි. විවාහක දරුවන් අපේක්ෂිත කාන්තාවන් උදෙසා යකුන් අරභයා පැවැත්වෙන ශාන්තිකර්මයකි. රටයකුම ශාන්තිකර්මය සිංහල නර්තන සම්ප්‍රදායේ භාව පූර්ණ නෘත්‍ය ලක්ෂණ අන්තර්ගත එකම ශාන්තිකර්මය ලෙස ද(කෝට්ටගොඩ,1995)ගර්භ සංරක්ෂණ ශාන්ති කර්මයක් ලෙස ද හඳුන්වා ඇත.(කාරියවසම්,1976,41 පිටුව)

පටුන

පැවැත්වීමේ අරමුණු

  1. විවාහක, දරුවන් නොමැති කාන්තාවන්ට දරුවන් ලබා ගැනීම
  2. දරු ගැබ් පිළිසි‍‍ඳෙන මුත් අතර මැද දරු ගැබ විනාශ වන කාන්තාවන්ගේ දරු ගැබ් ආරක්ෂා කර ගැනීම
  3. පිළිසිඳුණු දරු ගැබ ආරක්ෂා කර ගැනීමට හා දරු උපත යෙහෙන් සිදු කර ගැනීම

උපත් කථාව

රටයකුම හෙවත් රිද්දියාගය ආරම්භ වී ඇත්තේ දරු දොළ උපතක් මුල් කර ගෙනය. එක් කථා පුවතකට අනුව මහාමේරුව පළාගෙන හටගත් ගිනි පුපුරු හතකින් මුදුන්මාල, ධර්මපාල, ගිරිමේඛල, ඕන්කාර, රිද්දි, කොණ්ඩමාල, රණකපාල යන බිසෝවරු සත්දෙනෙක් උපන්හ. මොවුහු සොළොස් වයස පසු කළ මුත් දරුවන් නොලද බැවින් දරු උපත් අපේක්ෂාවෙන් වේදනාවෙන් කල් ගෙවූහ. දීපංකර බුදුන්ට නොඉඳුල් සලුවක් වියා පූජා කිරීමෙන් දරු සම්පත් ලැබෙන බව සිහිනෙන් දැක, එය ඉටු කර ගැනීමට කටයුතු කළහ. නේරංජනා නදියට ගොස් හිස නානු ගා ස්නානය කොට සලුපිළි හා ආභරණ පැළඳ, දලු බුලත් අනුභව කොට, නැව් නැග ලක්දිව උසන්ගොඩ ප්‍ර‍‍දේශයට ගොඩ බැස්සහ. එහිදී බිසෝවරු හේනක් කොටා, කපු වපුරා, අස්වැන්න ලබා සලුවක් වියා දීපංකර බුදුන්ට පූජා කළහ. එම අනුහසින් දරු ගැබ් පහළ වූ බව කියවෙයි. මෙම කථා පුවත ශාන්තිකර්මයේ දොළහ පෙළපාලිය හා කපුයක්කාරිය යන අංග ඔස්සේ නිරූපණය කෙරේ.

ඒ හා සම්බන්ධ වූ තවත් කථා පුවතකට අනුව දරු ගැබ් පහළ වීමෙන් පසු ආභරණ ඇල්ලට දිය නෑමට යාමේදී රොඩියෙකු ස්පර්ශ වීම නිසා බිසෝවරුන් ඇල්ලෙන් පැන මිය ගොස් යක්ෂණියන් වී උපත ලද බව කියවෙයි. දරුවන් කෙ‍රේ ආසාවෙන් මිය ගිය බැවින් කාන්තාවන්ට වඳ බව ඇති කෙරෙන බවත් සඳහන් වේ.

රටයකුම හා සම්බන්ධ පුරාවෘත්ත තවත් ආකාරයකින් ජනශැතියේ එයි. මහාමේරුව හෙවත් රන් ගිර කූටයේ හට ගත් ගින්නකින් රිද්දි බිසව උපන්නාය. වැඩිවියට පත් ඇය මහා බ්‍රහ්මයාගේ අඹුව බවට පත්වූ අතර දූවරුන් සත් දෙනෙකු ලැබුවාය. පසුව මහා බ්‍රහ්මයා ඇය අත්හැර දමා ගියෙන් තමා සමග උපන් අවශේෂ යකුන් සමග එක්ව වෙසමුණි රජුගේ පිරිසට එක් වූවාය. එහිදී ඇය වෙසමුණි රජුගෙන් වරමක් ගෙන කලු කුමාරයා සමග එක්ව කාන්තාවන්ට හා ළදරුවන්ට රෝග පමුණුවමින් දොළ පිදේනි ලැබීමට යොමු විය. ඔවුහු වෙසමුණි රජුගේ අණ නොසලකා කටයුතු කළ හෙයින් අසුරගිරි පර්වතයට නෙරපා හැර දොළොස් වසරක් දුක් වින්ඳහ. පසුව දීපංකර බුදුන්ගන් වරම් ගෙන කාන්තාවන් වඳ බවට පත් කර දොළ පිදේනි ගැනීමට ‍යොමු වූ බව කියවේ.

රටයකුම පැවැත්වීමට පෙර අදාළ ආතුර කාන්තාව උදෙසා කලහ පේ කිරීම, ඇප නූල් බැඳීම යන චාරිත්‍ර ඉටු කෙරේ. සඳුදා, බදාදා යන දෙදිනයන්හි නොපවත්වයි. සැන්දෑ යාමයේ පටන් පසුදා පහන් වනතුරු තුන් සමයමකින් හෝ ඉරමුදුන් සමයම ද ඇතුලු ව සමයම් හතරක පුද පෙත්වලින් සමන්විත වේ.

යොදා ගන්නා සැරසිලි පින්තූර

  • නව මල්පාය හෙවත් මල් මඩුව
  • කුමාර වීදිය
  • කුමාර පිදේනිය
  • කත්තිරික්ක හතරක්
  • සූනියම් වීදිය
  • කපාල කූඩුව
  • දැර හැව
  • නව මාලේ මල් බලිය
  • කලු කුමාර බලිය
  • දොළහ පෙළපාලිය හා කපුයක්කාරිය සඳහා අවශ්‍ය රංග භාණ්ඩ

පුද ලබන යක්කු

  • කලු යකා
  • කලුකුමාර යකා
  • රට යක්කු
  • රොඩී යක්කු
  • තොට යකා
  • රීරි යකා
  • මහසෝනා
  • බිල්ලේ යකා
  • හූනියම් යකා
  • අභිමාන යකා

පූජා විධි රටාව

මාතර පළාත

  1. ආතුරයා පන්දලට කැඳවීම
  2. සූනියම් දේවතාවාට ආරාධනා කර සූනියම් වීදිය කැප කිරීම
  3. කලු, තොටුපල, රීරි, සූනියම් සහ බිල්ලේ යකුන්ට පිදේනි කැප කිරීම
  4. කුමාර පිදේනිය කැප කිරීම
  5. කඩතුරා ඉවත් කොට කුමාර සමයම නැටීම
  6. හත් පද නැටීම
  7. හැන්දෑ සමයමේ යකුන්ගේ පිදේනි පාවා දීම
  8. පැදුරේ දැපවිල්ල
  9. වීදි කැප කර රිද්දි සමයම ඇරඹීම
  10. විලක්කු ගසා වියන් රෙද්ද කැරකීම
  11. දුම්මල කීල ගසා ගිනි සිසිල කිරීම
  12. දුම්මල කන්නලව්ව, විලක්කු පද, මහා කවි තාලය, අඩව් ඇල්ලීම, දුම්මල පදය, බටගහේ පදය, ඊ ගහේ පදය, වටයක් පදය නැටීම
  13. පිට වීදි කැප කිරීම හා මහා යාදින්න (මහ තේ වතුර)
  14. හීන් තාලම් ආරම්භ කර කලාසම් පද, මල් පද, දේව පද, පස්ගම යකුන් පද නැටීම
  15. පෙළපාලි දැක්වීම හා කොතලේ නැටවීම
  16. නව මාලයේ පිදේනිය ඔප්පු කිරීම
  17. නානු මුරය
  18. කපුයක්කාරිය
  19. දලු මුර ඔප්පු කිරීම
  20. දරු නැළවීම
  21. චාමර පද නැටීම
  22. රිද්දි පිදේනිය කැප කිරීම
  23. කුල්ලේ පිදේනිය කැප කිරීම
  24. සන්නි පිදේනි ඔප්පු දීම, පාලි නැටීම, සන්නි නැටීම
  25. මහා කලු කුමාර සමයම නැටීම හා අවතාර ඉගිල්ලීම
  26. බලිය පාවා දීම
  27. පින් බෙර ගැසීම, ආරක්ෂා නූල් බැඳීම

බෙන්තර පළාත

  1. ආතුරයා පන්දලට කැඳවීම
  2. නාථ, විෂ්ණු, සමන්, කතරගම හා පත්තිනි දෙවියන්ට මල් යහන් නැටීම
  3. හැන්දෑ සමයමේ පුද ලබන කලු,රීරි,සූනියම් සහ සන්නි යකුන්ට දොළ දීම
  4. කුමාර පිදේනිය කැප කිරීම
  5. යකුන් නැටීම හා පිදේනි පාවා දීම
  6. පැදුරේ දැපවිල්ල හා මරුවාගේ පැමිණීම
  7. වීදි කැප කිරීම හා මහ සමයම ආරම්භ කිරීම
  8. විලක්කු ගැසීම හා විලක්කු පද නැටීම
  9. වියන් රෙද්ද නැටීම හා පන්දම් කීල ගැසීම
  10. ගිනි සිසිල
  11. මල්ලව අඩව්ව නැටීම
  12. නව මාලය ඔප්පු කිරීම
  13. දලු මුර ඔප්පු කිරීම
  14. චාමර පද නැටීම
  15. දොළහ පෙළපාලිය
  16. කපුයක්කාරිය
  17. දරු නැළවීම
  18. දෙවොල් කුරුම්බර පිදේනිය කැප කිරීම
  19. කුමාර සමයම නැටීම
  20. කළස බිඳීම
  21. ගෙවල් නිවීම
  22. බලිය පාවා දීම
  23. පින් බෙර ගැසීම/

සෙත් කිරීම හා ආරක්ෂා කිරීම

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    උතුරු කැරොලිනා

  • අප්‍රේල් 05, 2026

    පුර පෑලවිය

  • මැයි 01, 2026

    වෙට්ට්‍රි ටීවී

  • අප්‍රේල් 21, 2026

    කාසි වාසි

  • අප්‍රේල් 05, 2026

    පැසිෆික් සාගරය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට