පුරාතන මිසරය (පුරාතන ඊජිප්තුව) යනු නයිල් ගඟෙහි අග කොටස අවට කේන්ද්‍රගත ව පැවති, හා දැනට නූතන ඊජිප්තු රාජ්‍යය ලෙසින් පවතින, ඊසාන දිග අප්‍රිකාවෙහි, පුරාතන ශිෂ්ඨාචාරයකි.


මිසර සංස්කෘතිය
කලාව
වසර 3500 ක් පුරාවට මිසර කලා ශිල්පීන් සිය නිර්මාණ සඳහා යම් සම්ප්‍රදායක් මුල්කරගත් බව සඳහන් වේ. සැබවින්ම එම සම්ප්‍රදාය හා බැඳුණු නෑ නීතිරීති පද්ධතියක් තිබිණි. නිර්මාණ සඳහා යොදාගන්නා රේඛා, හැඩතල හා වර්ණ අඛණ්ඩව විදේශීය බලපෑම් හෝ අන් කිසියම් හේතුවක් නිසාවත් නොවෙනස්ව පවත්වාගෙන ගොස් ඇත. මෙම නෑ නීතිරීති පද්ධතිය නිසාම එ කල ඊජිප්තු කලා නිර්මාණ බොහෝ විට ආගමික හෝ දේශපාලනික අරමුණු උදෙසාම බිහිවී ඇත.
පුරාණ ඊජිප්තු කලා ශිල්පීන් විසින් පිළිම ඇඹීමට පාෂාණ මෙන් මැ දැව ද යොදාගැනිණි. ඔවුන් සතුව පැවැති ඛනිජ ද්‍රව්‍යයන්වලින් වර්ණ සාදාගෙන ඇත. තව ද ඊජිප්තු කලා ඉතිහාසය දෙස බලන කල ඔවුන් එ කල සිය මිය ගිය ඥාතීන් උදෙසා නිමැවූ සොහොන් කොත් වැදැගත් තැනක් ගනී. දැවයෙන් හා මැටියෙන් නිමැවුණු මෙම සොහොන් කොත්වල ඔවුන් සිය එදිනෙදා ජීවිතය ගත කරන ආකාරය දක්වා ඇත. මින් ඔවුන් මියගියවුන් ගේ මරණින් පසු ලෝකය ආරක්ෂා කිරීම අරමුණු කරගෙන ඇත.
එ කල මිසරයේ කලාව සඳහා වූ දේශපාලනික බලපෑම අමර්නා (Aප්රබ්) යුගයේ බිහිවූ නිර්මාණවල මැනැවින් ප්‍රදර්ශනය වේ. කෙසේ වෙතත්, මෙම යුගයෙන් පසු බිහිවූ නිර්මාණවල නැවතත් මුල් සම්ප්‍රදායන් වල තිබූ ගති ලක්ෂණ පිළිබිඹු වේ.
පුරාතන මිසරය ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
| වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
| කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
| විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
| විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
| විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් | |
| විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ | |
| විකිපොත් වෙතින් පෙළපොත් | |