සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වීදාගම හිමියන් විසින් රචිත බුදුගුණ අලංකාරය "පෙදෙන් බුදු සිරිතයැ" අනුව ගිය සිංහල කාව්‍යයකි. බුදු සිරිත නිමිති කොට ගත්තත් මෙහි සංදේශකාව්‍ය ලක්ෂණයන්ගෙන් මිදි රාජ්‍

බුදුගුණ අලංකාරය

  • මුල් පිටුව
  • බුදුගුණ අලංකාරය


වීදාගම හිමියන් විසින් රචිත බුදුගුණ අලංකාරය "පෙදෙන් බුදු සිරිතයැ" අනුව ගිය සිංහල කාව්‍යයකි. බුදු සිරිත නිමිති කොට ගත්තත් මෙහි සංදේශකාව්‍ය ලක්ෂණයන්ගෙන් මිදි රාජ්‍ය වර්ණනයෙන් මිදි රජු දෝෂ දර්ශනයට ලක්කර ඇති බව පෙනේ. ලිච්චවි රජ වැනුම තුළින් විශාලා මහනුවර තුන්බිය ගැන ද විස්තර කර රාජ්‍ය පාලනය විවේචනය කර ඇති බව පෙනේ.

වීදාගම හිමියන් විසින් රචිත මෙම බුදුගුණ අලංකාරය අන්තර්ජාල පාඨක සැම වෙත වයඹ පුහුණු ආයතනය මගින් මෙසේ ගෙනහැර දක්වමි.

1. කු‍‍‍ළුණු මෙත් සත වෙ ත
පතළ නැණ සවපද රු ත
හෙළ කළ ලොවට සෙ ත
නිතර නමදිමු මුනිඳු සරණ ත

2. ලංකර සසර හි ම්
දුරුකර කෙලස් බිය ගි ම්
සිදු කළ යුතු උතු ම්
වදිම් නව ලොව් තුරා සදහ ම්

3. කිසි කෙනෙකුන් පම ණ
නොකැළැකි තුණැති අපම ණ
සතහට පිළිසර ණ
වඳිම් අදරින් අරී සඟ ග ණ

4. බව සිදු පසු රුවන්
අව බිය අඳුරු හි රුවන්
පිරි ගුණ මහ රුවන්
මෙසේ නමකර පුදා තෙ රුවන්

5. කයනම් අසාර ය
බව නම් බයන් කාර ය
කියනුය දිවා රැ ය
කියම් බුදු ගුණ අලංකාර ය

6. මහ කවි වරන් පෙ ර
පවසා නොපත් පරතෙ ර
සුගතිදු ගුණ ගැඔ ර
මේමා කියමි සිතනු වැරසැ ර

7. සූවාසු දහසක්
යොඳුන් ගැඹුරැ'ති මුහුදක්
ගොඩ කරමැයි උදක්
ලෙහෙනු කළ තැන් වැන්න දවසක්

8. එතකුදු වත් සොඳින්
පුරමී පිණක් නොමඳින්
මුනිදු ගුණ මුහුඳින්
බිදක් දක්වමි උදක් ඔකඳින්

9. නුවණැති යෙනි මෙ මා
බස ද්‍රෙස ඇතත් එද මා
දෙසවන් පුටන මා
පමා නොව ගනුව මුනි ගුණ මා

විසල් පුර වැනුම්

10. සඟ සිරි අසාලා
කළයුරු සොඳුරු සාලා
සිරින් සුවීසා ලා
පවර නුවරෙක් වී වීසාලා

11. සත් සමුදුර අගළ
සත්ගිරි පවුරු වට කළ
සක් පුර මිස උදුළ
එපුර සරි කොද පුරෙක් සක්වළ

12. බබළන පැහැ ගිහිණි
වෙන වෙන දෙසින් සපැමිණි
පබළු රන්මුතු මිණි
නොයෙක් සල්පිල් සියෙන් සුසැදිණි

13. ගණ රන් කොත් පැළැඳි
බිතුසිතුවමින් සිත් පැඳි
මිණි පහ පැහැ විහිඳි
කොවේ මාවේ සියෙන් සිය සැඳි

14. පුර වැසියන් තිළි
කෙළින කෙළි මෙන් නියැළි
දද ඉන් ඉන් වෙළි
කෙළි පුරඹර රැසින් බැබළි

15. මනහර රුසිරි සර
දෙවියන් ලෙසින් සුර පුර
උරයෙන් උර පැහැර
නිතොර මහසෙන් සිටිති එනුවර

16. හෙන සෙන සේ කිපෙන
තවසුන් ලෙසින් හික් මෙන
හැම රුපුසෙන් දිනන
මහත් ගජසෙන් සිටිති තැන තැන

17. හසල පස් දහරේ
කිසි ද්‍රෙස් නොමැති සිරුරේ
යනෙන නිති එ පුරේ
තුරඟ සෙන් වැනි තරඟ සයුරේ

18. එ පුර රජ මහවත
බන් රන් දෙනෙත් පැහැපත
සක් සන් ගත් දිගත
නිතර රන සෙන් විතර වනු නැත

19. සුරතුරු මෙන් කැමැති
දෙය යදියන්ට දෙන නිති
ලොවැ පරසිඳු පිනැති
නොයෙක් මහසල් කුලන්ගෙන්යුති

20. සුරඟන සිරි'සිලු
වරඟන කෙළින සඳ ලු
ලිය ගී කන් කලු
ඉමෙක් තැන රඟන රඟම්ඬුලු

21. ඇම තැන ඇති සැපත්
එකතැන් කළෙව් සිරිගත්
දැක දැක රිසි නුමුත්
නැතැයි යන සම්පතෙක් එහි නැත්

22. නන් වෙස් නන් බරණ
සැපතින් පිරුණු අපමණ
සිටි වයසෙහි තුරුණ
කෙසේ මෙතෙකැයි යෙද්ද නරගණ

23. සිහිල් දිය පිරැණු
පිය ගැට පෙළින් දිලුණු
බිඟු දැල් විසුරුණු
වූය තැන තැන පියුම් පොකුණු

24. නළඹල නන් කෙහෙලි
බන් මිණි කිකිණි මුතුලැලි
රන් වැට පහන් දිලි
ද්‍රෙරින් ද්‍රෙර දන් දෙවන දන් හල

25. අසුර සෙන් තරමින්
තැන තැන පැන අතර මින්
රුපු මන් උපුර මින්
සරණ මහ සෙනඟ අවි සරමින්

26. ගිජිඳුන් තිමඳ ගිලි
තුරඟුන් සමග නොහැකිලි
තබා බන් රනැකිලි
කෙළින තැන් තැන්හි ගිලි අලියකුලි

27. දැනගෙණ විදු සියල්
උනු'නට වෙමින් පිළිම ල්
කියන රෑ දහව ල්
සැදිනි වෙන වෙන නොයෙක් විදුහල්

28. විහිදි මිණි කිරණය
ද්‍රෙර ද්‍රෙරෙහි රන් තොරණය
නිති සතොස කරණය
සිරින් පිරි තිරි එපුර දෙරණය

29. සතුරන් කළ නිහඬ
එහි රිය සක් හිසක් හඬ
වැජඹෙහි දසත මැඬ
ලෙසින් රළ ගළ සයුඑ ගත් හඬ

30. පුර දෙරණත පිරී
කුර රොන් සමඟ ඉතිරී
දිගත ගොස් පැතිරී
පවති හය මිණි කිකිණි ගිගිරී

31. පසඟ තුරු නාදේ
ගජසෙන් කුඥච නාදේ
සමඟ තුති නාදේ
එපුර දිව රැ එකනි නාදේ

32. එව කව බොරු කියන
තෙපුලෙන් පිරුණු ඇම තැන
උතුරු කුරු දිවයින
වැන්න ඉසුරෙන් එපුර හැම තැන

33. සුරන් පහ සදිසිය
දිලිසත් රුවන් බිතුසිය
සත් දහස් සත්සිය
සතත් රජ මහ පයට ගැවසිය

34. කෙළින පුර වැසියන්
ලොබවන තරම් දෙව්යන්
සව් සිරිනි සැදියන්
සැදිණි එපමණ පොකුණු ගෙවුයන්

35. නිරිඳුන් පෙම් බැඳි
උනුන් වෙත සිත් පැහැදි
ඉදිනෙත් එහි සැදි
බියෙන් මෙන් කිසි දුකෙන් නොවදි

36. රෑ දෙවෙහි නිතොරේ
මිණි පහ පැහැය පැතිරේ
දුරුවන ගණ'ඳු රේ
ලොවැති සව් සිරි සපිරි එපුරේ

ලිච්ඡවි රජ වැනුම්

37. සත් සිය දහස් සත්
සත් නරනිඳුහු සම ගොත්
සත් වග කෙරෙහි මෙත්
යුත් ව පවතිත් සිතින් මැදහත්

38. දුසිරිත සිත නැවතී
රද නිති දත් ගුණ ඇති
මැදහත් ලෙස පැවති
එරජ ලිච්ඡවි නිරිඳු නම් ලති

39. කුල දෙටුවන් පැවති
සෙබෙහි තෙදිණීන් නොදිලෙති
වෙන් වු සඳ දිලෙති
රසින් මුසු නුමුසු ගන් සේ වෙති

40. නොබලා වරද තැන්
නො නැමී බසට මහතන්
විලසින් සිය සු තන්
සතන් රකිනුය බලා ඇමතැන්

41. නො මකා කුළසිරිත්
කො තබාම දෙන දන් වත්
නො වඩා අය බදුත්
නැගු සිත් සේම දිය දිය කොත්

42. ගත උන් සබාමය
බස උන්ගේ සබාමය
ඉසුරෙන් සබාමය
සබානම් උන් උන් සබාමය

43. අවා බිය ඇව රූ
සිත් සත් ගුණෙන් සපිරූ
දිගු බිත කිවිය රූ
ඔවුන් ගුණ සිතුයමින් තැවරූ

44. රන් රූ සදි සියහ
දැක දැක නොයන රි සියහ
කන් කළු සුබැ සියහ
ඔවුන් ගුණ සිතුයමින් තැවරූ

45. රුසිරෙන් ලොව ගරූ
අයුරු සුරිඳුන් පිළිරූ
දස රජ දම් දැරූ
ඔවුන් සරිවෙති මෙලොව කවුරූ

46. සක බිම පෙරළෙ මින්
ගැල බඩු නිසල කෙරෙමින්
පවතින මෙන් නොමින්
තුමු දුක් වීඳිති සත රකිමින්

47. රොන් ඇරගෙන සෙමින්
යන බිගු ලෙසින් කුසුමින්
ලොවට දුක් නොදෙමින්
ගනිති අය පඩුරු පෙර නියමින්

48. ලුවද සිදු පෙදෙසේ
දිය නොගෙණම සිටි නැවසේ
දන නොගෙණම තොසේ
සිටිති දනවනි දනනි සිතසේ

49. පල ගත් අතු නසා
පල කන්නවුන් විලසා
දන ගැනුමක් නිසා
දහම් නොනසති දනන් වනසා

50. සවනින් අසන බස
නුවනින් අසව යන ලෙස
කෙරෙති තමා බස
යමක් නොයොදති මිසක් නිසි ලෙස

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    සමාධි පිළිමය

  • අප්‍රේල් 04, 2026

    සාකච්ඡාව:පාහියන් ලෙන

  • අප්‍රේල් 04, 2026

    Human sexuality

  • අප්‍රේල් 03, 2026

    Washington, D.C.

  • අප්‍රේල් 04, 2026

    කොරවක් ගල

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට