සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ධාතුසේන රජු ක්‍රි.ව.455 සිට 473 දක්වා අනුරාධපුරය අග නගරය කර රාජ්‍ය කර වු ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. එතුමා ශ්‍රී ලංකාවේ මෞර්ය රාජ වංශයේ පළමු රජුයි. සමහර වාර්ථා වල

ධාතුසේන රජ

  • මුල් පිටුව
  • ධාතුසේන රජ

ධාතුසේන රජු ක්‍රි.ව.455 සිට 473 දක්වා අනුරාධපුරය අග නගරය කර රාජ්‍ය කර වු ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. එතුමා ශ්‍රී ලංකාවේ මෞර්ය රාජ වංශයේ පළමු රජුයි. සමහර වාර්ථා වල එතුමා දසන්කෙළි ලෙසත් හදුන්වා දි ඇත. ධාතුසේන රජු එතුමාගෙ රාජ්‍ය පාලන කාලය තුල එකල ශ්‍රී ලංකාවේ කොටසක් පාලන කාලය දකුණු ඉන්දිය ආක්‍රමණිකයන් පරාජ කර වසර 26 කට පසු මුළු ශ්‍රී ලංකාවම නැවත එක්සත් කරවිමට සමත් විය. එතුමාගේ රාජ්‍ය පාලන කාලය තුල විශාල වාරි කර්මාන්ත 18 කරවන ලදි. යෝධ ඇළ, කලා වැව, බලලු වැව එතුමා කරවු වාරි කර්මාන්ත වලින් ප්‍රධාන කිහිපයකි. අවුකන බුද්ධ ප්‍රතිමාවද එතුමාගේ රාජ්‍ය පාලන කාලය තුල කරවු විශාල බුද්ධ ප්‍රතිමාවකි.

ධාතුසේන රජ
රාජ්‍ය සමය455–473
පූර්වප්‍රාප්තිකයාපීඨිය
අනුප්‍රාප්තිකයාපළමුවන කාශ්‍යප රජ
උපත429
මරණය473
දරුවන්කාශ්‍යප, මුගලන්
රාජවංශයමෞර්ය රාජ වංශය
පියාදාඨානාම
මවසංඝා
ධාතුසේන රජුගේ සමයේ ඉදිවූ අවුකන බුදු පිළිමය

මහාවංශයේ සදහන්වන පරිදි ධාතුසේන රජතුම කරනලද වැව් 18ක් ඇත ඒනම්, යෝධ වැව, නුවරවැව, මෝරවැව, කෞඩුල්ලවැව, අල්ලෛවැව, අම්පාරවැව, එක්ගල් ආරුවැව, ඉරක්කාමම්වැව, කොන්ඩවට්ටවාන්වැව, නවකිරිආරුවැව, දෙබරවැව, රිදියගමවැව, බලලුවැව, කන්ඩලමවැව, ඉරනමඩුවැව, මුතුඅයියාන්කඩ්ඩුකුලමවැව, අක්කරායන්කුලම්වැව, පාවිකුලමවැව, උන්නිච්චායවැව, රුකුම්වැව, පිඹුරත්තව වැව යනාදියයි.

මරණය

ධාතුසේන රජුගේ වැඩිමහළු පුත් වන කාශ්‍යප රජු විසින් සිය පිය රජුන් කළාවැව් බැම්මට කොට පස් ගසා මරණයට පත් කරණ ලදි.මෙලෙස දැක්වුවද මෙය රජුගේ අණින් සිදු වූවක් නොව එය මිගාර සිටුගේ අණ කිරීම යටතේ සිදූවකි.එබැවින් පීතෲ ඝාතක කාශ්‍යප කියන නාමය ඔහුට පටබැදීමට පෙර දෙවරක් සිතන්න මහාවංශය වැනි පොත පත පරිශීලනය කරන්න.මිගාර සිටුගේ කුමන්ත්‍රණය නිසාවෙන් කාශ්‍යපගේ සිතෙහි කොනකවත් නොවූ රාජ්‍ය සිහිනයක් කන්දා ඔහු දුෂ්ට පාලකයකු කරද කාශ්‍යප යනු දැහැමි පාලකයකු හා සිය පිය රජුට නොදෙවෙනි පාලකයෙකි.

පසුව ඇතිවූ තත්වය

කාශ්‍යප රාජ්‍යත්වය අල්ලා ගැනීමෙන් පසු බියපත් වූ මුගලන් ඉන්දියාවට පැන ගිය බව මහාවංසය කියයි. නමුත් ඔහු පැන ගියේය. කොහාටද යන වග මහාවංසයේ සඳහන් වන්නේ නැත. මෙය මහාවංස කර්තෘ නොදැන සිටින්නට ක්‍රමයක්‌ නැත. එක්‌කෝ මුගලන් ආගිය අතක්‌ නොමැති නිසා ඔහු ඉන්දියාවට පැන යන්නට ඇතැයි මහාවංස කර්තෘ උපකල්පනය කළා විය යුතු වෙයි. නැතහොත් මුගලන්ගේ ආරක්‍ෂාව පිණිස හෙළි නොකළා විය යුතුය. නමුත් එයින් පළමු වැනි ප්‍රස්‌තුතය මෙහිලා වඩාත් උචිත බව අපගේ කල්පනාවයි. මුගලන් පැන ගියේ සිය මවු පාර්ශ්වයේ ඥාතීන් විසූ පල්ලව දේශයට වන්නට වැඩි සම්භාවිතාවක් ‌ තිබේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 31, 2026

    ශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුව

  • මාර්තු 24, 2026

    සිංහල පිල්ලම්

  • අප්‍රේල් 05, 2026

    පළාත් සභා

  • අප්‍රේල් 04, 2026

    Ancient Rome

  • අප්‍රේල් 04, 2026

    සීතාවක රාජධානිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට