සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ශ්‍රී ලංකා‍වේ විවිධ පලාත් වල විවිධ සිංහල කුල පරම්පරාවන් තුලින් ඒ ඒ ජන සම්ප්‍රදායන්ට අදාලව නැටුම්, ගැයුම්, ශාන්තිකර්ම බලි තොවිල් හා යාති කර්ම පුරාණයේ සිට පැවත එය

පාතරට නැටුම්

  • මුල් පිටුව
  • පාතරට නැටුම්

ශ්‍රී ලංකා‍වේ විවිධ පලාත් වල විවිධ සිංහල කුල පරම්පරාවන් තුලින් ඒ ඒ ජන සම්ප්‍රදායන්ට අදාලව නැටුම්, ගැයුම්, ශාන්තිකර්ම බලි තොවිල් හා යාති කර්ම පුරාණයේ සිට පැවත එයි. එයිනුත් රජ දවස සිට උඩරට පහතරට හා සබරගමු වශයෙන් ‍වෙනස් සම්ප්‍රදායන් අනුගමනය කර ඇත. ඒවාත් තව තව අතු බෙදී කුල පරම්පරා වශයෙන් මේ දක්වා සම්ප්‍රදායන් හා නව්‍ය කරණයට ලක්ව පවතී. පහතරට වන්නම් 32 ක් තිබුණද වර්තමානය වන විට ඒවායෙහි ඇතැම් කොටස් ගිලිහී ගොස් ඇත. පහතරට වන්නම් බොහෝමයක් දඹදෙණි යුගයේ රචනා කර ඇති බව කියැවේ. මෙහි ප්‍රධාන තාලවාද්‍ය භාණ්ඩය වන්නේ පහතරට බෙරය හෙවත් යක් බෙරයයි.

පහතරට සිංහලන් විසින් ඉතා අපූරුතම නිර්මාණයන් බිහිකර ඇත. මුහුදු ආශ්‍රිත ; හේන් ගොවිබිම මුලකරගෙන ද ජන ජීවිතයේ විශේෂ අවස්ථා අරභයා පහතරට නැටුම් සම්ප්‍රදායක් බිහි වී ඇත.

මෙම සම්ප්‍රදාය තුල විෂය බීජය වී ඇත්තේ පහත රට ජනයාගේ නිරෝගීබව මෙන්ම පරිසරය සතා සිව්පාවන් හා වගාවන් වල පලදාව ආරක්ෂාව උදෙසා වීම විශේෂ වේ. පහතරට ශාන්තිකර්ම මූලික කොටස් 03 කට බෙදේ. එනම්,

  1. දෙවියන් උදෙසා - මඩු ශාන්ති කර්ම
  2. සූනියම් සහ සන්නි - රටයකුම හෙවත් රිද්දියාගය
  3. ග්‍රහයන් උදෙසා - බලි ශාන්ති කර්මය

මෙම ශාන්ති කර්ම අතුරින් මඩු ශාන්ති කර්ම විශේෂ වේ. එනම්, දෙවියන් උදෙසා වීමයි. මෙය මගින් දෙවියන් සතුට උදෙසාත් පිහිට පතාත් මෙම ශාන්ති කර්මය පවත්වන අතර මෙය සස්ශ්‍රීකත්වය උදෙසා කෙරෙන ශාන්තිකර්මයක් වේ.

ගොවි ජනපද ආශ්‍රිත මෙන්ම ගොවි පවුල්වල ශාන්ති උදෙසා මෙම ශාන්ති කර්මය පවත්වනු ලබයි. මෙය සදහා,

  • අළුත් සහල් මංගල්ල්‍ය
  • ගම්මඩු ශාන්ති කර්මය
  • දෙවොල් මඩු ශාන්ති කර්මය ,

වශයෙන් ශාන්ති කර්ම 03 ක් පැවැත්වේ.

කෝළම්

පහතරට  නැටුම් කලාව  ශාන්ති කර්ම වලට පමණක් සිමා වී නොමැත . ඉතාමත් උසස් කලාත්මක  නාට්‍ය අංගයන්ගෙන් සමන්විත කෝලම් නාට්‍ය කලාව පහතරට සම්ප්‍රදාය තුළ  ප්‍රධාන තැනක් ගනියි . ශාන්ති කර්ම වල මෙන්ම  වෙස්මුහුණු පැළඳ කරන රංගනයන් වුවද කෝලම් නාට්‍ය කලාව ශාන්ති කර්ම සමග සම්බන්දයක් නොමැත. යටත්විජිත පාලන සමයේ  තිබු  දුර්වලතාවයන් ඉස්මතු කරමින් පවතින පාලන ක්‍රමය උපහාසයට  සහ විවේචනයට ලක් කිරිමක්  ප්‍රබලව දැකිය හැකිය.

ඊට අමතරව  ලංකාව ආක්‍රමණය කළ  සහ ලංකාවේ සංක්‍රමණය  කළ විවිධ ජන කොටස් පිළිබඳවද කෝලම් නාට්‍යය නිර්මාණය වී තිබෙනු දැකගත හැකිය  

කෝලම් නැටුම් වල ඇති පිටපත්වල නොයෙකුත් චරිත දක්‌නට ඇත්තේය

සබේ විදාන හා සභාපති පමණක්‌ වෙස්‌ මුහුණු පළඳින්නේ  නැත. සභාපති නික්‌ම ගිය පසු පිළිවෙළින්

ලියනආරච්චි, අණබෙර, නොංචි, පොලිස්‌, හේවාජසයා, ලෙංචිනා, මුදලි සමග හොංචා,කාපිරි , දෙමළ . මුස්ලිම් . රජ කට්‌ටුව පැමිණේ. ඉක්බිති රජ හා බිසව පැමිණේ අනතුරුව සිංහ , ගොන්  කොටි, කව රාක්ෂ , සුරඹා වල්ලිය.නාග, මරු, ගුරුළු යන රාක්‍ෂ නැටුම් රඟ දැක්‌වේ.

ඉන් අනතුරුව රඟ දක්‌වන්නේ තෝරාගත් කථා පුවතකි. සඳකිඳුරු , මනමේ , ගෝටයින්බර වැනි ඓතිහාසික කතා පුවතක් හෝ ජාතක කථා පුවතකි  

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 23, 2026

    2019 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය

  • අප්‍රේල් 09, 2026

    පුර නවවක

  • අප්‍රේල් 13, 2026

    ඒබ්‍රහම් ලින්කන්

  • අප්‍රේල් 14, 2026

    කාකතීය රාජවංශය

  • මාර්තු 12, 2026

    සිංහල වෙදකම

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට