| පුෂ්පගිරි | |
|---|---|
![]() ගිරි මුහුණතෙහි වූ කැටයම් | |
![]() ඔඩිෂා තුල පිහිටීම ![]() පුෂ්පගිරි විහාරය (ඉන්දියාව) | |
| මූලික තොරතුරු | |
| පිහිටීම | ඉන්දියාව |
| භූගෝලීය ඛණ්ඩාංක | 20°43′22″N 86°11′25″E / 20.722739°N 86.190338°E |
| අනුබැඳියාව | බුද්ධාගම |
| ජනපදය | ඔඩිෂා |
| තත්ත්වය | සංරක්ෂිත |
| දඹදිව |
| බෞද්ධ වන්දනා ස්ථාන |
|---|
![]() |
| ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
|
| අමතර ස්ථාන සතරක් |
|
| වෙනත් ස්ථාන |
|
| පසුකාලීන ස්ථාන |
|
පුෂ්පගිරි (ඔඩියා: ପୁଷ୍ପଗିରି) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔඩිෂා හි ජාජ්පූර් දිස්ත්‍රික්කයේ ලංගුඩි කඳුගැටයේ පිහිටි පුරාතන බෞද්ධ මහාවිහාර සංකීර්ණයකි. චීන දේශාටක හියුංසාංගේ (ආ. 602 – ආ. 664) සහ වෙනත් මූලාශ්‍රවල පුෂ්පගිරි විහාරය පිළිබඳ සඳහන් වේ. 1990 දශකය තෙක්ම විශ්වාස කෙරුණේ ජාජ්පූර් දිස්ත්‍රික්කයේ පිහිටි ලලිත්ගිරි-රත්නගිරි-උදයගිරි විහාර සමූහයම හෝ ඉන් එකක් හෝ පුෂ්පගිරි විහාරයට අයත් බවයි. මෙම ස්ථානවල බොහෝ ගොඩනැගිලි, විවිධ ප්‍රමාණවලින් යුත් ස්තූප, ප්‍රතිමා සහ අනෙකුත් කලාකෘති ගණනාවක්ම දක්නට ලැබේ.
කෙසේනමුත්, 1996-2006 අතර කාලයේ ලංගුඩි කඳුවල සිදුකළ පුරාවිද්‍යාත්මක කැනීම්වල දී පුෂ්ප සභාර් ගිරිය යනුවෙන් අභිලේඛනවල සඳහන් වන මෙම විහාරය සොයාගැනිණි. මෙය පුෂ්පගිරිය බව වර්තමාන විද්වතුන්ගේ මතයයි. මේ වනවිට මෙම අඩවිය, සංචාරක කර්මාන්තයට විවෘත කොට ඇත.
- ඔඩිෂාවේ බෞද්ධ අඩවි
- ඉන්දියාවේ බෞද්ධ ආරාම
- ඉන්දියාවේ බෞද්ධ වන්දනා ස්ථාන
- ඉන්දියානු උපමහාද්වීපයේ පුරාතන විශ්වවිද්‍යාල
- බෞද්ධ විශ්වවිද්‍යාල සහ කොලීජි
- ඔඩිෂාවේ අධ්‍යාපනය
- පැරණි බෞද්ධ විහාර
- ඉන්දියාව තුළ පැරණි ජනාවාස පැවති ස්ථාන
- ඉන්දියාවේ නටබුන්
- ඉන්දියාවේ ස්තූප
- ඔඩිෂාවේ පුරාවිද්‍යා ස්මාරක
- ඔඩිෂාවේ බුද්ධාගම
