සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ටර්බයිනයක් හෙවත් තලබමනයක් යනු තරල ප්‍රවාහයකින් ශක්තිය උකහාගෙන එය ඵලදායක කාර්යය බවට පරිවර්තනය කරන භ්‍රමණ යන්ත්‍රයකි.

තල බඹරය

  • මුල් පිටුව
  • තල බඹරය

ටර්බයිනයක් හෙවත් තලබමනයක් යනු තරල ප්‍රවාහයකින් ශක්තිය උකහාගෙන එය ඵලදායක කාර්යය බවට පරිවර්තනය කරන භ්‍රමණ යන්ත්‍රයකි.

tiny globe
ආවරණය ඉවත් කල වාෂ්ප ටර්බයිනයක් රූපයේ දැක්වේ.

turbo යන ලතින් භාෂාවේ වචනය අනුසාරයෙන් turbine යන වචනය හදුන්වා දී ඇත්තේ ක්ලෝඩ් බ'ඩින්(Claude Burdin)(1788-1873) විසිනි. ඔහුගේ ශිෂ්‍යයකු වන Benoit Fourneyron(1802-1876) විසින්, පලමු ප්‍රායෝගික ජල ට'බයිනය නිපදවීය.


සරලතම ටර්බයිනයක්, එක් චලනය වන කොටසකින් සහ තල සහිත, භ්‍රමණය වන දණ්ඩකින් යුක්තය. ගලා යන තරලය තල මත ඇති කරන බලය නිසා ඒවා භ්‍රමණය වන අතර එමගින් භ්‍රමකයට ශක්තිය සැපයේ. සුළං මෝල, ජල රෝදය වැනි දෑ අතීතයේ යොදාගත් ටර්බයිනවලට උදාහරණ වේ.

යොදා ගන්නා තරලය රඳවා තබා ගැනීමටත්,එය පාලනය කිරීමටත්,වායු,වාෂ්ප සහ ජල ටර්බයිනවල තල වටා ආවරණයක් යොදා ඇත. බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවරයකු වන සර්.චාර්ල්ස් පාසන්ස්(Charles parsons) (1854-1931)හට, නූතන වාෂ්ප ටර්බයිනය සොයා ගැනීමේ ගෞරවය හිමිවේ.

සම්පීඩකය/පොම්පය යනු ටර්බයිනයට සමාන එහෙත් ඊට ප්‍රතිවර්ත ක්‍රියාවක් සිදු කරන උපකරණයකි. බොහෝ වායු ටර්බයිනවල එන්ජිමේ අක්ෂීය සම්පීඩකයක් දැකිය හැක.

වායු තල බඹරය

ප්‍රධාන ලිපිය: වායු තල බමරය
 
සාමාන්‍ය වායු තල බඹරය

වායු තලබමරය යනු මූලධර්මයන් අතින් හුමාල තලබමරයට සමාන වූ භ්‍රමණ යන්ත්‍රයකි.එය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වේ; ඒවා නම් සම්පීඩකය, දහන කුටිය සහ තලබමරය වේ.සම්පීඩනය කිරීම මඟින් වාතය සම්පීඩකය තුළට ඇතුළු කළ පසු එහි ඇති ඉන්ධන දහනය කිරීමෙන් හෝ පිටතින් වූ තාප හුවමාරුකාරකයක්(heat exchanger) තුළ ඉන්ධන දහනය කිරීම මඟින් රත් කෙරේ. මෙසේ උණුසුම් කරන ලද වාතය දහන ඵල සහිතව හෝ රහිතව තලබමරයක් තුල ප්‍රසාරණය කිරීම මඟින් කාර්යය ප්‍රමාණයක් නිෂ්පාදනය කරගනී. මෙයින් තුනෙන් දෙකක් පමණ වන සැළකිය යුතු කාර්යය ප්‍රමාණයක් සම්පීඩකය ක්‍රියාකරවීම සඳහා යොදා ගනී. තුනෙන් එකක පමණ වන ඉතිරි ඵලදායී කාර්යය ප්‍රමාණය වෙනත් කටයුතු සඳහා යොදාගත හැකිය. මෙම උපකරණය එක් පිය කේන්ද්‍රාපසාරී සම්පීඩකයක් (single-stage centrifugal compressor) සහ තලබමරයක්, රිකපරේටරයක් (recuperator) සහ ලෝපත් බෙයාරිම්(foil bearings) වලින් සමන්විත වේ. වායු තලබමරය, සම්පීඩිත වාත ධාරාවක වායු හෝ ඉන්ධන් තෙල් දහනය කිරීමෙන් නිපදවාගත් උණුසුම් වායු ප්‍රවාහයක් මඟින් ශක්තිය අවශෝෂණය කරගනී. මෙය යාන්ත්‍රික ලෙස යටිහොය තලබමරයකට(downstream turbine) සම්බන්ධ කරනලද උඩුහොය වායු සම්පීඩකයක් (upstream air compressor) (අරීය හෝ අක්ෂීය ප්‍රවාහය ) හා ඒ අතරමැද දහන කුටියකින් සමන්විත වේ. "වායු තලබමරය" යන්න තලමබර කොටසක් පමණක් හැඳින්වීමටද යොදාගැනේ. සම්පීඩිත වාතය ඉන්ධන සමඟ මිශ්‍ර කර දාහකය තුළ ජ්වලනය කිරීමේදී ශක්තිය මුදාහැරේ. මෙහිදී ඇති වන වායු ඵල තලබමරයේ තල මතින් යැවීම මඟින් තලබමරය කරකැවීම හා යාන්ත්‍රිකව සම්පීඩකය බල ගැන්වීම සිදුකෙරේ. අවසානයේදී වායූන් නොසලයක්(nozzle) හරහා යවා එම උණුසුම් පිටාර වායූන් ප්‍රසාරණය කර වායුගෝලීය පීඩනයට නැවත පත්කිරීම මඟින් ත්වරණය කර එමඟින් අමතර තෙරපුමක් ඇති කෙරේ. දණ්ඩේ බලය(shaft power)ලෙසින්, සම්පීඩිත වායුන් හා තෙරපීම ලෙසින් යන ඕනෑම සංකලනයකින් ශක්තිය අවශෝෂණය කෙරේ. එම ශක්තිය ගුවන්යානා, දුම්රිය, නැව්, විද්‍යුත් උත්පාදක යන්ත්‍ර, එමෙන්ම ටැංකියද බල ගැන්වීම සඳහා යොදා ගැනේ.

  1. තලෙන් බමනුයේ > තලබමනය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    විශේෂ සාපේක්ෂතාවාදය

  • අප්‍රේල් 05, 2026

    ඒබ්‍රහමීය ආගම්

  • අප්‍රේල් 10, 2026

    ඇමරිකා එක්සත් ජනපදය

  • අප්‍රේල් 01, 2026

    පරිගණක මෙහෙයුම් පද්ධති

  • මාර්තු 29, 2026

    ගෞතම බුද්ධ පරිනිර්වාණය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට