සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සභා වසර ලෙසින්ද හැඳින්වෙන, ජනවන්දනා වසර යනු, සාන්තුවරයන් සිහිකිරීම්ද අඩංගු මංගල්‍යය සැමරිය යුත්තේ කවර දිනකදීද යන්න සහ, වාර්ෂික චක්‍රයක් අනුව හෝ වසර කිහිපයක චක්‍

ජනවන්දනා වසර

  • මුල් පිටුව
  • ජනවන්දනා වසර

සභා වසර ලෙසින්ද හැඳින්වෙන, ජනවන්දනා වසර යනු, සාන්තුවරයන් සිහිකිරීම්ද අඩංගු මංගල්‍යය සැමරිය යුත්තේ කවර දිනකදීද යන්න සහ, වාර්ෂික චක්‍රයක් අනුව හෝ වසර කිහිපයක චක්‍රයක් අනුව හෝ, ශුද්ධ ලියවිල්ලේ කුමන කොටස් කියවිය යුතුද යන්න තීරණය කෙරෙන, ක්‍රිස්තියානි සභාවන්හී ජන්වන්දනාමය කාලසීමාවන් චක්‍රයකි. ජනවන්දනා වසරෙහි වෙනස් කාලසීමා සඳහා, ප්‍රභින්න ජනවන්දනා වර්ණයන් භාවිතා විය හැක. මංගල්‍යයන් පැවැත්වෙන දිනයන් පිළිබඳව, විවිධ සභාවන් අතර වෙනස්කම් පැවතිය හැකි නමුදු, ක්‍රමානුරූපය සහ තර්කානුකූල බව බොහෝ ලෙසින් එක සමාන වෙයි.

පාස්කු මංගල්‍යය පැවැත්වෙන දිනය අනුව වෙනස්වන, බොහෝ වෙනත් සචල මංගල්‍යයන් පවතින අතර, එසේ පාස්කු දිනය පැවැත්වෙන දිනය අනුව, වසරෙන් වසරට බොහෝ මංගල්‍යය දිනයන්, බටහිර හා නැගෙනහිර සභාවන්හී වෙනස් වෙයි. මංගල්‍යයන් සහ උත්සවයන් කෙතරම් ප්‍රමාණයක් සැමරෙනවාද යන්නද සභාවන් අනුව වෙනස් වෙයි; විශේෂිත වශයෙන් කන්‍යා මරියතුමියගේ සහ අනෙකුත් සාන්තුවරයන්ගේ මංගල්‍යයන් සැලකූ කළ, සාමාන්‍යයෙන්, කතෝලික සහ ඕර්තඩොක්ස් සභාවන්ට වඩා අඩු මංගල්‍යය ප්‍රමාණයක් ප්‍රොතෙස්තන්ත සභාවන් විසින් සමරනු ලැබේ.

ජනවන්දනාමය චක්‍රය

ජනවන්දනාමය චක්‍රයක් විසින්, ජනවන්දනා වසරක්, කාලසීමා මාලාවකට බෙදා වෙන් කරන අතර, එයින් එක් එක් කාල සීමාවකට වෙන්වූ ස්වීය මනෝභාවයන්, දේවධර්මීය අවධාරණයන්, සහ යාච්ඤා ප්‍රක්‍රමයන් සහිත වන අතර, දේවස්ථාන සැරසීමේ වෙනස් ක්‍රම, දේවස්ථාන ඇතුලත සැරසීම සඳහා භාවිතා වන ප්‍රසාධනයන්ගේ සහ පූජ්‍ය පක්ෂය සඳහා ලෝගුවන්හී වර්ණයන්, ශුද්ධ ලියවිලි කියවීම්, දේශනා සඳහා තේමාවන් සහ නිවෙස්වලදී පෞද්ගලිකව පිළිපැදෙන වෙනස් සම්ප්‍රදායයන් සහ ප්‍රතිපත්තීන් පවා තුලින් මේවා ප්‍රකට විය හැක. ජනවන්දනා වසර අනුගමනය කරන සභාවන්හී, එක් එක් ඉරිදා දිනයන් සඳහා ශුද්ධ ලියවිලි පාඨ (සමහර සම්ප්‍රදායයන්හීදී වසරේ එක් එක් දිනයන් සඳහා වෙන් වෙන් වශයෙන්) පාධන සංග්‍රහයක් තුල සඳහන් කොට ඇත.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 25, 2026

    භගමණිය

  • මාර්තු 22, 2026

    ගෝඨාභය රාජපක්ෂ

  • මාර්තු 22, 2026

    අනුරාධපුරයේ පළමුවන කාශ්‍යප

  • මාර්තු 12, 2026

    දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය

  • මාර්තු 31, 2026

    මිනිස් ලිංගික ක්‍රියා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට