සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ටිකිරි බණ්ඩාර ඉලංගරත්න (1913 – 1992) , ශ්‍රී ලාංකික දේශපාලඥයෙකි. නාට්‍ය රචකයෙකි. වේදිකා නළුවෙකි. ශ්‍රී ලංකාවේ වාණිජ,ආහාර ,කර්මාන්ත සහ නාවික අමාත්‍යවරයා ලෙස ද තව

ටී.බී. ඉලංගරත්න

  • මුල් පිටුව
  • ටී.බී. ඉලංගරත්න

ටිකිරි බණ්ඩාර ඉලංගරත්න (1913 – 1992) , ශ්‍රී ලාංකික දේශපාලඥයෙකි. නාට්‍ය රචකයෙකි. වේදිකා නළුවෙකි. ශ්‍රී ලංකාවේ වාණිජ,ආහාර ,කර්මාන්ත සහ නාවික අමාත්‍යවරයා ලෙස ද තවත් රජයේ නිල තල ද දරමින් ද දශක තුනක් සේවය කළේය. ඔහු විසින් ශ්‍රීලංකාවේ සේවක ඉතුරුම් අරමුදල, පෙට්‍රෝලියම් සහ රක්ෂණ සංස්ථා සහ ජාතික බැංකුව ඇති කිරීමට සිය සහාය ලබා දෙන ලදි. T.B. ඉලංගරත්නයන් ජනප්‍රියම ළමා නව කතාවක් වන ‘අඹ යාළුවෝ’ රචනා කරන ලද්දේ 1957 වර්ෂයේදීය.

ටිකිරි බන්ඩාර ඉලංගරත්න
උපත 1913 පෙබරවාරි 27 වැනිදා, ශ්‍රී ලංකාව
අභාවය 1992 මැයි 21 වැනිදා, ශ්‍රී ලංකාව
Pen name T.B. ඉලංගරත්න
වෘත්තිය දේශපාලනඥ, ලේඛක, නාට්‍ය රචක, රංගන ශිලිපී
ජාතිය සිංහල
තමන් ඉගෙනීම ලත් ශාස්ත්‍ර ශාලාව ගලගෙදර විද්‍යාලය,ගලගෙදර, ශාන්ත අන්තොනි විද්‍යාලය, නුවර
ලිවීමේ කාල පරිච්ඡේදය 1951 – 1990
ප්‍රභේදය ප්‍රබන්ධ කථා
භාර්යාව තමරා කුමරී ඉලංගරත්න
දරුවෝ සන්ධ්‍යා, රෝහිණි,උපේක්ෂා සහ උදය

ඔහුගේ ‘තිලක සහ තිලකා’ සහ ‘නෑදෑයෝ’ යන නව කතා චිත්‍රපටවලට නගා ඇත. ‘අඹ යහළුවෝ’ කොටස් වශයෙන් විකාශය වන රූපවාහිණී ටෙලි නාට්‍යයකට නැගුණි.

පටුන

ජීවිතය හා වෘත්තීය ජීවිතය

මුල්කාලීන ජීවිතය

ඉලංගරත්න ශ්‍රී ලංකාවේ ගල ගෙදර , හතර ලියද්ද , තුන්පනේදී 1913 පෙබරවාරී 27 වන දින උපත ලබන ලදී‍. 1917 දී ඔහු ගල ගෙදර විද්‍යාලයේදී පාසල් යාම ආරම්භ කළ අතර ඔහු‍ගේ ද්වීතීක අධ්‍යාපනය සෙන්ට් ඇන්තනී විද්‍යාලයෙන් ලබා ගන්නා ලදී. ඉලංගරත්න තම පාසල් කාලය තුළදී නාට්‍යය 3 ක් ලියන ලදී. ( අකීකරු පුතා , හෙමින් හෙමින් හා අන්ධ නැන්දා)

පාසලෙන් නික්ම යාමෙන් පසු ඉලංගරත්න ලන්ඩන් විභාගය සමත් වූ අතර රජය සඳහා ලිපිකරුවෙකු ලෙස සේවය කිරීම ආරම්භ කරන ලදී. 1944 සැප්තැම්බර් 04 වන දින ඉලංගරත්න ගම්පොළ තමරා කුමාරි අළුදෙණිය විවාහ කර ගන්නා ලදී.

රාජ්‍ය සේවය

1947 දී ඉලංගරත්න ලිපි කරුවෙකු ලෙස හෝ ඔහුගේ තනතුරෙන් ඉල්ලා අස් වූ අතර ස්වාධීන සමාජවාදී අපේක්ෂකයෙකු ලෙස මහනුවර පාර්ලිමේන්තුව සඳහා සාර්ථකව පිය මනින ලදී. ඔහු 1948 මැයි 18 වන දින දිවුරුම් දුන්නේ ශ්‍රී ලංකා රජයේ දශක 3 ක් දිගු වෘත්තීය ජීවිතයක් ආරම්භ කරමිනි. කාර්යාලයේ සිටින අතරතුරදී ඉගංගරත්න සේවක අර්ථ සාධක අරමුදල, ජාතික බැංකුව හා ශ්‍රී ලංකාවේ කම්කරු දිනය ආරම්භ කිරීමට සහාය දෙන ලදී. 1974 දී ඔහු අගමැතිවරයා ලෙස ද තම සේවය පිරිනමන ලදී . ඉලංගරත්න 1986 අප්‍රේල් 12 වන දා දේශපාලනයෙන් සමුගන්නා ලදී.

ප්‍රකාශණ 5

  • හපනා
  • විලම්බීත
  • තිලක
  • තිලක හා තිලකා
  • අඹ යහළුවෝ
  • හපනා
  • නෑදෑයෝ
  • නයනා
  • මංගලා
  • පෙරලිය
  • මල්සරාව
  • සැඩපහර
  • ළසඳා

Ti .බී ඉලංගරත්න ගේ මව

|T._B._Ilangaratne

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 07, 2026

    වෙසක් උත්සවය

  • අප්‍රේල් 06, 2026

    තුඹ කරවිල

  • අප්‍රේල් 05, 2026

    ඉන්දු-අයිරේනියානු භාෂා

  • අප්‍රේල් 11, 2026

    සිංහල සාහිත්‍ය

  • මාර්තු 10, 2026

    පණ්ඩුකාභය රජ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට