සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ද ටයිම්ස් යනු, ලන්ඩනය පදනම් කරගෙන ප්‍රකාශයට පත් කෙරෙන බ්‍රිතාන්‍ය දිනපතා ජාතික පුවත්පතකි. වසර 1785 දී ද ඩේලි යුනිවර්සල් රෙජිස්ටර් යන නම යටතේ ඇරඹුනු එය, 1788 ජනව

ද ටයිම්ස්

  • මුල් පිටුව
  • ද ටයිම්ස්

ද ටයිම්ස් යනු, ලන්ඩනය පදනම් කරගෙන ප්‍රකාශයට පත් කෙරෙන බ්‍රිතාන්‍ය දිනපතා ජාතික පුවත්පතකි. වසර 1785 දී ද ඩේලි යුනිවර්සල් රෙජිස්ටර් යන නම යටතේ ඇරඹුනු එය, 1788 ජනවාරි 1 දිනදී ද ටයිම්ස් බවට පත් විය. ද ටයිම්ස් සහ (1821 වසරෙහිදී ඇරඹුනු) එහි බුහුනණි පුවත්පත ද සන්ඩේ ටයිම්ස් යන පුවත්පත්, වසර 1981 හි සිට, රූපට් මර්ඩෝක් විසින් ප්‍රධානත්වය දරන නිවුස් කෝර්ප් සමූහයේ පූර්ණ අයිතියට අයත් නිවුස් යූකේ සමාගමෙහි උපාංගයක් වන ටයිම්ස් නිවුස්පේපර්ස් වෙතින් ප්‍රකාශයට පත් කෙරෙයි. ද ටයිම්ස් සහ ද සන්ඩේ ටයිම්ස් වෙතින් සංස්කාරක කාර්යමණ්ඩලය හවුලේ භාවිතා නොකරන අතර, ස්වාධීන වන සංස්ථාපිත කොට, වසර 1967 සිට පොදු ස්වාමිත්වයක් සහිත වෙයි.

ද ටයිම්ස්
1788 දෙසැම්බර් 4 දින ද ටයිම්ස් ඉදිරි පිටුව
වර්ගයදිනපතා පුවත්පත
ආකෘතියසුසංහත
අයිතිකරුනිවුස් යූකේ
සංස්කාරකජෝන් විදරෝ
ඇරඹුනේ1 ජනවාරි 1785
මූලස්ථානයවොපිං, ලන්ඩනය, එක්සත් රාජධානිය
සංසරණය394,448 (මාර්තු 2014)
බුහුනණීය පුවත්පත්ද සන්ඩේ ටයිම්ස්
ISSN0140-0460
නිල වෙබ්අඩවියwww.thetimes.co.uk

පටුන

ඉතිහාසය

1785 සිට 1890 දක්වා

1785 ජනවාරි 1 දිනදී, සංස්කාරක භූමිකාවේ ජෝන් වෝල්ටර් සිටිමින්, වෝල්ටර් විසින් ද ටයිම්ස් පුවත්පත ඇරඹුනේ ද ඩේලි යුනිවර්සල් රෙජිස්ටර් යන නමිනි.

1890 සිට 1981 දක්වා

1981 සිට වර්තමානය දක්වා

1981 වසරෙහිදී, ද ටයිම්ස් සහ ද සන්ඩේ ටයිම්ස් යන පුවත්පත්, රූපට් මර්ඩෝක්ගේ නිවුස් ඉන්ටර්නැෂනල් විසින්, තොම්සන් වෙතින් මිලදී ගන්නා ලදි .

ස්වාමිත්වය

1785 වසරෙහි එහි සමාරම්භයෙහි සිට ද ටයිම්ස් සඳහා පහත දැක්වෙන අයිතිකරුවන් අටදෙනා සිට ඇත:

  • 1785 සිට 1803 දක්වා – ජෝන් වෝල්ටර්;
  • 1803 සිට 1847 දක්වා – ජෝන් වෝල්ටර්, දෙවන;
  • 1847 සිට 1894 දක්වා – ජෝන් වෝල්ටර්, තෙවන;
  • 1894 සිට 1908 දක්වා – ආතර් ෆ්‍රේසර් වෝල්ටර්;
  • 1908 සිට 1922 දක්වා – නෝර්ත්ක්ලිෆ් සාමිවරයා;
  • 1922 සිට 1966 දක්වා – ඇස්ටර් පවුල;
  • 1966 සිට 1981 දක්වා – රෝයි තොම්සන්;
  • 1981 සිට වර්තමානය දක්වා – නිවුස් යූකේ (පෙරදී, රූපට් මර්ඩෝක් විසින් පවත්වාගෙන යන, නිවුස් කොර්ප්හී පුර්ණ හිමිකමැති උපාංගයක් වන, නිවුස් ඉන්ටර්නැෂනල් ).
  •  
    ජෝන් වෝල්ටර්, ද ටයිම්ස් පුවත්පතෙහි ආරම්භක
  •  
    ජෝන් වෝල්ටර්, දෙවන
  •  
    ජෝන් වෝල්ටර්, තෙවන
  •  
    නෝර්ත්ක්ලිෆ් සාමිවරයා
  •  
    පස්වන ජෝන් ජේකබ් ඇස්ටර්
  •  
    ගැවින් ඇස්ටර්
  •  
    රෝයි තොම්සන්
  •  
    රූපට් මර්ඩෝක්

ආශ්‍රිත

  1. කැත්රයින් රෂ්ටන් "ජෝන් විදරෝ නේම්ඩ් ඇක්ටිං රඩිටර් ඔෆ් ද ටයිම්ස් ඈස් නිවුස් ඉන්ටර්නැෂනල් අයිස් මර්ජර්", telegraph.co.uk, 18 ජනවාරි 2013
  2. "ද ටයිම්ස් - රීඩර්ෂිප් ඩේටා". නිවුස් වර්ක්ස්. සම්ප්‍රවේශය 12 අප්‍රේල් 2014.
  3. ස්ටුවර්ට්, ග්‍රැහැම් (2005). ද හිස්ට්‍රි ඔෆ් ද ටයිම්ස්: ද මර්ඩෝක් ඉයර්ස්, 1981–2002. හාපර්කොලින්ස්. p. 45. ISBN 0-00-718438-7.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    සතවාහන අධිරාජ්‍යය

  • අප්‍රේල් 04, 2026

    Viral pneumonia

  • අප්‍රේල් 08, 2026

    පුත්තලම දිස්ත්‍රික්කය

  • අප්‍රේල් 03, 2026

    වී බිස්ස

  • අප්‍රේල් 07, 2026

    නිකලස් ආටිගල

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට