සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මෙසුවා කොරොමන්ඩෙනියාa වයිට්මෙසුවා නාර්ගසරියුම් (බර්ම්.ෆ.) කොස්ටර්ම්.මෙසුවා පෙඩුන්කුලටා වයිට්මෙසුවා රොක්බර්ගි වයිට්මෙසුවා ස්ක්ලිරෝපිල්ලා තව්.මෙසුවා ස්පෙසියොසා චො

නා

  • මුල් පිටුව
  • නා
නා ගස
ලංකා නා ගස, තෙල්වත්ත, ගිණිකොණ දිග ශ්‍රී ලංකාව
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: රෝපණය
Division: මන්ගොලියෝපිටා
වර්ගය: මන්ගොලියෝප්සිදා
ගෝත්‍රය: මල්පිගිලිසේ
කුලය: ක්ලුසිසියේ
උපකුලය: කීල්මෙයෙරොඩේ
Tribe: කැලොපියේ
ගණය: 'මෙසුවා'
විශේෂය: ''ම. ෆෙරියා''
ද්වීපද නාමය
මෙසුවා ෆෙරියා
කැරොලස් ලිනේයස්
Synonyms

මෙසුවා කොරොමන්ඩෙනියාa වයිට්
මෙසුවා නාර්ගසරියුම් (බර්ම්.ෆ.) කොස්ටර්ම්.
මෙසුවා පෙඩුන්කුලටා වයිට්
මෙසුවා රොක්බර්ගි වයිට්
මෙසුවා ස්ක්ලිරෝපිල්ලා තව්.
මෙසුවා ස්පෙසියොසා චොයිසි
මෙසුවා ස්ටිලොනා

' නා' ගස ශ්‍රී ලංකාවට ආවේණික නිවර්තන වෘක්ෂයකි. ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ද මෙය වෙයි.

මෙම ශාඛයේ දැව ඉතා දැඩි ස්වභාවයක් ගන්නා බැවින් ඉංග්‍රීසි භාෂාවෙන් "අයන් වුඩ්" ලෙස හඳුන්වනු ලැබේ. සෙවණ සදන විසල් අතු පතරින් සහ සුවඳවත් මලින් ද යුක්ත මෙම ශාකය නිවර්තන දේශගුණ කලාපවල සරුවට වැඩේ. ශ්‍රී ලංකාවට ආවේණික වුව ද ඇසෑම්, දකුණු නේපාලය, ඉන්දු චීනය සහ මැලේ අර්ධද්වීපය වැනි ප්‍රදේශවල ද වගා කරනු ලැබේ.

අඩි 100 ක් පමණ උසට වැඩෙන නා ගසේ කඳේ පාදම බොහෝ විට රුකුල්වලින් යුක්ත වන අතර කඳේ විශ්කම්භය මීටර් 2 ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටමේ සිට මීටර 1500 ක උසක් දක්වා වූ තෙත් කලාපයේ බහුලව පවතී. 7 - 10 cm පමණ දිගින් යුතු සරළ, පටු සහ දිගටි ශාක පත්‍ර තද කොල පැහැති වන අතර පත්‍රයේ යටි පැත්ත සුදු පැහැතිය. අලුතන් මතු වන දළු, රතු පැහැති හෝ කහ පැහැයට හුරු රෝස පැහැති වන අතර එල්ලා වැටෙන ස්වභාවයක් දරයි. මලක විශ්කම්භය සෙන්ටිමිටර් 4 - 7.5 පමණ වන අතර පෙති 4 කින් යුතු සුදු පැහැති මල මැද කහ පැහැති රේණු විශාල ප්‍රමාණයක් වෙයි.

හෙක්ටයාර 96 (අක්කර 238) ක භූමි භාගයක් පුරා පැතිර පවතින ශ්‍රී ලංකාවේ ජාතික නාමල් උයන, මුළුමනින් ම පාහේ සමන්විත වන්නේ නා ගසිනි. පුරාවෘත්තයන්ට අනුව, හතරවන දප්පුල රජතුමාගේ කාල පරිච්ඡයේදී (ක්‍රි.ව. 8 වැනි සියවස) නාමල් උයන නිර්මාණය කරන ලද බවත්, අද පවතින නා ගස් පැවෙතෙන්නේ එදා තිබූ ගස්වල අතු රිකිලි වලින් බවත් විශ්වාස කෙරේ. එම නිසා, මිනිසා විසින් නිර්මාණය කරන ලද ශ්‍රි ලංකාවේ පැරණිතම වනාන්තරය ලෙස මෙම වනාන්තරය සලකනු ලැබේ. උද්භිද විද්වතුන්ගේ මතය වන්නේ, වියලි කලාපය තුළ පිහිටි, තෙත් කලාපීය ශාක ගහණයක් පවතින එකම නා වනය මෙය බවයි.

භාවිත

  • නා දැව ඉතා බර, දැඩි සහ ශක්තිමත්ය. එහි බර ඝන අඩියට රාත්තල් 72 වන අතර ඝනත්වය 1.12 ටොන්/මිටර් 3 වේ. තද අදුරු රතු පැහැතිය. ඉරුම් යන්ත්‍ර යොදා ගෙන ඉරා ගත හැකි මෙම දැව, රේල් පීලිවලට සහ ශක්තිමත් දැව වශෙයන් යොදා ගනී.

.

  • ශාකයෙන් වැගිරෙන ලාටු (දුම්මල) තරමක් විෂ සහිත නමුත් නා ගස ඖෂධීය වටිනාකමින් යුක්ත ය. මල් කහට සහිත ය. වේදනා නශක, ජීරක, මල බද්දය, බඩේ අමරුව, හතිය තත්වයට, උණ, වමනය සහ ලිංගික බෙලහීනකමට හොඳ ඖෂධයකි. බීජ වලින් ගනු ලබන තෙල් සමේ රෝග සුව කිරිම සඳහා යොදා ගැනේ.වියළුණු මල් අර්ශස් වලට සහ පාචනයට භාවිතා කරයි. නා ගසෙහි වර්ණ විනිවිද යන්නාක් සේ කාවදින බැවින් වර්ණ ගැන්වීම් සඳහා යොදාගනී.

බාහිර සබැඳුම්

  • Sriracha College: මෙසුවා ෆෙරියා
  • Himalaya Health Care: 'මෙසුවා ෆෙරියා factsheet සංරක්ෂණය කළ පිටපත 2010-01-13 at the Wayback Machine
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    දිනේෂ් ගුණවර්ධන

  • මාර්තු 12, 2026

    ශ්‍රී වික්‍රම රාජසිංහ රජ

  • අප්‍රේල් 03, 2026

    අග්නිදිග ආසියාව

  • අප්‍රේල් 04, 2026

    Anatomical terminology

  • මාර්තු 14, 2026

    ආර්ය අෂ්ඨාංගික මාර්ගය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට