සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ජේතවනාරාමය දාගැබකි. අඩි 269 ක් (මීටර් 120) උසින් යුතු එය ලෝකයේ උසම ස්ථූපයයි. එමෙන්ම මේ දක්වා ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම ගොඩනැගිල්ල වේ. ශ්‍රී ලංකාවේ ව

ජේතවනාරාමය, අනුරාධපුර

  • මුල් පිටුව
  • ජේතවනාරාමය, අනුරාධපුර

ජේතවනාරාමය, ශ්‍රී ලංකාවේ අනුරාධපුර පුරාණ නගරයේ පිහිටා තිබූ විහාර සංකීර්ණයකි.

ප්‍රතිසංස්කරණය නිම වූ ජේතවනාරාමයේ දාගැබ

සංකීර්ණය

ප්‍රධාන ලිපිය: ජේතවනාරාම දාගැබ

ජේතවනාරාමය දාගැබකි. අඩි 269 ක් (මීටර් 120) උසින් යුතු එය ලෝකයේ උසම ස්ථූපයයි. එමෙන්ම මේ දක්වා ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම ගොඩනැගිල්ල වේ. ශ්‍රී ලංකාවේ විශාලතම ස්ථූපය ඉදි කරවූවේ මහායාන බෞද්ධ මහසෙන් (273 - 301) රජුයි. බුදුන් වහන්සේ පැළඳි පටී ධාතුවේ කොටසක් එහි නිධන් කර ඇතැයි විශ්වාස කෙරේ. එබැවින් මෙය පාරිභෝගික චෛත්‍යයක් වේ.

පුරාණ ලෝකයේ 'ගීසා' හි පිහිටි මහා පිරමීඩ දෙක හැරුණු විට 3 වැනි විශාලතම ඉදි කිරීමයි. දළ වශයෙන් එය ඉදි කිරීමට පිළිස්සූ ගඩොල් 93,300,000 ක් යොදන්නට ඇත. (රත්නායක 1993) මෙම ථූපය (සාගලික නිකායට) අයත් විය. ඒ වටා පරිශ්‍රය අක්කර 8 ක් පමණ (හෙක්. 5.6) විශාලය. 3000 ට වඩා බෞද්ධ භික්ෂූන්ට වැඩ සිටීමට පහසුකම් තිබුනේය. ථූපයේ එක පැත්තක දිග අඩි 576 කි. හතර පැත්තෙන් ඇතුළුවීම සඳහා තිබෙන පිය ගැට පෙළ අඩි 28 ක් පමණ පළලින් යුතුය. අංගනයෙහි පිහිටුවා තිබෙන පූජාසනයෙහි උළුවහු කණුවක උස අඩි 27 කි. ස්ථූපයේ අඩිතාලම මීටර් 6 ක් ගැඹුරට විහිදෙන අතර එය පිහිටි ගල මත ඉදි වූයේය. ගොඩනැගිලි කර්මාන්තයට උර දුන් මහජනතාවගේ නම් ශෛලමය පුවරුවක සටහන් කර ඇත.

 
ජේතවනාරාමය - අනුරාධපුර ශ්‍රී ලංකාව

==ජේතවනාරාමය පිළිබදව කෙටි සටහනක් ==

ජේතවනාරාම බෝධීඝරය

8°21′06″N 80°24′13″E / 8.35167°N 80.40361°E / 8.35167; 80.40361

  • This page incorporates content from Dr. Rohan Hettiarachchi's [1] සංරක්ෂණය කළ පිටපත 2011-04-08 at the Wayback Machine used with permission of website owner.

Ratnayake, Hema (1993) Jetavana. In The Cultural Triangle of Sri Lanka. Paris: Unesco Publishing/CCF.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    සීතාවක රාජධානිය

  • මාර්තු 11, 2026

    වැදි ජනයා

  • අප්‍රේල් 04, 2026

    තාරකාශාස්ත්‍රමය සංකේත

  • අප්‍රේල් 04, 2026

    Urinary system

  • මාර්තු 22, 2026

    සජිත් ප්‍රේමදාස

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට