දිනක්ෂි ප්‍රියසාද් (උපත 1990 මාර්තු 18) ඇය ශ්‍රී ලංකික නිළියක සහ රූපවාහිනී නිවේදිකාවකද වේ.ඇයගේ සිනමා ජීවිතය ආරම්භ වන්නේ වයස අවුරුදු දෙකේදී ඇයගේ පියා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් සමගය
දිනක්ෂි ප්‍රියසාද | |
|---|---|
![]() | |
| උපත | බමින්න හැන්නැදිගෙ දිනක්ෂි ප්‍රියසාද් 18 මාර්තු 1990 කොළඹ, ශ්‍රී ලංකාව |
| වෘත්තියs | නිරූපිකාවක, රූපවහිණී නිවේදිකාවක, |
| සක්‍රීය වසර | 2000–වර්තමානය තෙක් |
| Parents |
|
| ඥාතීන් | ශෙශාද්‍රි ප්‍රියසාද් (සහොදරිය) ෂනුද්‍රි ප්‍රියසාද්(සහොදරිය) |
මුල් කාලය, පසුබිම හා අධ්‍යාපනය
ඇය උපත ලැබූවේ කොළඹ, ශ්‍රී ලංකාවේය.ඇය දුවලා තුන්දෙනෙකුන් යුත් පවුලේ වැඩිමහල් දියනියයි.දිනක්ෂිගේ පියා දිනෙෂ් ප්‍රියසාද් වන අතර මව ශිරානි ප්‍රියසාද්වේ.ඇයගේ පියා වන දිනෙෂ් ශ්‍රී ලංකා සිනමා කර්මාන්තයේ පුරෝගාමී චරිතයක් ලෙස සලකනු ලබන කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වේ.ඇයගේ පියගේ වඩාත් ප්‍රසිද්ධ ව්‍යාපෘතිය වන්නේ 1995 වර්ෂයේ නිෂ්පාදනය වූ දෙමෝදර පාලම ක්‍රියාදාම චිත්‍රපටයයි.ඇයගේ මූලික අධ්‍යාපනය සදහා ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, බම්බලපිටිය වෙත යොමුවිය.පසුව ඇය උසස් ඇධ්‍යාපනය සදහා Royal Institute ආයතන්යෙන් ගණිත අංශයෙන් අධ්‍යාපනය හැදෑරීය.
ටෙලිනාට්‍යය
- අම්මාවරුනේ
- උත්තම පුරුෂ
- කුලියට සහා බද්දට
- චංචල රේඛා
- පියවි
- මිණි ගං දෑල
- යාය 4
- රෝද තුනේ මනමාලි
- සඳගිරි පව්ව
- හුස්ම වැටෙන මල්
සිනමාව
| වර්ෂය | චිත්‍රපටය | භූමිකාව | අධ්‍යක්ෂණය |
|---|---|---|---|
| 2017 | සූම් (චිත්‍රපටය) | නදුලි | |
| 2017 | රන් දේදුන්නක් | නලීන් රාජපක්ෂ | |
| 2024 | විශ්ම | ||
| 2025 | රෝස ආදරේ | සචිනි | |
| 2025 | මිස්ටර් මිසිස් | චරිත් අබේසිංහ | |
| 2026 | ධර්මයුද්ධය 02 | අරුණ ජයවර්ධන | |
| TBD | Sing Out |
