සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ශ්‍රී ලංකා‍වේ ඉදි කරන ලද පළමු චෙෙත්‍ය ථූපාරාමය යයි සළකනු ලැ‍බේ. ශ්‍රී ලංකා‍වේ වංශ කථාවල සඳහන් වන මුල්ම ‍චෙෙත්‍යද ‍මෙය යැයි සළකනු ලැ‍බේ. ස්ථූප සහ ආරාමය යන වචන එක

ථූපාරාමය, අනුරාධපුර

  • මුල් පිටුව
  • ථූපාරාමය, අනුරාධපුර

ශ්‍රී ලංකා‍වේ ඉදි කරන ලද පළමු චෙෙත්‍ය ථූපාරාමය යයි සළකනු ලැ‍බේ. ශ්‍රී ලංකා‍වේ වංශ කථාවල සඳහන් වන මුල්ම ‍චෙෙත්‍යද ‍මෙය යැයි සළකනු ලැ‍බේ. ස්ථූප සහ ආරාමය යන වචන එක්වීමෙන් ථූපාරාමය යන නම නිර්මාණය වී ඇත. ‍මෙම ස්ථානය සංඝයා වහන්සේලා වැඩ සිටි ආරාමයක් විය.

ථූපාරාමය
ථූපාරාමය
ථූපාරාමය, අනුරාධපුර is located in Sri Lanka
ථූපාරාමය, අනුරාධපුර
Location in Sri Lanka
මූලික තොරතුරු
භූගෝලීය ඛණ්ඩාංක8°21′19″N 80°23′46″E / 8.35528°N 80.39611°E / 8.35528; 80.39611
අනුබැඳියාවථෙරවාද බුද්ධාගම
රටශ්‍රී ලංකාව
ගෘහනිර්මාණ විස්තර
ආදිකර්තෘදේවානම්පිය තිස්ස රජු
ථූපාරාමය

ඉතිහාසය

ශ්‍රී ලංකාවට බුද්ධාගම සහ ‍චෙෙත්‍ය වන්දනාව හඳුන්වා ‍දෙන ලද්දේ මිහිදු මහරහතන් වහන්සේ විසිනි. මහින්ද තෙරණුවෝ ලද ඉල්ලීමක් පරිදි දේවානම්පිය තිස්ස රජු ථූපාරාමය චෙෙත්‍ය ඉදි ක‍ළේය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව ‍මෙහි නිදන් කර ති‍බේ. චෙෙත්‍ය ප්‍රථමයෙන්ම ගොඩනංවා ඇත්තේ ධාන්‍යාකාර හැඩයෙනි (වී ‍ගොඩක අකාර‍යෙනි). ‍මෙම දාගැබ වරින් වර විනාශ කිරීම් වලට ලක් විය. ‍දෙවැනි අග්බෝ රජ සම‍යේ එය සම්පූර්ණ‍යෙන්ම විනාශ වූ අතර රජතුමා විසින් නැවත ‍ගොඩනංවන ලදී. අපට වර්තමාන‍යේ දක්නට ලැබෙන්නේ ක්‍රි.ව. 1862 දී ‍ගොඩනැංවු දාගැබයි. එම නිසා දාගැබෙහි වර්තමානයේ හැඩය ඝණ්ටාකාර වේ. ‍ගෙවී ගිය ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ කිහිප වරක් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අදට ‍පෙනෙන්නට තිබෙන ‍චෙෙත්‍යයේ ගර්භ‍යේ පාදම අඩි 59 (මී 18) විශ්කම්භයකින් යුතුය. 11 අඟල් 4 කි. (මී 3.45) විශ්කම්භය අඩි එකසිය හැට හතර හමාරකි. (මී.50.1) මළුවේ කළු ගල් අතුරා ඇත. ගල් කණු ‍පේලි 2 ක් දාගැබ වටා ඇත්තේය.

 ==ගෘහ නිර්මාණ ශිල්පය== 

උස් වේදිකාවක් මත වටදාගෙයක් තුල මෙම චෙෙත්‍ය ඉදිකර තිබී ඇත. වටදාගෙයහි දාගැබ වටා තිබූ බිත්තියත් ඊට ඉහලින් තිබූ පියස්සත් වර්තමානය වන විට අභාවයට ගොස් ඇති නමුත් පියස්ස දරා සිටි ගල්කණු පෙළි සතර තවමත් ආරක්ෂිතව පවතී. මෙම ගල් කණු පේළි සතර උසින් එකිෙනකට වෙනස් වේ. සෑම ඇතුල් පෙළකම ටැම් ඊට පිටත පෙළට වඩා උසින් වැඩිය. ගල් කණු සියල්ල අටපට්ටම් වර්ගයට අයත් එවා වේ. ටැම් හිස් වල ඇති කැටයම් ද එකිනෙනකට වෙනස්ය. පළමු හා දෙවන පේළි වල ටැම් හිස් ඝණ රුප වලින් ද තෙවන පේලිහි ටැම් හිස් පක්ෂී රෑප වලින් ද සිව් වන පේලිහි ටැම් හිස් මල් ලියකම් වලින් ද අලංකාර කර ඇත. නැගෙනහිර පිවිසුමට දකුණින් වන්දනාකරැවන්හේ පහසුව වෙනුවෙන් කුඩා පැන් දෙණියක් ඉදිකර ඇත. දාගැබට පිවිසීමට තනා ඇති පියගැට පෙළ හා ඒ දෙපස ඇති කොරවක්ගල්, මුරගල් හා සදකඩපහණ ද අලංකාර නිර්මාණ වේ. ථූපාරාමය අසල කැණීම් වලින් හමුවූ පාදෝණි තුලින් මෙහි පැවති ආරාමයක අංගසම්පූර්ණත්වය කියා පායි. පැරණි විහාරයක සභ්‍යත්වය කියාපාන පැරණි සිංහල කලාව අගය කල යුතු වන්නේය . අදවනවිටත් මහාවිහාර වංශික භික්ෂුන් වහන්සේලා වැඩසිටින සිංහල බෞඬ විහාරස්ථානයකි.

  1. e
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 10, 2026

    සිංහල භාෂාව

  • මාර්තු 17, 2026

    සිරිමාවෝ බණ්ඩාරනායක

  • අප්‍රේල් 04, 2026

    හෝර්ටන් තැන්න

  • මාර්තු 26, 2026

    කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය

  • මාර්තු 22, 2026

    ගෝඨාභය රාජපක්ෂ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට