සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ප්‍රාකෘත (/ˈprɑːkrɪt/; මුල්කාලීන බ්‍රාහ්මී සංස්කෘත: 𑀧𑁆𑀭𑀸𑀓𑀾𑀢, prākṛta;දේවනාගරී සංස්කෘත: प्राकृत, prākṛta; Shauraseni: pāuda; Jain Prakrit: pāua; කන්නඩ: pāgada) ය

ප්‍රාකෘත බස

  • මුල් පිටුව
  • ප්‍රාකෘත බස

ප්‍රාකෘත (/ˈprɑːkrɪt/; මුල්කාලීන බ්‍රාහ්මී සංස්කෘත: 𑀧𑁆𑀭𑀸𑀓𑀾𑀢, prākṛta;දේවනාගරී සංස්කෘත: प्राकृत, prākṛta; Shauraseni: pāuda; Jain Prakrit: pāua; කන්නඩ: pāgada) යනු ඉන්දියාව හා අවට ප්‍රදේශයේ පැවැති පෞරාණික භාෂා වර්ගයකි.

ප්‍රාකෘත
භූගෝලීය
බෙදා හැරීම
ඉන්දියානු උපමහාද්වීපය
භාෂාමය වර්ගීකරණයඉන්දු-යුරෝපීය
  • ඉන්දු-අයිරේනියානු
    • ඉන්දු-ආර්ය
      • ප්‍රාකෘත
ISO 639-2 / 5pra
ග්ලෝටෝලොග්None
midd1350  (මධ්‍ය ඉන්දු-ආර්ය)
ELPඅක්ෂර දෝෂය: සැබෑ මොඩියුලක් නොමැත.
ක්‍රි.ව. 532 යශෝධර්මන්-විෂ්ණුවර්ධන මන්ද්සෞර් ශිලා ලිපිය තුළ "ප්‍රාකෘත" (මෙහි ප්‍රා කෘ ත) යන්න පසුකාලීන බ්‍රාහ්මී අක්ෂරවලින් ලියා ඇති අයුරු
ගාන්ධාර බසින් ලියා ඇති සෙල්ලිපියක්, British Museum
ගාන්ධාර බසින් ලියා ඇති සෙල්ලිපියක්, බ්‍රිතාන්‍ය කෞතුකාගාරය

සමහර වර්තමාන විද්වතුන් මධ්‍යම ඉන්දු-ආර්ය භාෂා සියල්ල ප්‍රාකෘත භාෂා ලෙස සලකන අතර තවත් කාණ්ඩයක් ප්‍රාකෘත බසයන්හි ස්වාධීන පිබිදීම තදින් ප්‍රකාශ කරන අතර ඔවුන් ප්‍රාකෘත බස් කුල​, ආගම් හා භූගෝලීය පිහිටීම අනුව සංස්කෘත බසින් වෙන් වී ඇති බැව් පවසති. සංස්කෘත බසෙන් ප්‍රාකෘත භාෂාවලට බලපෑමක් වූ අතර​, ඒවායෙන් සංස්කෘත බසට ඇති වූ බලපෑමෙහි අධික බව හේතුවෙන් වඩා උසස් සංස්කෘතික ගෞරවයක් හිමි වේ.

පටුන

නමෙහි නිරුක්තිය​

මෝනියර් මෝනියර්-විලියම්ස් මහතාගේ සංස්කෘත​-ඉංග්‍රීසි ශබ්දකෝෂයට අනුව 'ප්‍රාකෘත​' යන වචනය පැමිණියේ 'ස්වභාවික​' හෝ 'ප්‍රථම​' යන අරුත ගෙනෙන 'प्राकृत' (ප්‍රකෘති) යන සංස්කෘත වචනයෙන් යැයි පවසනු ලැබේ.

නාට්‍යමය ප්‍රාකෘත

මෙලෙස හඳුන්වන්නේ නාට්‍ය වැනි සාහිත්‍යමය හේතුවකට සැදී ඇති ප්‍රාකෘත භාෂාවන් ය​.

ඒවයින් ප්‍රධාන වන්නේ,
  • අර්ධ මාගධි
  • ශෞරසේනී
  • මහාරාෂ්ට්‍රී

අසාමාන්‍ය ප්‍රාකෘත බස්

 
හෙළු අකරාදිය​, 1800 සියවසෙහි පුස්කොළ පොතක් - Robert C. Williams Paper Museum

පුරාණ ලංකාවේ තිබුණු හෙළබසට සහ මධ්‍යම ඉන්දියාවේ පිහිටි ගාන්ධාර නම් රාජ්‍යයේ ගාන්ධාරි බසට වෙනත් ප්‍රාකෘත බසයන්හි දක්නට නොලැබෙන ව්‍යාකරණමය හා ශාබ්දික වෙනස්කම් පෙන්වයි.

ප්‍රාකෘත භාෂා

  • අර්ධ මාගධි
 
පහතින් පෙන්වා ඇත්තේ බුරුමයෙහි පාලි බසින් ලියා ඇති බෞද්ධ චාරිත්‍රානුකූල ලියවිල්ලකි
  • පාලි
  • මාගධි
  • හෙළබස​
  • ගාන්ධාරි
  • මහාරාෂ්ට්‍රී
  • පෛශාචි
  • Shauraseni
  • ජෛන​ මහාරාෂ්ට්‍රී
  • Jain Shauraseni
  • Apabransh

ආශ්‍රේය මූලාශ්‍ර

  1. Fleet, John Faithfull (1907). Corpus Inscriptionum Indicarum Vol 3 (1970)ac 4616. p. 153, Line 14 of the inscription.
  2. Fleet, John Faithfull (1907). Corpus Inscriptionum Indicarum Vol 3 (1970)ac 4616. p. 153, Line 14 of the inscription.
  3. https://en.wikipedia.org/wiki/Prakrit#cite_note-6
  4. https://archive.org/details/sanskritenglishd00moniuoft Monier Monier-Williams' Sanskrit-English Dictionary
  5. https://en.wikipedia.org/wiki/Prakrit#Dramatic_Prakrits
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    මනෝ විජයරත්න

  • මාර්තු 31, 2026

    ශ්‍රී ලංකාවේ පාසල් ලැයිස්තුව

  • මාර්තු 24, 2026

    ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුව

  • මාර්තු 14, 2026

    ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය

  • මාර්තු 24, 2026

    සිංහබාහු

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට