සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මහානාග යනු මුටසිව රජුගේ තුන්වන පුත්‍රයා දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරා‍ය. දේවානම්පිය තිස්ස රජුට පසු අනුරාධපුර රාජ්‍යයේ රජකම මහානාග යුවරජු හට නියමය තිබිණි.

මහානාග රජ

  • මුල් පිටුව
  • මහානාග රජ

මහානාග යනු මුටසිව රජුගේ තුන්වන පුත්‍රයා දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරා‍ය. දේවානම්පිය තිස්ස රජුට පසු අනුරාධපුර රාජ්‍යයේ රජකම මහානාග යුවරජු හට නියමය තිබිණි.

මහානාග රජ
මාගම රජ
අනුප්‍රාප්තිකයායඨාලතිස්ස රජ
වංශයපණ්ඩක වංශය
පියාමුටසීව රජ

මහාවංශ කතාව

මහානාග රජු දේවානම්පිය තිස්ස රජුගේ සොහොයුරා විය. රජුගේ ඇවෑමෙන් අනුරාධපුර රාජ්‍යයේ රජකම මහානාග යුවරජුහට නියමය තිබිණි. නමුත් දේවානම්පියතිස්ස රජුගේ බිසවක් වු අනුලා දේවිය මහානාග යුවරජු ඝාතනය සඳහා කුමන්ත්‍රණ සිදු කළාය. එම කුමන්ත්‍රණය වැරදීමෙන් ඇගේම පුත්‍රයා විෂ අඹ කෑමෙන් මියගියේ ය. ඒ අවස්ථාවේදී තමාගේ ජීවිතයට වූ තර්ජනය දැනගත් මහානාග යුවරජු තම බිරිඳ වූ අනුලා බිසවද රුහුණට පැන ගොස් එහි නව රාජ්‍යක් ඇරඹීය. ඒ යන අතරතුර යඨාල නම් ස්ථානයේ දී ගැබ්බරව සිටි අනුලා බිසව දරුවෙකු ප්‍රසූත කළාය. ඔහුට යඨාලතිස්ස ලෙස නම් තැබීය. පසුව මහානාග රජු රුහුණේ මාගම රජ පෙළපත ඇරඹීය. ඔහු එහි තිස්ස වැව සහ වලස් පොකුණ විශාල කර වලස් වැව කරවීය. මහානාග රජුගෙන් පසු ඔහු පුත් මාගම යඨාලතිස්ස රජවිය.

අමතර අවධානයට

  • කුවේණි කුමරිය
  • පණඩුකාභය රජ
  • මුටසීව රජ
  • යඨාලතිස්ස රජ
  • ගෝඨාභය රජ
  • කාවන්තිස්ස රජ
  • දුටුගැමුණු රජ
  • රෝහණය
  • යක්කයින්
  • කතරගම දසබෑ රජවරු
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 19, 2026

    හිමාචල් ප්‍රදේශ්

  • අප්‍රේල් 10, 2026

    මහා ප්‍රජාපතී ගෝතමී

  • අප්‍රේල් 06, 2026

    ආනන්ද වීරකෝන්

  • මාර්තු 14, 2026

    ඊශ්‍රායලය

  • අප්‍රේල් 07, 2026

    අජිත් වික්‍රමසිංහ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට